Watch Trailer

The Dig (2021) Sinhala Subtitles | නිධන් වස්තු සොයා…. [සිංහල උපසිරසි]

ඔබ අපි හැමෝම දන්නවා අපිට, මේ රටට, ලෝකයට ඉතිහාසයක් තියෙනවා කියලා. ඒත් ඔබ දැනගත්තේ කොහෙන්ද? කවුරුහරි කිව්ව දෙයකින්ද? ඒ වගේ දේවල් වලට අපි සාමාන්‍ය ජන වහරේ කියන්නේ ජනකතා මිසක් ඉතිහාස කතා නෙමේ. එහෙනම් ඉතිහාසය ගැන ඔබ දන්නේ කොහොමද? වර්තමානයේ ඉඳන් ඉතිහාසයේ දේවල් සොයා යන මිනිසුන් එළිදරව් කරන ලිපි ලේඛනගත වෙල…

ඔබ අපි හැමෝම දන්නවා අපිට, මේ රටට, ලෝකයට ඉතිහාසයක් තියෙනවා කියලා. ඒත් ඔබ දැනගත්තේ කොහෙන්ද? කවුරුහරි කිව්ව දෙයකින්ද? ඒ වගේ දේවල් වලට අපි සාමාන්‍ය ජන වහරේ කියන්නේ ජනකතා මිසක් ඉතිහාස කතා නෙමේ. එහෙනම් ඉතිහාසය ගැන ඔබ දන්නේ කොහොමද? වර්තමානයේ ඉඳන් ඉතිහාසයේ දේවල් සොයා යන මිනිසුන් එළිදරව් කරන ලිපි ලේඛනගත වෙලා අපේ අධ්‍යාපන ක්‍රමයට ඇවිල්ලා නේද? තේරෙන සිංහලෙන් කිව්වොත් ඉතිහාසය කියලා අපි හරියට දන්නේ අපිට ඉතිහාසය ගුරුතුමා / ගුරුතුමිය උගන්වපු දේවල් විතරයි. ඔහු / ඇයත් එය දැනගන්නේ ඔවුන්ට ලැබෙන පොත පතකින්. අන්න ඒ පොත පත නිර්මාණය වෙන්නේ ඉතිහාසයෙන් ලැබුණු සාක්ෂි මතයි. උදා:- සෙල්ලිපි, කාසි, ලෙන් වල සිතුවම්, භූගත ව සැඟවුණු වස්තූන් ආදිය… මෙවැනි ඉතිහාසයේ සාක්ෂි සොයා යන්නන් පුරාවිද්‍යාඥයන් වන අතර ඒ අනුව ඉතිහාසය මෙසේ වන්නට ඇති කියා අර්ථකතනය කරන උදවිය ඉතිහාසඥයන්ය. මේ සිනමා නිර්මාණය එවැන් අති විශිෂ්ඨ එනමුත් ඇගයීමකට ලක් නොවූ පුරාවිද්‍යාඥයෙක් පිළිබඳවයි.

1930 2 වන ලෝක යුද්ධ සමයේ එංගලන්තයේ සෆෝල්ක් ප්‍රාන්තයේ දී සිදු කරන ලද පුරාවිද්‍යා ගවේෂණය මෙම සිනමා නිර්මාණයට පාදක වී ඇත “Sutton Hoo Treasure” නමින් ඔබ මේ ගැන සෙවීමක් කරොත් ඔබ දකීවී මෙය එසේ මෙසේ ගවේෂණයක් නොවන බව. එකල ලෝක ඉතිහාසය අලුත් කරපු ගවේෂණයක් මෙය. ගවේෂණයෙන් හොයා ගත්තු නිධානය සහ ඒකට මොකද උනේ කියන කාරණා වලට පිළිතුරු ඔබට චිත්‍රපටිය නරඹලම දැනගන්න පුලුවන්.

සිනමා නිර්මාණයේ වටිනාකම් ගැන කතා කරොත්, IMDB අගය 7.1 ක්ද, Rotten Tomatoes අගය 88% ක්ද, Metacritic අගය 73% ක්ද, Google users අගය 88% ක්ද මෙය DRAMA | HISTORY කාණ්ඩයණ්වලට අයිතියි. සතුට, දුක, ඊර්ෂ්‍යාව, පරිත්‍යාගය, මරණ බිය, කලකීරිම වගේ එකී මෙකී නොකී හැඟීම් සමුදායක් එක්ක සෙල්ලම් කරන්න අධ්‍යක්ෂකවරයා සමත් වෙලා තියෙනවා. එහි අතුරුප්‍රතිපලය විදියට Phoenix Film Critics Society Awards හි සම්මානයක් ලබද්දී, තවත් සම්මාන 8කට මෙම සිනමා නිර්මාණය නිර්දේශ වෙනවා.

වයිකිං කතා මාලාව නරඹපු කෙනෙක් නැති තරම්නේ. වයිකිං රණ ශූරයෙක් මැරුණම බෝට්ටුවක පා කරලා යවන සිද්ධියත් ටිකක් සිහි කරන් මේ චිත්‍රපටය බලන්න පටන් ගන්න.

චිත්‍රපටිය නැරඹුවට පස්සේ පසු විවරණයක් විදියට අදහසක් දක්වලා යනවානම් මම ලබා දුන් උපසිරැසිය ගැන මට ම සෑහීමකට පත් වෙන්න පුලුවන් වෙයි. 🙂

මේ චිත්‍රපටය සහ උපසිරැසි පරිවර්තනය සියළුම පුරාවිද්‍යාඥයන්ට උපහාරයක් වේවා පතන ගමන්, නැවත උපසිරැසියකින් හමුවෙන තෙක් ජය!!!

” ගුහා බිත්තියක තිබිලා හම්බුණු
පළවෙනි මිනිස් අත් සලකුණේ ඉඳන්…
අපි දිගින් දිගටම වෙන දෙයක කොටසක්.
ඉතින්, අපි… ඇත්තටම මැරෙන්නේ නැහැ. “

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

6,650 downloadsDownload The-Dig-2021.zip44 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “A.R” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRTONZE MEMBER
JOINING DATE – 2021-02-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

A.R

Subtitles

6,650 downloadsDownload Subtitles44 KB

31 comments

  1. Shaggy

    බොහොම ස්තූතියි

  2. janaka J

    thanks bro

  3. Thilina Weerasinghe

    Thanks for Sinhala Subtitle.
    Movie also looks like Good.

    I wish You All The Success..

  4. Anonymous

    thanks a lot!

  5. wasdkiller

    බොහොම ස්තූතියි

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  7. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  8. Udaya Fdo

    Thank you

  9. A R

    කමෙන්ට් කරපු අයට සහ මේ චිත්‍රපටිය වෙන් කරලා දුන්නු චාමර සම්පත් සහෝදරයට ස්තූතියි.

  10. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request:
    Come True (2020)
    Yes Day (2021)
    The Dry (2020)

    1. Kantha_DLA

      sorry...
      duplicate comment..

  11. indika75

    thanks..

  12. කවිඳු ජයවර්ධන

    නෙට්ෆ්ලික්ස් වැඩක්නං ඉතිං තව මොනාද.Trailer එක බලුවට පස්සෙ ෆිලුම බලන්න ආස හිතුනා.උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.ඔබට ජය..!!!

    1. A R

      සම්මාන ලැබුණු හොඳ ගුණාත්මක චිත්‍රපටියක්. අවසානය එහෙම ගොඩක් සංවේදීයි.

  13. Amila Wickramasinghe

    Thank you!

  14. lakmal

    rating dakkma hodai hituna trailer eka balapuwma banna hituwa itin bawa thanks bro

  15. Anonymous

    thank you very much

  16. THUSITHA PONNAMPERUMAGE

    ඉහල මට්ටමේ චිත්‍රපටියක්. නොබලපු අයට මම කියනවා බලන්න කියලා.

  17. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  18. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  19. Anonymous

    Thanx bro...Good luck....

  20. Lakshansilva18

    thanks

  21. Pramukmili

    Thanx bro..............

  22. MAALNATH

    Thanks. .......good luck. ......

  23. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…!

    1. Kelum

      සබ් එකට බොහොම ස්තූති සහෝ

  24. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. tharangani

    thanx

  26. mindika

    Thanks !!!

  27. viraj

    thanks.....

  28. Dewadithya

    Thanks for Sub!