ඔන්න ඉතින් මන් මගේ දෙවැනි උපසිරැසියත් අරගෙන ආව.මේකනම් කොහොමහරි ඉක්මනට ටයිප් කරල ඉවර කරන්න පුලුවන් උනා. වටෙන් පිටෙන් කරදර ආවෙත් නැති නිසා වැඩේ කොහොමත් ඉක්මන් උනා .හැබැයි ඉතින් මේකෙත් අඩුපාඩුනම් ඇති .කොහොමහරි හරි අවුලක් නැතුව කතාව තේරුම් ගන්න නම් ඇතිවෙයි කියල හිතනව. මේක Part Horror, Part Dark Fantasy…
ඔන්න ඉතින් මන් මගේ දෙවැනි උපසිරැසියත් අරගෙන ආව.මේකනම් කොහොමහරි ඉක්මනට ටයිප් කරල ඉවර කරන්න පුලුවන් උනා. වටෙන් පිටෙන් කරදර ආවෙත් නැති නිසා වැඩේ කොහොමත් ඉක්මන් උනා .හැබැයි ඉතින් මේකෙත් අඩුපාඩුනම් ඇති .කොහොමහරි හරි අවුලක් නැතුව කතාව තේරුම් ගන්න නම් ඇතිවෙයි කියල හිතනව. මේක Part Horror, Part Dark Fantasy, Part Supernatural Love Story වගේම Part Haunted House Movie එකක් විදිහට ගන්න පුලුවන් ෆිල්ම් එකක් .මේකේ වෙන්නෙ ජේකබ් කයිසර් කියල තරුණ කොල්ලෙකුට එයාගෙ අභිරහස් මාමගෙන් ලැබෙන දේපලක් හා ඒකෙ දේවල් නිසා මෙයාට මුහුන දෙන්න වෙන දේවල්. මේක හොරර් ටයිප් එකට වැටුනට මේකෙ එහෙම ගොඩක් ලොකු බයානක සීන් නෑ .කතාව එක දිගට බැලුවොත් ඒකෙ අමුතුම ලස්සනක් තියෙනව. ඒකයි මට මේ ෆිල්ම් එකට සිංහල සබ් එකක් කරන්න හිතුනෙ. ඇත්තෙන්ම මේ ෆිල්ම් එක බලන්න කලින් මම දැනගෙන හිටියෙ නෑ මේක හොරර් ටයිප් එකටත් වැටෙනව කියල.මොකද මන් ඒ ටයිප් එකෙ ෆිල්ම් බලන්නෙම නෑ.බයටත් වඩා මගේ එච්චර කැමැත්තක් නෑ. කොහොමත් ඉතින් එක එක්කෙනාගෙ ආසාවල් වෙනස්නෙ.ඔන්න ඉතින් මේ ටයිප් එකට කැමති කට්ටියට හොද ෆිල්ම් එකක් මේක.
මේක 2016 නිකුත් වෙච්ච ෆිල්ම් එකක්.මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Pearry Reginald Teo විසින්. ඒවගේම මේකෙ කතාව ලියල තියෙන්නෙ Pearry Reginald Teo වගේම Josh Nadlerදෙන්න එකතුවෙලා. ඒවගේම මේක පාදක වෙලා තියෙන්නෙ Everette Hartsoe කියන කෙනාගෙ චිත්‍රකතා පොතක් පාදක කරගෙන. මේ ෆිල්ම් එක IMDB දර්ශකයේ 4.3 ක අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනව.පැය එකයි මිනිත්තු විසිනවයක කාලයකට මෙම සිනමා පටය දිවෙයි.Ethan Peck මේකෙ ප්‍රධාන චරිතය නිරූපණය කරනව. මෙහි ලින්ඩා චරිතය නිරූපණය කරන්නෙ Natalie Hall විසින් වන අතර India Eisley විසින් බ්‍රයර් රෝස් චරිතය නිරූපණය කරනව. ඒවගේම අපිට මේකෙ කොටසක යන්ත්‍රමන්ත්‍ර ගුරුකම් කරන කෙනෙකුත් හම්බවෙනව. ඒ චරිතයට පනපොවන්නෙ Bruce Davison කියන ප්‍රසිද්ධ නළු චරිතය.මොහු බොහෝමයක් ජනප්‍රිය චිත්‍රපටවල චරිත නිරූපනයට දායක වෙලා තියෙනව.ඒවගේම මොහුගෙ රංගනය ඉතාමත් සිත් ඇදගන්නා සුලු වෙනව.
මේකෙදි මේ කයිසර් තරුණයට මේ දේපල ලැබෙන්න කලින් ඉදන්ම එක්තරා හීනක් පෙනෙන්න අරගෙන තියෙනව. ඒකෙ එක නිදාගෙන ඉන්න සුන්දරියක් ඉන්නව.ඒවගේම එයාට ජේකබ්ගෙ තියෙන බැදීම මොකක්ද? ඒ සුන්දරිය කවුද? මේ දේපල මොකක්ද? ඒවට උත්තර කතාව බලලම හොයාගන්නකො. ඒව තමා තවත් උපසිරැසියක් කරන්න ශක්තියක් වෙන්නෙ.එහෙනම් සබ් එක බාල බලන්නකො. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන තුරු ඔබට ජය…!!!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
2,690 downloadsDownload The-Curse-of-Sleeping-Beauty-2016.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Sandaruwan-Bandara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳරුවන් බණ්ඩාර කරුණරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-03-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සඳරුවන් බණ්ඩාර කරුණරත්න
Subtitles
21 comments
ranga11112
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Prabodha Madhusankha Hettiarachchi
Thank u saho sub ekata..
Chamod_Sasitha
Ela bro
OshankaNW
Sub ekata thanks saho
AsithaDilruwan
ela ela thanks
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!බොබී
තවත් අළුත් සාමාජිකයෙක් නේද? මල්ලිට 50 කඩඉමටත් ඉක්මනින්ම යන්න හැකිවේවා කියලා සුභ පතනවා.
hansiprabha
thanks kalekin man awe okkoma wenaswela. good luck
sampath2017
sub ekata thanx bro..
(Bicentennial.Man.1999) me film eketh sub eka dennako plzgihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි......
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා......
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.sanda97
The Curse of Sleeping Beauty
sashitha
patta macho
Hashan M. Priyadarshana
Thank you bro sub ekata..
Jaya wewa!Rukshan37
Ela
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanks Saho..... patta film aka