හරි, ඔන්න දීර්ඝ කාලෙක ඉඳලා බයිස්කෝප් එකෙන් උපසිරැසි අරන් ෆිල්ම් බලපු මම හා හා පුරා කියල ෆිල්ම් එකකට සබ් දැම්මා. මේක මගේ පලමු උපසිරැසි නිර්මාණය. මේකෙදි ස්තුතිවන්ත වෙන්න ඕන සිසිල ප්‍රසාද් සහෝදරයට, මොකද එයා තමයි කිවුවෙ සබ් එක කරල එවන්න කියලා. වැඩේ භාර අරන් ටික දවසක් වෙනවා. ඒත් පලවෙනි වැඩේ නිසා ටිකක් ක…

හරි, ඔන්න දීර්ඝ කාලෙක ඉඳලා බයිස්කෝප් එකෙන් උපසිරැසි අරන් ෆිල්ම් බලපු මම හා හා පුරා කියල ෆිල්ම් එකකට සබ් දැම්මා. මේක මගේ පලමු උපසිරැසි නිර්මාණය. මේකෙදි ස්තුතිවන්ත වෙන්න ඕන සිසිල ප්‍රසාද් සහෝදරයට, මොකද එයා තමයි කිවුවෙ සබ් එක කරල එවන්න කියලා. වැඩේ භාර අරන් ටික දවසක් වෙනවා. ඒත් පලවෙනි වැඩේ නිසා ටිකක් කල් ගියා. හරි, ඒව පස්සට තියල අපි හැරෙමු ෆිල්ම් එක දිහාට.
මේ චිත්‍රපටය ටිකක් පරනයි.තිරගත වෙන්නෙ 2006 අවුරුද්දේ. Action/thriller යන කාණ්ඩයට අයත්වෙන මේ චිත්‍රපටය IMDb දර්ශකයෙ 5.6 ලබා ගන්න සමත් වෙලා තියෙනවා. සම්පූර්ණ ධාවන කාලය පැය 1 විනාඩි 37 යි.
ෆ්‍රෑන්ක් කාර්ඩන් කියන්නෙ කුලී ඝාතකයින්ගෙ කණ්ඩායමක් මෙහෙයවන පුද්ගලයෙක්. මෙයාලට ලැබෙනවා කොන්ත්‍රාත්තුවක් එක්තරා බිලියනපතියෙක්ව මරන්න කියල. ඒකෙදි මෙයාල කරන්නෙ එයාගෙ පුතාව මරල, ඒ අවමගුලට සහභාගී වන අවස්ථාවේ අර ප්‍රධාන වැඩේ වුන බිලියනපතියව මරන්න සැලසුම් කරනව. ඔන්න ඒ අතරෙදි මේකෙ ප්‍රධාන මොලකරු වන ෆ්‍රෑන්ක් කාර්ඩන් රිය අනතුරක් හින්ද පොලීසිය අල්ලගන්නවා.ඉතින් මෙයාව පොලිස් වාහනේ දාගෙන යන අතරෙ කාර්ඩන්ගෙ මිනිස්සු මග ඉඳලා යම් සිද්ධියක් ඇති වෙලා කාර්ඩන් හිටපු වාහනේ ගඟට පෙරලෙනවා.මේ මුකුත් නොදන්න රේ කීන් සහ එයාගෙ පුතා කැලේට යන්නෙ කෑම්පින් කරන්න. ඔන්න ඒ වෙලාවෙ තමයි ගඟට වැටුනු කාර්ඩන් ව රේට අහුවෙන්නෙ. එතන ඉඳන් හොඳ කතාවක් තියෙනව බලන්න. කම්මැලි නැතුව බලන්න පුළුවන්. ඉතින් චිත්‍රපටිය බලලා ඔයාලගෙ අදහස් කමෙන්ට් කරන්න. ඒක ලොකු ශක්තියක් වෙයි ආයෙත් උපසිරැසියක් කරන්න. එහෙනම් ලඟදිම අලුත් චිත්‍රපටයකි න් හමුවෙමු. ජය වේවා….

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
3,449 downloadsDownload The-Contract-2006.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රියංකර මනම්පේරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2020-08-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිල ප්‍රියංකර මනම්පේරි
Subtitles
18 comments
රොෂාන් ශමීර
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Request :
HITMAN: AGENT JUN (2020)
Bill & Ted Face the Music (2020)
Cut Off (Abgeschnitten) (2018)Anonymous
ස්තුතියි, දිරිගැන්වීමට. දිගටම කරන්නම්.
shelby
Thanks Machan <3
එල්.සී. දමැල්
අඩවියට සාදරයෙන් පිළිගන්නවා සිසිල සහෝ! :) අඩවියට තවත් සිසිල කෙනෙක් එකතු වුණා එහෙමනම් :P
පළමු උපසිරසගැන්වීමට මගෙන් උණුසුම් සුභ පැතුම්! :)
දිගටම උපසිරසකරණයේ යෙදෙන්නට අවශ්‍ය කාලය සහ හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ජය :DSisila priyankara
ස්තුතියි, සහෝදරයා.
Anonymous
Welcome bro!!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
isuru srinath sjs
පලවෙනි සිංහල උපසිරැසියට හදවතින්ම සුබ පතනවා..
ජය!!Nelson
Good work friend, Thanks
ලව්ලි බෝයි
එල ඈ....
Udaya Fdo
Thank you
jagath55
Thanks
Dewadithya
Thanks for sub!
Pramukmili
Thanx bro............
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
දිගටම සබ් කරමු....Malith Samarawickrama
Thanks bro sub ekata.
Anonymous
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Contract (2006) Sinhala Subtitles | කොන්ත්‍රාත්තුව [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/08/The-contract-2006.jpg)
පළමුවෙනි සිංහල උපසිරසියට මගේ උණුසුම් සුබ පැතුම්..
තව තවත් උපසිරසි නිර්මාණය කිරීමට කාලය, ධෛර්යය ලැබේවා..
~ ජය වේවා ~