Watch Trailer

The Bucket List (2007) Sinhala Subtitles | මියැදෙන්නට මත්තෙන් [චිත්‍රපටය සිංහල උපසිරසි සමඟ]

“මහ සුළං හමන තැනක දැල්වූ පහන් සිළුවක් කොයි වෙලේ නිවේදැයි නොකිය හැක්කේය.එමෙන්ම ජීවිතය අනියතය.මරණය නියතය.” බුදුහාමුදුරුවෝ ජීවිතය ගැන අපිට කියල දුන්නේ එහෙමයි.එක් විටක සතුට ගෙන දෙන, තවත් විටක දුකක් ගෙන දෙන ජීවිතය පුදුමාකාර දෙයක්. හැමවිටම ඔබ උත්සහ දරන්නේ ඔබ ලැබූ ජීවිතය තුල ඔබගේ බලාපොරොත්තු, ආශාවන් ඉටු ක…

“මහ සුළං හමන තැනක දැල්වූ පහන් සිළුවක් කොයි වෙලේ නිවේදැයි නොකිය හැක්කේය.එමෙන්ම ජීවිතය අනියතය.මරණය නියතය.”

බුදුහාමුදුරුවෝ ජීවිතය ගැන අපිට කියල දුන්නේ එහෙමයි.එක් විටක සතුට ගෙන දෙන, තවත් විටක දුකක් ගෙන දෙන ජීවිතය පුදුමාකාර දෙයක්. හැමවිටම ඔබ උත්සහ දරන්නේ ඔබ ලැබූ ජීවිතය තුල ඔබගේ බලාපොරොත්තු, ආශාවන් ඉටු කරගැනීමටයි.කිසියම් හේතුවකින් ජීවිතය ඔබට ඒ සඳහා නිශ්චිත කාල සීමාවක් ලබා දුන්නොත්? ඔව් එඩ්වඩ් කෝල් සහ කාටර් චැම්බර්ස් කියන්නේ එවැනි ඉරණමක් අත්වූ දෙදෙනෙක්.

වෘත්තීයෙන් මෝටර් රථ කාර්මිකයෙක් වූ කාටර් ඉතා බුද්ධිමත් පුද්ගලයෙක්. වෘත්තීයෙන් උසස් නොවුනත් ඔහු ඉතාමත් සතුටින් පවුල් ජීවිතයක් ගත කල තැනැත්තෙක්. එඩ්වඩ් කෝල් රෝහලක් පාලනය කරන බිලියනපතියෙක්. කාටර් තරම්ම සාර්ථක පවුල් ජීවිතයක් නොතිබුන ඔහුට තිබුනේ සෙල්ලක්කාර ගති පැවතුම්.එහෙත් ලෙඩකට දුකකට කොයින් ද උස් පහත් බේද? පිළිකා රෝගයක් හේතුවෙන් දෙදෙනාටම එකම රෝහලේ එකම කාමරයක් තුල ප්‍රතිකාර ගැනීමට සිදුවන්නේ දෛවෝපගත සිද්දියක් වගේ. ආගන්තුකයන් දෙදෙනෙකු වූ ඔවුන් මිතුරන් බවට පත් වන්නේ වෛද්‍යවරුන් ඔවුන්ට ජිවත් වීමට ඇත්තේ සුළු කාලයක් බව පැවසීමත් සමගයි.සංවේදී පුද්ගලයෙකු වූ කාටර් ඔහුගේ ජීවිතය තුල ලබා ගැනීමට ආශා වූ දෑ කොලයක කුරුටු ගාමින් සිටියත් ඔහු සිත ඇතුලෙන් කඩා වැටීමට ලක් වන්නේ ඔහුත් නොදැනීමයි. කුරුටු ගෑ කොලය පොඩි කර විසි කරන ඔහු වේදනාවෙන් නින්දට යද්දී, එඩ්වඩ් කෝල් එලෙස දුක් නොවන්නේ ඔහු ස්වභාවයෙන්ම දරදඬු කෙනෙකු නිසයි.පොඩි කර විසි කර දැමූ කොලයක් බිම වැටී තිබෙනු දකින කෝල් එය අහුලාගෙන කියවන විට පසුදා පහන් වෙලා. කාටර් ඒ වෙද්දීත් බලාපොරොත්තු රහිත තවත් දිනක් ගෙවා දැමීමට නින්දෙන් අවදිවෙලා. “Bucket List”.. මිය යන්නට පෙර ජීවිතය තුල මට ලබාගැනීමට අවශ්‍ය දේවල්..එය දකින එඩ්වඩ් කෝල්ට අපූරු අදහසක් පහල වෙනවා.

චිත්‍රපටිය පුරාවටම අපිට දැකගන්නට ලැබෙන්නේ එඩ්වඩ් කෝල්ගේ සිතට නැගුනු ඒ අපුරු අදහස ක්‍රියාවට නංවන ආකාරයයි.2007 දෙසැම්බර් මාසයේදී ඇමෙරිකාවේදී තිරගත වීම ආරම්භ වූ මෙම චිත්‍රපටිය ආදායම් වාර්තා බිඳ හෙලූවේ ඩොලර් මිලියන 175ක් පමණ ලාභයක් උපයා ගනිමින්.Rob Reiner විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙය ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පින් දෙපලක් වන Morgan Freeman සහ Jack Nicholsonගේ රංගනයෙන් හැඩ වෙනවා. ප්‍රචාරණය කලේ Warner Bros. Pictures. IMDb අගය 7.4ක්. National Board of Review ආයතනයේ Top Ten චිත්‍රපටි අතරට එක් වූ මෙය බයිස්කෝප් වෙබ් අඩවියේ තිබිය යුතුම චිත්‍රපටියක් බවයි මගේ අදහස. ඔබ නරඹන ක්‍රියාදාම, ත්‍රාසජනක, ආදරණීය චිත්‍රපට අතරට මෙවැනි චිත්‍රපටත් එක් කරගන්න. මොකද ජීවිතය ගැන අපිට කියල දෙන මෙවැනි චිත්‍රපටි නිෂ්පාදනය වන්නේ ඉතාමත් අඩුවෙන්.

“One day your life will flash before your eyes. Make sure it’s worth watching”

(දිනෙක ඔබ ලැබූ ජීවිතය තුල ඔබ කල කී දෑ ඔබ ඉදිරියේ චිත්‍රපටියක් මෙන් මැවී පෙනේවි. එය ඔබට නැරඹිය හැකි එකක් වන බවට සහතික කරගන්න)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා වලංගු වේ.

3,644 downloadsDownload The-Bucket-List-2007.zip46 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුෂානි දිසානායක” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-04-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

3,644 downloadsDownload Subtitles46 KB

16 comments

  1. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට...ජය වේවා!

  2. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

  3. මයුර

    ෂා මාරු. අනිවා බලනවා. තව තවත් මේ වගේ චිත්‍රපටි ගේන්න

  4. Dulanga

    Thanks

  5. ප්‍රභාෂ

    පට්ට පට පට thanks bn

  6. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  7. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

  9. tharangani

    thanx

  10. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි උපසිරැසට..!

  11. sid

    uparimai lokka!!!
    kkep up!

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. දමිත්

    සිංහල උපසිරැසියට බෙහෙවින්ම ස්තුතියි රුෂානි.
    ජයෙන් ජය.

  14. Tharindu Athukorala

    thax bro

  15. ravindra

    උපසිරැසිය ගන්න බෑ .

  16. Aravinda

    සිංහල උපසිරස ලබා දුන්නාට බොහොම ස්තූතියි

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.