Watch Trailer

The Cellar (2022) Sinhala Subtitles | නොපෙනෙන මානයකට පියමැනීම [සිංහල උපසිරසි]

එක… දෙක… තුන… හතර… පහ… හය… හත… අට… නමය… අහ්… දැක්කෙ නෑ, ආයුබෝවන්! ඉතින් කොහොමද? ඔන්න අද මගේ තුන්වෙනි (ඇත්තටම මම බයිස්කෝප්එල්කේ වලට අප්ලෝඩ් කරපු හතරවෙනි) උපසිරැසියෙන් මම අද අරන් ආවෙ අයර්ලන්ත හොරර් ෆිල්ම් එකක්. (බයවෙන්න එපා ඔක්කොම දෙබස් ඉංග්‍රීසියෙන් තියෙන්නෙ.) සාමාන්‍යයෙන් ගණිතය කියන්නෙ බහුතරයක් උදව…

එක… දෙක… තුන… හතර… පහ… හය… හත… අට… නමය…

අහ්… දැක්කෙ නෑ, ආයුබෝවන්! ඉතින් කොහොමද? ඔන්න අද මගේ තුන්වෙනි (ඇත්තටම මම බයිස්කෝප්එල්කේ වලට අප්ලෝඩ් කරපු හතරවෙනි) උපසිරැසියෙන් මම අද අරන් ආවෙ අයර්ලන්ත හොරර් ෆිල්ම් එකක්. (බයවෙන්න එපා ඔක්කොම දෙබස් ඉංග්‍රීසියෙන් තියෙන්නෙ.)

සාමාන්‍යයෙන් ගණිතය කියන්නෙ බහුතරයක් උදවියට අප්‍රිය සහගත, බැරෑරුම්, බරපතල, භයානක විෂයයක්. මගෙ විදිහට කිව්වොත්, මොරා වලට බැහැලා ඉංජිනියරිං වැඩ්ඩෙක් වෙන්න හිතන් හිටපු මට, පාසලෙන් තිබුණු එකම විකල්පය විදිහට ඇවිත්, කවදහරි මගේ සියදිවි නසාගැනීමක් වෙනවනම් ඒකට මූලිකම හේතුව වෙන්න තරම් දුරදිග ගියෙත් ගණිතයම තමයි. දැං ඔය නමක් තියෙනවනෙ “සංයුක්ත ගණිතය” කියල, මොන විහිළුවක්ද! ඒක කෙටියෙන් කිව්වොත් එක බෙදීම දෙක සමානයි භාගයයි, දෙවරක් භාගය සමානයි එක ඩෑෂ් කියන්නා වගෙ දෙයක්. ගණිතය මුලදි බෙදුවා ශුද්ධ හා ව්‍යවහාරික කියල කොටස් දෙකකට, පස්සෙ ආපහු ඔය දෙක එකතු කළා. මොකක්ද එන්නෙ, මොකක්ද? ගණිතය! රෝසා සර් කියන්නැහේ පෙරපාසල් මට්ටමේ වැඩක්. ඒත් ඒ කාලෙ ප්‍රොපෙසර්ලා ඕකට විසේසනයක් දැම්මා “සංයුක්ත” කියල. අන්තිමට සංයුක්ත ගණිතය. මොක වුණත් මේ කියන ගණිතය ඇතුලෙ එදත් අදත් නියම ගණිතයේ ඇත්ත රහ අඩංගු වෙලා නෑ. විද්‍යාව කියන්නෙත් ගණිතයමයි. තාක්ෂණය කියන්නෙත් ගණිතයමයි. අජටාකාශ තරණයේ සිට දණගාගෙන ඇවිදීම දක්වා තියෙන්නෙත් ගණිතයමයි. හහ්‍… ඒත් අපේ අධ්‍යාපන අංශයේ ආතලා මුත්තලා අර වටිනා කියන බිග් පික්චර් එකෙන් මෙලෝ රහක් නැති පොල් කුරුට්ටක විතර අංශයක් අරන් එයින් අවුරුදු පහ හයක වැඩ වගයක් මවලා, අන්න ඒවා අවුරුදු දෙකකට කොටුකරලා කපලා ආයෙ පාස්සලා කාල්ගාන්න හදපු ඒ ගණිතය සමානයි සංයුක්ත ගණිතය, තේරුණාද? එක සමානයි එක ඩෑෂ්!

හරි. ඒ කතාව පැත්තකට දාමු. මේ කතාවෙ එන “ජෝන් ෆෙදර්ස්ටන්” කියන්නෙ ලෝකප්‍රසිද්ධ නොබෙල් ත්‍යාගලාභී මහැදුරු අර්වින් ශ්‍රෝඩිංගර්ගේ සමකාලීන ගණිතඥයෙක් (ය කියලා කියන ප්‍රබන්ධ චරිතයක්.) මහාචාර්ය අර්වින් ශ්‍රෝඩිංගර් නම් බොහෝදුරට අඳුනන්නෙ ශ්‍රෝඩිංගර්ගේ බළලා නිසා. මගෙ අනුමානය හරිනං ඒලෙවල් කෙමිස්ට්‍රිවල කියවෙන ක්වොන්ටම් අංශුවල (ඉලෙක්ට්‍රෝනයේ) අංශු-තරංග ස්වභාව ද්වෛතය ගැන විරෝධාභාසයක් පැහැදිලි කරන්න මහාචාර්ය ශ්‍රෝඩිංගර් ඉදිරිපත් කරපු න්‍යායය තමයි ඔය පෙට්ටියක දාලා වහපු පූසගෙ කතාව; පූසා ඇතුලෙ මැරිලද නැද්ද කියන වග අපි දන්නෑ වගේමයි ක්වොන්ටම් අංශු හැසිරෙන්නෙ අංශු විදිහටද ශක්ති තරංග විදිහටද යන වග අපි දන්නෑ. ඒක දැනගන්නකං ඉතිං ඒ අංශු, තරංග හා පදාර්ථය යන ස්වභාව දෙකේම පවතිනවලු, ඒ කිව්වෙ අපේ පූසා මැරිලා වගෙම පණපිටිනුත් ඉන්නවලු. මටනං හරිම දුකයි පූසා ගැන. මොකක්හරි, මේක මේ දෙන්නගෙන් කවුරුවත් ගැන වාර්තා චිත්‍රපටයක් නෙමෙයි.

කීරා වුඩ්ස් (Elisha Cuthbert) සහ බ්‍රයන් වුඩ්ස් (Eoin Macken) දෙපෙළ, මේ මහාචාර්ය ජෝන් ෆෙදර්ස්ටන්ගේ මහගෙදර වෙන්දේසියකින් මිලදී ගෙන එතැන පදිංචියට මාරුවෙනවා. මෙයාලගෙ පවුලේ වැඩිමල් දුවකුයි බාල පුතෙකුයිත් ඉන්නවා. අක්කා එලී වුඩ්ස් (Abby Fitz), එයාගෙ මල්ලි ස්ටීවන් (ස්ටීවි) වුඩ්ස් (Dylan Fitzmaurice Brady.) වැඩි විස්තර කලොත් එලීට ගොඩක් දුරට දෙමාපියන්ගේ අවධානය ලැබෙන්නෙ නෑ. ඒ නිසාම එලී ඉන්නෙ අම්මට හරහට. එලීට අලුත් ගෙදර දුටුමතින්ම තිත්ත වෙනවා. අඩුම තරමෙ තමන්ගෙ යාළුවන් වත් ළඟ නැති නිසා එලී ට පාළු වුණාට මොකද, කවුරුවත් දන්නෑ ඒ අතරමැද එයාට ඇතැම් ළමයි සමාජ මාධ්‍යවල කරපු හිරිහැර, නින්දා අපහාස ගැන.

මුලදි මුලදි දෙමාපියන්ට ඒ ගෙදර ලස්සනට පෙනුණ කැටයම් ආරලු බූරලු අස්සෙන් කාලයත් එක්කම අද්භූත කතාවක් එළි වෙන්න ගන්නවා. කෙළින්ම කිව්වොත්, ගෙදරට ආපු පළවෙනිම දවසෙ රෑ එලීයි ස්ටීවියි ගෙදර තනි වෙනවා මොකද එයාලගේ දෙමව්පියෝ රස්සාවට යන්නේ රෑට නිසා. අක්ක මලෝ දෙන්නට මුල්ලකින් අමුතු සතෙක්ගේ අං කෑල්ලකුයි පරණ ග්‍රැමපෝන් එකකුයි හම්බ වෙනවා. කම්මැළි කමටත් වගේ දෙන්නා ඒක වයින් කරල අහන්න ගන්නවා. ඒකෙන් මහ ගුප්ත ගණිත සමීකරණයක් උච්චාරණය කරනවා. මට නං පොඩි මෙව්වා එකක් ආවා ඒකෙ භින්න භාග, අවකලනය වගේ කෑලිවල කලවං මැල්ලුමක් ඇහෙද්දි. එතනින් පස්සේ එකේ ඉදන් ඉස්සරහට ගණිනවා… දෙක, තුන, හතර… හැබැයි මොකක්හරි හේතුවකට ඒ සමීකරණය කියවෙද්දි ගෙදර අමුතු අමුතු වෙනස්කම් වෙන්න පටන්ගන්නවා, ගෙදර ලයිට් එළි ගැස්සුනා, ගෙදර බිම් මහලෙන් දූවිලි පිටවෙන්න ගත්තා, ඔය වගේ එක එක Cliché කෑලි.

ටික වෙලාවකට පස්සෙ ආපහු මුළු ගෙදරම විදුලිය ඇණහිටිනවා බිම් මහලේ ඇතිවෙන මොකක්දෝ දෝෂයක් උඩ, (නැතුව මේ අයර්ලන්තෙට අපේ වගේ ඩීසල්-පෙට්‍රල් ඌනතා නෑ. Fun Fact! එහෙ බලශක්තියෙන් 42%ක් ම නිපදවෙන්නෙ පුනර්ජනනීය ප්‍රභව වලින්. ඉන් 86%ක් සුළං බලය, ඉතිරි 14% ජලවිදුලිය සහ ජෛව ස්කන්ධ. සුළං බලයෙන් විතරක්ම 180MWකට වඩා මුදාහරිනවා. ඒ වගේම එයාලගේ කාබන්ඩයොක්සයිඩ් විමෝචනයත් දිගින් දිගටම පහළ බහිනවා! ලංවිම නං මොකෝ, හුළඟ, ඉර වගේ ඒවයින් අපේ උන්ට කොමිස් නෑනෙ, ඉතිං තෙල්ම පුච්චනව. ගොන් යක්කු!) කොහොමහරි අම්මට කෝල් කරලා වෙච්ච දේ කියපු එලීට සිද්ද වෙනවා ගෙදර බ්‍රේකර් පෙට්ටිය හොයන් යන්න. කරුමෙටම වගේ ඒක තියෙන්නෙත් බිම් මහලෙ- ගෙදර අද්භූතම තැන. එලී බිරාන්ත වෙනවා. අම්මා එයාව සනසනවා. අම්මා කියනවා හිත බයෙන් නිදහස් කරගන්න එකේ ඉඳන් දහයට ගණින්න කියනවා. බිම් මහලට බහින්න පඩි දහයයි තියෙන්නෙ. අන්තිමට ෆෝන් ලයින් එකේ ඉන්න අම්මගෙම කීමටත් වගේ එයා පඩිපෙළ බහිනවා. පඩියෙන් පඩිය, අඩියෙන් අඩිය බයෙන් ගැහි ගැහී ගැණ ගැණ… එක… දෙක… තුන… හතර… පහ… හය… හත… අට… නමය… තව එකයි… නැහැ… එලී ඇදගෙන වැටෙනවා. ඒත්… ආයෙ ගණිනවා. දහය... හරි… ඉවරයි…ද?

නැහැ…

එකොළහ… දොළහ… දහතුන…

Brendan Muldowney ගේ අධ්‍යක්ෂණයෙන් වර්ණවත් වෙන මේ චිත්‍රපටයේ කතාවස්තුව ලියැවෙන්නෙත් ඔහු අතින්මයි. උණු උණුවේ 2022 අප්‍රේල් 15 වෙනිදා රිලීස් වුණාට මොකද, මේ චිත්‍රපටය 2004 වසරේදී ඔහුගේම අතින් නිෂ්පාදනය කෙරුණු “The Ten Steps” කියන කෙටි චිත්‍රපටය ඇසුරින් නිර්මාණය කෙරුණු එකක් බවටත් කියවෙනවා. මිනිත්තු 94ක කාලයක් තුළ කුතුහලය නොඅඩුව උපදවන්න සමත්වෙන මේ සිනමාපටය වෙත ප්‍රේක්ෂකයින් දක්වන්නෙ තරමක් මැදහත් ප්‍රතිචාරයක්. IMDb දර්ශකයේ ප්‍රතිචාර 2700කට ආසන්න ප්‍රමාණයකින් මධ්‍යන්‍යය වශයෙන් ලකුණු 5.3කුත්, Rotten Tomatoes වෙබ් අඩවියෙන් 31%-39% අතර ලකුණකුත් හිමිකර ගන්න මේ සලරුව සමත් වෙලා තියෙනවා. හොඳම කොලිටියෙන් ෆිල්ම් බාගන්න එදත් අදත් මගෙ ප්‍රියතම සයිට් එක වෙන YTS.AM අඩවියේ කරක් ගහපු වෙලාවක තමයි මේ ෆිල්ම් එක මට බාගන්න ලැබුණේ. ආත්ම වර්ණනයක් නෙමෙයි, පළපුරුද්ද නිසා දවස් දෙකක් තරම් සුළු කාලයක් ඇතුළත මට මේ සබ් එක නිමකරන්න පුළුවන් වීම ගැන හරිම අහිංසක සතුටක් තියෙන්නෙ.

අවසානයට මං මේක අවස්ථාවක් කරගන්නවා ස්තුතිය ප්‍රකාශ කරන්න, බයිස්කෝප් අඩවියට දායක වෙන්න මට අවස්ථාව ලබා දුන්නු, මට හයියක් වුණු, ලශේන් ද මෙල්, ෂාන් විමුක්ති සහ සිසිල ප්‍රසාද් සොහොයුරන්ට. ජයවේවා!

අනික් පැත්තෙන් “උඹ දැනගනිං ඔය කම්පියුටරෙන් කවදහරි උඹ විනාසවෙනවා” යනුවෙන් මාව දිරිගන්වපු මගේ අම්මටත්, සබ් එකේ වැඩ බාගෙට නතරවෙච්ච වෙලාවක කම්පියුටරේ හරස්වෙන්න පුටුවක් දාන් ආතල් එකේ මීම්ස් බලපු මගෙ එකම නංගිටත්, නිවාඩු කාලෙ සැනසිල්ලෙ ඉන්න හදාගත්තු මගෙ හිත අමු අමුවෙ මරාදාපු 2021(22) ඒලෙවල් විභාගයට සහ ඒ පසුපස හිටපු නාකි අධ්‍යාපනඥයෝ රොත්තටයි, හරිහමන් යූටියුබර් කෙනෙක් විදිහට මූණ දෙන්න හිතන් හදාගන්න හිටපු මගේ පුංචි අනාගත හෝම් ස්ටුඩියෝ එක ලත් තැනම ලොප් කරපු අපේ කෙහෙම්මල් ආර්ථිකයටයි, අවසන් වශයෙන් මුළු රටම ගසාකාලා අගාධයකට වැටෙන්න ඇරපු දේශපාලනඥ වස්සො ටිකටයිත් මෛත්‍රී සහගතව ස්තුතිවන්ත වෙනව. වෛරයෙන් වෛරය නොසන්සිදේ නෙ. ඉතිං… ආපහු දවසක හම්බ වෙමු, මං යනව පහළට.

මං කොහෙන්ද නැවැත්තුවෙ… ම්…

දාහතර… පහළව… දාසය… දාහත… දහ අට… දහනමය… විස්ස…

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,543 downloadsDownload The.Cellar.2022.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ දුවිඳු තරින්ද පෙරේරා” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-04-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

විතානගේ දුවිඳු තරින්ද පෙරේරා

Subtitles

4,543 downloadsDownload Subtitles31 KB

25 comments

  1. Anonymous

    පල්හෑලි නොගහා කතාව පොඩ්ඩක් විස්තර කරා නම් ඉවර නෙහ්

    1. හිෂාන් සමරසිංහ

      He He... උඹට ඌ කියපු එක තේරුණේ නෑ කියලා, උට බණින්න එපා... ඌ කියපු ඒවත් එක්ක මට නම් film එක බලන්න හිතුණා...

    2. anonymus

      ubl wagy kuhakyo hinda thma bn me ratat mehema une

    3. Anonymous

      ඉතින් උබ බලපන්,අපි අල්ලගත්තැයි

    4. Anonymous

      Me uba kawda

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Request:

    The Bad Guys (2022)

    1. Duwindu Tharinda

      හරි, මං ටොරන්ට් එක ගත්තා.

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. vimukthi

    උපසිරැසියට ස්තූති ! ජය

  5. Anonymous

    බොහොම ස්තුති ලිපියට. කලෙකට පස්සෙ පට්ට ලිපියක්. ඒක නිසාම ෆිල්ම් එක බලනවා.

    1. Duwindu Tharinda

      මට ෂුවර් නෑ ලිපිය සැර වැඩිද කියලා. එහෙම උනානම් සමාවෙන්න...

  6. Anonymous

    Thank you very much. Great writing. Best of luck from a former Mora Engineer who loves Maths and especially real analysis.

    1=1'
    1+0=1+0 ;)

    1. Duwindu Tharinda

      Ammo, mora nemei mn ICBT.
      Mora yanna nm chance ekak mata na, antha asaranai.

  7. Lakmal

    Thanks for the sub!!!

    1. Duwindu Tharinda

      Happy to help y'all!

  8. Sci-fi Pissa

    mewata try karanna ස්තුති
    1 Star Trek: Strange New Worlds
    2 Star Trek: Picard
    3 Kung Fu
    4 NCIS
    5 All American: Homecoming
    6 S.W.A.T.
    7 Outlander
    8 The Man Who Fell to Earth
    9 Billy the Kid
    10 Slow Horses
    11 Tokyo Vice
    12 FBI: International
    13 Chicago P.D.
    14 Doctor Who
    15 Snowpiercer
    16 Raised by Wolves

    1. Duwindu Tharinda

      සීරීස් නං අමාරු⁣යි ස⁣හෝ. ☹️ මගෙ සෙම් එකත් ළඟ එනවා...

  9. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  10. indika 75

    thanks..

  11. අපි තමා හොදටම කොරේ හිටං

    Athal Porak

  12. Bandula

    Thanks for sub

  13. Dewadithya

    Thanks for Sub!

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Duwindu_Tharinda_12GPM

    2. Duwindu_Tharinda_12GPM

      ...