ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ හොරර් ෆිල්ම් ඉතිහාසයේ දැවැන්ත පෙරලියක් කරපු ඊවිල් ඩෙඩ් ෆ්‍රැන්චයිස් එකේ අළුත්ම චිත්‍රපටය. මුලින්ම කියන්න ඕනෙ මේක කලින් ඊවිල් ඩෙඩ් ෆිල්ම් වල සීක්වල් එකක්වත් රීබූට් එකක්වත් නෙවෙයි, මේක ඊවිල් ඩෙඩ් යුනිවර්ස් එකේ අළුත් කතාවක් රැගත් ස්වාධීන චිත්‍රපටයක්. මේකෙත් කලින් ෆිල්ම් වල ව…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ හොරර් ෆිල්ම් ඉතිහාසයේ දැවැන්ත පෙරලියක් කරපු ඊවිල් ඩෙඩ් ෆ්‍රැන්චයිස් එකේ අළුත්ම චිත්‍රපටය. මුලින්ම කියන්න ඕනෙ මේක කලින් ඊවිල් ඩෙඩ් ෆිල්ම් වල සීක්වල් එකක්වත් රීබූට් එකක්වත් නෙවෙයි, මේක ඊවිල් ඩෙඩ් යුනිවර්ස් එකේ අළුත් කතාවක් රැගත් ස්වාධීන චිත්‍රපටයක්. මේකෙත් කලින් ෆිල්ම් වල වගේම Deadite ලා තමයි ඉන්නේ. Deadite කියන්නේ ඊවිල් ඩෙඩ් එකටම විශේශ වුණ මළවුන්ට වැහිලා ඔවුන්ට නැවත පණ දෙන භූත වස්තුවකට. එහෙම පණ දීල ඒ භූත ආත්මෙ කරන වැඩ ඔයාල කලින් චිත්‍රපට වල දැකල ඇතිනේ. ඒ වගේම අපිට මේ ඊවිල් ඩෙඩ් ෆ්‍රැන්චයිස් එකේ මුල් ෆිල්ම් දෙක සොම්බි චිත්‍රපට සංකල්පය වැඩිදියුණු කිරීමට දායක වුණ ෆිල්ම් දෙකක් විදිහට ගන්න පුළුවන්. මොකද කිව්වොත් මේකෙ මුල් ෆිල්ම් දෙක වෙන The Evil Dead(1981), Evil Dead(1987) නිකුත් වෙන්නේ ඉතාමත් මුල් කාලෙ වෙන අතර මේකෙ ඉන්න Deadite ලා සොම්බි සහ යක්ෂයන්ගේ එකතුවක් විදිහට ගන්න පුළුවන්. මං කියන්නේ මේක සොම්බි චිත්‍රපටයක් කියලා නෙවෙයි පසුකාලීනව සොම්බි චිත්‍රපට සංකල්පය වැඩි දියුණු වීමට මෙහි ආභාශය ලැබිල තියෙනව කියලයි. කෙසේ හෝ මේකෙ කලින් ෆිල්ම් හතර බලලා නැත්තම් හොරර් ෆිල්ම් එකක් අතින් ඔයාලට මේක නවමු අද්දැකීමක් වෙයි. ඔයාල මේකෙ කලින් චිත්‍රපට බලලා තියෙන ඊවිල් ඩෙඩ් චිත්‍රපට රසිකයෙක් නම් ඒත් ඔයාලට මේක නවමු අද්දැකීමක් වේවි මොකද කිව්වොත් මේකෙ මුල් ෆිල්ම් තුන ගෙතිල තියෙන්නේ ග්‍රාමීය කැලෑබද ප්‍රදේශ වල ඒත් මේකෙදි ඊට වෙනස්ව නාගරික පරිසරයක අපිට චිත්‍රපටය බලාගන්න හැකිවෙනවා. තවද මතක් කරන්න ඕනෙ මේකෙ කලින් ෆිල්ම් බලලා නැත්තම් ඒවත් අනිවාරෙන් බලන්න, බැලුවට කිසිම පාඩුවක් නෑ කියලා ඒවගෙ රේටින් දැක්කාමත් ඔයාලට තේරෙයි. ඒ වගේම මෙහි සීසන් තුනක ටීසී සීරිස් එකකුත් ආවා Ash vs Evil Dead නමින් ඒකත් ඉතාම ජනප්‍රිය වුණා.

(පලමු පින්තූරය – ඊවිල් ඩෙඩ් ෆිල්ම් 5 සහ ඈශ් වර්සස් ඊවිල් ඩෙඩ් හි සීසන් 3 දැක්වේ)
එහෙනම් අපි ඊවිල් ඩෙඩ් රයිස් මේ ෆිල්ම් එක පැත්තට හැරෙමු. මේ ෆිල්ම් එක තිරගත වීම ආරම්භ කරන්නේ අප්‍රේල් 21 වෙනිදා සහ බෙදාහැරීම Warner Bros. Pictures ඔස්සේ සිදුවුණා. ඒ වගේම ෆිල්ම් එක තියටර් රිලීස් වෙලා මාසෙකටත් වඩා අඩුකාලයකදි ඩිජිටලුත් රිලීස් වුණා, එනම් මැයි 09 වෙනිදා. මේ වන විට චිත්‍රපටයේ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 114.8 හොයල තියෙනවා සහ ෆිල්ම් එකේ නිශ්පාදන කටයුතු වලට වියදම් වී ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 15-19 අතර ප්‍රමානයකුයි. ඒ වගේම ඊවිල් ඩෙඩ් ෆිල්ම් ෆ්‍රැන්චයිස් එකේ වැඩිම ආදායමක් උපයපු ෆිල්ම් එකත් මේක වෙනවා. මේක අධ්‍යක්ෂණය කරන්නේ The Hole in the Ground(2019) චිත්‍රපටය අධ්‍යක්ෂණය කෙරූ Lee Cronin විසින්. මෙයට රංඟනයෙන් දායක වෙනවා Alyssa Sutherland(එලී) / Lily Sullivan(බෙත්) / Morgan Davies(ඩැනී) / Gabrielle Echols(බ්‍රිජට්) / Nell Fisher(කැසී) / Billy Reynolds-Mccarthy(ජේක්) යන අය.
මේ ෆිල්ම් එකේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන කතා කලොත් මනාප 35,000 කට අධික ප්‍රමානයකින් IMDb 7.1 ඉහල අගයකුත් කුණු තක්කාලි 84% කුත් ලබාගෙන තියෙනවා. ඒ වගේම මේක බලපු ගොඩක් අය කියල තිබුනේ මේ ෆිල්ම් එක තමයි ඊවිල් ඩෙඩ් ෆ්‍රැන්චයිස් එකේ හොඳම ෆිල්ම් එක යන බව, ඒක ඇත්තක්ද?
කතාව ගැන නම් මං වැඩිය කියන්න යන්නෑ ඔයාලට බලලාම දැනගන්න ඉඩ අරින්නම්. ඒත් මං ඔයාලට මෙහෙම කියන්නම්, තෙරේසා, කේලබ් සහ ජෙසිකා නිවාඩුවට ට්‍රිප් එකක් යනවා විලක් ගාවට. එතනදි ජෙසිකාට හිටි හැටියෙ අසනීප වෙනවා සහ ඇය මැරිල වගේ ඉන්නේ. ඒත් එකපාරටම ඇයට පණ ඇවිත් මෙයාලව මරන්න උත්සහ කරනවා වගේම කේලබ්ව මරණවා. ඇත්තටම ජෙසිකට මොකක්ද වුණේ? ඒක අපිට ඇත්තටම දැනගන්න පුළුවන් වෙන්නේ චිත්‍රපටය අන්තිමට. ඒ වගේම චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ මේ අය වටා නෙවෙයි සහ ඇත්තටම කතාවෙ මොකක්ද වෙන්නෙ බලාගන්න නම් ඊවිල් ඩෙඩ් රයිස් චිත්‍රපටය බලන්නම වෙනවා.
එහෙනම් මීට වඩා මුකුත්ම කියන්න යන්නෑ, අවසාන වශයෙන් මට මේ චිත්‍රපටය වෙන් කරලා දුන්න විමා අයියට ස්තූති කරන ගමන් මං සමුගන්නවා. ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
38,077 downloadsDownload Evil.Dead_.Rise_.2023-1.zip42 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-01-04
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
- #2023
- #Bimsara Yashan (ඔලිව)
- #Box Office Hits
- #Editor's Pick
- #Evil Dead Rise (2023) Sinhala Sub
- #Evil Dead Rise (2023) Sinhala Subtitles
- #Evil Dead Rise Sinhala Sub
- #Evil Dead Rise Sinhala Subtitles
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
42 comments
Anuththara
Naduni piumika
Nice film
sandun
Bimsara Yashan kiyanne Gammak thama
Tharu
හොදයි වගේ, බාලම බලමු...
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි ඔලිව සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Kantha_DLA
Guy Ritchie’s the Covenant (2023)
Rukshan
ෆිල්ම් එක එනකොටම සබ් ඒක දෙන මැජික් එක
මොකක්ද කියල මම දන්නෙ නම් නැහැ. හැබැයි ඒ මැජික් එකට අපි පට්ට ආසයි කොල්ලෝ.
සබ් එකට රොම්බ තෑන්ක්ස්
ආදරෙයි බයිස්කෝප්!Mawan Geethanjana
සිංහල උපසිරැසියට ස්තුතියි.
Chamikara Vidanage
තනියම සබ් එක කරපු නිසා තරහයි. අනිවා බැලිල්ලක් මොනවා උනත්.
මයුර
හික්ස්
Naveen Mbr
බොහෝම ස්තූතියි සහෝ!
Wind
ජයෙන් ජයම වේවා සහෝ..ෆිලුමෙ ලින්ක් එක ගන්න තැනක් කියන්නකෝ..
Nishan S Ariyarathna
✿ උපසිරැසියට බොහොම ස්තුතියි ✿
මයුර
සබට තුති මචෝ.. 2013 එක නම් මගේ ෆේවරිට් එකක්.
ඒ ඇරෙන්න වෙන මුකුත් බලලා නෑ.
මේකවත් බලන්න ඕන.Sujith
Sub ekata thanks sahooooo....
බයිස්කෝප් සබ් සුපිරියි
සබ ගන්න ආව වෙලාවේ එකෙක් දාල තිබ්බ මේක ගුගල් සබ් එකක් කියල.
කෝකටත් සැකෙන් සැකෙන් ගත්තේ බයිස්කෝප්ලත් අනිත් උන් වගේ ගුගල් දෙන්න අරගෙනද කියලත් හිත හිත.පිස්සුද යකෝ, මේක සුපිරි සබ් එකක්. බය නැතුව අරගනිල්ලා දැන් මේ ෆිල්ම් එක බලල ඇවිල්ල කමෙන්ට් එක දාන්නෙත්.
ලෙසටම සබ් දීපන්, ජය ඔලිවර් කොල්ලෝ!kavii
guy ritchie's the cpvenant 2023.. meke sub ekath dennako.... thank you mekata sub dunnnata.
Nuwan
Sub ekata thanks carnival raw ekath demuko
දහරා මුතු අමා
එනකන් බලන් හිටිය පිලුමක්. මුලින්ම හොල්මන් චිත්‍රපටියක් කියලා බැලුවේ ඊවිල් ඩෙඩ් තමා. ඒ කාලෙ නම් හොඳටම බය වුනා. දැන් නම් ඒවා බලද්දි හිනාත් යනවා. කොහොම වුනත් සබට බොහොම ස්තූතියි මලේ.
නුවන්
Sub eka hariyata set nane
Bimsara Yashan(ඔලිව)
PSA එක නම් තප්පර 1 ඉස්සරහට දාගන්න. ඉස්සරහට ඒක හදල අප්ඩේට් කරයි.
නූවන්
Sub eka hada gatha Hari Dan thanks
Ruchira
Thanks for the sub!!!
Pramod
දෙනකම් බල බල හිටියෙ , තෑන්ක්ස් මචෝ සබ් එකට , ජයම වේවා.
Anonymous
Enakam balan unna film ekak.thanks
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Ravindra
Thanks
kavinda gamage
බොහොම ස්තුතියි නියම වැඩක් .
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
යුරාන් ධනුක (දනුවා)
උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ, ආපු දවසෙම දීලනේ.
ජයවේවා !!!123 Movie
Sub එකට Thanks Bro මේකේ Blu-Ray Rip එකක් එන්නේ කවද්ද කියන්න පුලුවන්ද
Hashan
Thnx for the sub sgorr❤️
Anonymous
ගුනේරු කියා කියා අරුන්ට බැන්නට මුනුත් ගුගල් ටාන්ස්ලේට් කරනවද කොහෙද
නැත්නම් කොහොමද මුන් මේ ලගකදී ඉඳල මෙහෙම සබ් දෙන්නේ.Anonymous
ෆිල්ම් එක ආව ගමන් සබ් දෙන කවුරුත් ට්‍රාන්ස්ලේට් කරලා දෙන්නෑ මනුස්සයෝ.. කැම්කොපියට සබ් එක කරලා ඔරිජිනල් ආවම සින්ක් කරලා දෙන්නේ.. ඒක බයිස්කෝප් එකෙත් එහෙමයි කොහෙත් එහෙමයි..
Kavi
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!Dilahan Sachintha
තෑන්ක්ස් බ්‍රෝ..
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Dewadithya
Thanks for Sub!
Anonymous
Tnx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nishan
Thanx bro
Advertisement
Thank you Subtitle ekata ❤️