Watch Trailer

The Great Indian Kitchen (2021) Sinhala Subtitles | මුළුතැන්ගෙය හැර ගියාය! [සිංහල උපසිරසි]

“Birds born in a cage think flying is an illness.” – Alejandro Jodorowsky සුභ දවසක් වේවා. අද මං සිංහල උපසිරැසි අරගෙන ආවේ 2021 වසරේ ජනවාරි 15 වෙනිදා නිකුත් වූ මලයාලම් සිනමාව තුල කතාබහට ලක්වූ සිනමා නිර්මාණයක් වූ The Greta Indian Kitchen (2021) වෙනුවෙනුයි. උපාධි, පශ්චාත් උපාධි ලබා තමන්ගේ දැනුම, ආසාවන්…

“Birds born in a cage think flying is an illness.”
– Alejandro Jodorowsky

සුභ දවසක් වේවා. අද මං සිංහල උපසිරැසි අරගෙන ආවේ 2021 වසරේ ජනවාරි 15 වෙනිදා නිකුත් වූ මලයාලම් සිනමාව තුල කතාබහට ලක්වූ සිනමා නිර්මාණයක් වූ The Greta Indian Kitchen (2021) වෙනුවෙනුයි.

උපාධි, පශ්චාත් උපාධි ලබා තමන්ගේ දැනුම, ආසාවන්, සිහින මුළුතැන්ගෙය තුල දිය කර හරිමින් තමන්ගේ ස්වාමියාගේ දරුවන්ගේ සුඛවිහරණය උදෙසා ජීවත් වෙමින් නිවසේ සියළුම වැඩ කටයුතු නොපිරිහෙලා ඉටු කර තමන්ගේ සැප පහසුව නොතකා තමන් විවාහ කර ගන්නා පිරිමින් වෙනුවෙන් සියළු යුතුකම් ඉටු කරමින් වෙහෙසනා ගැහැණුන්.

තමන්‌ගේ බිරිඳගෙන් ඉටුවිය යුතු යුතුකම් සියල්ල 100% බලාපොරොත්තු වන, ඔවුන්ගේ සැප පහසුව වෙනුවෙන් ගැහැණු තලා පෙලා දමන, ඔසප් දින වලදී තමන්ගේ බිරිඳගේ ස්පර්ශය නිසා නිවසේ බඩු භාණ්ඩ පවා අපිරිසිදු වේ යැයි විශ්වාස කර එවන් දින වල ඇය දැකීම, ස්පර්ශ කිරීම පවා ප්‍රතික්ෂේප කරනා පිරිමින්.

මෙවන් වූ ගැහැණු හා පිරිමින් මුණ ගැහෙන, විවාහය තමන්ගේ ජීවිතය කරගත් දකුණු ආසියාතික ගැහැණුන්ගේ විලාපය The Great Indian Kitchen සිනමා නිර්මාණය අනිවාර්යෙන්ම නැරඹිය යුතු සිනමා නිර්මාණයක් බව කිව යුතුමයි.

අද දවස වන විට 2369 දෙනෙකුගේ මනාපයෙන් IMDb දර්ශකයේ 8.5/10 ක් 89% ක Google පරිශීලක අගයක් දිනා ගන්න සමත් වූ මෙම Jeo Baby ගේ අධ්‍යක්ෂණයක්. Nimisha Sajayan, Suraj Venjaramoodu , T. Suresh Babu , Ramadevi , Kabani , Sidhartha Siva ඇතුළු පිරිසගේ විශිෂ්ඨ රංගනය මේ සිනමා නිර්මාණය තුළ දැක ගන්න ලැබෙනවා.

නර්තනයට දැඩිව ආශා කළ තරුණියක් දෙමව්පියන්ගේ යෝජනාවක් මත සම්ප්‍රදායික ලෙස සිතන පතන කටයුතු කරන පවුලක වෘත්තියෙන් ගුරුවරයෙකු වන තරුණයෙකු හා අතිනත ගනියි. දහසක් සිහිනයන් සිත්හි තබාගෙන විවාහ වෙන තරුණියට ඇයගේ සිහිනයන් මුළුතැන්ගෙයින් එලියට ඇද දමන්න සිද්ධ වෙනවා. අවසානයේ තමන්ගේ ජීවිතය ගැන සිතා ඇයට ඇයගේ අනාගතය පිළිබඳව මොන වගේ තීරණයක් ගන්න වෙයිද කියලා සිනමා නිර්මාණය නරඹලාම දැන ගමු.

ඇත්තටම මේ චිත්‍රපටිය වෙනුවෙන් Hardcoded Sub එකක් ඇවිත් තිබුණෙ, කාලරාමු නිර්මාණය කරගෙන උපසිරැසිකරණය කරපු හින්දා හිතුවට වඩා කාලයක් ගත උනා. කාලරාමු නිර්මාණය කරගෙන කරපු පළවෙනි උපසිරැසි ගැන්වීම හින්දා අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ ගැන සමාව ඉල්ලනවා. සිංහල උපසිරැසිය එක්ක මේ චිත්‍රපටිය නරඹලා ඔයාලගේ අදහස් පහලින් සටහන් කරන්නත් අමතක කරන්න එපා. තවත් සිංහල උපසිරැසියකින් නැවත හමුවෙමු. සුභ දවසක් වේවා.

https://en.wikipedia.org/wiki/Gatham

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි  HDRip පිටපත් සඳහා අදාළ වේ.

12,361 downloadsDownload The-Great-Indian-Kitchen-2021.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රේණුකා සුභාෂිණි

Subtitles

12,361 downloadsDownload Subtitles28 KB

31 comments

  1. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. මයුර

    අම්මෝ නියමයි අක්කේ..
    එනකම් හිටියේ ආයේ බලන්න

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  4. රංගික සිනෙත් කාරියවසම්

    අක්කී බෝම ස්තුතියි. නියම වැඩක් සබක් නැතුව ලෙසටම වැඩේ කරලා. නියමයි. මග බලන් හිටපු ෆිලුමක සබ් එකක් .ජයම වේවා
    ⁣vellam (2021) malayalam ෆිලුමටත් සබ් එක දෙන්න කියලා ඉල්ලනවා. ජය වේවා

  5. Anonymous

    Thanks...

    1. Possible

      Tnq for the subtitles ♥️

  6. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි සොයුරි.

    හැකිනම් මේ චිත්‍රපට කිහිපයටත් උපසිරැසි දෙන්න බලන්න.

    1. ඉර්ෆාන් ඛාන් රඟපාන Doob: No Bed Roses - 2017

    2. සනී ඩියොල් සහ බොබී ඩියොල් රඟපාන
    Yamla Pagla Deewana: Phir Se - 2018

    3. කපිල් ෂර්මා රඟපාන Firangi - 2017

  7. Bandara

    කාල රාමු නිර්මාණය කරගෙන සබ් එතත් දෙකව තියන්නෙ ඉතාම දුෂ්කර දෙයක්.ඔබගේ කැපවීම වෙනුවෙන් අප සැමගේ උපහාරය

  8. Kantha_DLA

    Geatest film..
    Recomended for all of you ..............
    really thanks dear..

  9. Nethini123

    සබ් එකක් හරියට කරන එක කොච්චර අමාරුද කියලා දන්නවා. තව කාල රාමුත් හද හදා කරකොට....!!! බොහොම ස්තූතියි අක්කේ.

    ...Highly recommend for all...

  10. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

  11. Nilush Angana

    Sub ekata thanx

  12. tharidu16

    thanks dear.

  13. mg

    thanks

  14. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  15. Yashashsri

    Thanks sister,thank you very much,

  16. Thusitha Kumara

    ස්තුතියි බෙහෙවින් ම. අපේ ඊළඟ සිනමා රසවින්දනය වෙනුවෙන් මේක තෝරා ගන්න තීරණය කළා. අපූරුයි ඔබේ දායකත්වයට.

  17. malki

    To the all-boys always and forever Ekta sub karannko akka. thank you!!

  18. kavinu

    බොහොම ස්තූතියි අක්කේ. දැන් තමයි දැක්කේ කමෙන්ට් එකක්වත් දාලා නෑනේ කියලා!
    මේ අවුරුද්දේ ආපු හොදම මලයාලම්වලින් එකක්...
    හැබැයි ඊටත් වඩා හොඳම වැඩේ කියන්නේ, මේක දීලා සතියක් යන්නත්කලින් වෙල්ලම් ෆිලුමටත් සබ දීලනේ!
    බොහොම ස්තූතියි, ජය වේවා...

  19. lakamal

    තැන්ක්යූ සිංහල සබ් එකට

  20. Sohan Jayasooriya

    මං ආස ටයිප් එකේ එකක්.. සුපිරියක් වගේ.. ස්තූතියි අක්කෙ සබ් එකට

  21. Anonymous

    thank sis

  22. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  23. කවිඳු

    ලිපියට සහ උපසිරැසියට බොහොම ස්තුතියි

  24. hasitha jayasingha

    ඇත්තටම ලස්සන ෆිලුමක්.කොහොම උනත් මගේ පෞද්ගලික අදහසනම් මේ සිනමපටයේ සමහර කරුණු වර්තමානයත් එක්ක කොතරම් ගැලපෙනවාද යන්නයි.ඉන්දීය සමාජ ක්‍රමයට වඩා ශ්‍රි ලංකාව තරමක් ඉදිරියෙන් ඇති බව මගේ නම් මතයයි.

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.

    1. dilshan

      ඉන්දියාව ගැන කලකිරුණා

  25. කවිඳු ජයවර්ධන

    සබ් එක නම් නියමෙටම කරලා තිබුනා..ගොඩක් ස්තුතියි අක්කෙ සිංහල සබ් එකට..!!ජය වේවා!!

  26. Chaminda Lakruwan

    ස්තූති සබ් එකට

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. Anonymous

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි

  29. Vishwa sasanka

    Thank you