ආයුබෝවන් හැමෝටම.. කොවිඩ් වසංගතය මැද්දේ සංචරණ සීමා හින්දා හැමෝම වගේ ගෙවල් වලට කොටු වෙලා ඇති. පුළුවන් තරම් අපි හැමෝම පරිස්සම් වෙමු. එන්න එන්න තත්වය නරක අතට හැරෙනවා වගේ. අපි පරිස්සම් වුනොත් මුළු රටම පරිස්සම් වෙයි. මේ චිත්‍රපටයේ නව නිපැයුමක් මේ වසරේ තිරගත වෙන්න පටන් ගත්තා. නමුත් මේ තියෙන්නේ පැරණි චිත්…

ආයුබෝවන් හැමෝටම..
කොවිඩ් වසංගතය මැද්දේ සංචරණ සීමා හින්දා හැමෝම වගේ ගෙවල් වලට කොටු වෙලා ඇති. පුළුවන් තරම් අපි හැමෝම පරිස්සම් වෙමු. එන්න එන්න තත්වය නරක අතට හැරෙනවා වගේ. අපි පරිස්සම් වුනොත් මුළු රටම පරිස්සම් වෙයි.
මේ චිත්‍රපටයේ නව නිපැයුමක් මේ වසරේ තිරගත වෙන්න පටන් ගත්තා. නමුත් මේ තියෙන්නේ පැරණි චිත්‍රපටය. හැමදාම වගේ උපසිරසිකරුවන් දිරිමත් කරන ශාමල් සහෝදරයා මේකට උපසිරසි ඉල්ලපු නිසා මටත් මේකට උපසිරසි හදන්න හිතුනා. සිසිල සහෝදරයාගෙන් අවසර ගන්නකොට කිව්වේ මේ දෙකම අඩවියේ පළවුනොත් වැඩේ සම්පූර්ණයි කියලා. මේ මං මේ ආකාරයේ හොරර් ගණයේ චිත්‍රපටයකට උපසිරසි නිර්මාණය කරපු පලවෙනි අවස්ථාවයි. ඒකත් එක අත්දැකීමක්. ඉතින්…
The Unholy (1988)
සරලවම කියනවා නම් ලෝකයේ පවතින සෑම ආගමකම වගේ කියවෙන්නේ පව් කරන්න එපා, දැඩි ආශාවල් පස්සේ පන්නන්න එපා කියලා. යමෙක් යම් දේකට දැඩිව ආශා වෙයිද, ඒ ආශාවන් පසුපස හඹායයිද.. ඔහු අගතියටම පත් වෙනවා. නැත්නම් නිරයේ ඉපදෙනවා කියලා කියනවා. ඒක තමයි ලෝක සොබාවය. හැකි තාක් ආශාවල් අත්හරින කෙලෙස් නසන කෙනා මෙලොවදීත්, එලොවදීත් සුගතියටම පත් වෙනවා…
මයිකල් කියන්නේ තරුණ පූජකවරයෙක්. දිනක් සියදිවි නසාගන්න තැත් කරන අයෙක්ව බේරන්න ගොස් මහල් නිවාසයකින් තට්ටු 17කින් ඔහු බිමට වැටෙනවා. සීරීමක්වත් හෝ තුවලා නොවී ඔහු බේරෙන්නේ හාස්කමකින්. ඉන් අනතුරුව අගරදගුරුතුමා විසින් ඔහුව, වසර තුනක් තිස්සේ වසා දමා ඇති පල්ලියක් භාර දෙමින් ඔහුව එහි පාලකයා කර හරිනවා. ඇත්තටම මේ පල්ලිය ශාපලත් පල්ලියක්. මේ වන විට එහි දේව මෙහයවල් කල පියතුමන්ලා දෙන්නෙක් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නොවිසඳුන අභිරහස් දෙකක් ලෙසයි.
මයිකල් පියතුමාගේ ඉරණම කුමක් වෙයිද….
1988 අප්‍රේල් 22 වනදා සිට තිරගත වීම ආරම්භ කල The Unholy චිත්‍රපටය අධ්‍යක්ෂනය Camilo Vila විසිනි. නිෂ්පාදනය Mathew Hayden විසිනි. චිත්‍රපටයේ රංඟනයෙන් Ben Cross, Ned Beatty, William Russ, Jill Carroll, Hal Holbrook සහ Trevor Howard එකතු වේ.
Vestron Pictures සමාගමේ බෙදාහැරීමක් වන මෙම චිත්‍රපටය විනාඩි 102ක ධාවන කාලයකින් යුක්තය.
චිත්‍රපටය සඳහා IMDb දර්ශකයේ 5.0 ක්, Rotten Tomatoes 33% ක් සහ Google පරිශීලිකයින්ගෙන් 67%ක කැමැත්ත ලැබී ඇත.
එහෙනම් අදට මං ගිහින් එන්නම්. ආපහු දවසක මේ වගේම තවත් චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් එනකන් ඔයාල හැමෝටම නිදුක් නිරෝගී සුව දවසක් වේවා…
~ ජය වේවා ~

![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
5,339 downloadsDownload The.Unholy.1988.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොෂාන් ශමීර ජයසිංහ
Subtitles
12 comments
Kavindu
Buddhika Lakmal
කතා දෙක වෙනස් බං...
ශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
දිගටම පරණ ෆිල්ම් සබ් කරන්න.නොමිලේ ලැබෙන පරණ චිත්‍රපට උපසිරැසි වල වටිනාකම කියලා නිම කරන්න බැහැ. අලුත් ෆිල්ම් හැම සයිට් එකේම වැහි වැහැලා වගේ තියනවා. අලුත් ෆිල්ම් සිය ගණන් අතුරින් පරණ ෆිල්ම් එකක් දකිනකොට කොච්චර සතුටු ද?
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
Priyantha Dayakeerthi
රොෂාන් සමීර ජයසිංහ සොයුර,
ස්තුතියි ඔබට! හැකිනම් ප්‍රංශ, ඉතාලි, තුර්කි, ඉරාන් වැනි රටවල ගලායන කතාවක් සහිත විදෙස් සම්මානලාභී
සිනමපටවලටත් ඉදිරියේදී සිංහල සබ් දෙන්න.Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට...
Dewadithya
Thanks for sub!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Aluth eke kathwmada thynne saho
Poddakwth wenas ndda