Watch Trailer

K.G.F : Chapter 2 (2022) Sinhala Subtitles | සැඟවුණු රහසක දෙවන පරිච්ඡේදය…! [සිංහල උපසිරසි]

ලේ වලින් ලියවුනු කතාවක්… තීන්ත වලින් ලියල ඉස්සරහට අරන් යන්න බැහැ. ඉස්සරහට ගෙනියන්න ඕනනම්, ආයේ ලේ හලලම ලියන්න වෙනවා! 2018 දෙසැම්බර් 18 කියන්නේ ඉන්දියානු සිනමාවේ පෙරළිකාර දිනයක්. එදින ඉන්දියානු සිනමාවේ නිකුත් වුනු චිත්‍රපට ලැයිස්තුව ගත්තොත් හරිම විශේෂයි. එයින් K.G.F. Chapter 1 (2018) කියන්නේ භාෂා/ප්‍…

ලේ වලින් ලියවුනු කතාවක්…
තීන්ත වලින් ලියල ඉස්සරහට අරන් යන්න බැහැ.
ඉස්සරහට ගෙනියන්න ඕනනම්,
ආයේ ලේ හලලම ලියන්න වෙනවා!

2018 දෙසැම්බර් 18 කියන්නේ ඉන්දියානු සිනමාවේ පෙරළිකාර දිනයක්. එදින ඉන්දියානු සිනමාවේ නිකුත් වුනු චිත්‍රපට ලැයිස්තුව ගත්තොත් හරිම විශේෂයි. එයින් K.G.F. Chapter 1 (2018) කියන්නේ භාෂා/ප්‍රාන්ත/දේශ සීමාවන් අභිබවමින් ලොවපුරා අතිශය ජනප්‍රියත්වයට පත් චිත්‍රපටයක්. K.G.F හි ආගමනය කන්නඩ සිනමාවේ පෙරලිකාර පරිච්ඡේදයක් ලෙසින් නම් කල හැකියි. හින්දි. දෙමල, තෙලිගු, කන්නඩ, මලයාලම් වගේ හැම භාෂාවකින්ම ලොවපුරා එකවර තිරගත වුනු කන්නඩ සිනමාවෙන් බිහි වූ අතිදක්ෂ අධ්‍යක්ෂක ප්‍රශාන්ත් නීල්ගේ අධ්‍යක්ෂණයෙන් යුත් කේ.ජී.එෆ්. චිත්‍රපටය එම හැම භාශාවකින්ම අති සාර්ථකත්වයක් ලබමින් බ්ලොක්බස්ටර් චිත්‍රපටයක් ලෙස ලොවපුරා ආදායම ඉන්දියානු රුපියල් කෝටි 250කට අධික වාර්තාගත ආදායමක් උපයාගනිමින් බොක්ස්ඔෆිස් වාර්තා අලුත් කරන්නට සමත් වූවා. K.G.F: Chapter 1 තවමත් නොබලපු කෙනෙක් සිටීනම් වහාම K.G.F: Chapter 1 වෙත පිවිස වහාම එය නරඹන්න. බලපු අයට මතක ඇතිනේ චිත්‍රපටය නතර වුනු තැන. දෙවැන්න එතැන් සිට…

K.G.F: Chapter 1 හි අවසානයේ පොරොන්දු වූ පරිදි චිත්‍රපටයේ දෙවැනි පරිච්ඡේදයක් හැදෙනවා. තවමත් අපි දන්නෙ කතාවෙන් බාගයයි. එතැන් සිට වසර හතරකට ආසන්න කාලයක් ගත වෙනවා එහි දෙවැන්න අප ඉදිරියේ දිග හැරෙන්නට. 2019 සිට රූගත කිරීම් වැඩ කටයුතු ඇරඹු KGF දෙවන චිත්‍රපටය ඉතිහාසගත වන්නේ කන්නඩ සිනමාවේ වැඩිම වියදමක් (ඉන්දියානු රුපියල් කෝටි 100ක්) වැයකර තැනු චිත්‍රපටය ලෙසයි. කොවිඩ් වසංගතය හේතුවෙන් වරින් වර රූගත කිරීම් නතර කරන්නට සිදු වූවත් සියලු බාධක පසු කර පෙර සිටම නිවේදනය කර තිබූ පරිදි 2022 වසරේ අප්‍රේල් 14 වන දින කන්නඩ, හින්දි. දෙමල, තෙලිගු, මලයාලම් යන භාෂා පහෙන් ලොවපුරා රිදී තිර දස දහසකට අධික ප්‍රමාණයක තිරගතවීම ආරම්භ කරනු ලැබුවා.

කන්නඩ සිනමාවේ සුපිරි නළු Yash සහ සුරූපී ශ්‍රීනිධි ෂෙට්ටි පලමුවැන්නේ මෙන්ම රොකී සහ රීනා ලෙසින්ද සුපුරුදු ලෙසින් පළමු චිත්‍රපටයේ පරිදි Archana Jois, Achyuth Kumar, Malavika Avinash, B. S. Avinash, T. S. Nagabharana, Ayyappa P. Sharma විසින් සහය චරිත සඳහා එක්ව තිබෙනවා. නමුත් විශේෂ කාරණාව නම් බොලිවුඩ් නළු සංජේ දත් සහ රවීනා තන්ඩන් මෙන්ම ප්‍රවීණ නළුවන් වන රාවෝ රමේෂ් සහ ප්‍රකාශ් රාජ් KGF දෙවන චිත්‍රපටය සඳහා විශේෂයෙන් රංගනයට එක්කර ගනු ලැබ තිබීමයි. ඔවුන් සිව් දෙනා KGF2 මෙම චිත්‍රපටයේ අතිශය වැදගත්ම චරිත කිහිපයකට පණ පොවනු ලබන බව පැවසිය යුතුමයි. ප්‍රශාන්ත් නීල්ගේ අධ්‍යක්ෂණයෙන් සහ Hombale Films නිෂ්පාදනයෙන් නිමවුණු KGF දෙවැන්නේ අනෙක් සියලු දෙපාර්තමේන්තු සියල්ලද පළමු චිත්‍රපටයේ කන්ඩායමම සිදුකර තිබෙනවා. කැමරාකරණය Bhuvan Gowda, සංගීතය Ravi Basrur සහ සටන් අධ්‍යක්ෂක Anbariv ගේ අතින් සිදු වූ අතර ඔවුන්ගේ කාර්යයන් මෙහිදී කැපී පෙනන වටිනාකමක් චිත්‍රපටය වෙත එක් කරනවා.

පලවෙනි චිත්‍රපටය නතර වෙන තැන මතක ඇතිනේ. වචන කීපයකින් චිත්‍රපටය සාරාංශ කලොත්, ජීවත් වෙන කාලේ ජීවත් වෙන්නේ කොහොමද කියලා නොදන්නවා උනත්, මැරෙනකොට පොහොසතෙක් වගේ මැරෙනවා කියලා තම අවසන් හුස්ම හෙලන මවට පොරොන්දු වෙන රජා ක්‍රිෂ්ණප්පා බේරීයා නොහොත් රොකී කොලු ගැටයා එම පොරොන්දුව අරමුණ කරගෙන යන තමන්ගේ ගමන් මගේ එක සන්ධිස්ථානයක් KGF රන් පතල. KGF හි ආධිපත්‍යය පතුරවාගෙන සිටින ගරුඩා ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව මත, ඇතුල් වන පිට කෙනෙකුට යලි පණපිටින් පැමිණිය නොහැකි යැයි විරුදාවලිය ලත් KGF වෙත ඇතුළු වී එහි ඒකාධිපතියා වූ ගරුඩාව එක කඩු පහරින් ඝාතනය කර එහි වහලුන්ව සිටි මිනිසුන්ගේ රැකවලා බවට පත් වනවා. පුදුමය සහ කුතුහලය අහස උසට නංවමින් තිගැස්සෙන විරාමයකින් අවසන් වූ KGF පළමු චිත්‍රපටය ඉතිරි කල කුතුහලයද සමගින් ඇරඹෙන KGF දෙවන චිත්‍රපටය හරියටම පටන් ගන්නේ ගරුඩා මැරූ රාත්‍රියට පසු දින සිටය. පළමු චිත්‍රපටයට නොදෙවෙනි සිනමා අද්දැකීමක් යලිත් ලබා ගැනීමට මෙතැන් සිට ආරාධනා කර සිටින අතර. පළමු චිත්‍රපටයට වඩා ගොඩක් තැන් වලින් මෙම චිත්‍රපටය ඉස්සරහින් කියලත් මතක් කරන්න කැමතියි.

– රූගත කිරීම් අවසන් කල දිනයේ ඡායාරූපයක් –

ඒ අනුව දිගු නිහැඬියාවකට පසුව පසුගිය අප්‍රේල් 14වනදා තිරගතවීම KGF Chapter2 චිත්‍රපටය තිරගත වීම ඇරඹෙමින් ඉන්දීය බොක්ස්ඔෆීය කුණාටුවක් මෙන් තම අණසකට යටත්කරගත් අතර පළමු සතියේ ප්‍රාන්ත රැසක වසර කිහිපයක් තිස්සේ නොබිඳී තිබුණු බොක්ස් ඔෆිස් වාර්තා බිඳවැටුනා.

– උතුරු ඉන්දියාව ( හින්දි ) –

KGF පළමු දිනය ආරම්භකරන්නේ WAR චිත්‍රපටයට හිමිව තිබූ හින්දි භාශාවෙන් පළමු දින වැඩිම ආදායම ලැබූ වාර්තාව බිඳදමමින්. එයින් නොනැවතී වසර 5ක් තිස්සේ කිසිවකුට ලඟාවිය නොහැකිවූ Baahubali2 ( හින්දි ) පළමු සති අන්තයේ සහ පළමු සතියේ ආදායම බිඳදැමීටද KGF2 චිත්‍රපටය සමත්වනවා.

Jersey චිත්‍රපටය KGF2 බලපෑමෙන් බේරීමට සතියකින් චිත්‍රපටය කල්දැමුනත් එය නිශ්ඵල උත්සහයක් වූවා KGF2 දෙවන සති අන්තයේ පවා Jersey පළමු සති අන්තය මෙන් සිව්ගුණයකට වැඩි ආදායමක් ඉපැයීමට හැකිවිය.

හින්දි භාශාවෙන් චිත්‍රපටයක් ලැබූ වැඩිම ආදායම සටහන්ව ඇත්තේ Baahubali2 චිත්‍රපටයේ 510cr net ආදායමයි. දෙවන ස්ථානයේ පසුවූයේ 375cr net ආදායමක් ලබාගත් Dangal චිත්‍රපටයයි. එම ආදායම පසු කර මේ ලිපිය ලියන මොහොත වනවිට KGF2 චිත්‍රපටය දැනට ඉ.රු. කෝටි 400 net සීමාවට ආසන්න වී සිටිනවා ගොස් තිබෙනවා

– කර්නාටක ( කන්නඩ ) –

කන්නඩ සිනමාවේ නිපදවුන දැවැන්තම චිත්‍රපටය වන මෙය අපේක්ශා කළ පරිදිම කර්නාටක ප්‍රාන්තයේ මින් පෙර වැඩිම ආදායම් ලබාතිබූ Baahubali2 සහ KGF1 චිත්‍රපට පසුකර යමින් කර්නාටක ප්‍රාන්තයේ එදාමෙදාතුර වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටය වීමට හැකිවුනා.
කර්නාටක ප්‍රාන්තයේ KGF2 චිත්‍රපටය මේ වන විට කෝටි 160කට අධික ආදායමක් ලබාගෙන ඇති අතර , එයට කෝටි 200කට ආසන්න ආදායමකට ලඟා වෙමින් පවතිනවා.

– අන්ද්‍රා / තෙලංගනා (තෙලිඟු) –

තෙලිඟු ප්‍රාන්තවල තෙලිඟු නොවන චිත්‍රපටයක් ලැබූ වැඩිම ආදායම KGF2 හිමිකරගන්නේ රජිනිකාන්ත්ගේ 2point0 චිත්‍රපටය පහසුවෙන් පසුකරයමින්. KGF2 මේ වන විට කෝටි 140කට අධික ආදායමක් තෙලිඟු ප්‍රාන්ත දෙක තුළින් උපයාගෙන තිබෙනවා.

– කේරල ( මලායලම් ) –

කේරලයේ කුණාටුවක් මෙන් KGF2 පැතිර ගිය අතර පළමු සතිය තුළ මලයාලම් සිනමාවට හිමිව තිබූ වාර්තා රැසක් KGF2 හමුවේ බිඳවැටුනා. කේරලයේ පළමු දින වැඩිම ආදායමක් ලබාතිබූ වසර 6ක් පැරණි මෝහන්ලාල්ගේ Odiyan චිත්‍රපටයට හිමි වර්තාව KGF2 පහසුවෙන් බිඳදමන අතර, මම්මූතිගේ BheeshmaPaarvam චිත්‍රපටයට හිමිව තිබූ පළමු සති අන්තයේ වාර්තාව සහ මෝහන්ලාල්ගේ Lucifer චිත්‍රපටයට හිමව තිබූ පළමු සතියේ වැඩිම ආදායම් ලැබූ වාර්තාව යන සියල්ල KGF2 හමුවේ බිඳවැටුනා. KGF2 මේ වනවිට කේරලයේ කෝටි 50සීමාව පසුකර යන අතර එය සඳහන් වන්නේ කේරලයේ එම සීමාව පසුකර ගිය සිව්වන චිත්‍රපටය ලෙසයි. මින්පෙර මෙම සීමාව පසුකර ගොස් තිබෙන්නේ Baahubali2 සහ මෝහන්ලාල්ගේ Lucifer හා Pulimurugan චිත්‍රපට පමණයි.

– තමිල්නාඩු ( දමිළ ) –

ඉන්දියාවේ අනෙක් ප්‍රාන්තවල නිතරඟයෙන්ම ජයග්‍රහණය කරන KGF2 චිත්‍රපටයට තරඟයක් හිමිවන්නේ තමිල්නාඩු ප්‍රාන්තයෙන් පමණයි ඒ ඊට දිනකට කලින් තිරගතකරන ලද තමිල්නාඩු සුපිරි තරුව තලපති විජේගේ Beast චිත්‍රපටය නිසාවෙන්. දිනයක් ඉදිරියෙන් තිරගත කිරීමත් Red Giants සමාගමේ බෙදාහැරීමේ බලයත් හේතුකොටගෙන පළමු සති අන්තයේ දින පහ තුළ තමිල්නාඩුවේ දැවැන්ත ආදායමකට ලඟාවීමට Beastහට හැකිවනවා. දින 4ක් පුරා සිනමාශාලා වෙන්කරගැනීමට සටන්කිරීමෙන් පසු සඳුදා එනම් පස්වන දිනයේ
Beast අභිභවා දිනපතා ආදායම් රැස්කරගැනීමට KGF2 චිත්‍රපටයට හැකිවනවා. RedGiants සමාගමට තවදුරටත් සිනමාශාලා Beast වෙත රඳවාතබාගැනීමට අපහසුවන අතර එකින් එක සිනමාශාලා KGF2 තිරගතකිරීමට පටන්ගැන්නෙනවා. පසුගිය සති අන්තයේ පමණක් තමිල්නාඩුවේ KGF2 ලබාගත් ආදායම් Beast මෙන් තුන් ගුණයකින් වැඩිවීම විශේෂයි.

– Overseas –

කන්නඩ සිනමාවට එතරම් ශක්තිමත් විදේශ වෙළඳපොළක් නැතිමුත් හින්දි , තෙලිඟු , දමිළ සහ මලයාලම් විදේශගත ඩයස්පෝරාවගේ සහය මත කෝටි 165කට ( $21.5M) අධික විදේශ ආදායමකට ලඟාවීමට චිත්‍රපටයට හැකිව තිබෙනවා. විශේෂයෙන් රාමසාන් උපවාස කාලය තුළදී පවා $5.5M + ආදායමක් ගල්ෆ් කලාපයෙන් චිත්‍රපටය උපයා ඇති අතර උතුරු ඇමරිකාවේ $6.5M + ආදායමක් උපයා තිබෙනවා. කැපීපෙනන කාරණය වුනේ දමිළ චිත්‍රපටවලට ප්‍රධාන වෙළඳපොළක් හිමි සිංගප්පූරුව , මැලේසියාව සහ ශ්‍රී ලංකාව වැනි රටවලපවා Beast චිත්‍රපටය අභිභවා යාමට KGF2 හට හැකිවීමයි. විජේ වර්තමානය වන විට දමිළ සිනමාවේ වැඩිම විදේශ වෙළඳපොළක් ඇති නලුවා ලෙස සැලකෙනවා. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ තත්වය පවා සැලකීමේදී විජේගේ චිත්‍රපටයක් කුමන තත්වයක් යටතේ වුවත් දින 50ක්හෝ තිරගතවනබව සැවොම දන්නා දෙයක්. නමුත් සැවොම පුදුමයට පත්කරමින් ලංකාවේ බොහෝ සිනමාශාලාවලින් සතියක් යන්නටත් මත්තෙන් Beast චිත්‍රපටය ඉවත්කර KGF2 හට දවසේ සියලුම shows වෙන්කරදී ඇති ආකාරය දැකගන්නට පුලුවන්.

– ලොවපුරා සමස්ත ආදායම –
KGF2 චිත්‍රපටය RRR හා සමාන බොක්ස්ඔෆිස් ආදායමක් පෙන්වුවත් , RRR චිත්‍රපටයෙන් කෝටි 600කට අධික ප්‍රමාණයක් ලබාතිබෙන්නේ තෙලිඟු භාශාවෙනුයි. එම නිසා තෙලිඟු ප්‍රාන්ත සහ දැවැන්ත තෙලිඟු ඩයපෝරාවක් ජීවත්වන උතුරු ඇමරිකාව හැරුනුකොට අනෙක් සියලුම ප්‍රදේශ වල KGF2 චිත්‍රපටය RRR අභිභවා යනු ඇතිබවට අපේක්ශා කෙරෙනවා. මේ වනවිට KGF2 තිරගතවී දින 20ක් ගතවී තිබෙන අතර එය අවසානයේ KGF Chapter 2 චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 1100කට අධික ආදායමක් උපයාගන්නට සමත්ව තිබෙනවා. එය මේ වනවිට ලොවපුරා වැඩිම ආදායමක් ලැබූ ඉන්දීය චිත්‍රපට අතර තුන්වන ස්ථානයේ පසුවන්නේ දංගල් සහ බාහුබලි2 චිත්‍රපටවලට පමණක් දෙවැනි වෙමි. චිත්‍රපටයට ඇතිව ඇති උන්මාදය තවමත් අවසන් වී නොමැති අතර ඉදිරි දිනවලදී එය තවත් ආදායම් උපයාගනු ඇතැයි අපේක්ෂා කල හැකයි.

ඉතින් වසර හතරක් මගබලාසිටි 2022 වසරේ සාර්ථකම ඉන්දියානු චිත්‍රපටය සහ වැඩිම ආදායමක් ඉපයූ, හොඳ පිටපත් නිකුත් වන තුරු ඔබ මගබලාගෙන සිටි KGF චිත්‍රපටය මෙතැන් සිට නරඹන්නට කියා ඔබට ආරාධනා කර සිටිනවා. ලිපිය ලියන්නට සිද්ධ වුනේ හදිසියේ වීම නිසාවෙන් අඩුපාඩු තිබේ නම් සමාව ඉල්ලා සිටිනවා. මුල මැද අග ගැලපෙනු ඇතැයි සිතනවා. කොහොමත් හෝම් පේජ් එකේ KGF තියෙනවා දැක්ක ගමන් කියවිල්ල පැත්තකින් දාලා කෙලින්ම ඩවුන්ලෝඩ් බටන් එක උඩට පනින්න තමයි හැමෝම එන්නේ කියල දන්නවා. බොක්ස් ඔෆිස් විස්තර ලබාදුන් සඳුන් රණතුංග සහෝදරයටත් ස්තුතිය පුද කර සිටිනවා. පැය තුනක ධාවන කාලයක් පුරා ඔබ 2018 දී නතර වුනු කුතුහලයට පිළිතුරු සොයන්න මෙතැන් සිට ආරාධනා කර සිටිනවා. එහෙනම් යන්න අවසරයි. බයිස්කෝප් පවුලේ සහෝදර උපසිරැසිකරුවන් හැමෝමවත් මතක් කරන ගමන් හැමදාම අදහසක් පල කරන සැමට හෘදයාංගම ස්තුතිය පල කර සිටිනවා. ඒ වගේම විවේචනයක්, අගයකිරීමක්, බැනුමක්, දිරිගැන්වීමක්, වැරද්දක්, නිවැරදි කිරීමක් කියන්න තියේනම් අදත් පහල තීරුව විවෘතව තිබෙනවා. ආයෙත් මේ වගේම සොඳුරු බයිස්කෝප් එකක් සමගින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. උපසිරැසිය අරගෙන හොරා වගේ යන් නැතුව අදහසක්ද පලකරගෙන යන්නත් ඉල්ලා සිටින අතර ඒ වගේම එතන කියන්න බැරි දෙයක් තියේ නම් [email protected] ඊමේලයට උනත් ඕනම දෙයක් එවන්න ඔබට හැකියාව තියෙනවා. වැරද්දක් තිබේ නම් ඒවා නිවැරදි කරගන්න අප ඕනම වෙලාවක සූදානම්ව සිටින බවත් සඳහන් කරන්න කැමතියි. ඔබට අප හා සමීප වන්නට තවත් ඉඩකඩ වෙන්ව පවතින තැන් කීපයක්ද පහලින් සඳහන් කරන ගමන් අපි සමුගන්නවා.

ඔබට ජයෙන් ජය…!!!

බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් පිටුව
බයිස්කෝප් සිංහලනේ නිල ෆේස්බුක් එකමුතුව

විශේෂ කාරණාවක් :- චිත්‍රපටය වෙනුවෙන් අද දිනයේ හදිසියේම Line Audio සහිත වීඩියෝ පිටපතක් නිකුත් වූවා. එනම් චිත්‍රපටය නිකුත් වූ විදේශීය සිනමාශාලාවකින් ලබාගත් හොඳ වීඩියෝ පිටපතකට සිනමාශාලාවකින් රෙකෝඩ් කරගත් ශබ්ධය එකතු කර තැනු පිටපතකි. සිනමා ශාලාවේ කෑ ගහන ශබ්ධ තියෙන අවස්ථා වලදී වෙනත් භාෂාවක කොපියකින් එම කොටස Merge කර ඇති අතර සරලව කියනවනම් Line Audio කොපිය යනු මස් කරපු කොපියකි. හදිසි කාරයින්ට නම් මේවා හොඳ නමුත් රස හඳුනන්නෝ නම් HD/Web පිටපත් එනතරු බලා සිටින බව දනිමි. ඉතින් කලින්ම දැනුම් දෙන්නේ පිටපත කැමරා කොපියක් නම් නොවන නමුත් HD පිටපතක් තරම් නම් හොඳ එකක් නොවන බව පැවසිය යුතුයි.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HQ WEB HD සහ Kannada (HQ Line Aud) – HDRip පිටපත් සඳහා අදාළ වේ.

199,146 downloadsDownload KGF-2-2022-WEBHD-Updated.zip150 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-11-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

199,146 downloadsDownload Subtitles150 KB

198 comments

  1. Sitech

    Sonic 2 Sub දාන්න

  2. Lakindu

    ෆිල්ම් බලලා බලලා බාෂා ඔලුවට දාගෙන ඒ ඒ බාෂා වලින්, ෆිල්ම් ආපු ගමන් ලයින් ගහගෙන මේ කරන මහන්සියට උඹට තෑන්ක්ස් බං.. ❤

  3. spider

    gammak thama tharaka ayye sub eka godak godak thaks

  4. Anonymous

    Thanks for sub

  5. Chana

    Good job bro

  6. Sudarshana Pradeep

    උඹ නං යකෙක් බන් සිරාවටම
    ෆිල්ම් එක එනකොටම සබත් දාල
    ගොඩක් ස්තුතියි

  7. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා

  8. චාරුක ලක්ශිත

    ගැම්මක් තමයි...
    සුපිරි...
    එනකම් බලන් හිටියේ...
    යකෙක් බොල...

  9. Nimesh

    Sonic 2 eke sub eka dannako

  10. MGM Razzak

    rrr eketh sub denna sago

  11. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  12. Anonymous

    Sonic 2 one

  13. Pasindu Madumal

    ඒයි පටාන්..,
    වේර ලෙවල් ❤️
    සබට තුති සහෝ ✌

  14. සඳරුවන්

    සිංහල වලට ගොඩක් ස්තූතියි සහෝ....

  15. Kushan

    Sub akta thanks

  16. සඳරුවන්

    සිංහල උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ....

  17. සඳරුවන්

    සිංහල උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ...

  18. Anonymous

    මෙව්ව නම් ඉතින් ඔරිජිනල්ම බලන්න ඕන ෆිල්ම්
    හැබැයි ඔරිජිනල් එනකන් රට මෙහෙමවත් තියෙයිද කියලා තමයි සැක ..

  19. Induwara

    Original eka enda thawa කොච්චර kal yaida

  20. Yashashsri

    Thanks brother thank you very much
    For your time and effort.

  21. Klaus

    Thank you for your hard work mcn.

  22. tharidu16

    copya gana kalin kiwata thanks. hoda 1 enkal innawa.

  23. kavisha

    beast film dannako

  24. Anonymous

    Film hall ekema balanna one film eke pattama feel eka ganna...

  25. Naveen

    උපසිරසියට තුති

  26. Dineth de silva

    Thanks brother

  27. Anonymous

    RRR ekath demu mchnla

  28. bunny

    Thanks buddy

  29. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  30. Rashi Iddamalgoda

    මොනවා නැතත් පොස්ට් එක මරු අකුරක් නෑර කියෙව්වා.. Film බලන්න කලින් මේ වගෙ විස්තරයක් දාන එක ගොඩක් හොදයි.. මොකද Film එකක් නිකන් Download කරලා බලනවට වඩා... දැන ගන්න ගොඩක් දෙවල් තියෙනවා... sub එකට තැන්කස්... ඒ උනත් .. හොද කොපියක් එනකන් බලන්නේ.. නැ.. හොද කොපියක් ආපු ගමන් update එකක් දෙයි කියලා බලා පොරොත්තු වෙනවා... මොන භාෂාව තිබ්බත් වැඩක් නැ.. orginal භාෂාව තියෙන හොද කොලිටි එකක් නැතුව වැඩක් නැ.. හදිසි කාරයන්ට බැලුව කියලා කියන්න හොදා ඉතින්.. රස දන්නො ඉවසන් සිටි... ⁣බුදු සරණයි ... මේ කරන කර්තව්‍යයට... ආනාගතය සුබ වේවා...සහොදරයා ...

    1. Anonymous

      aniwa bn

  31. dulan

    ස්තුතිය !

  32. Hashan

    Thnx for the sub bro!!

  33. Chinthaka

    පිස්සුවෙන් වගේ බලපු තවත් ස්ටෝරියක් තමා අප්පා කේ ජී එෆ් කියන්නෙ. හින්දි වගේ සීනබෝල වගේ නෙවෙයි දකුණෙ උන්ගෙ කතා... තැන්කු... සබට මට හින්දි ඩබ් කරපු එකක් හම්බුනා ඒකට සබ් එක ගැලපෙයි කියා සිතමි. අවු 4ක් බලන් හිටියා මේක එනකම්... ඔන්න දැන් අවස්තාව..

  34. Buddhika laKMal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
    හොද කොපියක් ආපු ගමන්ම අප්ඩේට් එක දෙන්න මචෝ.. ..

  35. Anonymous

    Web copy apuwma update krmu

  36. Asanka

    thakq brother

  37. රංග

    BEAST sub plz

  38. Vidu

    සුපිරි වැඩක් තාරක සහෝ
    ඔරිජිනල් කොපියත් ආපු ගමන් අප්ඩේට් එකක් ඕන

  39. A2Z

    supiriyak thamai. adu padu na lipiyeth bidakwath. sthuthi saho

  40. Anonymous

    අනේ හොද ,hd එකක් එනකම්ම බලා ඉන්නෝ සහෝ. කවදා එයිද.

    1. LS

      මැයි 27 රිලීස් වෙනවා.

    2. Anonymous

      thanks buddy

    3. Anonymous

      shuar da kawda kynne

  41. Niluka

    Thanks saho✌️

  42. Neo

    Thanks brother
    Keep it up

  43. Anonymous

    මේක නම් පිස්සුවක් බන් ..//

  44. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  45. Samith

    Thanks brother

  46. Anonymous

    එලකිරි සුපිරිකිරි

  47. oshanda

    thanks sahoo

    1. සච්ත්‍ර නිර්මාණ

      Oshanda oyth sinhala subtitles niymtma krnwa .. baiscopelk wenuwen subtitles krna oktma godk ස්තුතිය

    2. සච්ත්‍ර නිර්මාණ

      Oshanda mn dekla thiynwa godk filem walta oyth subtitles krnwa ..oktma godk ස්තුතිය

  48. teeshan

    april 14 idn hamadawskma awith baluwa dalada kiyla meka.ammo dan nm patta sathutui. thnx baiscope

  49. Deshan

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
    ජය වේවා!!!

  50. Arx

    thanks

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.