Watch Trailer

The Dam (2025) Sinhala Subtitles | අපායක් වූ වේල්ලේ, අවසන් සටන [සිංහල උපසිරසි]

The Dam (2025) Sinhala Subtitles වැඩ රාජකාරි අස්සෙ Action, Horror පාරක් හොය හොය හිටපු මට සෙට් වුන සුපිරිම භාණ්ඩයක් තමා මේ… මගේ ආසම genre එක Survival Horror… මේක යුක්රේනියානු (Ukrainian) චිත්‍රපටයක්.2025 වසරේ නිකුත් වුණ මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ Oleksii Taranenko විසින්. Horror, Action, Thrille…

The Dam (2025) Sinhala Subtitles

වැඩ රාජකාරි අස්සෙ Action, Horror පාරක් හොය හොය හිටපු මට සෙට් වුන සුපිරිම භාණ්ඩයක් තමා මේ… මගේ ආසම genre එක Survival Horror… මේක යුක්රේනියානු (Ukrainian) චිත්‍රපටයක්.2025 වසරේ නිකුත් වුණ මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ Oleksii Taranenko විසින්. Horror, Action, Thriller කියන ශානර ඔක්කොම කවලම් වෙලා හැදුණු මේ ෆිල්ම් එක මුල ඉඳන් අගටම හුස්ම අල්ලන් බලන්න පුළුවන් සුපිරි නිර්මාණයක්…

‎කතාව මෙහෙමයි… යුක්රේනයේ යුද්ධය අස්සේ ලොකු වේල්ලක් පුපුරලා යනවා. මේක නිකන්ම අනතුරක් නෙවෙයි. වතුර බැහැගෙන යද්දී කාලයක් තිස්සේ මේ වේල්ල යට හංගලා තිබුණු අබිරහස් සෝවියට් බංකරයක් මතු වෙනවා. මේ ගැන හොයන්න විශේෂ හමුදා ටීම් එකක් එතනට යනවා. පරීක්ෂණ කරගෙන යද්දී මෙයාලට තේරෙනවා මේ බංකරේ ඇතුලේ තියෙන්නේ නිකම්ම පරණ බඩු නෙවෙයි කියලා. අවුරුදු ගාණක් තිස්සේ හිරවෙලා තිබුණු, මනුස්සයෙක්ට හිතාගන්න බැරි බිහිසුණු දෙයක් මේක ඇතුලේ පණ ගහලා ඉන්නවා. අන්තිමේදී මේ සොල්දාදුවන්ට සිද්ධ වෙන්නේ තමන්ගේ ජීවිතේ බේරගන්න ලොකු සටනක් දෙන්න… අඳුරු බංකරේ ඇතුලේ මොකක්ද මේ හැංගිලා ඉන්න සාපය…? කී දෙනෙක්ට මේකෙන් එළියට එන්න පුළුවන් වෙයිද…?

‎IMDb Rating එකත් එක්ක Action Horror පැත්තට බර ෆිල්ම් වලට ආස අයට මේක සුපිරිම අත්දැකීමක් වෙයි… ලේ, භීතිය, කුතුහලය උපරිමෙන්ම තියෙන නිසා කම්මැලි නැතුව එක හුස්මට බලන්න පුළුවන්… මේක පට්ටම Horror Experience එකක්, ඒ නිසා අනිවාර්යයෙන්ම බාගෙන බලන්න.

එහෙනම් ඉතින් අලුත් උපසිරැසියක් එක්ක ආයේ සෙට් වෙමු…..හැමොටම ජය….

The Dam (2025) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any download links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,242 downloadsDownload The-Dam-2025.zip31 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2025-11-27

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

The Dam (2025) Sinhala Subtitles

Subtitles by

දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)

Subtitles

2,242 downloadsDownload Subtitles31 KB

2 comments

  1. Buddhika laKMal

    සබ් එක දෙනකං බලං හිටපු ෆිල්ම්එකක්.......
    තෑන්ක්ස් මචං මේකට සබ් දුන්නට.........

  2. Kavindu

    Thankyou