ඔන්න අද මම ඔයාලට තවත් චිත්‍රපටයක් අරගෙන ආවා. චිත්‍රපටියේ කතාව ගැන කියන්න කලින් මටත් ඔයාලා එක්ක බෙදාගන්න පොඩි කතාවක් තියෙනවා. ” ඒ කතාව තමයි අදට මම බයිස්කෝප් පේජ් එකත් එක්ක එකතු වෙලා හරියටම අවුරුදු 9ක් වෙනවා. 2014.08.23 තමයි මම ඉස්සෙල්ලම බයිස්කෝප් වෙබ් අඩවිය තුලින් ඔයාලට සිංහල උපසිරැසියක් දීලා තියෙන්…

ඔන්න අද මම ඔයාලට තවත් චිත්‍රපටයක් අරගෙන ආවා. චිත්‍රපටියේ කතාව ගැන කියන්න කලින් මටත් ඔයාලා එක්ක බෙදාගන්න පොඩි කතාවක් තියෙනවා.
” ඒ කතාව තමයි අදට මම බයිස්කෝප් පේජ් එකත් එක්ක එකතු වෙලා හරියටම අවුරුදු 9ක් වෙනවා. 2014.08.23 තමයි මම ඉස්සෙල්ලම බයිස්කෝප් වෙබ් අඩවිය තුලින් ඔයාලට සිංහල උපසිරැසියක් දීලා තියෙන්නේ. හැමදාම උපසිරැසි අරගෙන කතා බලද්දි මටත් ආසාවක් ආවා උපසිරැසියක් හදල බලන්න. ඉතිං කැමති විදිහෙ චිත්‍රපටයක් හොයාගෙන උපසිරැසිත් හදලා මම මේල් එකක් දැම්මා. (ඒකත් Mystery / Horror ගණයට අයිති එකක්) ඒකෙන් පටන් අරගෙන අද වෙනකල් පුලුවන් වෙලාවල් වලට තාමත් ඔයාලට මම මෙහෙම උපසිරැසි අරගෙන එනවා. මේ මගේ 320 විතර උපසිරැසිය වෙන්න ඇති. ඉතිං මම කැමතියි මෙච්චර දුර එන්න මට උදව් කරපු හැමෝටම ස්තූති කරන්න.
මම හිතන දෙයක් තමයි උපසිරැසි කරන ගොඩක් අයගෙ පලවෙනි අවස්ථාව ලැබෙන්න ඇත්තේ මේ බයිස්කෝප් එකෙන් කියලා. ඉතිං එහෙම පටන් ගත්ත කෙනෙක් විදිහට බයිස්කෝප් එකේ ඇඩ්මින් මඩුල්ලටත්, හැමදාම මගේ නිර්මාණ බලලා අඩුපාඩු කියන මාව අගය කරන ඔයාලා හැමදෙනාටමත් මම ගොඩක් ස්තූති කරනවා. ඉස්සරහටත් පුලුවන් තරම් අඩුපාඩු හදාගෙන මම ඔයාලා වෙනුවෙන් නිර්මාණ අරගෙන එන්නම්. ආයෙත් හැමෝටම ස්තූතියි!! ” 🙂
එහෙනම් දැන් අපි කතාව බලමු
දරුවෙක් ඉපදුන දවසෙ ඉඳන් දවස් 21ක් ගත වෙනකල් මිනිස්සු තමන්ගෙ හැසිරීම් ගැන උපරිම සැලකිල්ලක් දක්වල ඒ අලුත ඉපදුන දරුවා අවාසනාවෙන් ආරක්ෂා කරගන්න චාරිත්‍රයක් කොරියානුවන්ට තියෙනවා. ඒ කාලයෙදි අමුත්තන්ට නිවසට එන්නවත් නිවසේ අය අනවශ්‍ය තැන් වලට යන්නවත් ඉඩ දෙන්නෙ නැහැ.
ඉතිං ඒ දවස් 21 හඳුන්වන නම තමයි Seire කියන්නේ. මේ කතාවේ අලුත උපන් දරුවෙකුගේ තරුණ පියෙක් වෙන Woojinට ආරංචි වෙනවා තමන්ගෙ පරණ පෙම්වතිය Seoyung මිය ගිහින් කියලා. තමන්ගෙ බිරිඳටත් හොරෙන් මේ අවමංගල්‍යයට යන Woojinට Seoyung ගේ නිවුන් සහෝදරිය වන Yeyoung හමුවෙනවා. මේ හමුවීමෙන් පස්සෙ Woojinට සහ ඔහුගේ පවුලේ අයට හරිම බිහිසුණු අවාසනාවන්ත සිදුවීම් මාලාවකට මුහුණ දෙන්න සිද්ද වෙනවා.
ඔන්න ඕක තමයි ඉතිං කතාව…. එහෙනම් මේකත් බලල පුරුදු විදිහටම ඔයාලගෙ අදහස් කියාගෙන යන්න…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා වලංගු වේ.
2,610 downloadsDownload Seire-2022.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
7 comments
Kantha_DLA
Buddhika Lakmal
congratulations for 8th Year anniversary of Sinhala subtitling....
ඉදිරියටත් ඉඩක් ලැබෙනවෙලාවට සිංහල උපසිරැසිකිරීමට හැකිවේවා... කිසිම ලාබප්‍රයෝජනයක් නැතිව කරනා මේ සේවයට බොහෝම ස්තූතියි... කරන කියන සියලුම වැඩකටයුතු සාර්තක වේවා.....!!!!♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Ravindra
Thanks
විමා
උපසිරසියට බොහොම ස්තුතියි!
ඒ වගේම අපිත් එක්ක මෙච්චර දීර්ඝ කාලයක් රැඳී සිටීම වෙනුවෙනුත්.Pavith Wijesooriya
උපසිරසියට ගොඩක් ස්තූතියි අක්කා. ඔන්න මාත් සබ් එක ගත්තා...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Advertisement
ගොඩක්ම ස්තූතියි කනිෂ්කා .........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!