Watch Trailer

Z (2019) Sinhala Subtitles | වියරු මිතුරා! [සිංහල උපසිරසි සමඟ]

“….කාමරය තුළින් පැමිණි ශබ්දය කුමක්දැයි බැලීමට පැමිණි ඔහුගේ දෙනෙත් තමා ඉදිරියේ වූ බිත්තිය අසළ නතර විය. පෙර දිනයක තමන් විසින්ම තීන්ත ගා මකා දැමූ ඒ අමනුෂ්‍යයාගේ සිතුවම නැවතත් බිත්තිය මත සිතුවම්ව ඇත! එයින් දෙනෙත් ඉවතට ගත්තත්, නැවත නැවතත් එය දෙසම බැලීමට සිත් දෙන්නෙ ඇයි දැයි ඔහුටම නොතේරේ. විවිධාකාර සෙල්ල…

“….කාමරය තුළින් පැමිණි ශබ්දය කුමක්දැයි බැලීමට පැමිණි ඔහුගේ දෙනෙත් තමා ඉදිරියේ වූ බිත්තිය අසළ නතර විය. පෙර දිනයක තමන් විසින්ම තීන්ත ගා මකා දැමූ ඒ අමනුෂ්‍යයාගේ සිතුවම නැවතත් බිත්තිය මත සිතුවම්ව ඇත! එයින් දෙනෙත් ඉවතට ගත්තත්, නැවත නැවතත් එය දෙසම බැලීමට සිත් දෙන්නෙ ඇයි දැයි ඔහුටම නොතේරේ. විවිධාකාර සෙල්ලම් බඩු විසිරී තිබූ කාමරයෙන් ඔහු ඉක්මනින් පිට වීමට සූදානම් විය. එක්වරම කාමරය පුරා විසිර තිබූ සෙල්ලම් බඩු ඉබේම ක්‍රියාත්මක වීමට පටන් ගති! විවිධ ආලෝක රටා මඟින් කාමරය ආලෝකමත් වන්නට විය. තැතිගත් සිතින් ඔහුගේ දෙනෙත් කාමරයේ බිත්තියෙහි වූ අමනුෂ්‍ය සිතුවම වෙත යොමු විය. සිතුවමෙහි දෑස් ජීවමානව බැබළෙන්නට විය!
එක්වරම…..”

“Imaginary Friend හෙවත් හිතින් මවාගත්ත යාළුවෙක් ඔයාටත් ඉන්නවද? ඔයා තනියම ඉන්න පුරුදු වෙච්ච කෙනෙක් නම්, ඔයා එක්ක කවුරුත් කථා කරන්නෙ නැත්නම්, ඔයා හිතින් යාළුවෙක් මවා ගන්නවා. ඊට පස්සෙ එයා තමයි ඔයාගෙ හොඳම යාළුවා. ඔයාගෙ හැමදේම කියන්නෙ එයාට. ගෙදර අය හිතන්නෙ ඔයා තනියම කථා කරනව කියලා. නමුත් ඔයා ඇත්තටම කථා කරන්නෙ ඔයාගෙ යාළුවට! එයා තමයි ඔයාට උපදෙස් දෙන්නෙ. ඔයාගෙ යාළුවො හිතයි ඔයා හරිම ආඩම්බරයි කියලා. ඒත් ඊට වඩා හොඳ යාළුවෙක් දැන ඔයාට ඉන්නවා. “නොපෙනෙන මිතුරා!” ඒත්…මේ යාළුවව හදිසියෙ හරි පේන්න ගත්තොත්? මවාගත් බවින් ඉක්මවා ඔයා අවට සිටින අයට බලපෑම් කරන්න ගත්තොත්? ඒක ලේසියෙන් අතඇරල දාන්න පුළුවන් දෙයක් නම් නෙවෙයි!

ඉතින් මේ කථාවෙ පුංචි ‍ජොෂ්ටත් ඉන්නව ඒ වගේ මවාගත්ත යාළුවෙක්. යාළුවගෙ නම ‘සී(Z)’. ජොෂ් කියන්නෙ පවුලෙ එකම දරුවා. ඉතින් එහෙම යාළුවෙක් ඉන්න එකේ පුදුමෙකුත් නෑ.‍ ජොෂ්ගෙ අම්මයි තාත්තයි හිතුවෙ මේ දේ පුතා ලොකු වෙද්දි මගහැරිල යයි කියලා. නමුත් දවසක් ජොෂ්ගෙ අම්ම, තමන්ගෙ පුතා මෙතුවක් කල් හිතින් මවාගෙන කථා කරන යාළුවව ඇත්තටම දකිනවා!!! සෑම සිදුවීමක්ම පටන් ගන්නෙ මෙතැනින්. ජොෂ්ගෙ තාත්තනම් මේ දේවල් ගණන් ගන්නෙ නෑ. නමුත් ජොෂ්ගෙ අම්ම දිනක් අහම්බෙන් දකින දෙයක් නිසා මහත් බියටත් ව්‍යාකූල තත්වයටත් පත් වෙනවා. ඒ තමයි……………………………………….”

මෙතැනින් එහාට මට කියන්න බෑ. මොකද ‘සී(Z)’ මට ඒකට ඉඩ දෙන්නෙ නෑ! ඔයාල කථාව බලලම තීරණයක් ගන්න. හිතින් මවාගත්ත යාළුවෙක් ඔයාටත් ඕනමද කියලා!

https://www.youtube.com/watch?v=Cv-6cAHanZ8

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WebRip පිටපත් සඳහා අදාළ වේ.

3,792 downloadsDownload Z-2019-Sinhala-Subtitles.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරන්ත සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-12-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

3,792 downloadsDownload Subtitles24 KB

13 comments

  1. Harshana Buddhika

    Machan puluwan nm okkoma ekka katha karala hema film ekakama trailer ekak link karapan.. balanna lesine.. a wagema imbd rating rating kiyapn.. nathnm melo rahak nathnm ubala okkotama bainna hithenwa.. hithala balapn. Upasirasi.com eke trailer eka thiyenwa balala hithganna puluwan imbd rating ekkama.. oyala ape first website ekane.. eka hithanne oyala gena hode

  2. Hirantha

    @ Harshana Buddhika සහෝ හැම චිත්‍රපටියකම Trailer එකේ Link එකක්, හැම Article එකක් අවසානයේම තියෙනවා. ස්තූතියි.

  3. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request :
    HITMAN: AGENT JUN (2020)
    Bill & Ted Face the Music (2020)
    Cut Off (Abgeschnitten) (2018)

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට.. ජය!!

  6. Suranjan

    Thanks jayawewa.....!

  7. indika75

    thanks..

  8. ishan

    thanx machn sub ekata

  9. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  10. Malith Samarawickrama

    Thanks machan sub ekta.

  11. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  12. Dewadithya

    Thanks for sub!

  13. MAALNATH

    Thanks. .......... good luck. ..............

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.