ඒ 1963 වසරේ හැලෝවීන රාත්‍රියයි.. ජුඩිත් හිටියේ කාමරේට වෙලා ඔලුව පීර පීර. ජුඩිත්ගේ මල්ලි, අවුරුදු 6ක් වයස මයිකල් හෙමින් හෙමින් ජුඩිත්ගේ කාමරේට ආවා. ජුඩිත් හැරිලා බැලුවා, මොනවත් හිතාගන්න කලින් මයිකල් ජුඩිත්ට පිහියකින් කොටාගෙන කොටාගෙන ගියා.. ඒ 1978 හැලෝවීනයට කලින් දවසයි. අවුරුදු 15කට පස්සේ, මයිකල් හිර…

ඒ 1963 වසරේ හැලෝවීන රාත්‍රියයි..
ජුඩිත් හිටියේ කාමරේට වෙලා ඔලුව පීර පීර.
ජුඩිත්ගේ මල්ලි, අවුරුදු 6ක් වයස මයිකල් හෙමින් හෙමින් ජුඩිත්ගේ කාමරේට ආවා.
ජුඩිත් හැරිලා බැලුවා,
මොනවත් හිතාගන්න කලින් මයිකල් ජුඩිත්ට පිහියකින් කොටාගෙන කොටාගෙන ගියා..
ඒ 1978 හැලෝවීනයට කලින් දවසයි.
අවුරුදු 15කට පස්සේ,
මයිකල් හිරෙන් පැනලා එනවා.
මිනිහට හරියට ලේ තිබහයි.
හැලෝවීන දවසේ, මයිකල් අලුත් ගොදුරක් හොයනවා.
ලෝරා..
කවුදෝ පස්සෙන් එනවා වගේ ඇයට දැනෙනවා.
කවුදෝ ළඟින් හුස්ම ගන්නවා වගේ ඇයට දැනෙනවා.
රෑ උනා, දඩයම පටන් ගත්තා.
හැලෝවීනය ලේ වලින් නෑවිලා ගියා.
ලෝරාගේ යාළුවො එක එකාව කපලා මරලා තිබ්බා
ඒත් ලෝරා සටන් කරා, ජීවිතේ වෙනුවෙන් සටන් කරා
අන්තිමට ඇය දින්නා.
මයිකල් පැරදුනා.
ඒත් ඌ අතුරුදහන් වෙලා.
අවුරුදු 40කට පස්සේ,
මේ 2018 අවුරුද්ද.. හැලෝවීනයට තියෙන්නේ දින කීපයයි.
ලෝරා දැන් වයසයි,
හුදෙකලාව ජීවත් වෙන්නේ..
ඇයට දැනෙනවා කවුදෝ පස්සෙන් එනවා වගේ..
ඇයට දැනෙනවා කවුදෝ ළඟින් හුස්ම ගන්නවා වගේ…!!.
වසර 40ක් පුරා විටින් විට අපි හමුවට ඇවිත් භීතියෙන් ඇඟ කිලිපොවලා යන Halloween චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටය එහෙමත් නැත්තම් 11වෙනි දිගුව තමයි මේ අරන් එන්නේ. හොරර් ගණයේ චිත්‍රපටියකට ගන්න පුළුවන් හොඳටම ප්‍රමාණවත් අගයක් විදිහට IMDb මීටරය 7කට කැරකිලා තියෙන ඒකෙන් හිතාගත්තහැකිනේ චිත්‍රපටියේ තරම. ඒ වගේම චිත්‍රපටි 11 පුරාවටම වැඩිම ආදායමක් උපයලා තියෙන්නෙත් මෙන්න මේකම තමා. දැන් හිතනවා ඇති, දෙයියනේ මේක බලන්න අර කලින් චිත්‍රපටි 10ම බලලා ඉන්න ඕනද කියලා. කොහොමත් නෑ. මේක කෙලින්ම සම්බන්ධ වෙන්නේ 01 වෙනි චිත්‍රපටියට. එතනින් අවුරුදු 40කට පස්සේ යන කතාව තමා මේ තියෙන්නේ. ඕනම නම් ඒක බලලා මේක බලන්නත් පුළුවන්. නැත්තම් මේක විතරක් බලන්නත් පුළුවන්, රසයට කිසිම අවුලක් වෙන්නේ නෑ සහතිකයි. පුළුවන් නම් 11ම බලන්න, අපරාධයක් නම් වෙන්නේ නෑ.
ඔව් ඔව්, මේක මම කරන්න හිටපු එකක් නම් නෙමේ. අඩවියේ මේක වෙනුවෙන් ඡන්දයක් තිබිලා, අපේ නිලුපුල් සහෝදරයා උඩින්ම දින්නත් එක්කනේ. ඉතින් එයා කරන්න තිබ්බ එක තමා, එතුමට වලක්වන්න බැරි රාජකාරි කටයුත්තක්ය කියලා හසන්ත සහෝදරයා මට සෙට් කරලා දුන්නේ. ඉතින් දෙන්නටම මේ වෙලාවේ ස්තුතිය පුද කර සිටිනවා ඒ වෙනුවෙන්. ඒ වගේම විශේෂ ස්තුතියක් පුද කරන්න ඕන බුද්ධික නුවන් සහෝදරයට. ඒ මොකද එයා තමා කලින් Halloween චිත්‍රපටි සියල්ලටම උපසිරැසි ගැන්වුවේ. කවුරුත් කරන්න තියා හිතන්නේවත් නැති වැඩක්. ඉතින් එයා නිසා අද ඕන නම් ඔයාලට ඒ චිත්‍රපටි ටික සිංහලෙන්ම බලලා මෙතනට එන්න පුළුවන්. ඒ කර්තව්‍යයට එතුමන්ට ප්‍රණාමය පුද කරන ගමන් සමුගන්නම්.
Halloween (1978) : ශාපයක ඇරඹුම
Halloween II (1981) : අවසානයක ඇරඹුම
Halloween III: Season of the Witch (1982) : ව්‍යසනයක් හා විහිළුවක්
Halloween 4: The Return of Michael Myers (1988) : ශාපයේ දෙවන අදියර
Halloween 5: The Revenge of Michael Myers (1989) : ජේමිගේ වියරුව
Halloween: The Curse of Michael Myers (1995) : ජේමිගේ ඉරණම
Halloween H20: 20 Years Later (1998) : විසිවසකට පසු
Halloween: Resurrection (2002) : මළවුන්ගේ නැගිටීම
Halloween (2007)
Halloween II (2009)
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
14,280 downloadsDownload Halloween-2018-WEB.zip42 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
67 comments
IndunilN
emosh_
හම්මෝ බලාගෙන හිටියෙ එනකම් Thank ඇ
dulitha hashan
Thankz aa sub ekata. දිගටම කරමු.. ජය වේවා...
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති මයුර සහෝ උපසිරසට..හම්මේ ඉතිං BR එනකම් ඉවසන එක තමා කොරන්න බැරි. හෝරර් එකකට IMDB මීටරේ 7ක් කැරකුනා කියන එකම ඇති මේක බලන්න..අර කිව්වත් වගේ අනිත් ෆිල්ම් ටිකත් බලන්න ඕනි. පලවෙනි එක විතරේ බලලා තියෙන්නේ..BR එකක් ආවාම අප්ඩේට් එකක් දෙමු..ජය වේවා! බුදුසරණයි..!
charith wijekoon
Thanks. .! Bro Enakan balan Hitiye. "keep it up" jaya.....
Thilankadissanayake
imdb එක 7 කට කැරකුනා කිය්න්නෙ ඉතින් කොරවෙලාම යන හොරර් එකක් කියන එකනෙ. ස්තූතියි සහෝ . Good luck !
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.......!
කවිශල් රසින්ත (කවී)
බොහොම ස්තූතියි මයුර අයියේ සබ් එකට. ජය වේවා...!!
gihan perera
ස්තුතියි සහෝ...ජය වෙිවා....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...
Tharaka
THANKS..................................
Hashan M. Priyadarshana
Thank you wewa broo
Ravindu Dananjaya
Thankx bro budu saranai
යුරාන් ධනුක
උපසිරැසියට බොහෝම ස්තූතියි මයුර සහෝ...
එනකම බලාගෙන හිටපු එකක් තමයි ..
ජය...!!! :Dsudath0104
Thanks ...
Lakshansilva18
අම්බො.. උපසිරසි එනකන් ඉවසිල්ලක් නතුව හිටියෙ බොහොම ස්තුති උපසිරසියට
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
AsithaDilruwan
Okkoma balala tye
mekath balanm bluray awama
ela saho thankshansani_sangeeth
thanks for you friend.. I love English movie.. I most like only English movies.. because English movie are just like real technology.. so that thank you very much for this sub..
YASANTHAB
suppa bro
geeganagamage
ගොඩක් ස්තුතියි මේ කරනා වටිනා සේවය වෙනුවෙන් පුලුවන්නම් කවුරුහරි සහෝ කෙනෙක් ඉතුරු ෆිල්ම් දෙකටත් සබ් කරන්න .එතකොට ෆිල්ම් සෙට්එක සම්පුර්නයි .
Mayura
man hithanne e deka parana ewa walama remakes dekak.
Gathsara Umesh
Bhoooom sthuthiui
Kaushal
Jhonny english strike again 2018 තාමත් නැත්තේ ඇයි release වුනේ octomber 5 නෙ?
Ravindu Rukshan
අයියෝ බන් මෙතන කෑ නොගහා පොඩ්ඩක් නෙට් එකේ හොයහං....තාම මොන කොපියක්වත් නැහැ ඒකෙ
Thilankadissanayake
@ kushal
ubta mulagginna nm kohila tikak kapan bn.. Harihaaman copyakwath nethi ewata methna kahinne nethiwa.
darshana100
thanks saho
Kulanjana Maduranga
subata thanks
Chandika Fdo
Ade fatta mn kalinma compy eka downlo karagena hitiye sinhala sub awama balanna fatta hollween 2018 ekata ikmanta sinha sub dunnata thanks salsher hrorr movie walantm ikamnta sub denna
MAALnath
Thanks .........................good luck .......................the zookeeper 2011,now is good 2012 movie valatath sinhala sub denna .............................................
Dinesh Buddika
thanks........
බොබී
මයුර සහෝ ගෙනාවානම් ඉතින් හොඳ ෆිලුමක් තමයි. එහෙනම් මේ කතන්දරයත් බලන්න, කම්පියුටරය ඉස්සරහින් ඈඳිගමුකෝ කට්ටිය. ඔන්න මාත් බෑවා. තවත් සුපිරි කතාවක් අරගෙන ඉක්මනටම එන්න හැකිවේවා.
SAjith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Sumedha Rathnayaka
pattai bro ubanam....jaya..
Amalka Himeshan
Thanks machan sub ekata
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Dushan Tharuka
Thanks for sub
palithadesilva
thank you...
HD9922
Thanx bn
Stranger
thanks
kumara01h
HDRip ekata naddoooooo???
sandharu
Thanks broo
kavie93
Short and sweet...ලස්සන ලිපියක්..ඒ වගේම නිහතමානී කොල්ලෙක්. උපසිරැසිකරණයේ හිනි පෙත්තටම නගින්න සුබ පතනව..උපසිරැසියට ස්තුතියි !
Juanluis
ජයවේවා
Ravindu Rukshan
Thx
ජනිත් මාතුල ද සිල්වා
බොහොම ස්තූතියි සබ් එකට. මේ ෆිල්ම් එක තේරුම් ගන්න අනික් ෆිල්ම් ටිකත් බලන්න ඕනද?????
Mayura
නැහැ. මේක විතරක් බැලුවත් ඇති. ඒත් පුළුවන් නම් පලවෙනි එක ටිකක් බලලා ඉන්න.
Ushan-tharindu
thanks bro
Thilina Jayarathna
pulvnm mevva tath sub denna .
Flight Of The Living Dead (2007)
The Bride (2017)
The Mermaid Lake Of The Dead (2018)
Thirst (Bakjwi ) 2009Sajithlakshan
thanks .....................
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Kaveen Gayath
Thanks for the sub bro
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
පට්ට horror එකක් වගේ....
Bluray එකටත් update කරමු...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තූතියි සහෝ.
ඔන්න ඩවුන්ලෝඩ් කරා එහෙනම්
ඔබට ජය