Watch Trailer

The Delta Force (1986) with Sinhala Subtitles | පැහැරගත් මගී ගුවන් යානය මුදා ගැනීමේ මහා මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

1985 අවුරුද්දේ සිදුවන සත්‍ය මගී ගුවන් පැහැරගැනීමක් තමයි මේ චිත්‍රපටයට පදනම වෙලා තියෙන්නේ. TWA Flight 847 තමයි මේ විදිහට පැහැරගෙන තියෙන්නේ… චිත්‍රපටයේ මේ ගුවන් යානය American Travelways Flight 282 ලෙසයි හඳුන්වාදීලා තියෙන්නේ… Delta Force කියන ඇමෙරිකානු බලකාය තමයි ගුවන් යානය ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනී…

The Delta Force (1986)

1985 අවුරුද්දේ සිදුවන සත්‍ය මගී ගුවන් පැහැරගැනීමක් තමයි මේ චිත්‍රපටයට පදනම වෙලා තියෙන්නේ. TWA Flight 847 තමයි මේ විදිහට පැහැරගෙන තියෙන්නේ… චිත්‍රපටයේ මේ ගුවන් යානය American Travelways Flight 282 ලෙසයි හඳුන්වාදීලා තියෙන්නේ… Delta Force කියන ඇමෙරිකානු බලකාය තමයි ගුවන් යානය ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමට මෙහෙයුම දියත් කරන්නේ… මේක මම බලපු පරණ තාලේ චිත්‍රපටවලින් හොඳම නිර්මාණයක් කියල මට හිතනෙවා.. රංගනයෙන් ප්‍රධාන දායකත්වය ලබා දෙන්නේ කවුරුත් හඳුනන Chuck Norris සහ අණ දෙන නිලධාරී විදිහට Lee Marvin

මේ කතාවෙ හැටියට ප්ලේන් එක පැහැරගන්නේ ත්‍රස්තවාදීන් දෙන්නෙක් එකතු වෙලා. මගීන් 144 ක් ගෙන යන American Travelways Flight 282 ගුවන් යානය ඇතන්ස් ගුවන් කොටුපලෙන් පිටත් වෙලා විනාඩි කිහිපයෙන් යානාව අත්පත් කරගන්න මේ ත්‍රස්තවාදීන් දෙන්නා සමත් වෙනවා. ඒ අත් බෝම්බයක් පෙන්වමින් යානාව පුපුරවා හරිනවා යැයි මගීන් බය කරමින්. ඊට පස්සේ යානාව අරගෙන යන්නේ බේරූට්වල ත්‍රස්තවාදී මූලස්ථානයට. හැබැයි මෙතනදී ත්‍රස්ථවාදීන් වැඩි සැලකිල්ලක් දක්වන්නේ යුදෙව්වන් යටත් කරගන්නයි. මේ හින්දා යුදෙව් මගීන් වෙන් කරගෙන ඒ අයව වෙතන් ස්ථානයකත්, අනෙක් මගීන් තවත් ස්ථානයකත් සිර කරනවා.

Chuck Norris ඉන්නේ Captain McCoy කියන චරිතයට. එයා සහ එයාගේ කණ්ඩායමත්,තවත් කණ්ඩායම් දෙකකිනුත් Delta Force ඒකකය හැදිලා තියෙන්නේ. කොහොමත් Delta Force ලගේ මුලින්ම මෙහෙයුම් සාර්ථක වෙන්නේ නෑ. බේරූට් නගරයේ ග්‍රීක පූජකවරයෙකුගේ ඔත්තු බැලීමකින් තමා Captain McCoy ඇතුළු පිරිස ත්‍රස්ථවාදී මූලස්ථානය හඳුනගෙන එයට පහර දීමට සැළසුම් කරන්නේ. බේරූට්වල වසා දැමූ පාසලක සිර කරගෙන සිටින රැඳවියන් බේරාගන්න Delta Force බලකාය සමත් වෙනවා. ඒත් ඒ වෙනකොටත් යුදෙව් රැඳවියන් ඩෙමස්කස් මාර්ගය හරහා සිරියාවට ගෙනයන්නයි ත්‍රස්ථවාදීන් උත්සාහ කරන්නේ. ඒත් Captain McCoy ඇතුළු පිරිසගේ ප්‍රහාරයෙන් ඉතිරි රැඳවියන් පිරිසත් බේරා ගැනෙනවා. ඒත් අවාසනාවත්න විදිහට Captain McCoy ගේ හොඳම සගයෙක් මෙහෙයුමෙන් මරණයට පත්වෙනවා… මේ විදිහට තමයි Delta Force චිත්‍රපටය අවසන් වෙන්නේ.

මේ මගේ පළවෙනි සබ් එක. ෆිල්ම් එක English සබ් එක්ක බැලුවට පස්සේ තමයි හිතුනේ සිංහල සබ් එකක් හැදුවොත් හොඳයි කියලා. සබ් එක අරගෙන බලන්න කෝමද කියලා.

The Delta Force (1986) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Delta.Force.1986.720p.BluRay.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

790 downloadsDownload The.Delta_.Force_.1986.Baiscopelk.com_.rar40 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/DeshanNawanjana-e1473746747617.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේශාන් නවාංජන වික්‍රමසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.


Subtitles by

දේශාන් නවාංජන වික්‍රමසිංහ

Subtitles

790 downloadsDownload Subtitles40 KB

24 comments

  1. Isuru

    Thanks for sub puluwanam deewangi hindi film eka denna jaya wewa

  2. Udara Damith B\K

    එලම කිරී

  3. Udara Damith B\K

    thanks

  4. Malinda

    Kathawa iwara wenakam nokiya imu saho.

  5. Kulanjana Maduranga

    G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........

  6. Rakitha Ranathunga

    පලවෙනි සබ් එකට සුභ පැතුම් සහෝ...
    දිගටම සබ් දෙමු....

  7. Ishan Madusha

    පළමු උපසිරසියට සුබපැතුම් සහෝ.මේකේ ඉතිරි movie ටිකටත්
    සබ් දෙන්න.ජය වේවා!

  8. Withanage Priyantha Dayakeerthi

    ඔබ හොඳ ආරම්භයක් අරන් තියෙන්නේ, මේ වගේ නැවත නැවතත් බලන්නට හිතෙන සිනමාපට ඉදිරියටත් ගෙන එන්න. පළමු උපසිරසියටම ගොඩක් ස්තුතියි!

  9. ධනුෂ්ක සම්පත්

    යාලු එල එල උබල වගේ අය නිසා තමා අපි සිංහලෙන් සබක් දාගෙන නොතේරෙන බාසාවල් තේරෙන උන් වගේ හෙන ගැම්මෙන් බලන්න පුරුදු උනේ .

    ඔය වැඩේ පට්ට අමාරුයි line බර ගානක් type කරන්නත් ඕනිනේ. පොඩි යෝජනාවක් යාලු අහිතක් හිතන්න එපා ඊලඟ නිර්මාණය 2015/2016 කලේ ඒවගෙන් කරමුකෝ යාලු.

    මේක type කරද්දී 143ක් බලලා ඒත් sub අරන් තියෙන්නේ 44. ටිකක් පරණ වැඩි නිසා මගේ හිතේ නම්. අලුත් film එහෙකට sub කරමු යාලු. මං download නොකලත් comment එකක් කොටන්නේ අපි film එකක් හරි බලන්නේ උබලට පින් සිද්ද වෙන්න නිසා

  10. nilupul anuruddhaka

    niyamai kollo,patta film akak,man meka baluwe aapu dawaswalama.dan kaale kollonta alluwe nethi unata mewa thamai a kaale hit wunu film,maasa ganan eka digata akama hall ake duwapuwa.chuck norris ge thawa film tikakata sub demu."MISSING IN ACTION"FILM THUNAMA KARAMU EELANGATA.obata jaya.theruwan saranai.

  11. Vikum08

    නියමයි සහෝ..! පරණ උනත් මේවා රජ බඩු තමා ඉතිං.
    මේ සීරීස් එකේ තව තියේ, ඒ ටිකක් දෙන්න. චක් ලොක්කා ඉන්න ඒවා ඉතිං ආයේ අහන්න දෙයක් නෑනේ,
    ජය..!

  12. Tharaka

    පළමු උපසිරසියට සුබපැතුම් සහෝ. ඒ වගේම සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි! ෆිල්ම් පරණ වුනත්, අළුත් වුනත් කමක් නෑ, සහෝ. හොඳ නිර්මාණම දෙන්න. මට කාල භේදයක් නෑ. කතාව හිතට වදිනවානම් මම 1900 ගණන් වල එකක් වුනත් ඒක නරඹනවා.
    සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!

  13. Bobby

    Thank you very much for Sub

  14. අසිත

    එලම සහෝ තෑන්ක්ස්.

  15. Thilakarathna

    පරණ වටිනා ෆිල්ම් එකක් නිසා ඩවුන්ලෝඩ් කළා, අදහසක්ද ඉදිරිපත් කරන්නට සිතුනා. ඒ මන්ද මේ වෙබ් එකේ අලුත් ෆිල්ම් දෙන්න ගොඩක් දෙනෙක් සිටිනවා. ඔබ වැනි පැරණි වටිනා ෆිල්ම් දෙන කෙනෙක් මෙම වෙබ් එකට ගොඩක් වටිනවා. ඩවුන්ලෝඩ් වෙන ප්‍රමාණය අඩුවීම ගැන සිතන්නට එපා.ඒ කාර්යය කරන්න. ඔබට ජය!

  16. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. ashan

    Patta

  18. Prasad Karunarathne

    නියම වැඩක් කිසි කෙනෙක් මේ තරම් කාලෙකට Chuck Norris ගේ ෆිල්ම් එකකට දීලා නෑ තව හොද සෙට් එකක් Norris ගේ තියනවා ඒවටත් දෙනවනම් ලොකු දෙයක් දිගටම කරන්න නියම වැඩක්ජයවේවා

  19. Heshara

    Delta force 2 eketh sub dennako

  20. Bandara Y.

    Ela!

  21. Piyumal Dissanayaka

    බොහොම ස්තූතියි සහෝ.keep up the good work

  22. Chaminda Lakruwan

    ගොඩක් ස්තූති සබ් එකට

  23. gihan

    supiri...

  24. Anonymous

    Thanks Brother