Watch Trailer

The Da Vinci Code (2006) | මිනිස් ඉතිහාසය වෙනස් කළ හැකි සත්‍යයක් [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා. හැම දේටම කලින් මේ සම්බන්ධව අපේ හසන්ත සහෝට ස්තූති කරන්න ඕන මට අවස්තාවක් දුන්නට. මමත් මෙච්චර කල් පිස්සුවෙන් වගේ බයිස්කෝප් බල බල ඉඳලා හිතුනා සබ් එකක් කරන්න ඕන කියලා. පෙරුම් පුරලා හා හාපුරාම කියලා තෝරා ගත්තේ ලෝකෙම අවධානය දිනා ගත්තු ෆිල්ම් එකක්. අපේ ගොඩක් අය මේක බලලත් ඇති. ඒ වුනාට…

Da Vinci Code 2006

හැමෝටම සුභ දවසක් වේවා. හැම දේටම කලින් මේ සම්බන්ධව අපේ හසන්ත සහෝට ස්තූති කරන්න ඕන මට අවස්තාවක් දුන්නට. මමත් මෙච්චර කල් පිස්සුවෙන් වගේ බයිස්කෝප් බල බල ඉඳලා හිතුනා සබ් එකක් කරන්න ඕන කියලා. පෙරුම් පුරලා හා හාපුරාම කියලා තෝරා  ගත්තේ ලෝකෙම අවධානය දිනා ගත්තු ෆිල්ම් එකක්. අපේ ගොඩක් අය මේක බලලත් ඇති. ඒ වුනාට අප‍ සයිට් එකේ මේකට සබ් නැති ඒක ලොකු අඩුවක් කියලා හිතුනා. වැල් වටාරම් ඕන නෑ. කෙලින්ම වැඩේට බහිමු.

මම කලින් කිව්වා වගේ මේක මුළු ලෝකෙම කතා බහට ලක් වෙච්ච කතාවක් තියෙන ෆිල්ම් එකක්. 2003 දී Dan Brown කියන ලේඛකයා මේ නමින්ම රචිත ප්‍රබන්ධය ඇසුරින් තමයි මේ ෆිල්ම් ඒක හදලා තියෙන්නේ. මේකේ අන්තර්ගතය මුළු ක්‍රිස්තියානි ලෝකෙම උඩු යටිකුරු කරපු නිසා මේක මේක තහනම් කරන්න කියලා කතෝලික පල්ලියෙන් ඉල්ලීම් පවා කළා. නමුත් ඉතිහාසයේ වුන සිදුවීම් ඇසුරෙන් මේක ප්‍රබන්ධගත කරලා තියෙන අන්දම දැක්කාම මේ කතාව ඇත්තද කියලා හිතෙන්න තරම් දක්ෂ විදියට මේක නිර්මාණය කරලා තියෙනවා. මේ නිර්මාණය සාර්ථක වෙන්න තව හේතුවක් වුනා Tom Hanks, Audrey Tautou, Ian McKellen, Alfred Molina, Jürgen Prochnow, Jean Reno, සහ Paul Bettany කියන ලෝක පූජිත රංගධරයන් මේකට දායකත්වය සැපයීම.

කතාවට අනුව ක්‍රිස්තු චරිතයේ කියවෙන මේරි මැග්ඩලීන් කියන කාන්තාව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බිරිඳ බවත්, මේ දෙන්නට දාව ඉපදෙන දරුවාගෙන් පැවත එන පරම්පරාවේ අය තවමත් සිටින බවත් කියවෙනවා. ඒක නිසා මේ රහස ලෝකයා දැනගත්තොත් ජේසුස් ක්‍රිස්තුස් තුමාගේ ශුද්ධත්වයට හානියක් වෙයි කියලා අර ජීවමාන පැවත එන්නන්ව විනාශ කරන සංවිධානයක් සහ ඒ අයව ආරක්ෂා කරන පුරාණ සංවිධානයක් ඉන්නවා. මේ දෙගොල්ල අතර සටනට මැදි වෙන මහාචාර්ය ලැන්ග්ඩන් (අර Angels & Demons එකෙත් හිටියේ) සහ තරුණ ගුප්ත ලේඛන විසදන්නියක් ගැන තමයි මේකේ කියවෙන්නේ. අවසානයේ අපි නොහිතපු දෙයක් තමයි සිදුවෙන්නේ ඒක නිසා හොඳ අවධානයෙන් මුළු ෆිල්ම් එකම බලන්න නැත්නම් කතාව තේරෙන්නේ නැති වෙයි. එහෙනම් මම සමුගන්නවා ෆිල්ම් එකේ සඳහන් වෙන පිරුලක් දාගෙනෙ යන ගමන්. ඔයාල හමොයම ජය ශ්‍රී….

“මනස  දකින්නේ, ඒක දකින්න තෝරා ගත්තු දේ පමණයි”

කලින් පළවූ ලිපිය – සුභාෂ් ගුණවර්ධන  මම මේ කියන්න යන ෆිල්ම් එක 2003 වසරෙදි නිකුත් වී වැඩිම ආදායම් උපයපු  “Dan Brown” කියන ලේඛකයා විසින් රචිත “The Da Vinci Code” කියන ප්‍රභන්ධ කතාව පාදක කරගෙන හදපු ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක ක්‍රිස්තියානි ලෝකේ විශාල ආන්දෝලනයක් ඇතිකලා. රෝමානු කතෝලික ආගමට අපහාස කලාය එම නිසා මෙම ෆිල්ම් එක නොබලා ඉන්නය කියල රෝමානු කතෝලික පල්ලිය ලෝකවාසීන්ගෙන් ඉල්ලීමක් පවාකලා. කොහොම උනත් මේක ප්‍රභන්ධයක් නිසා ඒම ඉල්ලීම සධාරණ නෑ කියන එකයි මගේ හැගීම නම්. අනිත් එක මගේ ප්‍රියතම නලුවෙක් ඉන්න නිසාත් වෙනස් ආරක කතා තේමාවක් අඩන්ගු නිසාත් මම හිතුව ඔයලත් මේ ෆිල්ම් එකට අසාවෙයි කියල. මේ කතාවෙන් කියන්න හදන්නෙ මරිය මග්දලේනා කියන කාන්තාව (අභිසාරිකාවක් කියල මිනිස්සු ගල් ගහල මරන්න හදපු වෙලවෙ ජේසු තුමා ඉදිරිපත් වෙලා කවදාවත් පාපයක් නොකරපු අයෙක් පලමු ගල ගසන්න කී නිසා මරනින් බේරුනු කාන්තව) ජේසු තුමාගෙ බිරිද බවත්, ඔවුන්ගේ දරුවන් රකින්න වෙනමම රහස් කන්ඩායමක් පත්කර ඇති බවත් (ලියනාඩෝ ඩාවින්චි, සර් අයිසැක් නිව්ටන් වික්ටර් හියුගෝ වගේ අය – ලියනාඩෝ ඩාවින්චිගෙ මොනලිසා වගේ චිත්‍රවල ඒ රහස් සන්විධනයෙ අය ගැන විස්තර රහස් සOකේත වලින් කියවෙනව කියලයි කියන්නේ) වර්තමනයෙත් ජේසු තුමාගෙන් පැවතෙන දරුවො  ඉන්නා බවත්, ඒ අය ආරක්ශා කිරීමට පාරම්පාරිකව පත් කල අය ඉන්නා බවත්, ඒ මතය හෙලි උනොත් ඒකෙන් රෝමානු කතෝලික ආගමේ කියන විදිහට ජේසු තුමා ශුද්ධාත්මයක් ඇති කෙනෙක් කියන මතයට කැලලක් වෙයි කියන බයට පල්ලිය විසින් ජේසු තුමාගෙන් පැවත එන අයත් ඒ අයව ආරක්ශා කරන අයවත් හොයල විනශ කරන්න දරන උත්සහයත් ගැන තමයි මේ කතාව පුරා දිව යන්නෙ.

 

Bang Bang (2014) on IMDb

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි DVDRip / BluRay EXTENDED CUT පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 

21,939 downloadsDownload The-Da-Vinci-Code2006.baiscopelk.zip192 KB

 

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරාධ එදිරිසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අනුරාධ එදිරිසිංහ

Subtitles

21,939 downloadsDownload Subtitles192 KB

116 comments

  1. ‍‍‍තෙපුල්

    @ පොතේ ගුරා... මචං මම දන්න තරමට The Da Vinci Code නවකථාව සහ තිර පිටපත යන දෙක‍ම රචනා කලේ Dan Brown කියන ලේඛකයා. පොඩ්ඩක් හොයලා බලලා නිවැරදි කරන්න.

  2. ‍‍‍තෙපුල්

    චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ Ron Howard

  3. Subhash

    Theupul, I am sorry, you are correct. Novel by Dan Brown and Film Directed by Ron Howard.

    Thanks for correcting me.
    And I apologize for mistake

  4. පිටස්තරයා

    ආගම් ගැන මගේ මතය වෙනස් වෙන්න පටන් ගත්තේ ඔය චිත්‍රපටිය බලලා. ඩෑන් බ්‍රව්න් වැරදි වෙන්න පුලුවන්. ඒත් එච්චර කල් යටපත් වෙලා තිබ්බ හඬක් එළියට ආවේ ඔය චිත්‍රපටියෙන්. ඒකනේ ලංකාවේ කට්ටියක් බය වෙලා තහනම් කරන්න කියලා උත්ඝෝෂණය කලේ. අපි ව කොහෙන්ද එහෙම නවත්තන්නේ? ;)

  5. -බිன்ku-

    මෙයින් ක්‍රිස්තියානි ආගමට හා එහි ප්‍රතිරෑපය හානියක් වෙතැයි අදහස් පල වුවත් ඇත්තෙන්ම වුවේ ක්‍රිස්තියානි ආගම ගැන ගණන් නොගත් හා මුස්ලිම් අය ඒ ගැන අවබෝධයක් ගැනීමත් ඇතැමෙක්ට එය තවත් යථාර්ත එකක් බව හැඟිමයි. මා මෙම චිත්‍රපටිය හා මේ දිනවල තීරගත වෙනAngels & Demons නරඹා ඒ ගැන මාගේ මතය හා මෙම කථා පෙලේ පොත් හා සම්බන්ධ වු පොත් වල විස්තර අත්තර්ජාලයෙන් උපුටා දක්වමින් දැමීමට අදහසක් තිබුණි. ඊට මාගේ කාර්්‍යබහුල බව බාධා කරයි. :(

    කෙසේ වෙනත්, යමක් කම්ක දෙස අපේ සිත මෙහෙවන්න මෙම චිත්‍රපටිය සමත් වී තිබෙනවා, නමුත් එහි මුල් පිටපත වන පොතේ ඇති කරන්නාවු කුතුහලය ඇති කරවන්නේ නෑ.

  6. zoniczz

    මචන් එල..\angels & demons බලන්න කලින් අයෙ මේක බලලා ඉන්න එක හොදයි...

  7. Subhash

    පොතේ ගුරා! මේ ලිපියේ මම වරද්දපු තැන (Ron Howard වෙනුවට Dan Browan) හදන්න පුලුවන් වෙයිද???? එහෙම කලොත් හොදයි වගේ මට හිතෙන්නේ….!

    මේ ෆිල්ම් එක ගැන මම දැනගෙන හිටිය ඒත් බලන්න ගත්තු දෙපාරම කම්මැලියි කියල හිතුන, කතාව තේරෙන්නෙ නැහැ වගේ හිතුන, එත් මගෙ ඔෆිස් එකේ මැලේෂියන් යාලුවෙක් මේ ෆිල්ම් එකට සම්බන්ධ පොත ගැන කිව්වහම තමයි මට හිතුනෙ බලන්න ඕන කියල.

    ජේසුස් වහන්සේ ගැන ගොඩාක් විවිධ ප්‍රභන්ධ තියෙනව. ජර්මන් ජාතිකයෙක් ලියපු පොතක පරිවර්තනයක් මම බොහොම කලෙකට කලින් කියෙව්ව, පරිවර්තනයේ නම “ජේසුස් නම් වූ බෞධ ශ්‍රාවකයා” ඒකෙ තියෙනව ජේසු තුමා වයස 13න් හො 14න් පසුව ඉන්දියවේ කාශ්මීර් ප්‍රාන්තයට ගිහින් බෞධ දර්ශනය ඉගෙන ගත්ත, ආපහු ගිහින් එයගෙ හිතවතුන්ව පොරොන්දු දේශයට කියල කාශ්මීරයට එක්ක ගෙන එන්න හිතුව, බුදු දහම නොඉවසපු පූජකයො කුමන්ත්‍රනයකින් මරන්න සැලසුම් කලා, කුරුසේ කරේ තියාගෙන යද්දි මරිය මග්දලේනා දුන්නු යුශ වර්ගයක් නිස ටික වෙලවකින් සිහිය නැති උනා, මැරිල කියල රැවටිල සිරුර ලෙනකට ගෙනිහින් පසුව සිහිය අවහම ආපහු කාශ්මීරයටම ගියා, අදටත් එතුමගෙ සොහොන කාශ්මීරයයෙ තියෙනව වගේ දේවල්.

    ප්‍රභන්ධ ඔන කෙනෙකුට ගොතන්න පුලුවන් හැබයි විශ්වාස කිරීම සහ නොකිරීම ප්‍රභන්ධයේ අඩන්ගු කරුනු වල හැටියට වෙනස් වෙනව.

    එහෙම නේද????

    1. Chathuranga Bandara

      Machan...Ara kiwwa potha kohenda hoya ganna tiyenne?? Mama sehena kaleka idan hoyanawa..

    2. Hits Wild

      I've that book send me Ur e mail

  8. පොතේ ගුරා

    @තෙපුල්! තෑන්ක්ස් මචෝ ඒ වැරැද්ද පෙන්නල දුන්නට.. :)
    @පිටස්තරයා! ඒක තමයි..ලෝකෙන්ම බැනුම් අහගෙන ඉස්ස‍්රහට යන ෆිල්ම් එන්නෙ බොහොම කලාතුරකින්..මේකත් ඒ වගේ එකක්..
    @-බිன்ku-!ඒක නම් ඇත්ත බන්..ෆිල්ම් එක එන්නත් කලින්ම මේක ජනප‍්රිය උනා වාරණයට උත්සාහ කළ නිසා..ඇත්තටම දැනුමට වැදගත් වෙන ෆිල්ම් එකක්..
    @Subhash! මම ඒක දැක්ක ගමන්ම නිවැරදි කළා මචන්..මමත් මේ කතාව අහල තියෙනව..ජේසු තුමාගෙ ජීවිත කතාවෙ අවුරුදු 6ක කාලයක උන දේවල් කවුරුවත් දන්නෙ නැතිලු..ඒ කාලෙ ඉන්දියාවෙදි බුදු දහම ඉගනගත්ත කියල තමයි ඒ මතයෙන් කියවුනෙ..මේ වගේ මත ගනනාවක්ම තියෙනව..ඉතින් මේ ෆිල්ම් එක නිකම්ම නිකම් චිත‍්රපටයක් නෙවෙයි..දැනුමටත් යමක් එකතු ක‍්රන්නක් ලෙස වැදගත් වෙනව...හැමෝම බලන්න..

  9. මනුශාන්

    @Subhash
    හ්ම් මමත් බලන්න අසාවෙන් හිටියේ
    ස්තුතියි මේ ගැන ලිව්වට. :)

    @පොතේ ගුරා
    අයියේ මේ ලිපිය ලිව්ව කෙනාගේ නම දාද්දී යොදාගෙන තියෙන පාට වෙනස් කලා නම් හොදයි නම හයිලයිට් නොකර බලන්න අමාරුයි :p
    අළුත් වැඩකට අතගහලා තියෙන්නේ එළ දිගටම කරගෙන යන්න :-D

  10. රොයිලි

    @ පොතේ ගුරා ඉස්සෙල්ලා ෆිල්ම් එකේ fb massage එකක් ආවා. ඒත් මේකට ආවෙ නෑනේ මචං...... :-/

  11. පොතේ ගුරා

    @මනුශාන්! ඔන්න වෙනස් කළා මචෝ...දැන් කොහොමද..අපේ සුභාෂ් අයිය නිහතමානී ඉල්ලීමක් කළා එයාගෙ නම කැපී පෙන්නෙන්න ඕන නෑ කියල..එකයි බන් එහෙම මුලින් දැම්මෙ..
    @රොයිලි! මම එකට මැසෙජ් එකක් එව්වෙ ඒක අලුත්ම ෆිල්ම් එකක් නිසා බන්...නිත‍රම එවන එක හ‍රි නෑ නෙ..ගොඩක් අයට ක‍රද‍රයිනෙ බන් ගෘප් වලින් එන මැසේජ් බලන එක..ඒකයි..

  12. රොයිලි

    @ පොතේ ගුරා ! ආ ok ok එකට අවුලක් නෑ කොහොමත් ඉතින් අපි නිතරම මේ පැත්තේ එනවනේ.

  13. sithu

    mata film gana liyanne kohomada kiyala kiyannako pothe gura sahodaraya........mage mail address 1
    [email protected]

  14. පොතේ ගුරා

    @sithu! ඔන්න මචෝ මම යාහූ වල උඹව ඇඩ් ක‍රගත්ත..

  15. Akila DJ

    ලොවෙත් නෑ! උප‍රිමයි!!
    mAxXa Story!

  16. බුධාජීව

    මම දැන් තමයි මේක බාන්න හදන්නේ.

  17. kathu

    නීයම film එකක්..!! තෙරුම් ගන්න දෙපාරක්ම බැලුවා..!!!!

  18. Viraj

    බොහොම ස්තූතියි

  19. Ravi

    @ සුභාෂ් ගුණවර්ධන - ඔයා කියනව "කොහොම උනත් මේක ප්‍රභන්ධයක් නිසා ඒම ඉල්ලීම සධාරණ නෑ කියන එකයි මගේ හැගීම නම්" කියල. හරි දැන් ඔයා බෞද්ධ නං කොහොමද බුදුහාමුධුරුවන්ට අපහාසවෙන ප්‍රබන්ද චිත්‍රපටියක් හදල දැම්මොත්. එතකොට ඉතින් ඔයාල ලෝකේ පෙරලගන කෑ ගහයි නේ. බූරුවා නොදන්නා දේවල් කතා නොකර හිටපිය

  20. kasun

    Need sighala subtitle for this movie

  21. ruwa

    me film eka den baaaganna beeneee. pls eka hadanna..... im dying to watch this..

  22. Praneeth

    මේකට සිංහල සබ් දෙන්න බැරි වෙයිද කාටවත්‍???
    පුලුවන් නම් හැමෝටම ගොඩක් වැදගත් වෙයි කියල හිතෙනව..

  23. chari

    මේකට සබ් දෙන්න පුළුවන් නම් ලොකු දෙයක්..
    ෆිල්ම් එක 2-3 පාරක් බැලුවා ඒත් තේරුම් ගන්න අමාරුයි

  24. චින්තකයා

    මේකේ සිංහල සබ් දාන්න කවුරුත් නෑ ද? මං තුන් වතාවක් බැලුවා හරියටම තේරුනේ නෑ කථාව. Sinhala Sub plzzz...

  25. Hansaka Gamlath

    i couldn't found the subs

    1. nishshanka ruwan

      mekata sinhala sub 1a navatha danna puluwanda downlod error 1k denava

  26. Gayan

    මේක ඔය කියන තරම් මහා පෙරලියක් කිරීමට සමත්වුනු ෆිල්ම් ඒකක් නෙමෙ. මනස්කල්පිතයක් ගොඩනගාගෙන ඒවටා කතාවක් ගොඩනෑගීම පමනයි, හරියට අර ගිනි පිබින මකරුන්ගේ ෆිල්ම් ඒකක් වගේ කිසිම සනාතකල හෑකි සාක්ශියක් ඉදිරිපත් කරන්නේ නෑ. මොනාඋනත් ෆිල්ම් ඒක දෑම්මට තෑන්ක්ස්

  27. රචියා

    මේකට සිංහල සබ් දෙනවනම් ගොඩක් වටිනවා...

  28. රචියා

    ඔයාලා දීලා තියන ටොරන්ට් එකට සබ් දෙන්න පුලුවන්ද

  29. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  30. prabash

    meke sub pennanne na n eh :(

  31. kds

    Meke Sub ganne kohomada?

  32. samitha

    උපසිරස නෑනේ !
    කොහොමද , කොහෙන්ද උපසිරස ගන්නේ ?????

  33. udara

    ane sub eka witharak dendakooooo

  34. vimukthi

    mekata sinhala sub dennako.goadak aya balanna asawen inne .

    1. isuru hasaranga

      මේකේ ගැලපෙන සිංහල සබ් එක තියෙනවද?? මේ සබ් එක යන්නෙ කොහෙද මල්ලේ පොල් වගේ .. තියෙන කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ ප්ලීස් නැත්නම් සබ් එක හරියට දාන්න

  35. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  36. නලින්

    ස්තුතියි අනුරාධ මේ ෆිලුම ආපු කාලේම බැවා උනත් හරියකට බලන්න උනේ නැහැ.

    අම්‍මෝ කොහොම හරි බලන්න වටිනවා..

    ජය වේවා! 

    එළස්ස්!!!

  37. yohan

    ana macho angles and demons film ekata sub dennako... thanks brother...eka patta film eka ekai kiwwa.... ikmanata denna hode..tks

  38. Sisira Hegoda

    Thanks.

    1. Sisira Hegoda

      සබ් යන වෙලාවෙ අවුලක් වගේ තියෙනවා. මගේ වැරැද්දක් ද මන්දා.

  39. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  40. ශාමල් මනෝජන්

    සබට ස්තූතියි්‍! පුළුවන් නම් මේකටත් සබ් දෙන්න.
    The Da Vinci Treasure - 2006

  41. Yenu

    Thank you very much...Digatama sub denna...

  42. kavi

    sub ekata sthuthi anurada.god bless !!!!!!!

  43. Bryan

    සබ් යන වෙලාවෙ අවුලක් වගේ තියෙනවා

  44. ශාන් විමුක්ති [විමා]

    පලවෙනි වැඩේට සුභපැතුම් සහෝදරයා
    සාදරයෙන් පිලිගන්නව අඩවියට
    මෙන්න සබ ගන්නවා
    ඊළගට Angels & Demons එක අරන් එමුද? :D

    1. Anuradha Edirisinghe

      ස්තුතියි ශාන් සහෝ, අදම වැඩේ පටන් ගන්නවා

    2. bashi

      macho sub time wala aulak tiyenawane eka hadapanko :(

  45. Dilshan Maduranga

    ela ela
    patta kathawak

  46. thisal

    එලකිරි මම මෙක බාලා තිබ්බෙ සබ දෙහෙනකම් උන්නෙ තැන්ක්ස් සබට ඇ

  47. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  48. Supun Madhusanka (Bunny)

    Thanks bro.....

  49. Kulanjana Maduranga

    G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks ANURADHA Saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa...........

  50. Chami.S

    Thanks 4 the sub...

Load more comments