ආයුබෝවන් යාලුවනෙ අදත් දෙවෙනි ලෝක යුද්ධය ගැන කියවෙන චිත්‍රපටිවලට කැමති අය වෙනුවෙන් රුසියානු චිත්‍රපටියක් ගෙනාවා. Andrey Malyukov විසින් අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටය විනාඩි 95 කට වැඩි කාලයක් පුරා දිවෙනවා, එයට Danila Kozlovsky, Andrey Terentyev, Vladimir Yaglych වගෙ විශාල පිරිසක් රංගනයෙන් දායකවෙනවා 2008…

ආයුබෝවන් යාලුවනෙ අදත් දෙවෙනි ලෝක යුද්ධය ගැන කියවෙන චිත්‍රපටිවලට කැමති අය වෙනුවෙන් රුසියානු චිත්‍රපටියක් ගෙනාවා. Andrey Malyukov විසින් අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටය විනාඩි 95 කට වැඩි කාලයක් පුරා දිවෙනවා, එයට Danila Kozlovsky, Andrey Terentyev, Vladimir Yaglych වගෙ විශාල පිරිසක් රංගනයෙන් දායකවෙනවා 2008 පෙබරවාරි 21 තිරගතවුන මේ චිත්‍රපටයට Golden Eagle සම්මාන උළලේ හොඳම චිත්‍රපට සංස්කරණයට හිමි සම්මානය ජයගන්නා අතර MTV Movie Awards සම්මාන රාත්‍රියේදි හොඳම සටන් දර්ශනයට හිමි සම්මානයත් ලබාගන්නවා. එසේම මේ සිනමාපටය Action, Drama, Fantasy කාණ්ඩයට අයත්වෙන අතර සාමාන්‍ය යුද්ධ කතාවලට වඩා වෙනස් ප්‍රබල තේමාවක් ඔස්සේ ගලාගෙන යනවා.
දැන් අපි කතාව ගැන පොඩි අදහසක් ගමු. වර්තමාන රුසියාවෙ බෝර්මන් ඇතුලු කණ්ඩායම ඉතාම සෙල්ලක්කාර ජීවිතයක් ගතකරනවා මෙයාලගෙ රැකියාව වෙන්නෙ දෙවැනි ලෝක යුද්ධෙ පැවති ප්‍රදේශවල කැණීම්කරල ඒවගෙන් හම්බෙන විවිධ ආයුධ හමුදා සම්මාන වර්ග ආදිය විවිධ ගැනුම්කරුවන් වෙත අලෙවි කිරීමයි. වෙනදා මෙන්ම බෝමන් ඇතුලු කණ්ඩායම කැණීම් කරන්න යනකොට හොරෙන්ම අශෝටා යනුවෙන් හඳුන්වන ප්‍රතිවාදියා කැණීම් කරමින් ඉන්නවා. මේ වෙලාවෙ බෝමන් ඇතුලු කණ්ඩායම ඔහුට පහරදීලා එලවාදමන අතර ඉන්පසු ඔවුන් කැනීම් සිදුකරගෙන යනව, මෙහෙම යනකොට එයාලට දෙවැනි ලෝක යුද්ධෙන් විනාශවූ බංකරයක් අහම්බෙන් මුනගැහෙනවා, එයින් උද්දාමය පත්වූ තරුණයින් පිරිස බඩු භාණ්ඩවලින් සහ මිය ගිය අයගෙ හිස්කබලකින් සෙල්ලම් කරනවා. ඒ වෙලාවෙ සුවිශේෂ කෙනෙක් ඔවුන්ව හොයාගෙන එනවා, එතනින් එහාට වෙන සිදුවීම්පෙල චිත්‍රපටියෙන් බලාගන්න ඔයාලට පුලුවන්. දැන් කාලෙ ඉන්න කීබෝඩ් දේශප්‍රේමියොන්ට ඇත්තටම සටන්බිමට ගිහින් සටන්කරන්න වුනොත් වෙන දේ හිතාගන්න පුලුවන්ද. කොහොමහරි මේ උපසිරසිය වෙන්කරල දුන්න සිසිල ප්‍රසාද් සහෝදරයාට ස්තූතිවන්ත වෙන අතර ඔබ සැමට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.
2,687 downloadsDownload We-Are-from-the-Future-2008-aka-My-iz-budushchego.zip39 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උවිඳු සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-04-18
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උවිඳු සත්සර
Subtitles
12 comments
Hashan M. Priyadarshana
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Requests:-
Big fish 2003
Frailty 2001
K pax 2001
Primal fear 1996
In the name of the father 1993Uvindu sathsara
baiscopedownloads[dot]co site eka haraha me chithrapatiya ganna puluwan
indika75
thanks..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
isuru srinath sjs
උපසිරැසියට බොහොම ස්තුතියි !!
Dewadithya
Thanks for sub!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Lakshansilva18
thanks
UDARA DAMITH
elaaaaaaaaaaa
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට :) :)