Thudarum (2025) Sinhala Subtitless ආයුබෝවන්. ඔන්න කිව්වත් වගේ අද ඔබට උනු උණුවේ තිළිණ කරනවා ගින්දරක්. ඔබ සියළු දෙනාම් නොඉවසිල්ලෙන් බලා ගෙන හිටපු බොහෝ දෙනෙක් නිතර මතක් කරපු ක්‍රයිම් ත්‍රිලර් ශානරයට අයත් මලයාලි ඉතිහාසයේ තෙවන වැඩිම ආදායම ලබපු එමෙන්ම මෙතෙක් සමස්‍ත ඉන්දියාවේම සිව් වැනියට වැඩිම ආදායමක් ඉප…

ආයුබෝවන්. ඔන්න කිව්වත් වගේ අද ඔබට උනු උණුවේ තිළිණ කරනවා ගින්දරක්. ඔබ සියළු දෙනාම් නොඉවසිල්ලෙන් බලා ගෙන හිටපු බොහෝ දෙනෙක් නිතර මතක් කරපු ක්‍රයිම් ත්‍රිලර් ශානරයට අයත් මලයාලි ඉතිහාසයේ තෙවන වැඩිම ආදායම ලබපු එමෙන්ම මෙතෙක් සමස්‍ත ඉන්දියාවේම සිව් වැනියට වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටය තමයි මේ. ඉන්දීය රුපියල් කෝටි 232ක ආදායමක් ඉපැයූ මේකත් මේ වසර තුලම මලයාලි ඉතිහාසයේ වැඩිම ආදායම ඉපැයූ එම්පුරාන් වගේම මෙගා තරුව මෝහාන්ලාල් ප්‍රධාන චරිතය රඟන චිත්‍රපටයක්. ඉතින් මාස දෙකක් ඇතුලත මොහාන්ලාල් චිත්‍රපට ද්විත්වයක්ම කෝටි 200 ඉක්මවා ආදායම් ඉපැයීමට සමත් වෙලා තිබෙනවා. සමස්තයක් වශයෙන් සාපේක්ෂව අඩු ජනගහණයක් සහිත ප්‍රාන්තයක් වාන කේරළේ කෝටි 200ක් ඉක්මවනව කියන්නේ තමිල්නාඩු ආන්ද්‍රා කර්නාටක සිනමාවක කෝටි 500ක් ඉක්මැවුවා හා සමානයි.
ඉතිං මේ චිත්‍රපටය බලනකොට ද්‍රිෂ්‍යාම් චිත්‍රපට ද්විත්වය මතකයට නැගෙන එක නම් වළක්වන්න බෑ. තමන්ගේ පවුල පොලිසියෙන් ආරක්ෂා කර ගැනීමට වෙහෙසෙන පියෙක්ගෙ කතාවක් තමයි මේකත්. මේක අධ්‍යක්ෂණය කරන්නෙ ද්‍රිෂ්‍යාම් කරපු ජීති ජෝශප් නෙමෙයි. සවුදි වේලක්කා, ඔපරේශන් ජාවා චිත්‍රපට අධ්‍යක්ෂණය කල තරූන් මූර් ති විසින්. මොහාන්ලාල් සමග ප්‍රවීණ නිළි ශෝබනා නැවතත් මෙහි ප්‍රධාන චරිතයක් රඟපානවා. මෙහි පොලිස් චරිත දෙක ( ප්‍රකාශ් වට් මා, බිනු පාපු) නම් ඉතා විශිෂ්ඨ ලෙස ඉදිරි පත් කර තිබෙනවා. විශේෂයෙන්ම සිය මුල්ම සිනමා චරිත නිරූපනයේ යෙදෙන ප්‍රකාශ් වර් මාගේ රංගනය මෝහන් ලාල්ගේ චරිතය තරමටම කැපී පෙනෙනවා කියන්න පුළුවන්, ඉතා ප්‍රසන්න, විනෝද ශීලී, සිනහවකින් මුව සරසා ගෙන සිටින එහෙත් අභ්‍යන්තරය රාක්ෂයෙක් බඳු පොලිස් චරිතයක් ඔහු ඉදිරිපත් කරනවා. බිනු පාපු, ප්‍රකාශ් වර්මා, තෝමස් මැතිව්,ෆර්හාන් ෆසිල් (ෆෆාගේ බාල සොහොයුරා), මනියන්පිල්ලේ රාජු ඇතුළු නළු නිළියන් රැසක් මෙන්ම සුළු චරිත සඳහා දමිල ශිල්පීන් කිහිප දෙනෙක්ද රඟපානවා.
කතාව මුලින් කිව්ව වගේ පොලිසිය සිය පවුලේ ඛේදවාචකයකට මුහුණ් අදෙන පියෙක් ඉන් සිය පවුළ බේරා ගැනීමටත්, නොකළ වරදකට වරදකරු වීමෙන් ගැලවීමටත් තමන්ට මේ ඉරණම අත් කර දුන් දුෂ්ඨයින්ගෙන් පළි ගැනීමටත් මෙන්ම යුක්තිය ඉටු කර ගනීමටත් කරන උත්සාහය මේ චිත්‍රපටයට පාදක වෙනවා. එය කොතෙක් දුරට සාර්ථක වේද යන්න හිතා ගන්න බෑ. ඒ චිත්‍රපටය ඊට කලින් ඉවර වෙනවා වගේ දැනෙන නිසා. තුඩාරුම් කියන්නෙ To be continued හෙවත් තවදුරටත් ඉදිරියට තියෙනවා කියන එකනේ. ඒ කියන්නේ දෙවැන්නක් සුවර්.
මෙහි මොහාන් ලාල් හෙවත් බෙන්ස් නැමැති රියදුරා සිය පන හා සමානව පාවිච්චි කරන ඇම්බැසිඩර් රථය කියන්නෙ පනස් ගණන් වලදි ඉන්දියාවෙ හින්දුස්ථානි මෝටර් සමාඅගම නිපදවපු බ්‍රිතාන්‍ය මොරිස් ඔක්ස්ෆර්ඩ් එකේ ඉන්දියානු නිශ්පාදනය, ඒ කාලෙ ඉන්දියාවේ බොහෝ පවුල්වල සාඩම්බරය තමයි මේ රථයක් හිමි කර ගැනීම. එකල ඉන්දියානු රාජ්‍ය නායකයින් පවා පරිහරණය කරන ලද්දේ මේ දේශීය මෝටර් රථයයි.
වැඩිය කියන්න ඕනෙ නෑ. මේ මොහොතේ වැහි කුණාටුවක් හමා යනවා, විදුලිය, ටෙලිකොම් මොකුත් වැඩ නෑ. ඒත් කොහොම හරි මගෙ වග කීම ඉටු කරමින් ඔබට පරිපූර්ණ ගුණාත්මක උපසිරැසියක් දෙන්න සෑහෙන්න උත්සාහ කලා. මේ වැහි බර සති අන්තයේ උණුසුම් සිනමා අත් දැකීමකට මේ චිත්‍රපටය බලන්න ආරාධනා කරමින් සමු ගන්නවා.
එහෙනම් තව ලස්සන උපසිරැසියකින් සමග හමු වෙමු
Thudarum (2025) Sinhala Subtitless
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය Malayalam HQ HDRip පිටපත් සඳහා පමණක් වලංගු වේ.
6,338 downloadsDownload Thudarum-2025-baiscopelk-sinhala-subtitle.zip76 KB
ඔබ ලබාගන්නා උපසිරැසිය සඳහා අදහස් දැක්වීම් සිදුකීරීම මගින් දිරිමත්වන උපසිරසිකරුවා ඔබට
තව තවත් උපසිරැසි ලබාදීමට පෙළඹෙන බව අප සිහිපත් කරන්නෙමු.
“උපසිරැසිකරුවාගේ මහන්සිය වෙනුවෙන් අප ස්තුතිවන්ත වෙමින් වචන කිහිපයක් සටහන් කරමු!”

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Thudarum (2025) Sinhala Subtitless
Subtitles
- #2025
- #BANDULA K
- #Crime
- #Drama
- #Editor's Pick
- #Indian Box Office Hits
- #malayalam
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Sunil
- #You Decide
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
13 comments
Sithum
Kasun Widusha
බොහෝම ස්තූතියි උපසිරසියට
Ravindra
Thanks u sub ekata
praveen mahesh
superb subtitles. thanks.
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌gihan
උපසිරැසියට බොහෝම ස්තුති
රංගික සිනෙත් කාරියවසම්
බොහොම ස්තුතියි බන්දුල අයියේ. වෙනදා වගේම.ජයම වේවා. එනකම් මග බලන් හිටියෙ.ජය
Buddhika laKMal
ස්තූතියි බන්දුල සහෝ ඔයාගේ වටිනා කාලය වැයකරල අපිට බලන්න මේකට සිංහල උපසිරැසි හදල දුන්නට
සිරන්ත
බොහොම ස්තුතියි අයියෙ.......
ANurada
Thank you !!!
Sahan Gayantha
thanks a lot saho sub ekata
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤Anonymous
උපසිරැසියට බොහෝම ස්තුති
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ඔබට බෙහෙවින්ම ස්තුතියි