මෙහි කතා සාරාංශය වන්නේ “ජිනීවාහි ලෝක සෞඛ්‍ය සංවිධාන ගොඩනැගිල්ල පුපුරවා හැරීමට පැමිණෙන ත්‍රස්තවාදීන් තිදෙනෙකුගෙන් එක් අයෙක් එතැන දී වෙඩිවැදී මියයන අතර අනෙක් දෙදෙනා ජීව විද්‍යාත්මක බැක්ටීරියා තැන්පත් කර ඇති රසායනාගාරයට කඩාවදී. මෙහි දී සිදුවන වෙඩි හුවමාරුවෙන් දෙදෙනාගෙන් කෙනෙකුට වෙඩි වදින අතර බිඳීගිය භ…

මෙහි කතා සාරාංශය වන්නේ “ජිනීවාහි ලෝක සෞඛ්‍ය සංවිධාන ගොඩනැගිල්ල පුපුරවා හැරීමට පැමිණෙන ත්‍රස්තවාදීන් තිදෙනෙකුගෙන් එක් අයෙක් එතැන දී වෙඩිවැදී මියයන අතර අනෙක් දෙදෙනා ජීව විද්‍යාත්මක බැක්ටීරියා තැන්පත් කර ඇති රසායනාගාරයට කඩාවදී. මෙහි දී සිදුවන වෙඩි හුවමාරුවෙන් දෙදෙනාගෙන් කෙනෙකුට වෙඩි වදින අතර බිඳීගිය භාජනයක තිබූ මහාමාරිය බැක්ටීරියාව තැවරුණු අනෙකා කවුළුවකින් පැනයයි. ජිනීවා දුම්රියපොළට පැමිණෙන මොහු පිටත්වීමට ආසන්න දුම්රියකට නැඟ ගනී. ධාවනයවන දුම්රියේ මැදිරි තුළ කලබලයෙන් ගමන් කරන මෙම පුද්ගලයා නිසා බැක්ටීරියාව තවත් මගීන්ට ආසාදනය වේ. පලාගිය පුද්ගලයා සොයන ආරක්ෂක අංශ, මොහු එම දුම්රිය තුළ සිටිනා බවට තොරතුරු සොයා ගනී. පසුව එම පුද්ගලයා දැඩි ආසාධිත තත්වයෙන් දුම්රිය තුළදී ම මියයයි. දුම්රිය තුළ සිටින මගීන් කීපදෙනෙක් ද මෙම බැක්ටීරියා ආසාදනයට ගොදුරුවේ. ඉහත අවදානම් තත්වයට පිළියමක් ලෙස දුම්රිය තුළ සිටින සියලු මගීන්ව ආසාධිතයන් ලෙස සලකා වෙනත් ජන ශුන්‍ය ප්‍රදේශයකට ගෙනගොස් ප්‍රතිකාර ලබාදීමට සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ තීරණය කරයි. සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් පැළඳගත්, ගිනි අවි සහිත ආරක්ෂක භටයන් දුම්රිය මගීන් පාලනය කිරීමට යොදවා දුම්රියෙන් පිටවිය හැකි සියලුම කවුළු පාස්සා වසා දැමීම සිදු කළ අතර එම අවස්ථාවේ කලබල කළ මගීන්ට වෙඩි තැබීම ද සිදුවේ. මගීන් සහිත දුම්රිය ගෙනයාමට තීරණය කළ ජන ශුන්‍ය ප්‍රදේශය පිහිටා ඇත්තේ අබලන්, අත්හැර දැමූ දීර්ඝ දුම්රිය පාලමක් වූ “කසැන්ඩ්‍රා පාලම” හරහා ය. එය ඉතා අවදානම් ගමනක් බැවින් මගීන් එයට එරෙහිව කැරැල්ලක් දියත් කරයි. එයට මූලිකත්වය දෙන්නේ දුම්රිය තුළ සිටි මගියෙක් වූ දොස්තරවරයෙකි. ඔවුන්ගේ කැරැල්ල සාර්ථක වේ ද? පාලම කඩා වැටේ ද? රෝගීන් සුවපත් වේ ද? එය නරඹලාම දැනගන්නට සුහදව ආරාධනා කරන්නෙමි!
මෙය ලෝක සිනමාව තුළ මෙතෙක් බිහි වූ, මා පෞද්ගලිකව ඉතාමත්ම ප්‍රිය කරන චිත්‍රපටයක්. එම නිසා ඉතාමත් ආශාවෙන් උපසිරසි කළේ. කූතුහලය පිරි කතාවක් රැගත් මෙම ඉංග්‍රීසි චිත්‍රපටය ද, ඔබ ඉතා කැමැත්තෙන් නරඹනු ඇතයි මා සිතන්නෙමි. මෙය ද ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයකි. ශ්‍රී ලංකා රූපවාහිනී සේවාවක විකාශය වෙද්දී මා ඉතා කුතුහලයෙන් මෙය නරඹා ඇත්තෙමි.
මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති “දෝස්ති”, “ආයි මිලන් කී බේලා”, ඇන් ඊවිනින් ඉන් පැරිස්”, බූට් පොලිෂ්”, “සංගම්”, “සාති” යන පැරණි හින්දි චිත්‍රපට හය සිංහල උපසිරසි සහිතව ඩී.වී.ඩී. අලෙවි සැල්වල ප්‍රදර්ශනය කර තිබෙනු දැකීමෙන් මා හට අපමණ සතුටක් දැනේ. එක්තරා යුගයක අතිශය ජනප්‍රිය වූ මෙම චිත්‍රපට පසුගිය කාලයේ ඇහැට දකින්නටවත් නොතිබූණි. ජනප්‍රිය පැරණි සිනමා චිත්‍රපට ගොනුව හැකි තරමින් රට පුරා සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.
මෙය මාගේ “බයිස්කෝප් වෙබ් අඩවිය” හරහා දෙනු ලබන අටවන සිංහල උප සිරසිකරණයයි. මේ චිත්‍රපටය පිළිබඳව ද ඔයාලාගේ අදහස් දක්වන්න. ස්තූතියි!
1.54 GB (DVD) කොපිය මෙතනින් බාගන්න
D14682FBADB9FEFD7FD97CE3CBD7E0AA0CADC4D4 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
740 downloadsDownload The-Cassandra-crossing-1976.zip39 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/PriyanthaD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
විතානගේ ප්‍රියන්ත
Subtitles
26 comments
Haritha Dayanga
Tharaka
ආයෙ කතාවක් නෑ… අනිව බෑමක් තමා… සබට බොහොම ස්තුතියි…
Kulanjana Maduranga
niayamai…thanks VITHANAGE saho..sub ekata..digatama sub demu.jaya wewa……
Asitha
ශ්‍රී ලංකා රූපවාහිනී සේවාවක විකාශය වෙද්දී මා ඉතා කුතුහලයෙන් මෙය නරඹා ඇත්තෙමි.
ඔව්නේ මමත් ITN එකෙන් බැලුවා.පට්ට.Sanindu Lakkitha
Thnx macho.. Good luck..
Nuwan Dewapriya Disanayaka
gud wrk bro..
thank you so much for the subtitle...තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!Sajith Anthony
සබ් එකට බොහෝම ස්තුතියි,
ජය වේවා...!!!Isuru Chamara
thxx saho
pramoda
අගනා සිනමා සිත්තම් සමුහයක් මෙම වෙබ් එකට එකතු කරනා ඔබට හද පිරි ස්තුතිය පුද කරන්නෙමි!
Shanaka Chathuranga
වෙනසට ගොඩක් ස්තූතියි සහෝ.......
DVC
elaz....onna baawa
Nishon Jey
තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!
Udara Damith B\K
උපසීරැසියට ස්තූතී.....
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රියන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Prasad Kandamulla
සබ් එක නම් බාගත්ත නමුත් වැඩක් උනේ නැහැ සහෝ...දීල තියෙන 'හෑෂ්'' එකේ එක'ටොරන්ට්' එකක්වත් වැඩ නැහැ සහෝ...දන්නා සෙල්ලම් සේරම දැම්ම එකක්වත් වැඩ කරන්නේ නැහැනේ........
WITHANAGE NOHOTH THANTHREE GAMAGE PRIYANTHA DAYAKEERTHI
http://itorrents.org/torrent/D14682FBADB9FEFD7FD97CE3CBD7E0…
මෙම ලින්ක් එක ඔස්සේ ලබා ගන්න.Withanage Priyantha Dayakeerthi
https://torrentz.eu/d14682fbadb9fefd7fd97ce3cbd7e0aa0cadc4d4
මෙම ලින්ක් එක ඔස්සේ වීඩියෝව download කරගත හැක.
Nimesha Abhishek
thank you saho.........
godak hoyapu film ekak...
thaks godakAnonymous
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
කවිඳු ජයවර්ධන
මේකනම් මමත් බලලා තියෙනවා.මතක විදියට ITN එකේ තමයි ගියේ..කුතුහලෙන් බලන්න පුලුවන් පට්ටම චිත්‍රපටයක්.උපසිරැසි ලබා දුන්නාට බොහොම ස්තුතියි!!
Amila Mudalige
උපසිරසියට බොහෝම ස්තූතියි
Heshan
Harakek wage film eke wena dewal meke danna epa. uba kiyana widiyta film eke balanna ithuru wenne anthima kotasa witharai. Film balanna danne nathi moda harakek uba.
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි...ජයවේවා..ඔහොම යමු..
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
ඩවුන්ලෝඩ් කරලා සෑහෙන කාලයක් ගත වෙලා උනත් අදයි බලන්න ලැබුනේ...
ආයිමත් බොහොම ස්තූතියි...!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

උපසීරැසියට ස්තූතී