Watch Trailer

The Croods (2013) | ලොව මුල්ම සවාරිය…. [සිංහල උපසිරැස සමඟ] (50)

ඔන්න එහෙනම් අපේ රොයිලි, දිදුල, පුබුදු, හසන්ත හා දිනිදු කියන අපේ ප්‍රවීණයෝ මීට පෙර පහු කරපු කඩුල්ල මේ පුංචි මමත් ඔන්න අද පහුකරන්නයි හදන්නෙ. ඒ බයිස්කෝප් අඩවියේ වෙනුවෙන් උපසිරැස 50 ලබාදුන් 6 වැනියා විදිහට. ඒ වගේම බයිස්කෝප් අඩවියේ එවැන්නක් කල බාලම පුද්ගලය වෙන්නත් මට අද හැකි වුනා. අද ඇත්තටම මට බොහොම සතු…

The.Croods

ඔන්න එහෙනම් අපේ රොයිලි, දිදුල, පුබුදු, හසන්ත හා දිනිදු කියන අපේ ප්‍රවීණයෝ මීට පෙර පහු කරපු කඩුල්ල මේ පුංචි මමත් ඔන්න අද පහුකරන්නයි හදන්නෙ. ඒ බයිස්කෝප් අඩවියේ වෙනුවෙන් උපසිරැස 50 ලබාදුන් 6 වැනියා විදිහට. ඒ වගේම බයිස්කෝප් අඩවියේ එවැන්නක් කල බාලම පුද්ගලය වෙන්නත් මට අද හැකි වුනා. අද ඇත්තටම මට බොහොම සතුටු දවසක්. මම මුලින්ම අන්තර්ජාලයට උපසිරැසක් නිකුත් කලේ 2012 දෙසැම්බර් මාසෙ 28 වැනිද. නමුත් මම බයිස්කෝප් වෙබ් අඩවිය එක්ක එකතු වුනේ 2013 පෙබරවාරි 12 වැනිදා Dr. No (1962) | විනාශකාරී … උපසිරැසත් එක්ක. මාස 4යි සති 3යි දින 2ක් ඇතුලත මට මේ තැනට එන්න වුන එකට වග කියන්න ඕනෙ කෙනෙක් ඉන්නව. එයා ගැන ඉදිරියට කියන්නම්. 

 ඇත්තටම උසස් පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට මම මුහුණ දුන්නෙත් ඒ තරම්ම හිතේ විශ්වාසයකින් නෙමෙයි. එහෙව් මම ඉංග්‍රීසි උපසිරැස 50 සිංහලට හැරෙව්ව කියන්නෙ මට ඇත්තටම ලොකු දෙයක්, ඇත්තටම මේ ක්‍රියාව මගේ ඉංග්‍රීසි දැනුව වර්ධනය වෙන්න ලොකු පිටිවහලක් වුනා. මුලින්ම විනෝදයට මම උපසිරැස කරණයට අත් පොත් තිබ්බ වුනත් අද ඒක ඇබ්බැහියක් වෙලා. ඒක ගැන දුකක් නැහැ හිතේ, සිංහල කියන භාෂාව ලෝකෙ භාවිතා කරන එකම රට අපේ මව් රට වන එකේ අපි අපිට  යමක් කරගන්නෙ නැත්නම් කවුරු අපිට අත දෙන්නද කියල හිතෙනකොට මේ වෙබ් අඩවියට එකතු වීම පිළිබඳ ලොකු ආභම්බරයක් දැනෙනව. 

 මම මේ වන විට චිත්‍රපට 27ක් හා ටෙලි නාට්‍ය කොටස් 23 මා විසින් උපසිරැස ගනවා  තියනව. ඉතින් මම මුලින්ම ඒ උපසිරැස ගත්ත, ඒ උපසිරැස පිළිබඳ අදහසක් පළ කරපු හැම කෙනෙක්ටම බෙහෙවින්ම ස්තුතියිවන්ත වෙනව. මොකද මේ සියළුම උපසිරැස කරුවන් කැප කරන කාලයෙන්, මිල මුදලෙන් අපිට ලැබෙන්නේ ඒ අදහස් කියවල ලබන සතුට විතරයි. ඒක අපි හැමෝටම මහ මෙරක්. දැන් ස්තුතියි කතාවේ මම පෞද්ගලිකව දන්න පාර්ශව. මම තවම දෙමව්පියන්ගෙන් යැපෙන ශිෂ්‍යයෙක් නිසා මේ කරන හැම දෙයකම බිල් ගෙනවනවට ඒ අයට බොහොම ස්තුතියිවන්ත වෙන්න ඕනෙ. ඊලගට අන්තර්ජාලයේ මේ වැඩේට අත තිබ්බ පොතේගුරා හා රොයිලි සහෝදර වරුන්ට ඔවුන් ඒහෙව් දෙයක් එදා නොකල නම් අද මට මෙහෙම ලිපියක් ලියන්න වෙන්නෙ නැහැ. ඊලගට අද මට මෙහෙම 50 වෙනි උපසිරැස ලබාදෙන්න වැඩ සිද්ධකල කෙනා. තරිදු අයිය, එහෙම කිව්වට නම් දන්න අය අඩුයි දන්න විදිහට කියනව නම් “විකිය”. “මල්ලි මෙන්න හොඳ එකක්, මේක අද ආවේ. අපේ කට්ටිය බලන එකක්.” ඔහොම පටන් ගන්න කතාව හරි මම මේක කරන්නම් කියනකම්ම නවත්වන්නේ නැහැ. ඊලගට ඔය කිසිම එකක් නොකියා ටොරන්ට් ආව ගමන් ලබාදෙන නිහඬ වාසල අයිය. ඊලගට ඉන්නෙ තව වැදගත්ම කෙනෙක් ඒ තමයි අපේ හසන්ත අයිය. ඕනෙම උපසිරැසක මොකක් හරි මට කරගන්න බැරි දෙයක් තිබ්බොත් මගේ පිහිටට එන්නෙ මේ උත්තමය තමා, හැබැයි ලිපියේ නම ලිව්වම මම බැනුම් අහනව ඊලගට. මට යන්තම් ලිපියක් ගැට ගහගන්න පුලුවන් නම් කියවන්න කැමති වෙන්න ඒකට ස්තුතියිවන්ත වෙන්න ඕනෙ මට මුල ඉදලම ඒ පිළිබඳ කියා දුන්න උදා අයියට. මේ හැමෝම එක්ක තව ඉන්නව කණ්ඩාමකට අයත් පිරිසක් ඒ උදවිය දන්නව  මම මේ කියන එක. ඒකේ ඉන්න හැමෝටමත් බොහොම ස්තුතියිවන්ත වෙනව මට දැක්වූ සහයෝගයට. නම කියන්න අතපසු වුන කෙනෙක් ඉන්නව නම් සමාවෙන්න මට. 

 තව පුළුවන් කාලයක් මේ වගකිම ඉටු කරන්නම් අපි, නමුත් අපේ පොඩි ප්‍රමාදය ඉවසන්න කියල කරුණාවෙන් ඉල්ලා සිටිනව මොකද එහෙම ප්‍රමාදයක් වුනා නම් ඒකත්. ඔබට හොඳම දේ දෙන්නයි. එහෙනම් මට අවසර මගේ උපසිරැස කරණයේ නවමු මානයකට පය තියන්න:

මේ සජීවී කරණ සිත්තමකට මම  ගේන මුල්ම උපසිරැස. මේ සඳහා යොදාගත්ත තාක්ෂණය නම් බොහොම මෑත කාලයේ ලොව ජයගතක් වුනත්, කතාව නම් සෑහෙන පරණයි. කොටින්ම කියනව නම් පැන්ජිරියා මහද්වීපය තිබුන යුගයටම දිව යනව.

නිර්මාණය සිදු කරල තියෙන්නෙ ලොව සුපතල Dream Work Animation ආයතනය.ඔවුන් වෙනුවෙන් බෙදා හැරීම සිදු කරල තියෙන්නෙ 20th Century Fox ආයතනය. අයත්වන කාණ්ඩයන් තමයි සජීවීකරණ, වික්‍රමාන්විත හා විනෝදාත්මක කියන ඒව. ප්‍රදර්ශනය ආරම්භ කෙරුනෙ 2013 මාර්තු 22 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේදි. IMDB 7.5 වගේ ඉහළ අගයක් මෙම සජීවී කරණය හිමි කරගෙන තියනව. උපයා ඇති Box Office ආදායම $ 576,485,734 ක් වගේ ලොකු අගයක්.

මේ සලරුව පුරාම දිව යන්නෙ බොහොම සුළු මිනිස් චරිත ප්‍රමාණයක් මූලික වශයෙන්ම.ග්‍රග් ලෙස Nicolas Cage, ඊප් ලෙස Emma Stone ද, ආහ් ලෙස Catherine Keener, ග්‍රෑන්ඩ් ලෙස Cloris Leachmanත්, Clark Duke තන්ක් ලෙසත් කෲඩ්ස් පවුලේ පොඩ්ඩා ලෙස Randy Thom එක් වනව.මේ පවුලට එක්කාසු වන තරමක් පරිණාමයෙන් දියුණු ඉලන්දාරියා ගයි ලෙස Ryan Reynolds තම හඬ මෙම සවාරිය වර්ණවත් කිරීමට යොදාගන්නව.මේ සියල්ලනටම අමතරව බිළාල කෘදන්තයින්, ගිරා කැස්බෑවන්, කිඹුල් සුනකයන්, මැමත් ජිරාෆයන්, ඇත් මූසිකයන් වගේම ගොඩ ඇවිදින තල් මසුන් වගේ තවත් අරුම පුදුම දෙමුහුන් සතුන් රැසක් විශිෂ්ට ලෙස පණ ලබා තිබෙනව.

ගුහාවාසීන් ජීවත් වුනේ බොහොම පොඩි ඉඩ කඩක් තුල ඔවුන්ගේ මතයට අනුව අලුත් සියල්ල බයානකයි.ඔවුන්ගේ කිව්වට පවුලේ මූලිකය තමා ඉතින් එහෙම හිතන්නෙ ඒ කිව්වෙ ග්‍රග්,කොටින්ම කියනව නම් මිනිහ අපි හැමෝම බලපු “ගිරිපුර ඇත්තෝ”කාටූන් එකේ “බොරළුගොඩ” වගේමයි. වැඩක් පටන් ගත්තොත් ඇදගෙන නානව.මිනිහටත් නැන්ද අම්ම සෑහෙන ප්‍රශ්නයක්.බලන උදවියට සිනහව ස්ථීරයි.ඊප් නම් හැම වෙලාවෙම වික්‍රමයන් පස්සෙ ලුහුබඳින්නියක්.නමුත් ඉතින් ලේසි නැහැ නොව ගල් යුගයේ වුනත් ඉහල තැන එක්ක හැප්පෙන එක.මේ කෙල්ල දවසක් රෑ පායා ඇති ඉරක් දකිනව. ඉරක් කිව්වට ඇය රැවටෙන්නෙ ගින්දරය.මොකද එළිය විහිදුවන දෙයකට ඇය දන්නෙ ඉර විතරනෙ.එතන ඉදල ඇය අමුතු සත්වයෙක් ඇදින ගන්නව නමින් ඔහු ගයි.මොවුනට වඩා පරිණාමයෙන් ඉහළින් ඉන්න ඉලන්දාරියෙක්.කෙල්ලට ගින්දර ගැන එහෙම කියල දෙනව.නමුත් මිනිහ ඒ එක්කම ලෝක විනාශයක් ගැන කතාවක් කියනව.ඉතින් ඒ රැයෙන් පස්සෙ මෙහෙම ගෙවන ගුහා ජීවිතය අවසාන වෙන්නෙ ගුහාව විශාල ගලක් පෙරලීම හේතුවෙන් විනාශ විම එක්ක. ගයිගේ කතාව සනාත කරමින්.ඒ ලෝක විනාශයේ පෙර ලකුණක්. ඔන්න මේ පවුල ගමන් ආරම්භ කරන්න හදන්නෙ, හදනව කිව්වට යන්නම වෙනව. පොඩි බාහිර පෙළෙබවීමක් නිසා…. 😉 දැන් එහෙනම් අමුතු අමුතු සතුන් මැදින් ඇවිද යන ගයිගේ එකතු වීමත් සමග අලුත් වෙන අදහසින් පිඹිදෙන කෲඩ් පවුලේ මුල්ම ලෝක සවාරිය ඔබම මිනිත්තු 98 තුල බලාගන්න. ආ අමතක වුනානෙ පොඩි ආදර සම්බන්ධයක් වගේ එකකුත් පටන් ගන්න ගයි ඉලන්දාරිය හදනව, නමුත් ඉතින් අද කාලෙ වගේ තමා ගල් යුගෙත් උදැල්ල දාන්න අය එමටයි. ඒකටත් වෙන දේ ඔයාලම බලන්න.

කතාව විනෝදාත්මක හා සජීවීකරණ එකක් වුනත් මේකෙත් බොහොම අගේට හොද ආදර්ශයක් දෙනව, ආදර්ශයකට වඩා ඒක සැබෑ ලෝකයෙන් යමක් ගෙනහැර දැක්වීමක් කියන්න පුලුවන්. ඒ තමයි පිය සෙනෙහස. ගල් යුගය වුනත් එහි වෙසනක් නැහැ, තමුන්ට හැගෙන හැකි අයුරෙන් තමන්ගේ පවුල ආරක්ෂා කරන්න ග්‍රග් ගන්න උත්සාහයත් අගය නොකරම බැරි නිසයි මේ පොඩි කොටසත් ලිව්වෙ. එහෙනම් ඉතින් තවත් සලරුවක් සමඟ හමුවෙනතුරු ඔබ සැමට ජය…!

50

The Croods (2013) on IMDb

 

 

Due to copyright issues, We do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය Web සහ BR පිටපත්  සඳහා ලබා දී ඇත.

 

30,492 downloadsDownload The-Croods-2013.rar315 B

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

30,492 downloadsDownload Subtitles315 B

258 comments

  1. රොයිලි

    උපසිරැසි පනහේ කඩුල්ල පසු කිරීමට ලැබීම ගැන උණුසුම් උණුසුම් මුල්ම සුබ පැතුම් ඔන්න මම අරගෙන ආවා. අඳුනගෙන කෙටි කාලයක් වුණත් මේ ටික කාලෙදී සමීර මලයගේ වැඩ ගැන නම් සෑහෙන්න පැහැදුනා කිව්වොත් බොරුවක් නෙවෙයි. දෙපාරක් කල්පනා නොකර අනිවාර්යයෙන්ම බාගත කරගෙන බලන උපසිරැකි නිර්මාණකරුවන්ගේ ලයිස්තුවට අනිවාර්යයෙන්ම සමීරත් අයිති වෙනවා. ඒත් මට පොඩි කනස්සල්ලකට තියෙන්නේ මට මේ වනතෙක් කිසිම අවස්ථාවකදී සමීරට කිසිම උදව්වක් දෙන්න බැරිවීම ගැනයි. මෙතැනින් නොනැවතී ඉතා ඉක්මනින්ම 100 හා එතැනිනුත් එහාට යෑමට හැකියාව ලැබෙන්න කියලා ඉත සිතින් සුබපතනවා. ඒ වගේම ජීවිතයේ සියළුම සිතුම් පැතුම් ඉටුවෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා. ජයම වේවා෴෴

    1. සමීර කරුණාරත්න

      කනස්සලු වෙන්න දෙයක් නැහැ ඔයා මේ කරල තියන උදව්ව ඇති.
      බොහොම ස්තුතියි අදහස් දැක්විමට අයියේ.

    2. mahesh

      cannot download subtitle in The croods plz help me..

  2. venura

    wish u all the best sameera

    1. සමීර කරුණාරත්න

      බොහොම ස්තුතියි අදහස් දැක්විමට

  3. isuru

    supiri 50 k dunna ahenm

    1. සමීර කරුණාරත්න

      බොහොම ස්තුතියි අදහස් දැක්විමට

  4. hasitha dilranga

    ela ela subapathanawa 50 thawa idiriyata yamu kolla thawath 2013 ekak demu

    1. සමීර කරුණාරත්න

      බොහොම ස්තුතියි අදහස් දැක්විමට

  5. h[A]s

    ජයම වේවා 50 ට මචෝ සුපිරි ෆිල්ම් එකක් නේ පොඩි කොපියක් මෙන්න මගේ ගානේ අද මම මේකෙන් ගත්තේ http://www.300mbfilms.com/the-croods-2013-webrip-400mb

    WEBRip 400MB

    1. සමීර කරුණාරත්න

      බොහොම ස්තුතියි අදහස් දැක්විමට ඒ වගේම ලින්කුවටත්

  6. නිරෝෂ්

    දිගු ගමනකට සුබ පැතුම්..සමීර
    ජයවේවා !

    1. සමීර කරුණාරත්න

      බොහොම ස්තුතියි අදහස් දැක්විමට

  7. zumo man

    elazzz thnxzzz

  8. රෙහාන් චානක

    උපසිරැසි 50ට හදවතින්ම ස්තූති සහෝ. සබ් කරන කෙන තමා දන්නෙ වැඩේ තියෙන අමාරුව ඉතින් මෙ කරන කැපකිරීමට බොහොම පින් සහෝ

    1. සමීර කරුණාරත්න

      නිසැකවම කරලම තමයි රග බලන්න ඕනෙ.
      බොහොම ස්තුතියි අදහස් දැක්විමට.

  9. Vimukthi

    සමීර කරුණාරත්න Thanks a lot Bro
    And Superb Work Too ^_^
    Wish you all the very Best for you and waiting for More :)

    1. සමීර කරුණාරත්න

      බොහොම ස්තුතියි අදහස් දැක්විමට.

  10. හසන්ත වික්‍රමරත්න

    ගොඩ දවසක ඉඳන් බලන් හිටපු දවසක් මේක. ඒ වගේම ගොඩක් සතුටුයි මේක ඇනිමේෂන් ෆිල්ම් එකකින් සමරන්න ලැබුන එකට. මම හිතන්නේ වේගවත්ම 50 හිමිකාරයා වෙන්නෙත් සමීර මල්ලි. ඇත්තටම හදපතුලෙන්ම සතුටුයි ඒ වගේම සුබ පතනවා මේ ගමන වෙනුවෙන්. මොකද මේ 50 කණ්ඩායම එකතු වෙලා උපසිරසි දෙන්න ගත්ත කාලේ ඒ කියන්නේ මේ අවුරුද්දේ ජනවාරි වගේ ඉඳන් දුන්නු උපසිරසි ප්‍රමාණය අප්‍රමාණයි. ඒ වගේම ඒ දිහා බලාගෙන දැන් සැහෙන්න දෙනෙක් අපිත් එක්ක එකතු උනා. ඒකට වග කියන්න ඕනේ ප්‍රධාන සාධකයක් තමයි සමීර කරුණාරත්න කියන්නේ.ඒ වගේම තව දෙයක් පුද්ගලිකවම අපි මුණ ගැහිලා නැතත් ඊටත් වඩා ඒහා ගිය සහෝදර බැඳීමකින් අපිත් එක්ක වැඩ කරන නිහතමානි කෙනෙක් තමයි මේ අද කඩඉමක් පහු කරන්නේ. ඒ ගැන නම් කියන්න වචන නැහැ. පුද්ගලිකවම මම කාර්යබහුල උන අවස්ථා දෙකකදී මට උදවු කරලා ඒ උපසිරසි වලට උදවු කරපු කෙනෙක්. ඒ වගේම අපේ වෙබ් පිටුවේ මග හැරුන උපසිරසි එකතු වී නිර්මාණය කරන දවස් වල ඒ වෙනුවෙන් අපි හැමෝම උනන්දු කරමින් සහය දක්වපු කොල්ලෙක්. කලින් කිව්වා වගේ ගොඩක්ම සතුටුයි ඇත්තටම සතුටුයි මේ 50 සම්බන්ධයෙන්. මම දන්නවා මේ 50 100 කින් නතර වෙන්නෙත් නැහැ කියලා. ඒකට අවශ්‍ය ශක්තිය ධෛර්ය නොඅඩුව ලැබේවා ඒ වගේම ජිවිතයේ කරන කියන හැම දෙයක්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!! ජයෙන් ජයම වේවා!!

    1. සමීර කරුණාරත්න

      බොහොම ස්තුතියි අයියේ.
      ඔයා මට කරපු උදව් වචනයෙන් විස්තර කරන්න බෑ
      ඒ හැම එකකටම බොහොම පිං.

    2. සමීර කරුණාරත්න

      පොඩි බොරුවක් කියල තියනව ඔයාට උපසිරැස 50 ක් දෙන්න ගියේ 3 මාස, 3 සති, 4 දින ක් විතරයි... ;)

  11. Bandula

    එල එල 50 ට 100 ක් දෙන්න ලැබේවා!!!!!

    1. සමීර කරුණාරත්න

      බොහොම ස්තුතියි අදහස් දැක්විමට.

  12. ganidu

    සුපිරිම තමා මචෝ මගෙත් උණුසුම් සුභ පැතුම් !

    1. සමීර කරුණාරත්න

      බොහොම ස්තුතියි අදහස් දැක්විමට.

  13. shkthi

    Wish U Allthe Best bro :D

    1. සමීර කරුණාරත්න

      බොහොම ස්තුතියි අදහස් දැක්වීමට.

  14. vee

    THANKS SO MUCH GR888888

    1. සමීර කරුණාරත්න

      බොහොම ස්තුතියි අදහස් දැක්වීමට.

  15. ccnp

    Thanks

  16. kalinga

    සුපිරි මචං මගේ හද පිරි සුභ පැතුම්!

    1. සමීර කරුණාරත්න

      බොහොම ස්තුතියි අදහස් දැක්වීමට.

  17. dj

    මේක එනකම් බලාගෙන උන්නේ මචෝ 50 හට 1000 ක් දාන්න ලැබේවායි හදවතින්ම පතමි

    1. සමීර කරුණාරත්න

      බොහොම ස්තුතියි අදහස් දැක්වීමට.

  18. jack

    ඉස්සෙල්ලම මචෝ 50 වෙනි කඩයිම ජය ගත්තාට හදවතින්ම සුබ පතනවා. උබලා මේ කරන දෙයින් තමා දෙයියනේ කියලා බොක්කටම තේරෙන්න චිත්‍රපටියක් බලන්න පුලුවන් වෙන්නේ.ඔන්න එහෙනම් මේකත් ගත්තා. බොහෝම ස්තුතියි උපසිරැසියට!!!

    1. සමීර කරුණාරත්න

      බොහොම ස්තුතියි අදහස් දැක්වීමට.

  19. chami

    thnxxxxxxxxxxxxxxxxxxx

  20. wow

    wow,, maru :D

  21. cahamara

    mageth unusum suba pathum

  22. fd

    suba pathum

  23. sds

    loweth na macho wish u all the best

  24. f_live

    කවදත් වගේ කියන්න තියෙන්නේ බයිස්කෝප් එකේ ඉන්නේ සුපිරි කොල්ලෝ අනිවා අපි ඔබ සගයි සැමදා

  25. tharanga

    ඔය පට්ටම ෆිල්ම් එකක් දීලා තියෙන්නේ මරු මචං ඔයාගේ සබ් පට්ට හොදේ සුභ පතනවා 100 ක් ඊගාවට ගහමු

  26. elakiri

    එළකිරි මචෝ ඔහොම්මම යමු මරු

  27. chamath cafe

    සුභ පැතුම් මචං

  28. දිනිඳු සම්පත්

    මමත් ඔන්න සමීර කොල්ලට මුළු හිතෙන්ම සුභ පතනවා.. ඉතාමත් කෙටි කාලයකදී චිත්‍රපටි 50කට සිංහල උපසිරැසි ලබා දෙන්න කොච්චරක් නම් ශ්‍රමය, වෙලාව කැප කරන්න ඇතිද කියලා හිතෙනකොට ඇත්තටම උඹලා වගේ කොල්ලෝ ගැන හිතට මහ ලොකු ආඩම්බරයක් දැනෙනවා. හිතේ සතුට වෙනුවෙන් මේ වගේ කැප කිරීමක් කරන උඹලා වගේ උන්ට කෘතගුණ සලකන්න අපිට තියෙන එකම විදිහ තමයි කමෙන්ටුවක් දාන එක. උඹ දාපු ගොඩක් චිත්‍රපටි මම හරි ආසාවෙන් බැලුවා. මේකත් අනිවාර්යයෙන්ම බාගෙන බලනවා. ඒ වගේම ඉක්මනින්ම උපසිරැසි 100ත් පහු කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. ජයෙන් ජය වේවා!

    1. සමීර කරුණාරත්න

      බොහොම ස්තුතියි අයියේ.
      ඔයාල මට වඩා දෙයක් මේකෙ කරල තියනව ඒකට ස්තුතියි.

  29. eraNga

    එල මචං

  30. dushman

    මෙතැනින් නොනැවතී ඉතා ඉක්මනින්ම 100 හා එතැනිනුත් එහාට යෑමට හැකියාව ලැබෙන්න කියලා ඉත සිතින් සුබපතනවා. ඒ වගේම ජීවිතයේ සියළුම සිතුම් පැතුම් ඉටුවෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා. ජයම වේවා෴෴

  31. waruna

    maxxama macho all the best

  32. rusuru | රුසිරු

    සුපිරි පොරක් මේ ෆිල්ම් එකත් මැක්සා ඕන පින් දීලා ගත්තා

  33. kasun viraj

    සුබ පැතුම්..සමීර
    ජයවේවා !

  34. Sanjaya

    මමත් සහෝ ඔයාගෙ කතාවට එකඟවෙනව. සිoහල භාශාව ලාoකිකයන් විතරක් භාවිතා කරන භාශාවක්. ලෝකයේ විවිධ භාශා වලින් නිකුත් වන සලරූ සඳහා සිoහල උපසිරැසි සකස්කර මේ වෙනුවෙන් දෙන දායකත්වය අගයකරන්න ඕනෙ. මේ නිසා බොහෝ පිරිසක් බයිස්කෝප් සමග එකතුවී මුලින් උපසිරැසි ලබාගෙ පසුව මෙයට උපසිරැසි නිකුත් කිරීමට දායකවී සිටිනව. මෙම පිරිස දිනෙන් දිනම වැඩි වීම සතුටට කාරනයක්, ඒවගේම මෙම උපසිරැසි නිකුත්කරන සොයුරන් දිරිමත් කරමින් මෙයට දායක වීම යුතුකමකි. මේ මහඟු සත්කාරයට දායක වෙන සියල්ලෝම කරනා මෙම වටිනා සේවයට මගේ හදවතින්ම සුභපතනව.

    1. Sanjaya

      තව දෙයක් ඔබගේ 50 වන උපසිරැසියට උනුසුම් සුබපැතුම්, උපසිරැසි 100 කඩඉමට ඉක්මනින් ලඟාවීමට ලැබේවා!

  35. ishara

    maru machan

  36. පියුම් මධුශංඛ

    නියමයි සහෝ............ එහෙනම් මගෙනුත් සුභ පැතුම්..... :)

  37. sumudu

    patta machan

  38. චරිත පොල්ගස්දෙනිය

    පට්ටම පට්ට මෙන්න අර්ධ ශතක කුලකයට තවත් කෙනෙක් :)
    අති විශිෂටයි සිංහලෙන් උපසිරසියක් දෙනවා කියන එක ලේසි දෙයක් නෙවෙයි
    පැය 2ක් 3ක සලරුවකට උපසිරැසි යොදන්න පැය දවසක් දෙකක් වෙහෙසෙන්න ඕනි
    ඉතින් එහෙම වෙද්දී උපසිරැසි 50 ක් දෙනවා කියන එක
    එසේ මේසේ දෙයක් නෙවෙයි නේ
    හදවතින්ම සුභ පතනවා සමීර සහෝ උපසිරැසි අර්ධ ශතකයට :D
    ඉදිරියටත් මේ වේගෙන්ම උපසිරැසි අපට ලබා දෙන්න :)
    ~ජය වේවා බයිස්කෝප් ~

    1. සමීර කරුණාරත්න

      ආයෙත් අහල පැයක් දෙක්ක කකුල් උඩ තියන් බලන ලකය නැහැ කරන්න ගියාම නම්. ස්තුතියි සහෝ

  39. amila

    all the best sameera

  40. Yasantha

    Ela ela...menna bande...thanks veva saho

  41. shann

    මගෙත් උණුසුම් සුභ පැතුම් සහෝට

  42. g-a-n-d-u

    එල මචං සුභ පැතුම් තවත් සබ් දාන්න ශක්තිය ලැබේවා!

  43. upali

    ela ela ela ela

  44. jana,

    nice work bro

  45. Pubudu Supun

    ඔන්න මගෙන් සුභ පැතුම් දෙකක්ම.එකක් සබ් 50 සීමාව පහු කලාට, අනික මෙච්චර වේගයෙන් සබ් 50ක් දැම්මට :) මමත් රොයිලි අයියා කිව්ව කතාවට නම් සම්පූර්ණයෙන්ම එකඟයි. සමීර කියන නම දැක්ක හැටියෙම කිසිම බයක් නැතුව ෆිල්ම් එක බාන්න දාන්න පුලුවන්. ඉතින් මචං එහෙනම් මේ අවස්ථාවේ උඹේ ජීවිතේ සියළුම කටයුතු සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට යන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජයෙන් ජය.

    1. සමීර කරුණාරත්න

      බොහොම ස්තුතියි මචෝ.
      එ වගේම මං ගැන තිබ්බ විශ්වාසයට බොහොම ස්තුතියි.

  46. IshanGihantah

    thanks machan

  47. Thushan

    මුළින්ම උබට සුභ පතනවා 50 වෙනි උපසිරසි ගැන්වීමට.තව චිරාත් කාලයක් අපිට දාන්න පුළුවන් වේවා කියලා ප්‍රර්ථනා කරනවා.දන්න කාලේ ඉන්දන් එළකිරි වගේ ෆිල්ම් වලට දුන්නු 1ක් තමා උබ.ගොඩක් පින්.උබ කරන කියන හැම හොද දෙයක්ම හරි යන්න කියලා මම ප්‍රර්ථනා කරනවා.

    1. සමීර කරුණාරත්න

      මම ඔයාගෙ ඉල්ලීම කමෙන්ට් එක දැක්ක 50 වෙනුවෙන්. සමහර ඒව ඇවිත් නැහැ සහෝ ඒ වායෙන් ආපුවා දුන්න වෙන අය. අපි බෙදා හදාගෙන කොහොම හරි හැම එකක්ම ඔයාලට දෙන එකේ ඒ වලින් එකක් දෙන්න බලන්නම් මමත්. බොහොම ස්තුතියි අදහස් දැක්වීමට.

  48. Menu

    Congratulations bro & thank you very much :)

  49. ositha

    wow maxxxa hode 50 ta suba pathum

  50. ranga

    jaya pathami

Load more comments