ආයුබෝවන් හැමෝටම! ඉතින් මේ තමයි මගේ දෙවෙනි උපසිරැසි ගැන්වීම.දෙවෙනි උපසිරැසිය විදියට මන් තෝරගත්තේ 2011 අවුරුද්දේ නිකුත් වෙච්ච The cat කියන කොරියන් චිත්‍රපටය. Horror,Drama ගනයට වැටෙන මේ චිත්‍රපටයේ තිර රචනය Jang Yun-mi විසින්ද අධීක්ෂණය Seung wook byeon විසින්ද කරන ලදී.2011 ජුලි 7 මේ චිත්‍රපටය නිකුත් වු…

ආයුබෝවන් හැමෝටම!

ඉතින් මේ තමයි මගේ දෙවෙනි උපසිරැසි ගැන්වීම.දෙවෙනි උපසිරැසිය විදියට මන් තෝරගත්තේ 2011 අවුරුද්දේ නිකුත් වෙච්ච The cat කියන කොරියන් චිත්‍රපටය. Horror,Drama ගනයට වැටෙන මේ චිත්‍රපටයේ තිර රචනය Jang Yun-mi විසින්ද අධීක්ෂණය Seung wook byeon විසින්ද කරන ලදී.2011 ජුලි 7 මේ චිත්‍රපටය නිකුත් වුණා.US$ මිලියන 4.5 ක ආදායමක් උපයලා 2011 සති අන්ත බොක්ස් ඔෆිස් සටහනේ දෙවන ස්ථානයට පත් වෙන්නත් The cat චිත්‍රපටියට පුළුවන් වුණා.

මිනිත්තු 106 ක් පුරාවට දිවයන මේ චිත්‍රපටය අනිවාරෙන් කම්මැලි නැතුව කුතුහලයෙන් බලන්න පුලුවන්.


Cast-රංගන දායකත්වය

Park min young – සෝ යොන්
Kim dong wook – ජුන් සොක්
Kim Yeron – හී ජින්

Plot Synopsis- කතා සාරංශය

සත්තු බලාගන්න තැනක වැඩ කරන සෝ යොන්ට පූසො හින්දා මිනිස්සු මැරෙනවා කියලා හිතෙනවා.ඊට පස්සේ හොයාගෙන යනකොට මේ හැමතැනකටම සම්බන්ධ වුණ බොබ් කට් ගහපු කෙල්ලෙක් ඉදියා.ආ ඒවගේම සෝ යොන්ට අතීත සිදුවීමක් නිසා පොඩි ලෙඩකුත් තිබ්බා.ඒවගේම මේ බොබ් කට් කෙල්ලව සො යොන්ට පෙනුණා.ඇත්තටම මේ බොබ් කට් කෙල්ල කවුද ? ඇත්‍තටම පූසො හින්දා මිනිස්සු මැරෙනවද?ඒක දැනගන්න නම් අනිවාරෙන් මේ චිත්‍රපටිය බලන්නම වෙනවා.ඒ හින්දා මන් ආරාධනා කරනවා මේක බලන්න කියලා..

කුතුහලය නැති වෙන හින්දා මන් වැඩිපුර කියන්න යන්නෑ.සබ් එක කොහොමද කියලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න කියලා ඉල්ලනවා.එහෙනම් හැමෝටම සුභ දවසක්!පරිස්සමෙන් ඉන්න!තව උපසිරැසියකින් හමුවෙමු…

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය Bluray පිටපත සඳහා පමණක් ලබා දි ඇත

3,886 downloadsDownload The-Cat-2011.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජෙහානි කෞශල්‍යා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2023-07-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles by

ජෙහානි කෞශල්‍යා

Subtitles

3,886 downloadsDownload Subtitles23 KB

9 comments

  1. විමා

    උපසිරසියට බොහොම ස්තුතියි!

    1. J.kaushalya

      Thanks for all thoughts❤

  2. Bimsara Yashan(ඔලිව)

    Horror එකක් නම් මිස් කරගන්නෙ කොහොමද! සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි. ජයවේවා!

  3. යුරාන් ධනුක (දනුවා)

    නියමයි මාත් මේකට සබ් කරන්නම් කියලා හිටියේ.
    උපසිරසියට තුති !!

  4. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  5. Nayana Buddhika

    සබ් එකට ගොඩක් ස්තූතියි අක්කේ

  6. Pavith Wijesooriya

    උපසිරසියට බොහොම ස්තූතියි...

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. baiscopelk ishu

    thnq sis sub ekata