“ආදරය ලෝකෙ පැවැත්ම ආරම්භ වුන දවසෙ ඉඳන්මයි පැවතෙන්නෙ. නැවත ඉපදෙන ජීවන චක්‍රයත් ආදරය හා බැඳුන දෙයක්. ආදරයේ හරි තේරුම කව්රුත් දන්නෙ නෑ. කවදාහරි දවසක ආදරය හරියටම තේරුම් ගත්ත කෙනා ඒක සදාතනිකයි කියලා වටහාගනිවී.” Journey to the West විශිෂ්ඨ නවකතාවෙ තවත් පරිච්ඡේදයක් මේ විදියට සිනමාවට එනවා Journey to the We…
“ආදරය ලෝකෙ පැවැත්ම ආරම්භ වුන දවසෙ ඉඳන්මයි පැවතෙන්නෙ. නැවත ඉපදෙන ජීවන චක්‍රයත් ආදරය හා බැඳුන දෙයක්. ආදරයේ හරි තේරුම කව්රුත් දන්නෙ නෑ. කවදාහරි දවසක ආදරය හරියටම තේරුම් ගත්ත කෙනා ඒක සදාතනිකයි කියලා වටහාගනිවී.”
Journey to the West විශිෂ්ඨ නවකතාවෙ තවත් පරිච්ඡේදයක් මේ විදියට සිනමාවට එනවා Journey to the West කියන්නෙ මෙතෙක් බිහිවුන විශිෂ්ඨ නවකතාවන් අතරෙන් ඉහලම තියෙන නිර්මාණයක්. විශේෂත්වය තමයි මේක 16 වෙනි සියවසේ මින් රාජවංශය අතර තුර ලියවුනු, චීන සාහිත්‍යයේ විශිෂ්ඨම සම්භාව්‍ය කලා කෘති 4න් එකක් වීම. මේ නවකතාවෙන් බිහිවුනු කලා කෘති ගැන කතා කලොත් ඉවර කරන්න ලැබෙන්නෙ නෑ. ඒ වගේම මේ කතාවෙන් පන්නරය ලද අළුත් නිර්මාණ වලද අඩුවක් නෑ. කාලෙන් කාලෙට මේ නවකතාවෙ ඇතුලත් චරිත, සිද්ධි සිනමාවට ද නැගෙනවා. ඒ වගේ සිනමාවට නැගුනු චිත්‍රපටි පෙලක් තමයි The Monkey King කියන්නෙ.
වානරයන්ගෙ රජු ලෙස හඳුන්වන සන් වුකොංග් තමයි මේ චිත්‍රපටි පෙලේ ප්‍රධාන චරිතය වෙන්නෙ. සන් වුකොංග් කියන්නෙ Journey to the West නවකතාවෙ එන ප්‍රමුඛ චරිතයක්.

පුරාවෘත්ත වලට අනුව වුකොංග් චරිතය බිහි වෙන්නෙ මල් සහා ඵල කඳු මුදුනෙ තියෙන පාෂාණයක් ඇතුලෙ හටගන්න මායා ගර්භාෂයක. මේ ගැබ දවසක විවෘත වෙලා පාෂාණමය බිත්තරයක් නිපදනවා. ඒ බිත්තරය සුළඟ ස්පර්ෂ කළ විට එය පාෂාණ වඳුරෙක් බවට පත්වෙලා කෑගහන්න සහා ඇවිදින්න පුළුවන් වෙනවා. මේ වානරයාට ඇස් වලින් එළි නිකුත් කරන්න පුළුවන්. ඒ අවට ඉන්න අනික් සත්තු එක්ක යාළුවෙන මේ වානරයා අභියෝගයක් ජය ගැනීම නිසා සියලුම වඳුරන්ගේ රජතුමා බවට පත්වෙනවා. වුකොංග්ගේ ආත්මය අපායට රැගෙන යන්න උත්සහය සාර්ථකව නවත්තන වුකොංග් නැවත ඉපදෙනවා වෙනුවට ඔහු ඔහුගෙයි දන්න අනිත් වඳුරන්ගෙයි නම් ජීවිතයේ හා මරණයේ පුස්තකයෙන් මකලා දානවා. මේ ගැන කෝප වෙන අපායෙ රජතුමා ජේඩ් අධිරාජයාට පැමිණිලි කරනවා. වුකොංග්ව අයිති කරගැනීමෙන් ගෞරවය හා උසස්වීමක් ලබාගන්න හිතාගෙන ජේඩ් අධිරාජයා වුකොංග්ට ඔහුගෙ මාළිගාවට ආරාධනා කරනවා. තමන්ට දෙවියන් අතර උසස් තැනක් ලැබෙයි කියලා හිතලා ආරාධනාව පිලිගෙන ජේඩ් ආධිරාජ්‍යගේ මාළිගවට යන වුකොංග්ට ලැබෙන්නෙ දිව්‍යලෝකෙ තියෙන පහත්ම රැකියාව වෙන අශ්ව ස්ථාලය බලාගන්න. මේකට පලිගන්න වුකොංග් වලා අශ්වයන්ව නිදහස් කර තමන් ශ්‍රෙෂ්ඨ පඬිවරයා යන බව සඳහන් කරනවා. එතනින් පසසේ බලෙන් තනතුරක් ලබාගන්න වුකොංග් පස්සෙ දවසක දැනගන්නවා තමන්ව රාජකීය භෝජනයකට ආරාධනා කරලා නෑ කියලා. ඒ නිසා අමරණිය පීච් ගෙඩියත්, ජේඩ් අධිරාජයගේ වයිනුත් හොරකම් කරලා පැනලා යන වුකොංග්ව අල්ලගන්න එවන 10000ක හමුදාව වුකොංග් තනියෙම පරාද කරනවා. මෙයාව අල්ලගන්න විශිෂ්ඨ දෙවිවරු එකතු වෙලා වැඩ කරනවා. අන්තිමට අල්ලගන්න වුකොංග්ව කල්දේරමක දාලා සමාධි ගිනදළු වලින් පුළුස්සනවා දියරක් බවට හැරවීමට. දවස් 49කට පස්සෙ කල්දේරම විවෘත කරනකොට සන් වුකොංග් එළියට පනිනවා. වුකොංග් දවස් 49ක් ගින්දර නැති මුල්ලක ඉඳලා තමයි බේරෙන්නෙ. මේ හේතුව නිසා වුකොංග්ට ඇස් වලින් යක්ෂයන් අඳුනගන්න හැකියාව ලැබෙනවා. නමුත් දුමට මුකුත් නොපෙනෙන දුර්වලතාවත් එක්ක. වුකොංග්ගෙ වැඩ ගැන ජේඩ් අධිරාජයා බුදුරජාණන් වහන්සේට දන්වනවා. බුදුරජාණන් වහන්සේ වුකොංග්ට අභියෝග කරනවා තමන් වහන්සේගෙ අල්ලෙන් ඔහුට පැනලා යන්න බෑ කියලා. අභියෝගය භාරගන්න වුකොංග් ලෝකයේ කෙලවරට පියාඹලා යනවා. ඔහුට දකින්න ලැබෙන්නෙ ස්තම්භ 5ක් විතරයි. අභියෝගය ජයගෙන ඇති බව හිතලා සතුටු වෙන වුකොංග් මේ ස්ථම්භ පහේම තමන් ශ්‍රේෂ්ඨ පඬිවරයා ලෙස සටහන් කරනවා. ඔහු නැවත බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණි පසුව තමයි දැනගන්නෙ ඒ ස්තම්භ පහ වෙන මුකුත් නෙමෙයි බුදුරජාණන් වහන්ගේ ඇඟිලි බව. ඒ ගැන දැනගෙන එතනින් පැනලා යන්න උත්සහා කරන වුකොංග්ව බුදුරදුන් තමන් වහන්සේගේ අල්ල පාෂාණයක් කර වුකොංග්ව හිර කරනවා. වුකොංග් පාෂාණය ඔසවන්න කලින් බුදුරජාණන් වහන්සේ විසින් සූත්‍රයක් සහිත කඩදාසියක් ලියලා පාෂාණයේ ගැටගසනවා. මේ විදියට හිර වෙලා වුකොංග් අවුරුදු 500ක් ඒ පාෂාණය යට ඉන්නවා. ඔහුව එතනින් නිදහස් කරන්නෙ ටෑංග් ෂන් සැන්ග් කියන බෞද්ධ පූජකතුමා.
ධර්මයේ පිහිටුනු ටෑංග් පූජකතුමා ඕන කෙනෙක්ගෙ වදන් වලට රවට්ටන්න පුළුවන් කෙනෙක්. එ් එතුමගෙ කරුණාවන්ත හදවත නිසා. මෙතුමගෙ ජීවිතයෙ එකම අරමුණ බටහිර පිහිටි එකල දඹදිවට ගොස් බුද්ධ ධර්මය ලේඛණ ගතකල ධර්ම පුස්තකයන් ලබාගෙන නැවත චීනය වෙත ගොස් මිසදුටුවන් යහමාර්ගයට ගැනීමත්, දුකෙන් පෙලෙන ජීවිත වල දුක නැති කිරීමත්, ලෝකයේ සියලු දෙනාටම යහපත සැලසීමත් තමයි. මේ කාර්යය මොහුට පවරන්නෙ බෝධිසත්ව අවලෝකිතේෂ්වරයාණන් විසින්. මේ කාර්යයත් සමගම ඔහුගෙ මස් කෑමට දත කන යක්ෂයින් ටෑංග් පූජකතුමාව රවට්ටගෙන තමන්ගෙ ආශාව ඉෂ්ඨ කරගන්න හදනවා. මොකද එතුමගෙ මාංශ අනුභව කරන කෙනෙක්ට අමරණීයත්වය ලබාගන්න පුළුවන් කියන අාරංචිය නිසා. යක්ෂයන්ගෙ උගුල් වලට ලේසියෙන් රැවටෙන්න පුළුවන් නිසා බෝධිසත්වයාණන් විසින් ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන්, අවුරුදු 500කට පෙර දිව්‍යලෝකයේ කලබල ඇති කර, බුදුරජාණන් වහන්සේ විසින් දමනය කරන ලද, සන් වුකොංග්ව පත් කරනවා. වානර රජු මෙයට එකඟ වෙන්නෙ තමන්ට නැවත නිදහස ලබාදෙන පොරොන්දුවත් අරගෙනයි. මේ ගමනෙදි එයාලට ඌරු යක්ෂයයි, වැලි යක්ෂයයිත් එකතු වෙනවා. The Monkey King 2014 හා The Monkey King Legend Begins 2016 චිත්‍රපටි වල මෙහි මුල් කතා ඇතුලත් වෙන අතර බටහිරට යන ගමනෙ අවස්ථාවක ගංඟා දේවතාවෙක් සමග වෙන ගැටුමක් අතරතුර නොදැනුවත්ව කාන්තාවන්ගෙන් පමණක් සමන්විත කාන්තා රාජධානියට ටෑංග් පූජකතුමා හා අනිත් පිරිස ඇතුල් වෙනවා. මෙතන ප්‍රශ්නෙ පටන් ගන්නෙ ඇතුල් වුනා වගේ පිට වෙන්න ක්‍රමයක් නැති නිසා. කාන්තා රාජධානියේ දරුවන් පිළිසිඳගන්නෙ එයාලගෙ මව්ගංඟාවෙ ජලය පානය කලාම. ඒ නිසා එයාලට පිරිමින්ගෙන් වැඩක් නෑ. මේ දේශයේ කාන්තාවන් පිරිමින් දකින්නෙ විස සත්තු ජාතියක් විදිහට. ඒ නිසා දැකපු තැන මරා දාන්න ඕනෙ. අනවසරෙන් කාන්තා රාජධානියට ඇතුල් වෙන වුකොංග් ඇතුලු පිරිසවත් මරණ දණ්ඩනයට නියම කරනවා. ඒත් ඒකෙන් ගැලවෙන උපක්‍රමයක් යොදන්නෙ ඒ දේශයෙ තරුණ රැජින. ඇයි කියලද හිතන්නේ? හේතුව තමයි “Love at First Site”. කාටද? පූජකතුමාට. ඒත් ටෑංග් පූජකතුමා කියන්නෙ සිල් රකින කෙනෙක්. ඒ නිසා එතුමාට ආදර හිතක් පහල කරගන්න බෑ. බෝධිසත්වයන් ඔහුට අවස්ථාවක් දෙනවා ඇයගේ ආදරය පිළිගන්නවද නැත්තන් සියලු ජීවීන්ගේ වේදනාව නැති කරනවද කියලා.??? පූජකතුමා මෙතනින් මොන තීරණයක් ගනීද කියලා බලන්න The Monkey King 3 චිත්‍රපටිය නරඹන්න වෙනවා.
අද ටිකක් මට විශේෂයි. !! මොකද මේ ගෙනාවෙ 50 වෙනි උපසිරසිය නිසා. මුලින්ම මේ උපසිරසි කරන්න සහයෝගය දුන්න මගේ පවුලෙ අයට ස්තූති කරලා පටන් ගන්නම්. මගේ පලවෙනි උපසිරසිය A Silent Voice කියන ඇනිමේ චිත්‍රපටිය. මට උපසිරසි කරන්න හිතුනේ හෙළිලි සහෝදරියගෙ Your Name චිත්‍රපටිය බලලා. ඒ වගේම A Silent Voice වගේ ලස්සන චිත්‍රපටියකට සිංහල තිබුනෙ නැත්තන් වැඩක් නෑ කියලා හිතුන නිසා ඒක කරලා එව්වෙ. එදා ඉඳන් සිසිල සහෝදරයා ලොකු සහයෝගයක් දුන්නා. එයයි සුධීර සහෝදරයයි තමයි මං කරන සබ් කළමනාකරණය කරන්නෙ. ඒ වගේම ළඟදි තමයි බයිස්කෝප් අනිත් සහෝදරයන්වත් අඳුනගත්තෙ. එයාලවත් ආදරෙන් මතක් කරනවා. අඳුනගන්න උදව් කලේ සමන් සහෝදරයා තමයි. එයාවත් මතක් කරනවා. ඒ වගේම අසංක සහෝදරයවත් මතක් කරනවා. මේකෙ අමාරු තැන් තේරුම් කලේ එයා තමයි. එයයි සිසිල සහෝදරයයි තමයි 50ට කරන්න චිත්‍රපටියක් හොයලා දුන්නෙ. ගොඩක් ස්තූති කරනවා ජනප්‍රිය එකක් හොයලා දුන්නට. තව බයිස්කෝප් මංසලේ තිසර සහෝදරයවත් මතක් කරනවා. කලින් කරපුවා මතක් කලොත්, චිත්‍රපටි එකොලහකුත් ඇනිමේ ටීවී සීරීස් දෙකකුත් කරලා තියෙනවා. (Fullmetal Alchemist Brotherhood 2009 සහා Tokyo Ghoul 2014). උපසිරසි 50න් 48ක් ජපන් භාෂා උපසිරසි, 1ක් කොරියන් භාෂා චිත්‍රපටියක්, මේක චීන භාෂා චිත්‍රපටියක්. අවසාන වශයෙන් ස්තූති කරන්න ඕනෙ අදහස් දක්වන අයට. හැමෝගෙම අදහස් හරිම වටිනවා. මොන වැඩ තිබ්බත් බැලුවත් නැතත් රොයිලි සහෝදරයගෙ කමෙන්ට් එකක් නැති වෙන්නෙ නෑ එක උපසිරසියකවත්. ඒ වගේම හැමදාම ඩවුන්ලෝඩ් කරන් යන ගමන් කමෙන්ට් දාන පිරිසක් ඉන්නවා. නමින් කිව්වෙ නැතත් එයාලටත් ස්තූති කරනවා. එහෙනම් මේ චිත්‍රපටිය නරඹන්න කියලා ආරාධනා කරනවා. ජය වේවා හැමෝටම.

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසියට WEB පිටපත හා ගැලපේ.
14,279 downloadsDownload The-Monkey-King-3-2018.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවෝදනී තිළිණි
Subtitles
103 comments
Dias
geeganagamage
50 වෙනි උපසිරසිය සුබ පැතුම් බොහොම ස්තුතියි නංගි අපි හැමෝම වෙනුවෙන් මේ කරන උතුම් සේවයට .
ශසිත් සඳරුවන්
පළවෙනි සබ් එක දීලා මාස හයක් යන්නත් කලින් මෙන්න මෙයා 50ත් ගහලා. :P
අධිවේගී උපසිරැසිකරුවන්ට තවත් කෙනෙක් එකතු වෙලා වගේ.
නියමයි නංගි. ඔය වේගෙන්ම ඉදිරියටත් උපසිරැසි කරන ගමන්
ඉගෙනීම් කටයුතුත් සාර්ථක කරගන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
50 ට සුභපැතුම්!
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!Rasheen Mansil
සුබපැතුම් නංගි
100ත් ඔය විදියටම යමු.
∞∞∞∞ සිංහල උපසිරැසි ගැන්වීමට ස්තුතියි ∞∞∞∞හසන්ත වික්‍රමරත්ත
50 වෙනි උපසිරස වෙනුවෙන් සුබ පතනවා! ඉදිරියේදී වෙනස් නිර්මාණ වලින් දකින්න ලැබේවි කියල හිතනවා. ජය!
widuranga
50 sub ekata congratz 100th lagadima denaaa thanx for every subtitle
sanka075
Congrats sister!....
Navodani Thilini Sasanika
බොහොම ස්තූතියි අදහස් දක්වපු හැමෝටම!!!!
Helili Hemamali
අම්මෝ නවෝදනී නගා එහේ බලලා මෙහේ බලද්දී 50 ගහලා. මේක වාර්තාවක්ද මන්දා! මෙහෙම වේගෙන්, ගුණාත්මක උපසිරැසි ගේන උපසිරැසිකරුවෝ ඉද්දි බයිස්කෝප් අඩවිය අංක එකේ තියන එක අහන්නත් දෙයක් නෑ. ඉතින් නගෝ 100 වෙනි කඩඉමත් ඉක්මනටම ගෙනෙයි කියලා මං බලාපොරොත්තු වෙනවා. දැන් දැන් කඩඉම් පහු කරන අයියලා, මල්ලිලා අතරේ ගෑනු ළමයිත් නොදෙවෙනි තරගයක් දෙනවා කියනෙකට ඔයා හොඳම උදාහරණයක් නංගි. අධ්‍යාපන වැඩත් හොඳින්ම කරගෙන, දිග ගමනක් යන්න ඔයාට මං හදවතින්ම සුබ පතනවා.
Navodani Thilini Sasanika
අක්කත් ඒ ගොඩේ ඉස්සරහින්ම ඉන්න කෙනෙක් තමා. බොහොම ස්තූතියි අක්කේ
ranga11112
50 වෙනි උපසිරස වෙනුවෙන් සුබ පැතුම්...... බොහොම ස්තුතියි නංගි
එල්.සී. දමැල්
50ට සුභපැතුම් නවෝදිනී
Skuma820
Thanks for sub... good luck nawo.....
Supun T.S
Supirii ahhhhhhhh...
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
dsdkavishka
Thenks sis, congratulations!
Prabodha Madhusankha Hettiarachchi
sthuthi subtitle ekata..
Chami.S
50ta unusum suba pathum..!!!
Ishan Madusha
50 වෙනි උපසිරැසියට උණුසුම් සුබපැතුම්.
ඉදිරි කඩයිම් ජයගන්න අවශ්‍ය කාලය,ශක්තිය වැඩි වැඩියෙන් ලබෙන්න කියලා ප්‍රාර්ථනා
කරනවා.විශේෂයෙන්ම ගොඩක් ස්තූතියි ඇනිමේ වලට සබ් කරනවට
උපසිරැසිය වෙනුවෙන් තුති.ජය වේවා!cnk
සබ් ඒකට ස්තුතියි. 50 වෙනි උපසිරසියට සුබපැතුම්
AsithaDilruwan
ela ela thanks
AsithaDilruwan
50 ta suba pathum
ලහිරු ප්‍රසාද්
50 කඩයිම වෙනුවෙන් උණුසුම්සු සුබ බපැතුම්!
ඉදිරියටත් මේ වගේ ඉක්මනින් කඩයිම් පහු කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
ජය!subodha
Thanks
සනිඳු ලක්ඛිත
මුල්ම කඩඉමට හදවතින්ම සුභ පැතුම්..තව තවත් උපසිරැසි කරන ලැබේවා වගේම ජිවිතේ හැම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..බුදුසරණයි..ජය වේවා..!
Sanjeewa2010
Congtzzzzzzzzzzz
m.c.i.srimal
thanks brooooooooooooooooooooooooooooooo
Sadeu_Bandara
සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි...
ඉසුරු සම්පත් සිරිසේන
පළමු කඩයිමට සුබපැතුම්. ඔබට ජය!
Udara Damith Dissanayaka
❤❤❤❤❤❤සබ්බ පාපස්ස අකරණං❤❤❤❤❤❤
❤❤❤❤❤❤කුසලස්ස උප සම්පදා ❤❤❤❤❤❤
❤❤❤❤❤❤සචිත්ත පරියෝදපනං ❤❤❤❤❤❤
❤❤❤❤❤❤එතන් බුද්දානු සාසනං ❤❤❤❤❤❤
****************************************************
50 හට සුබපතනවෝ
දිගටම අපිට බලන්ඩ ඇනිමේ ගේන්ඩ වාසනාව labeවා
****************************************************Thusitha Jayathilaka
elaaaaaaaaaaaaaaaaaaa
gayan215
bohoma sthuthi sahodari, awagema 50ta suba pethum , oya gemmenma 100tath yamu ikmanata.
Hewage Perera
Supiriyak bro. Enakam balan idiye. Patta. Jayen jayama wewa
Hewage Perera
Supiriyak bro. Enakam balan idiye. Patta. Jayen jayama wewa
Kulanjana Maduranga
welldone….Hat off Respect SIS….Great work & Lot of thanks NAVODANI Sis.wish u’r great future…..
තරිඳු රසාංග
50 කඩයිම වෙනුවෙන් සුභ පැතුම්! ඉදිරි කඩයිම් වෙනුවෙන් හදවතින්ම සුභ පතනවා! ජය!
Tharaka
50 වෙනි උපසිරසියට උණුසුම් සුබපැතුම්!
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!sachintha
Sub ekata thanks akee
50 ta hadawathinma suba pathanawa...
Jayasachintha
Sub ekata thanks akee
50 ta hadawathinma suba pathanawa...
Jayaබොබී
ඔහොමම 100 දක්වාත් යමු. තවත් හොඳ නිර්මාණ අපිට ගෙන එන්න හැකිවේවා කියලා සුභ පතනවා.
awsanjaya
උපසිරැසියට ස්තූතියි.
awsanjaya
ඉක්මනටම 100ත් ගහන්න පුලුවන් වෙන්න කියල සුබ පතනව.
Rmadushanka
කතාව හොදට විස්තර කරලා තියනවා තේරුම්ගන්න පුළුවන් විදිහට, ගොඩක් ස්තුතියි......හොද වැඩක්.
sam fisherr
අපිනම් ඉතිං ඔයාගෙ නිර්මානවලට ගොඩාක් ආස අය නිසා මටත් හරිම සතුටුයි 50ක් වගේ ලොකු ඇනිමි ගානක් ඇනිමි නැතිව කාන්තාරය හිටපු අපිට හම්බ උනෙ ඔයා නිසා(ඇත්තටම 50කිව්වට ඉට වැඩි මම හිතන්නෙ)එ ගැන අපි හිතින් කොච්චර සතුටුවෙනවද කියල මම නම් හිතන්නැ ඔයාටවත්idea එකක් ඇති කියල.එක නිසා මෙච්චර කල් පරිවර්තනය කරපු හැමඅකුරකටම,වචනයකටම"අරිගතොඅසායිමත්සේ"
sam fisherr
එවගේම Fullmetal Alchemist Brotherhood ගැනත් වචනයක් කියන්න ඔනි එක වැඩිය කට්ටිය බලන්න අරං නැ වගෙ පෙන්නෙ සුටිං මාටිං වගෙ පිස්සු එව ගොඩක් අය බලද්දි මෙක බලන්න වැඩිය කට්ටිය ඉදිරි පත් වෙන්න නැතුව ඇත්තෙ කතාව ගැන වැඩිය දන්නැති එකනිසා වෙන්න ඇති එක imdb හොදම ටිවි සිරියස් 250 අතර 20 වෙනි ස්තානයෙ වගෙ තියන එකක්.එ ලයිව් ඇක්ශන් එවත් එක්ක පවා සලකලා සහ කාටුන් පවා පරාද කරල 250කින්20 වගේ ආපු මේක අැනිමි එකක් අඩුම තරමෙ කාටුන් වත් නෙමෙයි.එවගෙම මේකෙ වෙන සිදුවිම්වලට ගෙම්Ofthroneවලවගෙ පරමානුක නෙමේ නැනො මට්ටමටම ගිහින් පැහැදිලි කිරිම් කරන්න පුලුවන් සුපිරි කතාවක්.කවුරැ හරි මෙක බලන්න ගන්නවනම් මුල්කොටස් 2-3න් කතාව මනින්න එපා
nirodha uthpala
Thx for sub sis digatama denna labeva keya hadavatinma partana karanava sis obata jaya. ..brrip eanakan balan inna venava. ..
mayura_lanka
50වෙනි උපසිරැසියට ජයෙන්‍ජ්‍යමවේවා,,,, උපසිරැසියට බොහෝම තුති
Ravindu Rukshan
50 ට සුභ පැතුම් අක්කි ඉදිරි කඩයිම් වලටත් යන්න ලැබේවා කියා පාර්ථනා කරනවා...
සමීර කරුණාරත්න
දැන් බයිස්කෝප් අඩවියේ මාසෙකට වැඩිම උපසිරස ගණනක් ලබා දෙන සහෝදරි ඔන්න සුපිරි වේගයෙන් පළමු කඩයිම පැන්නා එහෙනම්, මේ වගේම සුපිරි වේගයකින් 100 වැන්නටත් එන්න හැකි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ජිවිතයේ සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා පතනවා. 50 ට සුභ පැතුම් !!!
Jerome Valeska
මුළින්ම 50 වෙනි කඩයිමට හදවතින්ම සුභ පතනවා නංගි...!!!
හිතාගන්න බැරි වේගෙකින් ඔයා උපසිරසි කරලා කියලා පේනවා.
කාන්තා පාර්ශවයෙන් ඒ වගේ වේගයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කීප දෙනයි සයිට් එකේ ඉන්නෙ :D
මාවත් මතක් කළාට ස්තූතියි...!!!
එහෙනම් ඊළඟ කඩයිමත් ඔය වේගෙන්ම ලඟා කරගන්න කියලා සුභ පතනවා.
ජය වේවා...!!!Navodani Thilini Sasanika
බොහොම ස්තූතියි අදහස් වලට...
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
50 වැනි උපසිරසියට සුභ පැතුම්සිසිල ප්‍රසාද්
පනස්වෙනි උපසිරැසි කඩයිම වෙනුවෙන් හදවතින්ම සුභ පතනවා.
ඉදිරි කඩයිම් වලටත් මේ වගේම ඉක්මනින් යෑමට ශක්තිය ධෛර්‍යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ජය!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහොම ස්තූතියි සබ් එකට බ්‍රෝ...දිගටම සබ් කරන්න.