සුබ දවසක් හැමෝටම. මම අද අරගෙන එන්නෙ 2019 වසරේ නිර්මාණය වුණු ජර්මන් ෆිල්ම් එකක්. Der Fall Collini කියල ජර්මන් භාෂාවෙන් හඳුන්වන මේක ඉංග්‍රීසියෙන් The Collini Case කියල හඳුන්වනවා. මේක Ferdinand von Schirach කියන ලේඛකයා විසින් 2011 දී මේ නමින්ම ලියන ලද, ජර්මනියේ හා තවත් රටවල් කිහිපයක අලෙවි වාර්තා තබපු…

සුබ දවසක් හැමෝටම. මම අද අරගෙන එන්නෙ 2019 වසරේ නිර්මාණය වුණු ජර්මන් ෆිල්ම් එකක්. Der Fall Collini කියල ජර්මන් භාෂාවෙන් හඳුන්වන මේක ඉංග්‍රීසියෙන් The Collini Case කියල හඳුන්වනවා. මේක Ferdinand von Schirach කියන ලේඛකයා විසින් 2011 දී මේ නමින්ම ලියන ලද, ජර්මනියේ හා තවත් රටවල් කිහිපයක අලෙවි වාර්තා තබපු නවකතාව ඇසුරින්, Marco Kreuzpaintner කියන අධ්‍යක්ෂක වරයා විසින් කරපු නිර්මාණයක්.
Elyas M’Barek, Alexandra Maria Lara, Heiner Lauterbach වගේ නළු නිළියන් රංගනයෙන් දායක වුණු Crime, Drama, Thriller වර්ගයේ මේ නිර්මාණයට 7.2 ක IMDB අගයක්, 83% ක කුණු තක්කාලි අගයක්, 90% ක ගූගල් පරිශීලක කැමැත්ත එක්ක ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිවෙලා තියනවා.
ඉතින් මේකෙ තියෙන්නෙ මොන වගේ කතාවක්ද? 2019 නිර්මාණය වුණත් මේකට පසුබිම් වෙන්නේ 2001 වසර. ඒ වගේම ඊටත් අතීත සිදුවීම් මේකෙ බලාගන්න පුළුවන්.
ෂෝන්-බැප්ටිස්ට් මයර් කියන්නේ ජර්මානු රජයෙන් සම්මාන පවා ලබපු, කර්මාන්ත ශාලා හිමි ධනවත් ව්‍යාපාරිකයෙක්. මේ ව්‍යාපාරිකයා හෝටල් කාමරයක් තුළදී ඝාතනයට ලක්වෙනවා. ඝාතනය සිදුකරන ෆැබ්‍රිසියෝ කොලිනි වසර 30 කට වැඩි කාලයක් ජර්මනියේ ජීවත් වුණු, හොඳින් ජර්මන් කතා කරන, ඉතාලි ජාතිකයෙක්.
කැස්පර් ලයිනන් තවමත් ලොකු නඩුවකට කතා නොකරපු තරුණ නීතිඥයෙක්. තවම නීතිඥ විභාගය පාස් වෙලා මාස 3 යි. මයර් ගේ ඝාතනය ගැන කොලිනි අත්අඩංගුවට අරගෙන උසාවියට ඉදිරිපත් කරන අවස්ථාවේ කොලිනි වෙනුවෙන් නීතිඥයෙක් විදියට පෙනී ඉන්න උසාවියෙන් දැනුම් දෙන්නෙ කැස්පර්ට. මේ වෙලාවෙ කැස්පර්, ඉදිරි නඩු විභාගයේදී විත්තියේ නීතිඥයා විදියට කොලිනි වෙනුවෙන් පෙනී ඉන්න කැමතියි කිව්ව නිසා, උසාවියෙන් ඔහුව විත්තියේ නීතිඥයා විදියට පත් කරනවා. එළියට ආවට පස්සෙ තමයි කැස්පර් දැනගන්නෙ ඝාතනයට ලක්වුණු ෂෝන්-බැප්ටිස්ට් මයර් කියන්නේ ඔහු හාන්ස් මයර් නමින් දැනගෙන හිටි කෙනා බව. හාන්ස් මයර් කියන්නේ හරියට කැස්පර්ට තාත්ත කෙනෙක් වගේ. නමේ පටලැවිල්ල නිසා කැස්පර් නඩුවට පෙනී ඉන්න බාර අරගෙන තියෙන්නෙ තමන්ට සෑහෙන උදව් කරපු කෙනෙක්ව මරල දාපු මිනීමරුවා වෙනුවෙන්.
මියගිය හාන්ස් මයර් ගේ පුතා, ලේලිය හා කැස්පර්ගේ හොඳම යාළුවෙක් වුණු මුණුපුරා අවුරුදු 10 කට කලින් අනතුරකින් මියගිහින් නිසා, ව්‍යාපාර බාරගන්න ඉන්න එකම ඤාතියා මිණිපිරිය විතරයි. ඒ ජොහානා මයර්. ඇය එංගලන්තෙ ඉඳල සීයගේ මරණය නිසා ජර්මනියට එනවා. ඒ වගේම කාලෙකට කලින් ඇය සහ කැස්පර් අතරේ සම්බන්ධයකුත් තිබිල තියනවා. කැස්පර් නඩුව බාරගත්ත බව දැනගත්ත ගමන් ඇය කියන්නෙ කොලිනි වෙනුවෙන් පෙනී ඉන්න එපා කියල. ඒත් මේක කැස්පර්ට ලොකු නඩුවක් කියල මුලින්ම ලැබුණු නඩුව නිසා කැස්පර් ඒක අතාරින්නත් කැමැත්තක් නෑ.
නඩුව බාරගත්ත කැස්පර් වැටෙන්නේ ලොකු අවුලක. එක පැත්තකින් මේ පෙනී ඉන්නෙ තමන්ට ගොඩක් උදව් කරපු කෙනාගෙ මිනීමරුවා වෙනුවෙන්. අනිත් පැත්තෙන් පරණ පෙම්වතිය බලපෑම් කරනවා, තමන්ගෙ සීයව මරපු කෙනා වෙනුවෙන් පෙනී ඉන්නෙපා කියල. ඒ වගේම තමයි විත්තිකරු කොලිනි කැස්පර්ට කිසිම දෙයක් කියන්නෙත් නෑ. මයර්ව මැරුවද, නැද්ද? මැරුවා නම් ඇයි මැරුවෙ? මේ ඔක්කොටම කොලිනිගේ උත්තරේ නිහඬ බව විතරයි. වැඩේ තවත් අමාරු කරමින්, පැමිණිල්ල සඳහා රජය වෙනුවෙන් ඉන්න නීතිඥයාට අමතරව ජොහානා විසින් ඇයගේ පැත්තෙන් තව නීතිඥයෙක් ඉදිරිපත් කරනවා. ඒ කැස්පර්ගෙත් ගුරුවරයෙක් වුණු, නීතිය පිළිබඳ විශාරද දැනුමක් තියන, මහාචාර්ය රිචඩ් මටින්ගර්.
ඉතින් කැස්පර් මේ නඩුවට කොහොම මුහුණ දෙයිද? හාන්ස් මයර් තමාට කරපු උදව් ගැන හිතල, පරණ පෙම්වතියගේ ඉල්ලීම සලකලා නඩුවෙන් ඉවත් වෙයිද? නැත්නම් තමන්ගේ සේවාදායකයාගෙන් හරියට සහයෝගයක්වත් නැතුව ප්‍රබල නීතිඥයෙක් එක්ක හැප්පෙයිද? කොලිනි මයර්ව මැරුවද? මැරුවා නම් ඇයි මැරුවෙ?
හරියටම දැනගන්න නම් පැය දෙකක් වෙන් කරගෙන මේ නිර්මාණය රස විඳින්න. මුලින් විනාඩි 45 ක් වගේ මහ ලොකු දෙයක් නෑ වගේ පෙනුනත්, ඊට පස්සෙ එහෙම හිතෙන එකක් නෑ.
එහෙම නම්, ආයෙත් සබ් එකක් අරගෙන එනකම්, බයිස්කෝප් කණ්ඩායම ඇතුළු හැමෝටම වසංගත වලින්, ගංවතුර, නායයෑම් වලින් කරදරයක් නැතිව ආරක්ෂිතව ඉන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
2,925 downloadsDownload The-Collini-Case-2019-AKA-Der-Fall-Collini.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-09-17
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිල්ෂාන් මධුරංග
Subtitles
17 comments
nishitha
ශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
පරණ Horror movies ටිකකට සබ් කරමු.
isuru srinath sjs
බොහොම ස්තුතියි මචෝ සිංහල උපසිරැසියට...
indika75
thanks..
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Shaggy
බොහොම ස්තූතියි..මේ වගේ ඒව ගොඩක් දෙනවනන් හොදයි
Anonymous
Thank you
Neo
Thanks brother
Keep it upමම ඉතින් අරෝෂ
සුපිරි ෆිල්ම් එකක්.නීතිය හරියට ක්‍රියාත්මක වෙනව නම් අපරාධකරුවන් බිහි වෙන්නේ නෑ.නීතිය අතට ගන්න වෙන්නෙත් නෑ.ලොකු ආදර්ශයක් ලබා දෙන කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් පට්ටම ෆිල්ම් එකක්. දිල්ෂාන් මධුරංග සොයුරාට ගොඩක් ස්තූති වන්ත වෙනවා මේ වගේ ෆිල්ම් වලට සබ් දීම සම්බන්ධයෙන් . මේ වගේ කටයුතු කරන්න ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා. තවත් මේ වගේ සුපිරියකට සබ් දෙන්න. හැමෝටම බුදු සරණයි.ජය
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
Nishan
Thanx bro
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
jagath55
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
greenhouse academy eke sinhaala sub dennakooooooooooooooooooooooooooooooooooooooooo