ආයුබෝවන් යාළුවෝ හැමෝටම.. ඉතින් කාලෙකට පස්සේ ඔන්න මං ආවා වෙච්ච පොරොන්දුව ටික ටික ඉෂ්ඨ කරගෙන. 2021 ලබනවත් එක්ක ටිකක් වැඩ වැඩි වුනා. ඊට පස්සේ තවත් වැඩ වලටම හිරවුන නිසා පුළුවන් වෙලාවට ඉදලහිටලා අඩවියට ගොඩවුනාට සිංහල සබ් එකක් අරන් එන්න බැරිවුනා. ඒ අතරේ ඉසුරු දිල්ශාන් සහෝදරයාගේ ආරාධනාවකට ටීවී සීරිස් එකක එ…

ආයුබෝවන් යාළුවෝ හැමෝටම..
ඉතින් කාලෙකට පස්සේ ඔන්න මං ආවා වෙච්ච පොරොන්දුව ටික ටික ඉෂ්ඨ කරගෙන. 2021 ලබනවත් එක්ක ටිකක් වැඩ වැඩි වුනා. ඊට පස්සේ තවත් වැඩ වලටම හිරවුන නිසා පුළුවන් වෙලාවට ඉදලහිටලා අඩවියට ගොඩවුනාට සිංහල සබ් එකක් අරන් එන්න බැරිවුනා. ඒ අතරේ ඉසුරු දිල්ශාන් සහෝදරයාගේ ආරාධනාවකට ටීවී සීරිස් එකක එක එපියක් බාරගත්තා උපසිරසි හදන්න. එතකොටත් මං මේ චිත්‍රපටය භාර අරන් බාගෙට හද හද හිටියේ. එක එපියක් වෙනුවට එපි දෙකක්ම අන්තිමේ හැදුවා. ඒ දෙකම අඩවියේ දැන් පලවෙලා තියෙන්නේ. ඒක දැක්කම ආයෙත් උනන්දුව වැඩිවුනා වගේ. ඉතින් වැඩත් ටික ටික අඩුවෙන අතරේ පුළුවන් තරම් ඉක්මණට ඔන්න මං සිංහල උපසිරසිය අරගෙන ආවා.
The Curse Of The Mummy’s Tomb
- චිත්‍රපටය තිරගතවෙලා තියෙන්නේ 1964 ඔක්තොබර් 18 වෙනිදා.
- නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය Michael Carreras.
- රංඟනයෙන් Terence Morgan, Fred Clark, Ronald Howard සහ Jeanne Roland දායක වෙනවා.
චිත්‍රපටයේ කතාව දිග හැරෙන්නේ මහාචාර්යවරයෙක්ගේ මරණයත් සමඟ මමියක් සොයාගැනීමත් එක්කයි. මමිය ලන්ඩනයට අරන් එන්නේ මේ මහා සොයාගැනීම ප්‍රසිද්ධ කරන්න උත්සවයක් තියන්නයි. ඒත් උත්සවය වෙලාවේ මමිය අතුරුදහන් වෙලා. පණ ඇවිල්ලා. විනාඩි 79ක කාලයක් පුරා දිවෙන මෙම චිත්‍රපටය සඳහා IMDb දර්ශකයේ 5.7ක්, Rotten Tomatoes 30% ක අගයක් ලැබී ඇත. Google පරිශීලිකයින්ගෙන් 89%ක කැමැත්ත මෙම චිත්‍රපටයට ලැබී ඇත. ලිපියේ චිත්‍රපටයේ කතාව මගින් නැවැත්තුවේ බලන අයට රසවිඳින්නයි. එහෙනම් අදට මං ගිහින් එන්නම්. ආපහු දවසක මේ වගේම තවත් චිත්‍රපටයකට සිංහල සබ් අරන් එනකන් ඔයාල හැමෝටම නිරෝගිමත් සුබ දවසක් වේවා…
~ ජය වේවා ~
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
1,169 downloadsDownload The-Curse-of-the-Mummys-Tomb-1964.zip39 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොෂාන් ශමීර ජයසිංහ
Subtitles
8 comments
Priyantha Dayakeerthi
Mahesh
The Handmaiden(2016)
The Wailing(2016)
හැකි නම් ඔබත් ඔය korean සිනමා නිර්මාන දෙක නරබන්න...
පරන ඒවා වගේම හෝ ඊට වැඩියෙන් ව්ස්මය ජනක නිර්මාන තවමත් නිර්මානය වෙන බව ඔබට තෙරුම් යයි!!!
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට හුඟ දවසකින් රොශාන්ගෙ සබ් එකක් අද තමා සයිට් එකේ දැක්කෙ පරණ ෆිල්ම්වලට සබ් කරන දෙතුන්දෙනාගෙන් එක්කෙනෙක්
Shamal manojan
ලබාදෙන ලද මෙම උපසිරැසිය සඳහා බෙහෙවින් ස්තූති වන්ත වෙමි.
කාලයකට පසු ඔබේ පැරණි සිනමා පටයක් දක්නට ලැබීම පිළිබඳව සතුටු වෙමි.
නොනවත්වා මෙවැනි පැරණි ඉංග්‍රීසි චිත්‍රපට සඳහා උපසිරැසි ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි.
මා මින් පෙර බොහෝ පැරණි චිත්‍රපට සඳහා ඔබෙන් උපසිරැසි ඉල්ලා ඇත. කෙසේ හෝ ඔබේ රුචිකත්වය පරිදි දිගටම මෙවැනි සිනමාපට ලබාදෙන ලෙසද බයිස්කෝප් අඩවිය හැර නොයන ලෙසද ඉල්ලමි.
ravidu ishan
Sub ekata tnx..
මේවගේ තවත් පරණ ෆිල්ම් වලට සබ් කරන්න විෂ් කරනවා අයියේ,,.හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
කවිඳු ජයවර්ධන
තව තවත් පැරණි ෆිලුම් වලට උපසිරැසි ලබා දෙන්න .ලබා දුන් සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.!ඔබට ජය!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Curse of the Mummy’s Tomb (1964) Sinhala Subtitles | මමි සොහොන් ගෙයි ශාපය [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/02/The-Curse-Of-The-Mummys-Tomb-1964.jpg)
රොෂාන් සමීර ජයසිංහ සොයුර,
ඔබේ මෙම සිංහල උපසිරසියටත් ස්තුතියි, මා දන්නා ෆිල්ම් එකක්. නමුත් නරඹලා නැහැ. බලන්න ඩවුන්ලෝඩ් කළා. එකළ පැරණි ඉංග්‍රීසි සිනමාපට සඳහා සබ් දුන් බුද්ධික නුවන්, ජේම්ස් ඩී සී වැනි අය. දැන් ඒ අය සබ් දෙන්නේ නැහැ. පැරණි හින්දි ඒවාට සබ් දුන් දහරා මතු අමා දැන් අලුත් ඒවාට පමණයි සබ් දෙන්නේ. එහි වරදක් නැහැ තමාගේ රුචිකත්වයට තමයි ඕන
කෙනෙක් සබ් නිර්මාණය කරන්නේ. මම සබ් දෙන්න පටන් ගත් 2015 වසර කාලයේ දී පැරණි කලාත්මක සිනමාපට නැරඹු සහ ඒවා අගය කළ පිරිස් මේම වෙබ් එකේ සිටියා. දැන් ඒ අය නැහැ, මම පවා මේ වෙබ් එකට එන්නේ දින ගණනාවකට වරක්. ඒ මන්ද පැරණි කලාත්මක සිනමාපට සඳහා සබ් කරන්නන් දැන් මෙහි නැති නිසා. ඒ නිසාම 2015 කාලයේ සිටි රසිකයෝ හැලිලා. ඒ මන්ද මෙහි ආවට ගන්නට සබ් එකක් නොමැති නිසා වෙන්න ඇති. දැනට පැරණි ඉංග්‍රීසි සිනමාපටවලට සබ් දෙන්නේ ඔබ පමණයි. ඔබටත් දැන් දිරියක් දෙන්න මෙහි දැන් රසිකයන් නැහැ, ඒ මන්ද සියලු පැරණි රසිකයෝ එයාලා කැමති ඒවා නැති නිසා වෙබ් එකෙන් හැලිලා. ඒ වගේම සබ් සිය ගණනකට පසුව "එක පැරණි සබ් එකක්" ආවත් එයට පහර ගහන බුද්ධිමත් මහත්වරුන් මේකට සබ් ගන්න එනවා. ඔවුන් ඉතාමත් "ආත්මාර්ථකාමී පුද්ගලයින්". ටීවී චැනල්වල වැහිවහලා වගේ ඒ වගේ අය කැමති සබ් සහිත ෆිල්ම් දිනපතා ඕනෑතරම් යනවා. අලුත් සබ් සියගණනකට පසුව කලාත්මක රසිකයා වෙනුවෙන් එන එකම සබ් එකත් නැති කරන්න හදන්නේ.
මම ඉතාමත් වටිනා ෆිල්ම් එකකට සබ් දුන්නා. එය තමා The Housemaid (1960) . අද එය පළවේවි. හැකිනම් එය නරඹන්න. ජීවිතයේ මා දුටු විස්මය ජනක සිනමා නිර්මාණයක්. ස්තුතියි, ඔබට ජය!