ඉතින් කොහොමද යාළුවනේ..හුග කාලෙකට පස්සේ මුණගැහෙන්නේ.. මම හිතන්නේ Kung fu panda 3 වෙනි ෆිලුමෙන් පස්සේ වගේ මට මතක විදිහට. හරි කොහොම හරි මම භාර ගෙන තිබ්බ ෆිලුමක් මේක. දැන් හුග කාලෙකට කලින්. කොහොම නමුත් වැඩයි අරකයි මේකයි අස්සේ මට මේක අමතක වෙලා ගියා. ඒකට සමාව අයදිනවා. කොහොම නමුත් වැඩේ ඉක්මනට ඉවර කර ගත්තා…
ඉතින් කොහොමද යාළුවනේ..හුග කාලෙකට පස්සේ මුණගැහෙන්නේ.. මම හිතන්නේ Kung fu panda 3 වෙනි ෆිලුමෙන් පස්සේ වගේ මට මතක විදිහට. හරි කොහොම හරි මම භාර ගෙන තිබ්බ ෆිලුමක් මේක. දැන් හුග කාලෙකට කලින්. කොහොම නමුත් වැඩයි අරකයි මේකයි අස්සේ මට මේක අමතක වෙලා ගියා. ඒකට සමාව අයදිනවා. කොහොම නමුත් වැඩේ ඉක්මනට ඉවර කර ගත්තා. කියන්න සතුටුයි බයිස්කෝප් එකේ කට්ටිය වැඩි කමට ෆිලුමක් හොයා ගන්නත් බැරි තරම්. ඒ තරමට උපසිරැසි නිර්මාණය කරුවන්ගෙන් පිරිලා ඉතිරිලා ගිය තෝතැන්නක් වෙලා හමාරයි මට හිතෙන්නේ. මම මේකට සම්බන්ද වෙන කාලේ බොහොම සිමිත සම්පත්දායකයින් පිරිසක් එක්ක දුවමු තැනක් නොවැ. හරි කොහොම හරි ඒ ගැන සතුටුයි.
හරි මේ සලරුව ගැන කතා කලොත් 2018 අවුරුද්දේ ජූලි 27 බ්‍රසීල් වල තමයි මංගල දර්ශන තිර ගත වෙලා තියෙන්නේ. Horror/thriller වර්ගීකරණ යටතට වැටිලා තියෙන මෙම සලරුවට ජාත්‍යන්තර සිනමා වර්ගීකරණයේ 5.3/10 ක අගයක් ලැබිලා තියෙනවා. මේ වගේ සලරුවකට මම හිතන්නේ හොද අගයක්. තීරණය ඔයාලගෙ අතේ. ඒ වගේම Lost boy 2016, Holidays 2016 චිත්‍රපට වල අධ්‍යක්ෂකතුමා තුමා Anthony scott burns විසින් තමා අධ්‍යක්ෂක ලෙස කටයුතු කරලා තියෙන්නේ. ඒ වගේම රංගනයෙන් John ralston (Ready or not 2019), Proud of fesh 2015, Bitten 2016), Thomas mann ( Project x 2012, Hansal & Gretal 2013, Kong skull island 2017), Nicola peltz (Bates motel 2013, The Last Airbender 2010, Transformers Age of extinction 2014) යන මේ ප්‍රධාන නළු නිලි කැල රංගනයෙන් දායක වෙනවා. ඇත්තටම කිව්වොත් වෙනස් විදිහෙ හොරර් සලරුවක් කිව්වොත් නිවැරදි.
හරි කතාව පැත්තට හැරෙන්නම්.
ඊතන් කියන්නේ කාර්මික විද්‍යාලයේ අවසන් වසරෙ ඉගෙනුම ලබන තරුණයෙක්. ඉතින් ජීවත් වෙන අපි හැමෝටම හීන තියෙනවා. හීන සැබෑ වෙන්නෙ කවද්ද කිය කිය පුන පුනා ජීවත් වෙන මිනිස්සු නේ අපි. ඉතින් මේ ඊතන්ටත් ලොකු සිහිනයක් තියෙනවා. ඒ තමයි රැහැන් රහිත විදුලිය නිපදවන උපකරණයක් නිර්මාණය කරන එක. ඉතින් ඔහොම යනකොට ඊතන් ඒ උපකරණය අත් හදා බලන දවස එනවා. ඉතින් අත් හදා බලන්න නිවසින් පිටත් වෙන්නේ සතුටෙන් නම් නෙමේ. ගොඩ කාලෙකින් ලොකු පුතා දැක්ක පවුලෙ අය ඊතන් එදාම රාත්‍රියේ යනවට ඊතන්ගෙ පියා කැමති වෙන්නෙ නෑ. කොහොම හරි අත් හදා බැලීම අසාර්ථක වෙනවා. ඊට පස්සේ ඊතන්ට දැන ගන්න ලැබෙනවා රිය අනතුරකින් ඊතන්ගේ අම්මයි තාත්තයි මිය ගිහිල්ලා කියලා. ඉතින් ලොකු කනස්සල්ලකින් තමා ඊතන් හැසිරුනේ. පවුලෙ අය එක්ක ඉන්න අවසාන මොහොතෙත් මවයි පියා දාල එන්න වුනු එකට. ඉතින් කොහොම හරි ඊතන්ගේ මල්ලි මැට්වයි, නංගී බෙකාවයි රැක බලා ගන්න පාසලෙනුත් යන්න වෙනවා. ඒ වුනාට ඊතන්ගේ හීනය වෙච්ච රැහැන් රහිත විදුලිය නිපදවෙන උපකරණයේ වැඩ කටයුතු නම් ඔහු නතර කලේ නෑ. කාලයක් ඔහොම යනකොට ඒ උපකරණ නිසා විදුලිය නිපදවන එකට එයා ඉතා අත්භූත යමක් සිදු වෙනවා කියලා ඊතන්වත් හිතන් හිටියේ නෑ. ඉතින් මොනවද මේ අත්භූත දේවල්? ඉතිරිය ඔයාලට භාර කරනවා.
ඉතින් හැමෝටම ආරධනා කරනවා මේ සලරුව නරඹන්න කියලා. ත්‍රාසය වගේම කුතුහලය පිරුණු සලරුවක් නිසා ගොඩක් අය නරඹන්න කැමති වෙයි කියලා හිතනවා. ඉතින් ඇවිල්ලා යන ගමන් පුන්චි කමෙන්ට්ටුවකුත් ගහලා යන්න. එහෙනම් මම ගිහිල්ලා එන්නම්. මේ ටිකේ ගෙදරට වෙලාම ඉන්න. වසංගතයක් ලෝකය වහගෙන ඉන්න වෙලාවකට පරිස්සමෙන් ඉන්න ඕන කාලයක් මේ..එහෙනම් හැමෝටම ජය වේවා!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම BR පිටපත් සඳහා අදාළ වේ.
2,377 downloadsDownload Our-House-2018.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ ලක්ෂාන් (ධනු)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-06-18
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ධනුෂ ලක්ෂාන්
Subtitles
12 comments
Hashan M. Priyadarshana
යුරාන් ධනුක (දනුවා)
බොහෝම ස්තූතියි සහෝ
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
indika75
thanks..
Shamal manojan
උපසිරැසියට බොහොම ස්තූතියි
Request...
The Goonies - 1985
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Dewadithya
Thanks for sub!
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට..
suranuwan
thanks...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ruwanthushara
thanks machan
Dinuka
Thnk u
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :)