Watch Trailer

Peter Pan & Wendy (2023) Sinhala Subtitles | පීටර් පෑන් හා වෙන්ඩිගේ වික්‍රමාන්විතය… [සිංහල උපසිරසි]

කොහොමද හැමෝටම? සෑහෙන කාලෙකට පස්සේ තමයි මේ පැත්තේ එන්න ලැබුණේ. ඉතින් මේ අරගෙන එන්නේ අප්‍රියෙල් 28 වෙනිදා නිකුත් වුණ Peter Pan & Wendy (2023) චිත්‍රපටයයි. මෙහි අධ්‍යයක්ෂණය Pete’s Dragon (2016) සිනමාපටයේ අධ්‍යක්ෂක David Lowery විසින් කර ඇති අතර කතා රචනයත් ඔහු ඇතුළුව Toby Halbrooks සහ J.M. Barrie විසින…

කොහොමද හැමෝටම? සෑහෙන කාලෙකට පස්සේ තමයි මේ පැත්තේ එන්න ලැබුණේ. ඉතින් මේ අරගෙන එන්නේ අප්‍රියෙල් 28 වෙනිදා නිකුත් වුණ Peter Pan & Wendy (2023) චිත්‍රපටයයි.  

මෙහි අධ්‍යයක්ෂණය Pete’s Dragon (2016) සිනමාපටයේ අධ්‍යක්ෂක David Lowery විසින් කර ඇති අතර කතා රචනයත් ඔහු ඇතුළුව Toby Halbrooks සහ J.M. Barrie විසින් සිදු කර තිබෙනවා. පීටර් ලෙස සිනාමාවට නවක ළමා නළු Alexander Molony ද, වෙන්ඩි ඩාලිං ලෙස Black Widow (2021) සිනමාපටයේ ළමා වියේ නටාෂා රමනොව් ලෙස රංගනයේ යෙදුණු Ever Anderson ද, කැප්ටන් හුක් ලෙස Jude Law ද රංගනයෙන් හවුල් වෙනවා.

පීටර් පෑන් ගැන නොදන්න කෙනෙක් ඉන්නවා ඇති කියලා හිතන්නෙ නෑ. නෙවර්ලෑන්ඩ්වල ටින්කර්බෙල් සහ අතරමං කොල්ලො ටිකක් එක්ක ජීවත් වෙන, කැප්ටන් හුක් සහ ඔහුගේ නැවේ මුහුදු කොල්ලකාරයො සමග නිතරම සටන්වදින කවදාවත් ලොකු මහත් නොවෙන ළමයා. දැන් මතක් වෙන්න ඇති නේද?

ඉතින් අපි කතාව දිහා පොඩ්ඩක් බැලුවොත් වෙන්ඩි කියන්නේ මල්ලිලා දෙන්නෙක්ගේ අක්කා කෙනෙක්. එයාට සිද්ධ වෙනව බෝඩිං පාසලකට යන්න. හැබැයි තමන්ගේ මල්ලිලා එක්ක සෙල්ලම් කරන්න ආස, ළමයෙක් විදිහට ඉන්න කැමති ඇය යන්න කැමති නෑ. කොටින්ම ලොකු වෙලා වැඩිහිටියෙක් වෙන්නත් කැමති නෑ වෙන්ඩි. ඉතින් පාසලට යන්න තියෙන දවසට කලින් දවසේ රෑ මේ දේ වෙන්ඩි කියනවා හැමෝටම. එදා දවසේ රෑ තමයි වෙන්ඩිගෙ ජීවිතේම වෙනස් වෙන්නේ. ඔව්, වෙන්ඩිගේ ආසාව ඉෂ්ට කරන්න පුලුවන් කෙනෙක් එදා රෑ වෙන්ඩිව හොයාගෙන එනවා. ඒ තමයි පීටර් පෑන්. එතනින් එහාට මොනව වෙයිද කියලා මම කියන්න යන්නේ නෑ ඔයාලට. ඔයාලම බලලා හොඳ නරක මොනවද කියලා කියාගෙන යන්න.

ඉතින් පොඩි කාලෙ ඉඳලා පීටර් පෑන්ගේ කතාවලට කැමති නිසා තමයි මම මේකට උපසිරසගන්වන්න හිතුවේ. ඒත් ෆිල්ම් එක බලන්න කලින් ට්‍රේලර් එක බලන්න කියලා මතක් කරනවා. මොකද ප්‍රධාන ව‍ශයෙන් ඩයිවර්සිටි සංකල්පයන් නිසාත්, තව විවිධ හේතු ගොඩක් නිසා අනාගත්තු තවත් ඩිස්නි සිනමාපටයක් තමයි මේ විදිහට ඔබ හමුවේ තියන්නේ. ඉතින් බලනවාද නැද්ද යන්න ඔබ සතු තීරණයක්. අරගෙන සෙට් නම් මට හොඳ කිව්වාට කමක් නෑ, සෙට් නැත්නම් මට බනින්න එපා. 😂

තවත් උපසිරසකින් හමුවෙමු…

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

11,892 downloadsDownload Peter-Pan-Wendy-2023.zip65 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි. 

Subtitles

11,892 downloadsDownload Subtitles65 KB

16 comments

  1. Isuru

    carnival raw එකේ සබ් එක දෙන්නකෝ දැන් ගොඩක් දවස් ගිහින්නෙ

    1. Isuru

      carnival raw එකේ සබ් එක දෙන්නකෝ දැන් ගොඩක් දවස් ගිහින්නෙ

    2. kavii

      sirawatama thawa episodes 3i thiyenne. eka den nane meyala

    3. Isuru

      carnival raw එකේ සබ් එක දෙන්නකෝ දැන් ගොඩක් දවස් ගිහින්නෙ

    4. Isuru

      carnival raw එකේ සබ් එක දෙන්නකෝ දැන් ගොඩක් දවස් ගිහින්නෙ

    5. Isuru

      carnival raw එකේ සබ් එක දෙන්නකෝ

  2. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  3. ඩොක් අයියා

    බලමුකෝ කොයි වගේද කියලා

  4. kavii

    Thanks saho.. thawa request ekak thiye. the last kingdom; seven kings must die 2023. meke sub eka dennako.

  5. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  6. damith

    thanks bro jaya wewa.....

  7. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  8. stas230518

    Thanks! rating හොඳටම තියෙන Superman the Animated Series 1996 එකට සිංහල සබ් දෙන්නකෝ.

  9. Dewadithya

    Thanks for Sub!

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Anonymous

    Jaya wewa