Watch Trailer

Ullozhukku (2024) Sinhala Subtitles | නැන්දම්මා [සිංහල උපසිරැසි]

Ullozhukku (2024) Sinhala Subtitles ආයුබෝවන් ජූලි 26 දින OTT රිලීස් උන වැඩිය ඇස නොගැටුන තවත් විශිෂ්ඨ චිත්‍රපටයක උපසිරැසිය අද ගෙන එනවා.පහු ගිය කාල සීමාවෙ මලයාලි චිත්‍රපට වල ලොකු ලොකු බොක්ස් ඔෆිස් වාර්ථා දකින්න ලැබුනෙ නෑ. ඒත් සැලකිය යුතු ප්‍රේක්ෂක ප්‍රතිචාර මත ඉතා උසස් ඝනයේ චිත්‍රපට කිහිපයක්ම නිකුත්…

Ullozhukku (2024) Sinhala Subtitles

ආයුබෝවන් ජූලි 26 දින OTT රිලීස් උන වැඩිය ඇස නොගැටුන තවත් විශිෂ්ඨ චිත්‍රපටයක උපසිරැසිය අද ගෙන එනවා.පහු ගිය කාල සීමාවෙ මලයාලි චිත්‍රපට වල ලොකු ලොකු බොක්ස් ඔෆිස් වාර්ථා දකින්න ලැබුනෙ නෑ. ඒත් සැලකිය යුතු ප්‍රේක්ෂක ප්‍රතිචාර මත ඉතා උසස් ඝනයේ චිත්‍රපට කිහිපයක්ම නිකුත් උනා. එයින් එකක් තමයි මේක.

මේකෙ ප්‍රධාන චරිත දෙක කාන්තා චරිත දෙකක්. නැන්දම්මයි ලේලියි. පාර්වතී තිරුවෝතු සහ ඌර්වශී මෙම චරිත දෙකේ විශිෂ්ඨ රංගනයක නිරත වෙනවා.ක්‍රිස්ටෝ ටොමීගෙ අධ්‍යක්ෂණයක් වන මේක අති සංවේදී කතාවක්.

කතාව කිව්වොත් අංජු නම් කතෝලික තරුණිය හින්දු ‍රැකියා විරහිත තරුණයෙක් එක්ක සම්බන්ධයක් පවත්වනවා. ඒත් ඇයගෙ දෙමව්පියන්ගෙ බල කිරීම මත ඇයට වැදගත් පවුලක තරුණයෙක් හා විවාහ වෙන්න සිදු වෙනවා.කූට්ටිනාඩයේ ගොඩ බිමින් වෙන් උන ගංගා ආශ්‍රිත පරිසරයක පිහිටි මේ ගෙදර ඉන්න සැමියයි නැන්දම්මයි විතරයි. අනපේක්ෂිත විදිහට ඇගේ සැමියා අසනීප වෙනවා. ඇත්තටම ඔහුව විවාහ කර දෙන්නේ වැඩිහිටියන් ඒ අසනීපය ගැන අංජුගෙන් සඟවලා. ඒත් ඇය සැමියාගේ ආවතේව කටයුතු නිසි ලෙස සිදු කරන්නේ තම පෙම්වතා සමග සම්බන්ධයද රහසිගතව පවත්වා ගනිමින්.

මෝසම් වර්ෂාව ඇද හැලීමත් සමග ගංගාව දෙගොඩ තලා ගොස් මුළු කුට්ටිනාඩයම ගංවතුරෙන්යට වෙද්දී මේ සියල්ලන්ගේම ජීවිත තීරණාත්මක ලෙස උඩු යටිකුරු වෙනවා. නැන්දම්මා ලේලිය සම්බන්ධය කෙසේ බලපායිද? මේක බලලා තීරණය කරන්න.

තව උණුසුම් උප සිරැසියකින් හමු වෙමු.

Ullozhukku (2024) Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා වලංගු වේ.

3,637 downloadsDownload Ullozhukku-2024-2.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

           

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Ullozhukku (2024) Sinhala Subtitles

Subtitles by

BANDULA K

Subtitles

3,637 downloadsDownload Subtitles30 KB

5 comments

  1. Buddhika laKMal

    ස්තූතියි බන්දුල සහෝ උපසිරැසියට

  2. achi fdo

    thanx bro

  3. Netflix පිස්සා

    එල බන්දු අයියේ එල

  4. Kasun Widusha

    බොහෝම ස්තූතියි උපසිරසියට

  5. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤