Watch Trailer

The Caregiver (2023) Sinhala Subtitles | සාත්තු සේවිකාවගේ බිහිසුණු ඉරණම [සිංහල උපසිරැසි]

The Caregiver (2023) Sinhala Subtitles ආයූබෝවේවා හැමෝටම ලැබුණු විවේකයෙන් ඔයාලට තවත් ෆිල්ම් එකක් ගේන්න හිතුවා. මේක මට අහම්බෙන් බලන්න ලැබුන ෆිලුමක්. Horror/Thriller කාණ්ඩයන්ට අයත් ෆිල්ම් බලන්න ආස යාළුවෝ මේකට කැමති වෙයි කියලා හිතනවා. ඒ වගේම මේක ලොකු බජට් එකකින් නිපදවපු ලොකු නළු නිළියෝ ඉන්න එකක් නෙමෙයි…

The Caregiver (2023) Sinhala SubtitlesThe Caregiver (2023) Sinhala Subtitles

ආයූබෝවේවා හැමෝටම ලැබුණු විවේකයෙන් ඔයාලට තවත් ෆිල්ම් එකක් ගේන්න හිතුවා. මේක මට අහම්බෙන් බලන්න ලැබුන ෆිලුමක්. Horror/Thriller කාණ්ඩයන්ට අයත් ෆිල්ම් බලන්න ආස යාළුවෝ මේකට කැමති වෙයි කියලා හිතනවා. ඒ වගේම මේක ලොකු බජට් එකකින් නිපදවපු ලොකු නළු නිළියෝ ඉන්න එකක් නෙමෙයි කියලත් මතක් කරන්න ඕන. මේක අපි කලින් බලලා තියෙන ගොඩක් ෆිල්ම් වල එකතුවක් විදියටයි මටනම් දැනුනේ.

සාත්තු සේවිකාවක් විදියට රැකියාව කරන එමා කියන තරුණියට මූණ දෙන සිදුවීමක් තමයි චිත්‍රපටයට පාදක වෙන්නේ. තමන්ගේ පියාගෙන් සිදුවුන කරදර නිසා එමා ගෙදරින් ඈත් වෙලා ඉන්න අතර එයාට සාත්තු සේවිකාවක් විදියට මහළු කාන්තාවක් බලාගන්න රැකියා අවස්ථාවක් ලැබෙනවා. විශාල පාළු ගෙදරක තනියම ඉන්න මේ කාන්තාව බලාගන්න එන එමාට හීනෙකින්වත් හිතපු නැති සිදුවීම් වලට මූණ දෙන්නේ වෙනවා. Horror කාණ්ඩයට වර්ගීකරණය කරලා තිබුනට මේක තුලින් ඔයාලට වෙනස් අත්දැකීමක් ලැබෙයි කියලා මම හිතනවා. මේ වෙද්දි 4.1ක IMDb අගයක් ලබාගන්න සමත් වෙලා තියෙන The Caregiver චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ariel Luque විසින්. චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙන නළුනිළි පිරිසනම් ඉතා සීමිතයි. Clara Kovacic, Nikola Kent සහ Lis Fernandez කියන අපිට හුරුපුරුදු නැති මූණු කීපයක් තමයි දකින්න ලැබෙන්නේ. එහෙනම් හැමදාම වගේ ඔයාලත් උපසිරසිය අරගෙන කොමෙන්ට් එකක් දාගෙන යන්න. යන්න කලින් නවීන් සහෝටත් ස්තූතිවන්ත වෙන්න ඕන. ඉක්මනටම තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු. ජය වේවා!

 

The Caregiver (2023) Sinhala Subtitles

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,726 downloadsDownload The-Caregiver-2023-Sinhala-Subtitles.zip14 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

The Caregiver (2023) Sinhala Subtitles

Subtitles by

යුරාන් ධනුක

Subtitles

1,726 downloadsDownload Subtitles14 KB

1 comment

  1. Buddhika laKMal

    උපසිරැසියට බොහෝම ස්තූතියි යුරාන් ධනුක සහෝ