Watch Trailer

The Little Things (2021) Sinhala Subtitles | මිනී මැරුම් හයක්. ඒත් කෝ සැකකරුවෙක්? [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ ඉතින් අද මං මේ අරන් ඇවිල්ලා තියෙන්නෙ 2021 වර්ෂයේ ජනවාරි 29 වෙනිදා නිකුත් වූ සුපිරිම ත්‍රාසජනක ගණයට වැටෙන ෆිලුමකට සිංහල උපසිරැසිය.මේ චිත්‍රපටය ගැන මුලින්ම කිව්වොත්, මේ චිත්‍රපටයේ තියෙන ඇතැම් සිදුවීම් අපරාධ,මිනී මැරුම් වලට වැඩි නැඹුරුවක් දැක්වීම හේතුවෙන් චිත්‍රපට විචාරකයන්ගේ අඩු පැසසුම…

කොහොමද යාළුවනේ ඉතින් අද මං මේ අරන් ඇවිල්ලා තියෙන්නෙ 2021 වර්ෂයේ ජනවාරි 29 වෙනිදා නිකුත් වූ සුපිරිම ත්‍රාසජනක ගණයට වැටෙන ෆිලුමකට සිංහල උපසිරැසිය.මේ චිත්‍රපටය ගැන මුලින්ම කිව්වොත්, මේ චිත්‍රපටයේ තියෙන ඇතැම් සිදුවීම් අපරාධ,මිනී මැරුම් වලට වැඩි නැඹුරුවක් දැක්වීම හේතුවෙන් චිත්‍රපට විචාරකයන්ගේ අඩු පැසසුමට ලක් වූවක්.නමුත් චිත්‍රපටය තුළ එම සිදුවීම් ඉතාමත්ම හොදින් නිරූපණය කිරීමට මේ චිත්‍රපටය සමත්වෙලා තියෙනවා.ඉතින් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ John Lee Hankock අධ්‍යක්ෂකවරයා විසින්.චිත්‍රපටය බෙදාහැරීමෙන් දායක වෙලා තියෙන්නෙ අපි හැමෝම දන්න Warner Bros ආයතනය.Denzel Washington,Rami Malek,Jared Leto වැනි නළු නිළියන් විසින් රංගනයෙන් දායකත්වය ලබාදෙන මේ චිත්‍රපටය IMDB දර්ශකයේ 6.3 ක අගයකුත් කුණු තක්කාලි දර්ශකයේ 47% ක අගයකුත් ලබාගැනීමට සමත්වෙලා තියෙනවා.මේ චිත්‍රපටය HBO max ඔස්සේ ප්‍රදර්ශනය කිරීමට පෙර සිනමාහල්වල ප්‍රදර්ශනය කිරීම තුළින් ලැබූ ආදායම ඩොලර් මිලියන 7.6 ක්.මේ චිත්‍රපටයේ ධාවන කාලය මිනිත්තු 127 ක්.මේ චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙන Jared Leto නළුවාට ඔහුගේ රංගනයේ සාර්ථකත්වය හේතුවෙන් ඔහු මේ වසරේ පැවැත්වීමට නියමිත Golden Globe සම්මාන උළෙලේදී සහ Screen Actors Guild Awards සම්මාන උළෙලේදී හොදම සහය නළුවාට හිමි සම්මානය සඳහා නිර්දේශ වෙලා තියෙනවා.

මේ චිත්‍රපටයේ කතාව ගැන කිව්වොත් වර්තමාන කාලය ඒ කියන්නෙ චිත්‍රපටයේ කතාව ගලාගෙන යන කාලය වන විට කිසිම සැකකරුවෙක් හෝ සාක්ෂියක්වත් නැති ආකාරයෙන් මිනී මැරුම් හතරක් සිදු වෙලා.ඉතින් වර්තමාන කාලයෙත් තවත් දෙකක් සිදුවෙනවා.වර්තමානයේ පොලීසියේ රහස් පරීක්ෂකයා ලෙස කටයුතු කරන ජිමී බැක්ස්ටර් මේ මිනී මැරුම විසදන්න තමාගේ උපරිමය කරනවා.ඒත් කිසිම ප්‍රතිපලයක් නෑ.මොකද මිනී මරුවා ගොඩක් දක්ෂ කෙනෙක්.මේ මරණයට පත්වෙන්නෙ කෙල්ලො විතරයි ඒ කියන්නෙ මෙයාලට තියෙන එකම සාක්ෂිය මේ මිනීමරුවා ලිංගික අසහනයෙන් පෙළෙන කෙනෙක් කියල විතරයි.ඔය අතරෙ අතීතයේ මිනීමැරුම් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ ජෝ ඩීකන්ව මේ බැක්ස්ටර්ට හම්බුවෙනවා.මේ ඩීකන්ටත් මේ මිනීමරුවව අල්ලගන්න ඕනිවෙලා තියෙන්නෙ.මේ දෙන්න තමාගේ ජීවිතේ,පවුල ගැනවත් නොහිතා තමයි මේ වැඩේට අතගහල තියෙන්නෙ.ඩීකනුයි බැක්ස්ටරුයි මිනී මැරුම විසදාවිද? නැත්තම් සුපුරුදු පරිදි මිනීමරුවා පැනගනීවිද?

අපි චිත්‍රපටය බලමු එහෙනම්.

UPDATE

ෆිල්ම් එක බලල ඉවර උනාම මෙතැනින් ගිහින් මිනීමරුවා ගැන මංසලේ පල කරපු ලිපියත් බලන්න.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR සහ WEBRip පිටපත් සඳහා අදාළ වේ.

13,807 downloadsDownload The-Little-Things-2021-BR.zip79 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

13,807 downloadsDownload Subtitles79 KB

40 comments

  1. යුරාන් ධනුක (දනුවා)

    Thanks Bro !!!

  2. Nilush Angana

    Sub ekata thanx

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  4. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ...

    මේ කැටගරියටම අයිති අතිශය ත්‍රාසජනක චිත්‍රපට එකතුවක් තියනවා සහෝ. Hannibal Lecter collection එක. මේකේ 2 වෙනි චිත්‍රපටය වන The Silence of the Lambs - 1991 චිත්‍රපටය ට බයිස්කෝප් අඩවියෙන් උපසිරැසි දීලා තියනවා. ඔබට හැකිනම් ඉතිරි ෆිල්ම් ටිකට සබ් දෙන්න පුලුවන්ද? ත්‍රාසය ගැන නම් කියලා වැඩක් නෑ.

    01 - Manhunter - 1986

    03 - Hannibal - 2001

    04 - Red Dragon - 2002

    05 - Hannibal Rising - 2007

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. Nelson Rodrigo

    good work friend, thanks for sub!

  7. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  8. D P Gamage

    Thanks for subtitle!

  9. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  10. wishwa

    servent seris ekatath sub eka denna puluwanda?
    story eka patta kiyala bewata sub dila nene thama.denna puluwannam bohoma sthuthiyi

  11. PahasaraDv

    Thankz for sub...

  12. නිමේෂ් කාවින්ද සිල්වා .

    මෙම සිනමා පටය සදහා ප්‍රමිතිගත උපසිරැසියක් ලබා දීම සම්බන්ධයෙන් මම සංජන සොයුරාට හදවතින්ම ස්තූති කරමි !!!!

  13. Shaggy

    බොහොම ස්තූතියි

  14. Bandara

    Thanks sanjana Bro...

  15. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  16. නිරෝෂ්

    ස්තුතියි සංජන සහෝ.ජයවේවා!

  17. lakshan

    thanks ............................

  18. Malaka prasad

    බොහොම ස්තූතියි සහෝ.... ජයවේවා බයිස්කෝ ❤️

  19. Anonymous

    Sub එකට ස්තූතියි
    නියම ෆිල්ම් එකක්

  20. tv malli

    සබ් එකට ස්තුතියි...දිගටම කරගෙන යන්න..ජය වේවා.......

  21. Pramukmili

    Thanx bro.................

  22. mindika

    Thanks !!!

  23. Malith Samarawickrama

    Thanks bro sub ekata.

  24. Uditha

    Thanks bro

  25. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. Chandimal Kariyapperuma

    thanks for the subtitles.

  28. Bimbisha Adithya

    උපසිරැසියට ස්තූතියි සංජන සහෝ♥️

  29. Nilanka

    Mata meka terune na, katahari puluwanda explain karanna

  30. Anonymous

    casino (1995) sub dennako

  31. Dilini

    BRrip එකට හරියට sync වෙන්නෙ නෑ.

  32. මධුකප්‍රිය පෙරේරා

    thanks

  33. Dewadithya

    Thanks for sub!

  34. Ruvindu Thathsara

    thanks bro

  35. ravidu ishan

    සබ්එකට Tnx mchn,,ජය!! ✌️✌️

  36. Anonymous

    Meke sub 1 font eka pennane ilakkam valin

  37. Yohan

    Meke sub 1 font eka pennane ilakkam valin

  38. Anonymous

    Thanks for the subtitles

  39. Chan

    Thank you

  40. Ruchira

    Thanks for the sub!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.