Watch Trailer

The Devil’s Bath AKA Des Teufels Bad (2024) Sinhala Subtitles | දෙවියන්ගේ නාමයෙන් වෙසෙන යක්ෂ මිනිසුන් [සිංහල උපසිරැසි]

The Devils Bath (2024) Sinhala Subtitles ලෝකයේ තිබෙන මූලීකම මිනිස් අයිතිවාසිකමක් තමයි තමන් කැමති ආගමක් ඇදහීමට තිබෙන නිදහස. ඒත් යම් මිනිස් කොට්ඨාශයකට මිත්‍යාව මුසු උන මිලේච්ඡ ආගමික මූලධර්ම මත පදනම් උන ආගමක් ඇදහීමේ නිදහස ලැබුනොත් කොහොමට හිටීවිද? ඒකට හොඳම උදාහරණ අපේ අසල්වැසි ඉන්දියාවෙන් අහන්න ලැබෙන අව…

The Devils Bath (2024) Sinhala Subtitles

ලෝකයේ තිබෙන මූලීකම මිනිස් අයිතිවාසිකමක් තමයි තමන් කැමති ආගමක් ඇදහීමට තිබෙන නිදහස. ඒත් යම් මිනිස් කොට්ඨාශයකට මිත්‍යාව මුසු උන මිලේච්ඡ ආගමික මූලධර්ම මත පදනම් උන ආගමක් ඇදහීමේ නිදහස ලැබුනොත් කොහොමට හිටීවිද? ඒකට හොඳම උදාහරණ අපේ අසල්වැසි ඉන්දියාවෙන් අහන්න ලැබෙන අවස්ථා බොහෝමයි. සැමියා මියගිය පසු බිරිඳව පණපිටින් පිළිස්සීම, ගැහැණු බිළිඳියන් අසුභ බව පවසා මරා දැමීම සහ වෙනත් ආකාරයේ ආගමික අවශ්‍යතායන්ගේ නාමයෙන් සිදුවූ මනුශ්‍ය ඝාතන පිළිබඳ ඔබ අසා ඇතුවාට සැකයක් නෑ. ඉතිං මෙවැනි දේවල් සිදුවුනේ ඉන්දියාව වගේ තුන්වෙනි ලෝකයේ රටවල් වල විතරමද? කණගාටුවෙන් උනත් උත්තරය විදියට කියන්න වෙන්නේ නෑ කියලා තමයි. මොකද අද වන විට දියුණුයයි කියා සම්මත යුරෝපා රටවලත් මෙවැනි අපරාධ බොහෝමයක් සිදුවෙලා තියෙන බවට සාක්ෂි තියෙනවා. හැබැයි ඒ ගොඩක් සිදුවීම් වෙලා තියෙන්නේ අතීතයේ මිසක් මෑත කාලයේ නෙමෙයි කියලත් කියන්න ඕන.

ඉතිං 18 වෙනි සියවසේදී මේ වගේ මිත්‍යා විශ්වාස නිසා ඔස්ට්‍රියාවේ සිදුවුන බිහිසුණු ඛේදජනක සිදුවීම් පෙළක නිර්මාණාත්මක රූප පෙළක් තමයි මම මේ අද අරන් ඇවිත් තියෙන්නේ. මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්‍යවරියක් වන කැතී ස්ටුවට් විසින් සත්‍ය සිදුවීම් අළලා රචනා කරන ලද Suicide by Proxy in Early Modern Germany: Crime, Sin and Salvation නම් කෘතියයි.Horror/ Historical යන කාණ්ඩයන්ට අයත් වෙන මේ චිත්‍රපටයට IMDb දර්ශකයේ 6.6 වැනි ඉහළ අගයකුත්, Rotten Tomatoesහි 91%ක දැවැන්ත අගයකුත් හිමි කරගන්න සමත් වෙලා තිබෙනවා. මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ Veronika Franz සහ Severin Fiala යන අධ්‍යක්ෂක දෙපළ විසිනුයි. රංගනයෙන් දායක වෙන්නෙනම් අපිට නුපුරුදු ඔස්ට්‍රියානු නළු නිළි කැලක් තමයි ඒත් ඔවුන්ගේ රංගන කුසලතායන් ගැනනම් කිසි සැකයක් ඇති කරන්න එපා.

චිත්‍රපටයේ කතාව ගැනනම් කියන්නේ නෑ. 17 වන සියවසේ ඔස්ට්‍රියාවේ පිටිසර ගම්මානයක සිටින ඇග්නස් කියන තරුණියට මුහුණ දෙන්න සිදුවන සිදුවීම් පෙළකින් මේ නිර්මාණය සමන්විතයි. දැඩි ලෙස දෙවියන් අදහන මේ ගම්මානයේ ඉන්න මිනිසුන්ගේ අමුතු චාරිත්‍ර එක්ක ඇග්නස් ගැටෙන විදිය ඔයාලට බලාගන්න පුළුවන්. සමහරවිට මේක බලලා ඉවර උනාට පස්සේ ඔයාලට මහ එපා කරපු මූසල හැඟීමක් දැනෙන්නත් පුළුවන් හැබැයි ඒකට මටනම් දොස් කියන්න එපා. ඒ වගේම මේ නිර්මාණයට නිරුවත් දසුන් සහ නැරඹීමට අපහසු ප්‍රචණ්ඩකාරී දර්ශන තියෙන නිසා ඔන්න මම ඒ ගැනත් කලින්ම දැනුවත් කලා.

එහෙනම් ඉතිං මටත් යන්න වෙලාව හරි. මේ ෆිල්ම් එක උපසිරැසි ගන්වන්න මට අවසර දුන්න රවිඳු හේෂාන් සහෝටත් විශේෂ ස්තූතියක් පිරිනමන ගමන් මම යන්නම්. වාසනාවක් තිබුනොත් තවත් උපසිරසියකින් නැවත හමුවෙමු. ජය වේවා !

The Devils Bath (2024) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,031 downloadsDownload The-Devils-Bath-2024.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

The Devils Bath (2024) Sinhala Subtitles

Subtitles by

යුරාන් ධනුක

Subtitles

1,031 downloadsDownload Subtitles20 KB

4 comments

  1. Bimsara Yashan (ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ආයෙම උපසිරැසියකින් ඉක්මනින් හමුවෙමු. ජයවේවා!

  2. Buddhika laKMal

    ස්තූතියි සහෝ සබට

  3. Akila Dilhara

    Thanks for Sub...

  4. Anonymous

    Upasirasata thanks bro