ඇත්තම කියනවා නම් මේක තමයි මගේ ජිවිතයේ මම ලියන අමාරුම ලිපිය, මොකද මේක ලියන්න ඕන කියලා හිතලා ගොඩක් දවස නමුත් හැමදාම ලියන්න හදනකොට හිතට කිසිම අදහසක් ගලාගෙන එන්නේ නැහැ, එහෙමම කියන්නත් බැහැ ගොඩක් දේ හිතෙනවා විශේෂයෙන්ම මතක් වෙනවා ඒ සියල්ල එකක් මුවගට සිනහවක් නගාගෙන වෙන මොකක් හරි වැඩක් කරන්න හැරෙන එක තමයි…

ඇත්තම කියනවා නම් මේක තමයි මගේ ජිවිතයේ මම ලියන අමාරුම ලිපිය, මොකද මේක ලියන්න ඕන කියලා හිතලා ගොඩක් දවස නමුත් හැමදාම ලියන්න හදනකොට හිතට කිසිම අදහසක් ගලාගෙන එන්නේ නැහැ, එහෙමම කියන්නත් බැහැ ගොඩක් දේ හිතෙනවා විශේෂයෙන්ම මතක් වෙනවා ඒ සියල්ල එකක් මුවගට සිනහවක් නගාගෙන වෙන මොකක් හරි වැඩක් කරන්න හැරෙන එක තමයි සති ගණනක් පුරාවට සිද්ධ වුනේ. නමුත් ඉතින් කොහොම හරි යමක් අකුරු කරන්නයි මේ සුදානම.
2012 වසරේ උසස් පෙළ අවසාන වෙලා එහෙම ගෙදර ඉන්න කාලේ බොහොම පිස්සුවෙන් වගේ ඒ වෙනකොටත් බොහොම තදට තිබ්බ ආසාව වන චිත්‍රපට ටෙලි කතා මාලා නැරඹීම රැකියාව වගේ වෙන තත්වයක් උදා වෙලා තිබ්බේ. ඔය කාලේ ඇතුලේ තමයි මම බයිස්කෝප් ගැන දැනගත්තේ. උපසිරසක් දෙකක් ගත්තා නමුත් ඒ වෙනකොට අද ඔබ මම දන්නා බයිස්කෝප් නම් මහා යෝධ රුක්‍ෂය තිබ්බේ නැහැ නෙව. ඉතින් වැඩි උනන්දුවක් කලේ නැහැ මම ඒ ගැන. ඔය අතරේ චිත්‍රපට, ටෙලි කතා බලන එකෙක් මම කොහොමත් නතර වුනේ නැහැ මේ දේවල් ගැන හොයන්න දවසේ වැඩි කාලයක් අන්තර්ජාලයේ සැරිසරනා වෙලේ තමයි බයිස්කෝප් මංසල කියලා වෙබ් අඩවියක් දැක්කේ, අහලා පුරුදු නමක් වුන එකේ මොකක් හරි දෙයක් ඉගෙන ගන්න බුක්මාර්ක් පාරක් එහෙම දාගෙන ලිපියක් දෙකක් කියවනකොට තමයි මම ඒ කලේ බලමින් උන්න Person of Interest ටෙලි කතා මාලාව ගැන ලිපියක් ලියන්න හිතුවේ. ලියලා යැව්වා වගේම විකියා කියලා සහෝදරයෙක් බොහොම හොඳින් කතා කරලා ලිපියත් පල කළා ඒ 2012 නොවැම්බර් 21 වැනිදා…. ඉතින් ඔය තමයි මම බයිස්කෝප් පවුලට මුලින්ම එක්කාසු වුන ආකාරය නමුත් ඔය අතරේ මම කොහොම හරි උපසිරස කිහිපයක් කළා මුල්ම උපසිරස අන්තර්ජාලයට එක්කාසු වුනේ 2012 දෙසැම්බර් 28 වැනිදා. හැබැයි ඒ බයිස්කෝප් වෙනුවෙන් නම් නෙමෙයි… ඔහොම වෙන අඩවියක් වෙනුවෙන් උපසිරස කිහිපයක් කරගෙන ඉන්නා අතරේ අර කලින් මගේ ලිපිය පල කරලා මගෙත් එකක් කතා කල සහෝදරයා ආයෙත් මට විද්‍යුත් ලිපියක් එවනවා මල්ලි තව මොනවා හරි දෙයක් කරමු නේද ? කියල… ඉතින් ඒ ආරම්භය තමයි 2013 පෙබරවාරි 12 වැනිදා Dr. No (1962) වශයෙන් බයිස්කෝප් අඩවියේ පළවෙන්නේ. එදා පැනපු පනිල්ලට මම අදත් වැටෙනවා කිව්වොත් නිවැරදි… ඉතින් විකියෝ මුලින්ම ඔබටයි මේ ස්තුතිය අද අපි එකක් නොහිටියත් මොන දේ කොහොම වුනත් එදා ඔබ යමක් කළා, ඒකට ස්තුතියි….
ඉතින් 2009 ඉසිර ගුණතිලක සොහොයුරාගේ සිතින් ආරම්භ වෙලා අන්තර්ජාලයේ තැන්පත් වුන මේ වෙබ් අඩවිය 2013 වෙනකොට බොහොම විශිෂ්ඨයන්ගෙන් පිරුන තැනක් වුනා… එදා ඉදලා අද වෙනකම් ඔබ දකින අපේ ලොකු අයියා රොයිලි, අපේ වාසල අයියා, අපේ මාමා නැතහොත් හසන්ත අයියා, අද අපිත් එක්ක නැතත් අපේ දිදුල KD අයියා, ඒ වගේම දැන් ඉදලා හිටලා දකින අපේ දිනිදු අයියා, ඒ වගේම මට යමක් මිනිහෙක්ට බලන්න හැකි වෙන්න ලියන්න හැකි නම් ඒ වෙනුවෙන් මුල ඉදලම ගුරුහරුමක් ලබාදුන්නා උදා අයියා කියන පිරිසට තමයි ඉතින් මේ ස්තුතිය… ඔබ නොහිටින්නට ඔබේ වැඩ නොදකින්නට අද මම වගේම බොහොම දෙනෙක් මේ මහා රුක්ෂයේ සෙවනේ හිමන් නොහරින්නට ඉඩ තිබුනා. විකියාගේ මල කරදරේ නිසාවෙන්ම කොහොම කොහොම හරි මාස 4 ක් වගේ සුළු කාලයක් ඇතුලත (අද අපේ කට්ටිය නම් මේක මාස 2 න් කරනවා) Croods (2013) එකක් මම මගේ 50 වැනි කඩයිම පහුකරනටත් සමත් වුනා. මේ කාලයේ තමයි බයිස්කෝප් කට්ටිය මුහුණු පොතේ එහෙම එක්කාසු වෙන්න ආරම්භ වුනේ, ඉතින් එතනින් මම හඳුනා ගත්තා තවමත් අඳුනන අපේ විමා, ලෝකයේ හෙමින්ම උපසිරසක් කිරීමේ වාර්තාවට හිමිකම් කියන අපේ ආසිරි නොහොම සිරියා, අද අපි මේ දෙන ටෙලි කතා මලා ගුවන් ගත වෙන වෙලාවෙම බලන පුබුදුවා, අපේ පින්තුර කලාව වෙනස් කල අපේ නලින් අයියා, කාලිංග අයියා වගේ පිරිසක්… ඉතින් එහෙමයි බයිස්කෝප් මිතුරු හවුල වෙනුවෙන් දොර විවර වුනේ…
ඔහොම හෙමින් හෙමින් 2014 ජුනි 22 වෙනකොට The Raid 2 (2014) එකක් මම 100 වැනි කඩයිමත් පහුකරන්නට සමත් වුනා. 2014 පුලි 17 වෙනකොට බයිස්කෝප් එකේ ලොකු ඇත්තෝ ඇඳේ වැරදි පැත්තෙන් බැහැලා ද කොහෙද තීරණයක් අරගෙන මාවත් ඇඩ්මින් කෙනෙක් කරන්න මේ අඩවියේ. දැන් වේගේ හොඳටම බාලා වෙලා නමුත් ඉතින් හෙමින් හෙමින් කොහොම හරි 2016 මැයි 7 වැනිදා වෙනකොට 150 වැනි කඩයිමත් පහුකරන්නට සමත් වුනා. ඒ Crouching Tiger, Hidden Dragon Sword of Destiny (2016) එක්ක. ඔහොම ඉන්නකොට 2016 ජුලි 26 වැනිදා මම බයිස්කෝප් හැර යනවා විවිධ හේතුන් නිසාවෙන්, ඒ තමයි මගේ අවසාන උපසිරස වන The Shallow (2016), උපසිරස 178 කින් තිත තබා මම සමු ගන්නවා. ඔය අතර කාලයේ මගේ අධ්‍යාපනික කටයුතු කරගෙන පාඩුවේ ඉන්න වෙලේ රොයිලි අයියා කිව්වම ලිපියක් එහෙම ලියලා දුන්නා නමුත් ඉතින් ආයේ මේ වසරේ ජනවාරි 3 වැනිදා තමයි Call Me by Your Name (2017) එකක් මම බයිස්කෝප් එකක් එක්කාසු වෙන්නේ, තනිකරම රොයිලි අයියාගේ කීමට කිවිවොත් තමයි ආයේ ආවේ නම් :D.
ඉතින් අද 12 Strong (2018) එකක් මේ සුදානම 200 වැනි කදිම පහු කරන්න. ඇත්තම කියනවා නම් ඉතින් 207 ක් වෙනවා මේ වෙනකොට මේක එනකම් උපසිරස නොකර බලා ඉන්න බැහැ නෙව, ඒ තමයි මේ සොදුරු කොටිවලිගයේ හැටි, අතට ගත්තොත් බිම තියන්න වෙන්නේ නැහැ ලෙහෙසියෙන්. මේ වසර 5 ක් ගමන ඇතුලේ බොහොම දේ අත් වින්දා, විශේෂයෙන්ම සතුටු වෙන එක දෙයක් තමයි එදා බයිස්කෝප් හිටිය තැන හා අද වෙනකොට බයිස්කෝප් පත්වෙලා තියන තැන දැක්කම ඇතිවෙන ඒ සතුට. මමත් එකේ සුළු කොටස් කාරයෙක් කියන හැඟීම බොහොම සතුටක් හිතට, ඒ එකක්ම හොඳ මිනිස්සු ටිකක් අඳුනා ගන්න ලැබුන එකත් ලොකු සතුටක් කිව්වැකි.
රොයිලි, දිදුල, හසන්ත, දිනිදු, විමා, ආසිරි, සමීර, ප්‍රනීත්, යශෝධ, කවිදු, නිර්මානි, චාමර, නිලුපුල් වගේ උපසිරසකරුවන් එකක් බලනකොට නම් ඔබ බොහොම දෙනෙක් මම අරගෙන ආව චිත්‍රපට බලලා නැතුව ඇති. මොකද ගොඩක් වෙලාවට මම තෝරාගන්නේ ටිකක් වෙනස් අඩු පිරිසක් බලන යමක් නිසාවෙන්, ක්‍රියාදාම ඇසට විසිතුරු වුනත් මගේ හිත හැමවෙලේම දිව ගියේ හොඳ කතාවක් පැත්තට ඉතින් ඒක අමුතුම කතාවක් වුනොත් බලන පිරිස අඩුයි නෙව. මේ කාලය ඇතුලේ බොහොම ආසා කරන චිත්‍රපට කිහිපයක් වෙනුවෙන් උපසිරස එක්කාසු කරන්නට මට හැකි වුනා. The Perks of Being a Wallflower (2012), The Great Gatsby (2013), The Bridge on the River Kwai (1957), Mud (2012), American Hustle (2013), Gravity (2013) Liberal Arts (2012), The Guest (2014). Carol (2015), Room (2015), Mustang (2015), The Danish Girl (2015), Call Me by Your Name (2017), Phantom Thread (2017). It Happened One Night (1934) එවැනි කිහිපයක්.
ඔය ඒ අතරින් කිහිපයක් ඉතින් භාෂා 15 ඇතුලේ චිත්‍රපට 108 ක් හා ඉතිරිය ටෙලි කතා මලා කොටස් එකක් නිර්මාණය වුන මේ උපසිරස 200+ ඇතුලේ ඉන්නවා මම සදා ණයගැති එක උත්තමාවියක්, ඒ තමයි මගේ අම්මා, එදා මෙදා තුර මේ සියල්ල වෙනුවෙන් විදුලි බිල්, අන්තර්ජාල බිල් සියල්ල ගෙවමින් මෙවැනි යමක් කරන්නට හැකි වෙන්න මට ඉගැන්නුවා එතුමියට තමයි ඉතින් මේ සියල්ලේ එකක් මම ගතයුත්තක් සමාජයට එක්කාසු කරනවා නම් ඒ පිං අයිති වෙන්නට ඕන, ගෙදර අනික් කට්ටියටත් ඔය පොඩ්ඩක් පිනක් ලැබුනට කමක් නැහැ ඉතින්….
ගොඩක් දේ කිව්වා මොකද ඊලග කඩයිම කවදා එයිද කියන්න දන්නේ නැති නිසාවෙන්…. නැවතත් ස්තුති කරනවා අපේ හිටපු හා වර්තමාන ඇඩ්මින්වරුන් හැමෝටම (අසංක අයියා, සිසිලා, සුධා, නිර්මානි අක්කා, චාමර… මේ උඩ නම් කියවුනේ නැහැ කියලා හිතන ඇඩ්මිලා ටික වගේම අපේ නියෝ කොල්ලත් මතක් කරන්න ඕන). උපසිරසකරුවන් බොහොම දෙනෙක් මතක් කරන්න ඕන නමුත් කිසිම කෙනෙක් තවත් මතක් කරන්නේ නැහැ මොකද එක නමක් හරි මට ගමහැරුනොත් ඒක මහා අපරාධයක් ඔබ සැමට බොහොම ස්තුති මේතාක් මට වචනෙකින් හෝ කල උදව් වෙනුවෙන්.
අවසාන වශයෙන් බයිස්කෝප් බීජය රූස්ස ගසක් වෙන්නට ජල බිදක් වුන තවමත් මහා ගංගාවක් වගේ අපි එකක් නොකඩවා එක්කාසු වෙන ප්‍රේක්ෂක ඔබට ස්තුතියි අපිව දිරිමත් කරනවට අපෙන් උපසිරස ගන්නවා. ඔය අතරේ කොයිතරම් කලත් හොඳක් අහන්න බැරි ගුණමකුවන් නැතුව නෙමෙයි නමුත් එහෙම නොවන ඔබටයි මේ හදපිරි ස්තුතිය, වචනයක් කියල යන්න ඒ ශක්තියට එහා දෙයක් අපිට මෙයින් ලැබෙන්නේ නැහැ….

රටක යුද්ධයක් තියනවා කියන හැඟීමට අපි අමුත්තන් නෙමෙයි ඒ දශක ගණනාවක් අපේ රටේ ජාතිවාදී කෝලහාල නිසාවෙන් ලෝකයේම නමක් දිනාගත්ත ත්‍රස්ත සංවිධානයක් කල හදියක් නිසාවෙන්. නමුත් අපේ රටේ වීර පුතුන්ට පිං සිද්ධ වෙන්න අද අපි නිදහස් රටක්. නමුත් ගෙදරින් එලියට ගිය කෙනා හවස ගෙදර එනතෙක් පන බයේ බාලාහිටිය කාලෙකුත් තිබ්බා අපිට. නමුත් මේ කතා කරන ලෝකයේ බලවත්ම රටක් වන ඇමරිකා එක්සත් ජනපදය එහෙම ලොකු බයකින් ජිවත් වෙන රටක් නෙමෙයි, මොකද ලෝකයම ඔවුන්ගේ අණසකට යටත් නිසාවෙන්. නමුත් 2001 සැප්තැම්බර් මාසයේ 11 වැනිදා දවස නිසා වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයම කඳුලෙන් නහවමින්.
මේ සියල්ලටම හේතුව වුනේ ඔසාමා බින් ලාඩන් ප්‍රමුඛ අල්-කයිඩා සංවිධානය කියන එක ලෝකයම දන්නා කරුණක්. ඉතින් ජිවිත 2996 ක් බිලිගනිමින්, 6 000 කට අධික පිරිසකට තුවාල සිදුකරමින්, ඇමරිකානු ඉතිහාසයට දිනක් ඇතුලත ඩොලර් බිලියන 10 කට එහා ගිය දේපල හානියක් සිදුකල මේ ත්‍රස්ත කණ්ඩායම සොයාගැනීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වුන බවට කිසිම සැකයක් නැහැ. ඉතින් මේ දිග හැරෙන්නේ ඒ 9/11 ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර එල්ල කල මුල්ම සෙබළුන් 12 දෙනාගේ කතාවයි.

විශේෂ කාර්යය බලකා ODA 595 කණ්ඩායම
මුලින්ම කියන්න ඕන මේ කතාවේ සියලුම සිදුවීම් සත්‍ය නොවුනා වුනත් බොහොම සිදුවීම් සත්‍ය සිදුවීම් හා සැබෑ වීරයන්ගේ ජීවිතය ඇසුරෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ, මුලින්ම මේ සඳහා සහබාහි වුවන්ගේ නම් වෙනස් වෙනවා ඒ Capt. Mark Nutsch (සැබෑ සොල්දාදුවා) Mitch Nelson හැටියටත්, Chief Warrant Officer 2 Bob Pennington (සැබෑ සොල්දාදුවා) Hal Spencer වගේ.

විශේෂ කාර්යය බලකා ODA 595 මෙහෙයුම වෙන්නේ ඇෆ්ගනිස්ථානයට ගිහින් අල්-කයිඩා මර්මස්ථානයක් වන මසාර්-රී-ෂරිෆ් නම් නගරය අත්පත් කරගැනීම. නමුත් මේ සඳහා ඔවුන්ට සිද්ධ වෙනවා උතුරු සංවිධානයේ යුධ නායකයෙක් වන ජෙනරාල් ඩොස්ටුම් නැමැත්තෙක් හා සංවිධාන ගත වීමට. ඇමරිකානු සොල්දාදුවන්ගේ ප්‍රධාන අරමුණ වෙන්නේ ජෙනරාල් හා පෙරමුණට ගිහින් ගුවන් ප්‍රහාර සඳහා අවශ්‍ය ඉලක්කයන් ලබා දීමයි. මේ වෙනකොට ප්‍රති ප්‍රහාරයක්න වෙනුවෙන්මු ඇෆ්ගනිස්ථානයට ගොඩ බහින පළමු හමුදා අනුකණ්ඩය වෙන්නේ මේ සෙබළුන්ත් පිරිස. ගමනා ගමනය අපහසුව, වෙනමම සංස්කෘතියක යුධ වදින මේ ගෝත්‍ර හා නවීන සටන් ක්‍රම හදාරා පිටියට යන මේ ඇමරිකානු සොල්දාදුවන්ගේ ගමන ලේසි පැහැදු එකක් නම් නෙමෙයි. ඉතින් මොවුන් මේ නගරය අත්පත කරගැනී ද? කිදෙනෙක්ට නම් තමුන්ගේ ජිවිත ගලවා ගැනීමට හැකි වේවි ද? මේ දේවල් ඔයාලට බලාගන්න හැකි මම ඒ ගැන වැඩි විස්තර කියන්න යන්නේ නැහැ දැනටමත් මේ ලිපිය වෙනමම පොතක් වගේ වෙලා තියන නිසාවෙන්…

ජෙනරාල් ඩොස්ටුම් සමඟ
Nicolai Fuglsig අධ්‍යක්ෂණයෙන් නිමවෙන මේ පැය 2 කුත් මිනිත්තු 9 ක් පුරා දිවයන Action, Drama, History චිත්‍රපටයේ අපි දන්නා හඳුනන මුහුණු කිහිපයක්ම ඉන්නවා Chris Hemsworth (තෝර්), Michael Shannon, Michael Peña, Geoff Stults, Thad Luckinbill ඉන් කිහිප දෙනෙක්. ලබාගෙන ඇති IMDB අගය 7.0 ක්, රෝටන් ටෝමාටෝ අගය වෙන්නේ 54% ක්.
ඉතින් කම්මැලි කමක් නැතුව එක හුස්ටම බලන්නට හැකි මේ ක්‍රියාදාම චිත්‍රපටය මට 200 වැනි උපසිරස වෙනුවෙන් කරන්න කලින් භාර අරගෙන තිබ්බත් කිසිම ලෝභ කමක් නැතුව ලබා දුන්න හසන්ත මාමේ ඔබටයි මේ ආචාරය. ඒ වගේම පින්තුරයක් ඕන වුන ගමන් මම දැන් අමතන අපේ සිසිල් ලොක්කාටත් බොහොම පිං කිව්වා තව නම් මොනවත් කියන්නේ නැහැ දැන් මේක කියවන්න මටම කම්මැලි. එහෙනම් සටහනක් තියලා යන්න ආයෙත් උපසිරසක් එකක් හමුවෙමු ඉක්මනින්. ඔබ සැමට ජය වේවා !!!

ලෝක වෙළෙද මධ්‍යස්ථානය තිබු ස්ථානයේ අශ්ව සොල්දාදුවන්ගේ වීර ක්‍රියාවට ගෞරවයක් ලෙස නිර්මාණය කර ඇති පිළිරුව.
පා.ලි. මේ මෙහෙයුම ගැන වැඩි විස්තර දැනගන්න කැමති කෙනෙක් ඉන්නවා නම්, සත්‍ය සිදුවීම් වලින් මේ කතාව කොතරම් ඈතකට යනවද, කොතරම් ලං වෙනවාද කියලා දැනගන්න ඕන නම් ගුගල් කරලා බලන්න “history vs hollywood 12 strong” කියල.

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය BR / WEB / HD / පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
262 comments
Helili Hemamali
ශසිත් සඳරුවන්
200 වෙනි උපසිරැසි නිර්මාණයට සුභපැතුම් සමීර.
වෙනස්ම ආකාරයේ අර්ථාන්විත, සම්මානනීය චිත්‍රපට තොරාගෙන
උපසිරැසි ගන්වන කෙනෙක් විදිහටයි ඔයාව දකින්නේ.
මෙතනින් නොනැවතී තවත් අරුත්බර චිත්‍රපට වලට
උපසිරැසි ගෙන ඒමට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
දිගටම සබ් දෙමු ආ... :P
ඔබට ජය!Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!200 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
Thisal
බොහොම ස්තුතියි..!!
Thisal
200 වෙනි උපසිරැසි නිර්මාණයට සුභපැතුම්
Navodani Thilini Sasanika
200 වෙනි උපසිරසියට සුභම සුභ පැතුම් අයියෙ. තව තවත් අපි වෙනුවෙන් උපසිරසි කරන්න හැකියාව ලැබෙන්න කියලා සුභ පතනවා.
Prabodha Madhusankha Hettiarachchi
200 wana nirmanayata unusum sub sahodaraya.. supirima movie ekak...
ritzmax
jaya wewa sahoo... digatama karagena yamuuuuuuuuuuuuuuu
Bandaramudiyansi
අද නම් බොහොම සතුටු දවසක්. ඉයේ දිනයේ ටොරෙන්ට් අඩවි වල දැක්ක හොද ෆිල්ම් එකක් උපසිරැසි වැටිල තියෙනව . .එකත් සමිර මල්ලිගෙන්... congratulations මල්ලි ඔයාගෙ 200 උපසිරැසියට ...
සුපිරි වැඩක් .. නොනැවතී අපි වෙනුවෙන් ඉදිරියටත් සිංහල උපසිරැසි ලියයි කියල හිතනව
____God bla you___Bandaramudiyansi
අද නම් බොහොම සතුටු දවසක්. ඉයේ දිනයේ ටොරෙන්ට් අඩවි වල දැක්ක හොද ෆිල්ම් එකක් උපසිරැසි වැටිල තියෙනව . .එකත් සමිර මල්ලිගෙන්… congratulations මල්ලි ඔයාගෙ 200 උපසිරැසියට …
සුපිරි වැඩක් .. නොනැවතී අපි වෙනුවෙන් ඉදිරියටත් සිංහල උපසිරැසි ලියයි කියල හිතනව
____God bla you___Chami.S
200 upasiriyata unusum suba pathum..
Thank you..Subhash13
Thxa aiye.. දිගටම sub demu... suba pathum bokka
sam fisherr
9/11 එක ගැන කියනව නම් හොදට හැම පුංචි දෙයක් ගැනම හිතල සාර්තකව කරපු ප්‍රහාරයක් මම හිතන්නෙ කියන්න එවගේ ප්‍රහාරයක් එල්ල උනාම කාටද ඔයා මුලිම්ම කතා කරන්නෙ 911. ප්‍රහාරය එල්ලකරල තියන දවස ම තමා emergency call number එක එ රටේ 911 හරියට අපෙ 119 වගෙ.
මාත් අයියෙ ඔයාවගෙ හොද කතාවක් තියන නිර්මාන වලට ආස උනත් එවගේ එව baiscope එකෙ ඇත්තෙම නැ එකට ඉතිං හේතුව ඔයාකිව්ව වගෙ කට්ටිය නොබලන එක තමා(හැමොම පන කඩාගෙන බලනවනම් ඉතිං සබ් හොගාල නොදි ඉන්නැනෙ)එත් හැමහොද චිත්‍රපටියකටම අපරාදෙකියන්න බැ සබ් තියනව මම කිව්වෙ tv show ගැන(ගොඩාක් එව ගන්න දෙයක් නැ එවුනත් සබ් තියෙන්නෙ ඉල්ලුමට සැපයුම නිසා කට්ටිය බලන්නැත්නම් දිලා වැඩක් නැනෙ ඇත්ත)මම ලගදි handmaids tale බැලුවට පස්සෙ මට පුදුම හිතුන එච්චර සුපිරි කතාවකට සබ් නැත්තෙ ඇයි කියල,පුදුමයි!!!!!!පුලුවන්නම් this is us,big little lie,house of cards වගෙ එවට සබ්දෙන්න බලන්න baiscope උපසිරස කරැවනි.
Dimuthu Nisansala
Ada udenma download kara mechchara ikmatadta sub eka dei kiyala hithuw ne. Thank you bro...
Tiger zinda
Supiri thanks saho...!!
Dhanushkadill
උණුසුම් සුබ පැතුම්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Kawi Jayasinghe
Tnx sahoo subapethum 200 ta
dil_shan
සබ් ඒකට ස්තුතියි. 200 වෙනි උපසිරසියට සුබපැතුම්. දිගටම කරගෙන යන්න. ගුඩ්ලක්.
rangika Kariyawasam
උණුසුම සුබ පැතුම් සහෝ. ජය වේවා .....සබට ෆටිටම තෑන්ක්ස් ..
cnk
සබ් ඒකට ස්තුතියි. 200 වෙනි උපසිරසියට සුබපැතුම්
Tharaka Nuwan Dilhara
සුභ පැතුම් සමීර අයියේ 200 වෙනි උපසිරැසි කඩයිමට...
කාලයක් හැංගිලා හිටියට ආයේ වැඩට බැහැලා ඉන්නවා දැක්කා පහුගිය ටිකේ.
ඒ කාලේ ඉඳන් සමීරලා දෙන්නම ඉතින් අමතක නොවන දෙන්නෙක්නේ,
ඉතින් හදවතින්ම සුභ පතනවා මේ කඩයිමට...
ඊළඟ කඩයිමටත් ඉක්මනින්ම යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
කොටි වලිගේ ආයේ කවදාවත් අතාරින්න එපා කියලත් ඉල්ලා හිටිනවා.
ඔහොමම යමු..
ජයෙන් ජයම වේවා...!!!!!Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
200 වෙනි උපසිරසියට සුබ පැතුම්.....
මේ වගේ කතානම් අනිවාරයෙන් බලනවා....dinesh hapuarachchi
Thnx for the sub & congrats
එල්.සී. දමැල්
අද කඩයිම් දෙකක් නේද දැනට... බොහොම සතුටුයි 200ටත් සුභ පතනවා. මම ඉතින් බයිස්කෝප් හරහා මුලින්ම (මේල්වලින්) අඳුනගත්තෙත් ඔබතුමාවනේ ඉතින්... ඒ වගේම ජීවිතේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා කියලා වගේම මීළඟ කඩයිම්වලටත් ඉක්මනින් ළඟා වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
diyashan
Suba pathanqwa broo..isthuthuii
isuru sandaruwan
Thada thada bro
Ravindu Rukshan
මුලින්ම 200 වෙනි කඩයිම වෙනුවෙන් සුභ පැතුම් අයියේ...
තවත් කඩයිම් වලට යන්න ලැබේවා කියා පාර්තානා කරනවා...
සබ එකට ස්තූතියි.............sihina paradisaya Rj
ude hewwe iye tv channel ekka dakala sub thibbe nh dn baladdi sub watilaaa elaaa
Jaime Lannister
congrazz bro...and thnx for sub.....
AsithaDilruwan
ela ela thanks
200 ta suba pathum
jaya wewa!!!Lolinda
Thx brother
congratulations 200 subලහිරු ප්‍රසාද්
අර කිව්වත් වගේ මම නම් සමීර අයිය කරපු ෆිල්ම් බලලම නැ, (මේක බලනවා.)
ඒ වුනත් ටිවි කතා මාලා නිසා නම් බලලා තියේ. වයිකිං එකෙන් තමයි ඉතිං. ඒ වගේම මම බයිස්කෝප් එකත් එක්ක සම්බන්ධ වෙන්න අහපු මේලට මුල්ම රිප්ලයි එක එව්වෙ සමීර අයියා, ඊට පස්සෙ කතා බහ කරලා පොඩි හරි ඇදුනුම් කමක් හදා ගන්න ලැබුනෙ මේ මෑතක.
ඉතිං 200 වෙනි කඩයිම වෙනුවෙන් හඳවතින්ම සුබ පතනවා. ඉදිරියටත් මේ වගේම උපසිරැසි කරන්න ලැබෙන්න කියලා පතනවා.
~ජය!~surendra
......සුභ පැතුම්.......*200*
subodha
Thanks brother
congratulations...navodya
උපසිරසියට තුති…
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු…
ජයවේවා….සනිඳු ලක්ඛිත
මුලින්ම 200 වෙනි කඩඉමට හදවතින්ම සුභපැතුම් අයියේ..ආයේ අමුතුවෙන් කියන්න ඕනී නෑ. බයිස්කෝප් පවුලේ හොදම උපසිරැසි කරුවන්ගෙන් කෙනෙක් තමා සමීර කරුණාරත්න කියන්නේ.. උපසිරැසි කරපු ගොඩක් චිත්‍රපට නම් බලලා නෑ. නමුත් ටෙලිකතා මාලානම් බලලා තියේ. අඩු පාඩුවක්,පමාවක් නැතුව වැඩේ කරන කෙනෙක්.. එහෙනම් තව තවත් උපසිරැසි කරන්න ලැබේවා වගේ ජිවිතේ හැම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අයියේ..බුදුසරණයි..ජය වේවා..!
Tharindu_Rukshan_Perera
200 වෙනි කඩඉමට සුභ පැතුම් සහෝ තව තවත් උපසිරැසි කිරීමට අවශ්‍ය කාලය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා පතනවා. 300 කඩඉමටත් ඉක්මනින් යන්න ලැබේවා ..!!
lahiru sadaruvan
thank you so much brother.. congratzzzz bro.....
vas0303
Thank you so much
jstar
congratulations brother thanks a lot Carey on
srinath
Thanks bro.... Bs.
Ara N Madhu
Ammo ban. Eke diga. jaya wewa!
akalankagayan
Thnx..........
SAjith Anthony
200 වෙනි උපසිරැයට සුබ පැතුම් සහෝ,
ජයෙන් ජයම වේවා...!!sandun
good luck bro. plz puluwannam the TERROR show ekata sub dennako.
ඉසුරු සම්පත් සිරිසේන
ඔයාගෙ උපසිරසි අතර තිබුණු කතාමාලා වල කොටස් වගෙම චිත්‍රපටි බලල තිබුණත්, පෞද්ගලිකවම මට ඔයාව අඳුරගන්න නම් ලැබුණෙ මෑතකදි. ඒදා ඉඳන් අද වෙනකන් වැඩි කාලයක් නොවුණත් ඔයා මට කරපු දිරිගැන්වීමම් වගෙම උපසිරසිකරණය ගැන කියාදුන්නු පාඩම් නම් ගොඩක් වටිනවා. සවිස්තරාත්මක ලිපියක් එක්ක 200 වැනි කඩයිමට මේ වගේ වැදගත් සලරුවක් ලබාදුන්නට බොහොම ස්තුතියි අයියේ. 200* වැනි කඩයිමට සුබපතනවා අයියේ. ඔබට ජය!!
Udara Damith Dissanayaka
❤❤❤❤❤❤සබ්බේ තියෝ විවජ්ජන්තු ❤❤❤❤❤❤
❤❤❤❤❤❤සබ්බ රෝගෝ විනස්සතු ❤❤❤❤❤❤
❤❤❤❤❤❤මාකේ බවත් අන්තරායෝ ❤❤❤❤❤❤
❤❤❤❤❤❤සුකී දීගායු කෝ බව ..❤❤❤❤❤❤
**************************************************
200 ට සුබ පතනවා
දිගටම ඔහොම යන්
ලිපිය නියමයි
*******************************gayan215
bohoma sthuthi saho...
gayan215
bohoma sthuthi saho , awagema suba pethum 200ta, 200n 300tath ikmanatama yanna labenna kiyala mn suba pathanawa.
Sherlock holmes
Thanks ..ඒවගේම සුබ පතනව :-)
nuwanjayasooriya7
superi saho ela
Advertisement

මේන් නවෝ 50 ගහලා ඉවර වෙද්දී සමීර අයිය 200 ගහලා! මං බයිස්කෝප් පවුලට එකතු වෙන කාලේ අයියා පොඩි විරාමයක් අරන් හිටිය නිසාද කොහෙද ළගකදි තමයි හදුන ගන්න ලැබුනේ. ගොඩක් සතුටුයි වටිනා කියන චිත්‍රපට වලට සිංහල උපසිරැසි ගේනවට. මගේ 100 වෙනි උපසිරැසියටත් උදව් කළ හිත හොද සහෝදරයෙක් නේ. ඉතින් 200 ට උණුසුම් සුබ පැතුම්!