THE DEVIL ALL THE TIME කියන්නෙ නෙට්ෆ්ලික්ස්ලාගෙ අලුත්ම සිනමා සිත්තම. ඉතින් Tom Holland, Robert Pattinson ප්‍රධාන චරිත නිරූපණය කරන මේ දැවැන්ත සිනමාපටය නෙට්ෆ්ලික්ස් ඔස්සේ විකාශය උනේ පහුගිය සැප්තැම්බර් 16වැනිදා. මේ දෙපළ හැරුණු කොට තවත් සුපිරි නළුනිලි කැළක්, එනම් Bill Skarsgård, කැප්ටන් ඇමෙරිකා චිත්‍රප…

THE DEVIL ALL THE TIME කියන්නෙ නෙට්ෆ්ලික්ස්ලාගෙ අලුත්ම සිනමා සිත්තම. ඉතින් Tom Holland, Robert Pattinson ප්‍රධාන චරිත නිරූපණය කරන මේ දැවැන්ත සිනමාපටය නෙට්ෆ්ලික්ස් ඔස්සේ විකාශය උනේ පහුගිය සැප්තැම්බර් 16වැනිදා. මේ දෙපළ හැරුණු කොට තවත් සුපිරි නළුනිලි කැළක්, එනම් Bill Skarsgård, කැප්ටන් ඇමෙරිකා චිත්‍රපට පෙලේ බකිගෙ චරිතය රග දැක්වූ Sebastian Stan, හැරී පොටර්හි රග පෑ Harry Melling, වැනි අයත් සිය රංගන දායකත්වය සපයන මේ සිනමාපටය IMDB දර්ශකයේ 7.3ක් වැනි ඉහළ අගයකුත් කුණු තක්කාලි දර්ශකයේ 67%ක අගයකුත් ලබාගන්නට සමත්ව තිබෙනවා.
ගම් පෙදෙස් දෙකක ජීවත් වෙන විවිධ පිරිස්, දෛවයේ ලියැවී ඇති පරිද්දෙන් එකිනෙකා හමු වෙන මෙම සිනමා පටය තුළ බොහෝ අයගෙ දෛවය විසදෙන ආකාරය දැක ගත හැකිය. අර්වින් රසෙල් කියන්නෙ නොකිම්ස්ටිෆ් නම් ඉතා කුඩා ගම්මානයක සිය මව් සහ පියා සමග ජීවත් වුන කොළු ගැටයෙක්. නමුත් දෛවයේ අවාසනාවන්ත සිදුවීමක් නිසා ඔහුට සිය දෙමාපියන් අහිමි වීමෙන් සිය ආච්චිඅම්මා වෙත එනම් කෝල් ක්‍රීක් නම් ගම්මානයෙ වාසයට යන්න වෙනවා. ඉතින් මේ කොළු ගැටයාට සුළු සහෝදරියක් ඉන්නවා ලෙනෝරා නමින්. ඇයත් අර්වින් මෙන්ම අනාථ දරුවෙක්.
ඉතින් මේ ලෙනෝරාට සිදු වෙන යම් සිදු වීමක් නිසාවෙන් අර්වින් කෙනෙක්ව ඝාතනය කරනවා.ලෙනෝරා අනාථ දරුවෙක් වෙන්නෙ ලෙනෝරාගෙ මව, ඇයගෙ පියා අතින් ඝාතනය වීමත්, ඇයගෙ පියාව වෙනත් යුවලක් අතින් ඝාතනය වීමත් නිසාවෙන්. නමුත් අවසානයෙ එම යුවළද සිය කෘරකම්වල විපාකයට ලක් වෙනවා. එකිනෙක සම්බන්ධ සිදුවීම්මාලාවක් වටා දිවෙන මේ කතාවේ එකිනෙකා විසින් කර්මයේ ප්‍රතිවිපාක මත තමතමන්ගෙ ඉරණම විසදා ගන්නවා කිවහොත් නිවැරදියි.
අසීමිත ආදරය, විශ්වාසය, භක්තිය, අවිද්‍යාව, බිය සහ කර්ම විපාකය මත ගොඩ නැගෙන එකිකෙනකට සම්බන්ධ සබදතා රාශියක් මත දිව යන කතා තේමාවක් සහිත මේ චිත්‍රපටිය නරඹන්නයැයි ඔබට ආරාධනා කරමින් මා සමු ගන්නවා.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
11,083 downloadsDownload The-Devil-All-the-Time-2020.zip53 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
34 comments
sachintha
Anonymous
OH no the 100
Anonymous
ane aiye the 100 eke sub dennkooo
Sriyantha
Supiri mcn thanks
Suranjan
Thanks jayawewa.......!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!Nilush Angana
Sub ekata thanx
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
Anonymous
The social dilemma movie ekta sub krnwada
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
එනකම් බලන් හිටපු එකක්..
බැට්සි + ස්පයිඩිරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
indika75
thanks..
Anonymous
Tnx for sub ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Requests:-
Primal fear (1996)
In the name of the father (1993)
Big fish (2003)
Law abiding citizen (2009)
Arlington road (1999)
Devils advocate (1997)
The wind that shakes barley (2006)Shaggy
Thank you very much
Amil
Thanks bro
sasanka
thanks for the sub
kevin D...
Thanks...
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට...
ජය!!!Anonymous
උපසිරැසියට තුති මධුකප්‍රිය සහෝ
Anonymous
you must watch
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
Pramukmili
Thanx bro...........
Ruchiy7
Patta kathawak thanks for the sub...........
MAALNATH
Thanks ...........good luck ..............
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Malith Samarawickrama
Thanks sub ekata
Amila Wickramasinghe
Thank you.
kaviya
thank you for the subtitles
Anonymous
Thanks for the subtitles
Great movieDewadithya
Thanks for sub!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සිංහල උපසිරැසියට ස්තූතියි