සුභ දවසක් ඔබ සියලු දෙනාට. මේක මගේ 9 වෙනි සබ් එක. මීට දවස් කීපෙකට උඩදි තමා මං මේ චිත්‍රපටය නැරඹුවේ. නරඹද්දිම මං මේ වෙනුවෙන් සබ් එකක් හදාගෙන ගියා. ඉතිං දවස් 2ක් වගේ පොඩි කාලයකදි මට මේක ඉවරකරගන්න ලැබුනා. වෙනසකටත් එක්ක තමා මං මේ වතාවේ ඇනිමේෂන් ෆිල්ම් එකක් දෙන්න හිතුවේ. ඇත්තටම මේ චිත්‍රපටය කුඩා ළමුන් සඳ…

සුභ දවසක් ඔබ සියලු දෙනාට. මේක මගේ 9 වෙනි සබ් එක. මීට දවස් කීපෙකට උඩදි තමා මං මේ චිත්‍රපටය නැරඹුවේ. නරඹද්දිම මං මේ වෙනුවෙන් සබ් එකක් හදාගෙන ගියා. ඉතිං දවස් 2ක් වගේ පොඩි කාලයකදි මට මේක ඉවරකරගන්න ලැබුනා. වෙනසකටත් එක්ක තමා මං මේ වතාවේ ඇනිමේෂන් ෆිල්ම් එකක් දෙන්න හිතුවේ. ඇත්තටම මේ චිත්‍රපටය කුඩා ළමුන් සඳහා නිර්මාණය වුවක්. ඒත් වයස් භේදයකින් තොරව ඕන කෙනෙක්ට මේක රසවිඳින්න පුළුවන්.
මේ චිත්‍රපටය ජපානයේ නිෂ්පාදනය වුවක්. මෙය තිරගත උනේ 1988දී. ඇත්තටම ජපන් ඇනිමේෂන් චිත්‍රපට සාමන්‍යයෙන් අපි එදිනෙදා දකින කාටූන් චිත්‍රපට වලට වඩා තරමක් වෙනස්. ඉතා අලංකාර රෑප රාමු, ලස්සන සාම්ප්‍රදායික සංගීතය, ආදර්ෂමත් කතාවක් යන මේ සියළු ගුණාංග කැටි කරගත් ඉහල මට්ටමේ නිර්මාණ ලෙස ඒවා අර්ථ දක්වන්න පුළුවන්. මීට පෙර බයිස්කෝප් වෙබ් අඩවිය මගින් ලබා දී තිබෙන Spirited Away, Grave of the Fireflies, Princess Mononoke වැනි ජපන් ඇනිමේෂන් චිත්‍රපට ඔබ නරඹලා තියෙනවනම් ජපන් ඇනිමේෂන් චිත්‍රපටවල ඇති විශිෂ්ටත්වය ගැන ආයි අමුතුවෙන් කතා කරන්න අවශ්‍ය නෑ. මෙය සුපිරි IMDB අගයක් ලබාගෙන තිබෙනවා. 8.2ක් වැනි ඉහල IMDB අගයක් ලබාගෙන IMDB දර්ෂකයේ 127 වෙනි තැන පසුවෙනවා. ඇත්තටම කිව්වොත් IMDB හොඳම චිත්‍රපට 250 ලැයිස්තුවේ ඇනිමේෂන් චිත්‍රපට තිබෙන්නෙ 19ක් පමණයි. ඒ අතරින් 7ක්ම ජපන් ඇනිමේෂන් චිත්‍රපට. එමෙන්ම මෙම චිත්‍රපටය ජපානය තුළදි සම්මාන ගණනාවක් හිමි කරගෙන තිබෙනවා. මං මෙයට සබ් එක හැදුවේ ඉතා හොඳ කොලිටියක් තිබෙන 720P බ්ලුරේ කොපියකට අදාලව. එය නම් පසුකාලීනව ඉංග්‍රීසි භාෂාවෙන් හඬ ගැන්වුවක්.
මේකේ කතාව ගැන නම් එච්චර විස්තරයක් කරන්න අවශ්‍ය නෑ. මොකද මෙහි අන්තර්ගත වෙන්නෙ ඉතාම සරල කතන්දරයක්. කුඩා දියණියන් දෙදෙනෙක් සිටින පවුලක් වටා තමයි මේ චිත්‍රපටය නිර්මාණය වී තිබෙන්නෙ. මොවුන්ගෙ මව අසනීප වී රෝහල් ගත වී සිටිනවා. පසුව මොවුන් දෙදෙනා සිය පියාත් සමගගම්බද පෙදෙසක පදිංචියට යනවා. එහිදි ඔවුන්ට මුහුණ දීමට සිදුවන අත්දැකීම් සමූහයක් වටා තමයි මේ චිත්‍රපටය නිර්මාණය වී තිබෙන්නෙ. ඇත්තටම මං මේ සබ් එක හැදුවේ කුඩා ළමයින් වෙනුවෙන්. ඒ නිසාම මේකේ භාෂාව ගොඩාක් සරල විදියට තියෙන්න ඇරියා. ඇත්තටම මේක පවුලේ හැමෝටම එකට රසවිඳින්න පුළුවන් බොහොම අහිංසක නිර්මාණයක්. ඉතිං ඔයාලත් වෙනසකටත් එක්ක මේ වගේ නිර්මාණයක් රස විඳිවි යැයි කියා බලාපොරොත්තු වෙනවා. තවත් උපසිරසක් සමගින් ලඟඳිම හම්බවෙමු.
ඔබ සැමට ජයෙන් ජය පතමි!
Due to copyright issues, we do not provide any torrent links.
My Neighbor Totoro aka Tonari no Totoro (1988) 720p BRRiP x264 AAC (738 MB)
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
3,957 downloadsDownload My-Neighbor-Totoro1988Baiscopelk.com_.rar23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “James DC” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
James DC
Subtitles
23 comments
chin
Lahiru Lakmal
ස්තූතියි සහෝ සබ් එකට.කවුරුහරි Justice league ටීවී සීරිස් එකට සබ් දෙන්නකෝ.
mikhail
thx.... !!!
japan anime nam niyamai.. :)
puluwannam thawath japan anime denna .
thx u.Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
Tharaka
ඕ......... ලස්සන ෆිල්ම් එකක් වගේ. ජපන් ඇනිමේෂන් චිත්‍රපට වලටනම් මමත් ආසයි. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි! ඔන්න බාන්න දැම්මා. ඉදිරියටත් මේ වගේ සැඟවුනු සිනමා පට අප වෙත රැගෙන එන්න.
සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!Ishan Madusha
ගොඩක් කාලයකට පස්සේ තමයි Japanese animated movie එකකට
සබ් එකක් ලැබුනෙ.බොහෝම ස්තුතියි සහෝ සබ් එකට.පුලුවන් වෙලාවක
''Ghost in the Shell'' anime movies ටිකටත් සබ් දෙනවනම් බෝහෝම
වටිනා වැඩක්.ජය වේවා!Sanath Indika
thx shooo
Malinda
Thank you bro. Cartoons aniwa balanawaa.
සචිත උදාර
එල, බොහොම ස්තුතියි. එත් Hayao Miyazaki ගේ නම අඩුයි ලිපියේ.
abisheka
machan ubata godak pin kollo. puluwannam thawa japanese films tikak karapan plzzz
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Rakitha Ranathunga
බොහොම ස්තූතියි සහෝ සබ් එකට....
Janaka
බොහොම ස්තුති ❤❤
නිරෝෂ්
ස්තුතියි සහෝ.ජයවේවා !
praneeth madu
බොහොම ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sineth
lassana sanwedi kathawak..thanks sub ekata. jaya wewa
kites
thank you!
ricadodamien
Thank U James brother & baiscope team for the sub , all the best to baiscope team............
නිමේෂ් කාවින්ද
මම නරබපු දෙවන ජපන් ඇනෙමේෂන් චිත්‍රපට ය තමයි මේක . ඉතාමත් විශිෂ්ට චිත්‍රපටයක් . ඒ වගේමයි ඔබේ සිංහල උපසිරැසිය ත් . මෙවැනි සුවිශිෂ්ට සිනමා කෘතියක් සදහා ප්‍රමිතිගත උපසිරැසියක් ලබා දීම සම්බන්ධයෙන් මම ඔබට කෘතඥ පූර්වක ස්තූතිය පිරි නමමි !!!!!
Yasindu Kalana
Bohoma sthuthi sub ekata
Pavith Wijesooriya
ස්තූතියි උපසිරසියට...
Methmika Manipura
Bro anime wala godak subs corrupt wela
Advertisement

Thanx sahoo sub ekata......puluwan Nam outlander season 2 ekata sub karanna.......