ආයුබෝවන්! කාලෙකට පස්සේ අද තමයි බයිස්කෝප් එක පැත්තේ ගොඩවැදුනේ. සුපුරුදු විදිහට අසංක රණතුංග සහෝදරයා තමා මේ චිත්‍රපටිය කරන්න අවසර දුන්නේ. චෙස් ක්‍රීඩාව අපේ රටේ එච්චර ජනප්‍රිය නැති වුනාට, ඇමරිකාව ඇතුළු සෑම යුරෝපිය රටකම චෙස් ඉතාම ජනප්‍රිය ක්‍රීඩාවක්. ඒක කොච්චර ජනප්‍රියද කියනවා නම් රුසියාවේ ජාතික ක්‍රීඩා…

ආයුබෝවන්! කාලෙකට පස්සේ අද තමයි බයිස්කෝප් එක පැත්තේ ගොඩවැදුනේ. සුපුරුදු විදිහට අසංක රණතුංග සහෝදරයා තමා මේ චිත්‍රපටිය කරන්න අවසර දුන්නේ.
චෙස් ක්‍රීඩාව අපේ රටේ එච්චර ජනප්‍රිය නැති වුනාට, ඇමරිකාව ඇතුළු සෑම යුරෝපිය රටකම චෙස් ඉතාම ජනප්‍රිය ක්‍රීඩාවක්. ඒක කොච්චර ජනප්‍රියද කියනවා නම් රුසියාවේ ජාතික ක්‍රීඩාව වෙන්නේ චෙස්. ඉතින් මේ රුසියාවෙන් තමයි ලෝකයේ ගොඩක් චෙස් ශුරයෝ බිහිවෙලා තියෙන්නේ. ඔය වගේ හේතු හින්දා රුසියාව හදුන්වන්නේ ලෝකයේ චෙස් දෙවිවරු කියලා. ඒ හින්දම අනිත් චෙස් ක්‍රීඩකයෝ රුසියන් ක්‍රීඩකයන් එක්ක සෙල්ලම් කරන්න මැලි කමක් දක්වනවා.ඉතින් 1948 දී ආරම්භ වුන රුසියන් චෙස් අධිරාජ්‍ය 1972 ඇරුනාම 2004 වෙනකල් නොකඩවා පැවතුනා. මෙයාලා කොච්චර ප්‍රබලද කියනවා නම් අවසන් පුර්ව වටයට යන තරගකරුවන් 3/4 ක්ම රුසියන් ජාතිකයන් වෙලා තියනවා. මේ වගේ පරිසරයකදී 1943 දී ඇමරිකාවේ චිකාගෝ වලදී තමයි අපේ කතා නායකයා ඉපදෙන්නේ. ඒ Robert James “Bobby” Fischer (රොබට් ජේමිස් “බොබී ” ෆිෂර්) නමින්. බොබී කුඩා කාලේ ඉදලම චෙස් ක්‍රීඩාවට ඇති දක්ෂයෙක් වෙනවා. එම නිසාම එයා කුඩා කාලයකින් මුළු ලෝකය පුරාම ජනප්‍රිය වෙනවා. මේ අතර තමයි ඇමරිකාවයි, සෝවියට් රුසියාව අතර ලෝක බල තුලනය සදහා සිතල යුද්දයක් හටගන්නේ. මේ සිතල යුද්දය මතුපිට මොනවත් නොපෙනුනත් ඇතුලතින් බෙහෙවින් තරගකාරී වුනා. ඒ අතරින් ක්‍රීඩා ක්ෂේත්‍රයත්කැපී පෙනුනා.මේ වගේ පසුබිමක තමා ෆිෂර් ලෝක ශුරතාවය සදහා සුදුසුකම් ලබන්නේ. එයාගේ ප්‍රධාන තරගකරුවා වෙන්නේ චෙස් ලෝකයේ පුරාවෘත්තයක් වෙන රුසියාවේ බොරිස් ස්පැස්කි (Boris Spassky).ඉතින් ගොඩක් කට්ටිය කියන්නේ ෆිෂර්ට කවදාවත් ලෝක ශුරයා වෙන්න බෑ කියලා.මොකද එයා එක්තරා මානසික ආබාදයකින් පෙළෙනවා, එයා කලින් තරග පැරදිලා තියනවා ඔය වගේ හේතු හින්දා. ඉතින් කොහොමහරි මේ දෙන්නගේ තරගමාලාව සදහා ලෝකෙම අවදානය යොමු වෙනවා. ඉතින් ෆිෂර්ට ලෝක ශුරයා වෙන්න පුළුවන් වෙයිද…..
මේ චිත්‍රපටිය 2014 තමා තිරගත කරලා තියෙන්නේ. මේක අධයක්ෂණය කරලා තියෙන්නේ The Last Samurai (2003),Defiance (2008),Jack Reacher: Never Go Back (2016) කියන චිත්‍රපටි අධ්‍යක්ෂණය කරපු Edward Zwick කියන අධ්‍යක්ෂකවරයා. මේකේ බොබී ෆිෂර්ගේ චරිතයට පණ පොවන්නේ Spider-Man(2002), Spider-Man 2 (2004), Spider-Man 3(2007), The Great Gatsby (2013) යන චිත්‍රපටි වලින් හමුවුන Tobey Maguire. බොරිස් ස්පැස්කි ලෙස රගපාන්නේ Ransom (1996), The Sum of All Fears (2002), The Omen(2006),Defiance(2008), X-Men Origins: Wolverine (2009), Taking Woodstock (2009), Salt (2010), Goon (2011), The 5th Wave(2016) යන චිත්‍රපටි වලින් හමු උන Liev Schreiber විසිනුයි. මේ චිත්‍රපටියට IMDB වර්ගීකරණයේ 7.0/10 හිමිවෙලා තියනවා. 72% Rotten Tomatoes සහ 92% Google users වල මනාප හිමිවෙලා තියනවා. ඉතින් මම හිතනවා මේක චෙස් ක්‍රීඩකයෙක් අනිවාර්යයෙන් බැලිය යුතු චිත්‍රපටියක් කියලා.
“I like the moment when I break a man’s ego.”-Bobby Fischer”
මම කැමතිම අවස්ථාව වෙන්නේ මම මිනිහෙක්ගේ මානය බිදදමන මොහොතයි.”- බොබී ෆිෂර්

බොබී ෆිෂර් 1960 දී,
නැවත හමුවෙමු!

Due to copyright issues, we do not provide any torrent links.
Pawn.Sacrifice.2014.720p.BluRay.x264.[YTS.AG]
ලබා දී ඇති උපසිරසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
4,028 downloadsDownload Pawn-Sacrifice-2014.zip53 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/Asitha-Jayasinghe-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසිත ජයසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-08-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අසිත ජයසිංහ
Subtitles
18 comments
Krishan Madusanka
නිරෝෂ්
ස්තුතියි අසිත සහෝ.ජයවේවා!
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!kasun
thanx
අසිත
Mekata saba denakam hitiye
Elama saho thanksKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
C. R. ජයලත්
Niyamai Saho Jaya Wewa!!!!!
Thisal Lakpura
තෑන්ක්ස් සබට
Dinu
thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දමිත්
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
ජයෙන් ජය..Jack
නියමයි මචෝ..
සුපිරි ෆිලුමක්නේ.
අනිවා බැලීමක් තමයි.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය..Sanindu Lakkitha
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
Kasun
බොහොම ස්තූතියි සහෝ......
Dulanga
Thanks
Nishan
Thanx bro
Wicki
ඔබට බොහොම ස්තුතියි
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

hoda filumak wage thanks macho