Watch Trailer

Dolly Kitty Aur Woh Chamakte Sitare (2020) Sinhala Subtitles | තටු සිඳුණු කිරිල්ලියෝ [සිංහල උපසිරසි සමඟ] (18+)

පූසි “සිංදුවක් කියන්නකෝ” ඔහු මත්බර හඬින් ඉල්ලුවා. “කාටේ නහින් කටටෙ යෙ දින් යේ රාත් කෙහ්නි තී තුම් සෙ ජෝ දිල් කි බාත් ලෝ ආජ් මේන් කෙහ්තී හූන්.. අයි ලාව් යූ… අයි ලාව් යූ…” ඔහු හති හලන හඬ ඇහුනා ඒ හඬ වේගවත් වුණා “දිගටම කියන්න” අවසන් පදය අගදී ඈට ඇඬුම් ආවා ඇයට අප්පිරියාවක් දැනුනා සින්ක් එක […]

පූසි

“සිංදුවක් කියන්නකෝ”
ඔහු මත්බර හඬින් ඉල්ලුවා.

“කාටේ නහින් කටටෙ යෙ දින් යේ රාත්
කෙහ්නි තී තුම් සෙ ජෝ දිල් කි බාත්
ලෝ ආජ් මේන් කෙහ්තී හූන්..
අයි ලාව් යූ…
අයි ලාව් යූ…”

ඔහු හති හලන හඬ ඇහුනා
ඒ හඬ වේගවත් වුණා

“දිගටම කියන්න”

අවසන් පදය අගදී ඈට ඇඬුම් ආවා
ඇයට අප්පිරියාවක් දැනුනා
සින්ක් එක ගාවට දිව ගොස් හිත පුරා වමනය කරා

බෝනික්කි

දෙවසරකට පෙර
රසවත් සටනක්
වූ නමුදු
දෙවසරක පටන් එය
කර්කශ යුධයක්
දහසක් පැතුම් දල්වන්
පිවිසුනද පිටියට
ශීතට මිදුණු ආයුධ
කරයි සිත මුකුලිත
සුන් වූ පැතුමන්
යාවි පාවී
දෙදෙනාගේම සුසුමේ දැවටී
භාරගෙන පරාජය
ඔහු යාවි නික්මී

Lipstick Under My Burkha (2016), Turning 30 (2011) කියන සිනමාපට අධ්‍යක්ෂණය කළ අලංක්‍රිතා ශ්‍රීවාස්තවගේ නවතම සිනමාපටයයි මේ. රංගනයෙන් කොන්කොනා ශර්මා එක්ක භූමි පෙද්නෙකාර් ප්‍රධාන චරිත වලට දායක වෙනවා. නිෂ්පාදනයෙන් දායක වෙන්නේ එක්තා කපුර්. මේ සිනමාපටය ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 5.7ක අගයක් මේ වන විට වාර්තා කරලා තියෙනවා.

මේක බලපු කරපු අයගේ අවංක අදහස් ටිකක් තමා මේ.

අධ්‍යක්ෂකතුමිය මොනාද කියන්න හදන්නේ මේකෙන්?
මේකේ කතාවක් තියෙනවද? ගන්න පුළුවන් ආදර්ශයක් තියෙනවද?
ෆෙමිනිසම් කියලා මොනාද මේ සමාජයට දෙන්න හදන්නේ?
(mohit-dolas : Rating 2/10)

පිටපතේ අවුල් ගොඩයි. කතාවේ හැටියට ස්ත්‍රී සමානාත්මතාවය කියන්නේ
විවාහයෙන් පරිබාහිර සම්බන්ධකම් තියන් ඉන්න පුළුවන් කියන එකද?
හොඳ රඟපෑම් වෙනුවෙන් විතරක් බලන්න. නැත්තම් එපා
(Prof_McGonagall : Rating 6/10)

පැය දෙකකින් ගොඩක් දේවල් පෙන්නන්න හදනවා.
කොන්කොනාගේ හැම ෂොට් එකක්ම මරු.
වික්‍රාන්ත් නිකන් නාස්ති වුණා
භුමිගේ හැමදාම දකින රඟපෑම
(ashri : Rating 5/10)

මගේ පැත්තෙන් තරු දෙකක් දෙන්නම්.
එකක් භුමිගෙයි කොන්කොනාගෙයි රඟපෑම වෙනුවෙන්
අනික සමාජයේ තියෙන භයානක ප්‍රශ්නයක් අපිට පෙන්නනවට.
ඒත් එච්චර හොඳ කාස්ට් එකක්
ජරා විදිහට පාවිච්චි කරපු එකට නම් කිසිම සමාවක් දෙන්න බෑ
-Deeksha Sharma : Filmi Indian-
(Rating 2/5)

අන්තිමට පොඩි දෙයක් කියන්න තියෙනවා. හින්දි සිනමාපට සහ වෙබ්කතාමාලා සම්බන්ධයෙන් IMDb එකෙන් රේටින් බලලා, රිවීව් කියවලා හැබෑ අදහසක් ගන්න පුළුවන් වෙච්ච කාලේ ගෙවිලා ගිහින් කියලයි මට හිතෙන්නේ. එක්තා කපුර්ගේ Alt Balaji වෙබ් කතාමාලාවක IMDb පිටුවකට ගිහින් බැලුවොත් ප්‍රේක්ෂකයන්ව මුලා කරන මේ ඛේදවාචකය ගොඩක් පැහැදිලිව දැකගන්න පුළුවන්. එක්තා පටන් ගත්තු මේ සම්ප්‍රදාය දැන් ගොඩක් අය අනුගමනය කරන්න අරන්. ව්‍යාජ විචාර දෙන වෙනම කණ්ඩායම් දැන් ඉන්නවා. 10/10 සහිත විචාරයන් දීලා කතාමාලාවල් වල රේටින් පුළුවන් තරම් උඩට දාලයි නවතින්නේ. ඒ හින්දා ඉදිරියට හින්දි නිපැයුම් වල ගුණත්වය IMDb වලින් නම් දැක බලාගන්න වෙන්නෑ. එක්තා කපුර් ඉන්දියන් ටෙලිවිෂනයත් කෑවා, වෙබ් කතාමාලාවල් වලට රිංගලා ඒවත් කෑවා, දැන් IMDb එකත් කෑවා. වැඩිය හිතට ගන්න එපා. කැහිල්ලටයි කිව්වේ මේක. මේ චිත්‍රපටියටත් ඔය උඩ කතන්දරේ අදාලයි. මොකද, මේක එක්තා කපුර්ගේ නිෂ්පාදනයක්නේ 😀

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

10,543 downloadsDownload Dolly-Kitty-Aur-Woh-Chamakte-Sitare-2020.zip39 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

PHOENIX

Subtitles

10,543 downloadsDownload Subtitles39 KB

25 comments

  1. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. Nilush Angana

    Sub ekata thanx

  3. charith harshana

    මට හිතා ගන්න බැරි ඇයි මේක 18+ කියල දැම්මේ

    1. Anonymous

      muta thyena prashna. ai balaporththu kadunada ube?

  4. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    භූමි මාර විදිහට ඇඟ අඩු කරන් තියෙන්නෙ Dum Laga Ke Haisha film එකෙන් පස්සෙ

  5. Suranjan

    Thanks jayawewa........!

  6. indika75

    thanks..

  7. muditha gayan

    Thankzzzzzzzz

  8. isuru srinath sjs

    උපසිරැසියට බොහොම ස්තුතියි !!

  9. මිහිර සයුරංග

    සබට තුති සහෝ !!

  10. AshenTM

    ඔබගේ මහන්සියට අපගේ උත්තමාචාරය. ස්තූතියි සහෝ....

  11. එවාන් රීඩ්ල්

    තැන්ක්ස් සහෝ..

  12. Asitha.pramoth

    බොහොම ස්තූතියි

  13. Tharindu07

    Thanks Machooo....!!!!!

  14. mindika

    Thanks !!!

  15. chathura

    නියම ලිපියක් ඔයා ලියලා තියනවා ඒකට ස්තුතියි bro..

  16. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  17. Pramukmili

    Thanx bro.......

  18. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .....!

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Anonymous

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි

    1. Anonymous

      ලොකු දෙයක්

  21. Mewan Lanka

    elama

  22. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  23. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.