The Diplomat (2025) Sinhala Subtitles සුබ දවසක් මිත්‍රවරුනි, මං අද සිංහල උපසිරැසි අරගෙන ආවේ අලුත්ම හින්දි සිනමාපටයකට. The Diplomat (2025) කියන්නේ අලුත්ම ඉන්දියානු හින්දි භාෂා දේශපාලන ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයක්. මේක අධ්‍යක්ෂණය කළේ ශිවම් නායිර් විසින්. ඒ වගේම පිටපත රචනා කළේ රිතේෂ් ෂා විසින්. Th…
The Diplomat (2025) Sinhala Subtitles
සුබ දවසක් මිත්‍රවරුනි, මං අද සිංහල උපසිරැසි අරගෙන ආවේ අලුත්ම හින්දි සිනමාපටයකට. The Diplomat (2025) කියන්නේ අලුත්ම ඉන්දියානු හින්දි භාෂා දේශපාලන ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයක්. මේක අධ්‍යක්ෂණය කළේ ශිවම් නායිර් විසින්. ඒ වගේම පිටපත රචනා කළේ රිතේෂ් ෂා විසින්. The Diplomat (2025) මුල්වරට නිකුත් කෙරුණේ 2025 මාර්තු 14 වැනිදායි. හෝලි උත්සවය අතරතුර ඉතා ධනාත්මක සමාලෝචන ලබමින් තිරගත වුණා වගේම සැලකිය යුතු වාණිජමය සාර්ථකත්වයක් හිමිකර ගනිමින් එහි නිෂ්පාදන වියදම වන ඉන්දියානු රුපියල් කෝටි 20 කට එදිරිව ලොව පුරා ප්‍රදර්ශනයෙන් රුපියල් කෝටි 53 කට වඩා වැඩි ආදායමක් උපයා ගන්නට මේ සිනමාපටය සමත් වුණා. ඒ වගේම IMDb වෙබ් අඩවියේ 7.3/10 වැනි ඉහළ අගයක් ලබාගන්නට The Diplomat (2025) සමත් වෙනවා. ඒ වගේම Rotten Tomatoes වෙබ් අඩවියේ Tomatometer 58%ක අගයකුත් ඒවගේම Popcornmeter 96%ක ඉහළ අගයකුත් ලබාගෙන තිබෙනවා. කෙසේ වෙතත් සෞදි අරාබිය, ඕමානය සහ කටාර් ඇතුළු අරාබි ගල්ෆ් රාජ්‍යයන් කිහිපයක චිත්‍රපටය ප්‍රදර්ශනය තහනම් කෙරුණා. මෙහි කතාව පදනම් වෙන්නේ පාකිස්ථානයේ කොටු වී සිට 2017 දී ඉන්දියාවට නැවත පැමිණි උස්මා ඇහැමද්ගේ සත්‍ය ජීවිත කතාව මතයි. ඇයව නැවත ඉන්දියාවට යැවීමේදී ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් ජේ.පී. සිං සහ එහි කාර්ය මණ්ඩලය මුහුණ දෙන අතිශය දුෂ්කර අභියෝගකාරී වාතාවරණය මේ චිත්‍රපටයෙන් ප්‍රතිනිර්මාණය කෙරෙනවා. සිය පෞද්ගලික ජීවිත රාජ්‍ය කටයුතු සමඟ බැඳී තිබෙන තත්වයන් යටතේ රාජ්‍ය තාන්ත්‍රිකයින් මුහුණ දෙන සදාචාරාත්මක හා දේශපාලනමය අභියෝග පිළිබඳව චිත්‍රපටයේ විස්තර කෙරෙනවා. චිත්‍රපටයේ එක්තරා දෙබසක් මං මෙහි සඳහන් කරන්නම්. මේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් ජේ.පී. සිං (ජෝන් ඒබ්‍රහම්) සහ ඔහුගේ රියදුරු අතර ඇතිවන සංවාදයක්.
– “සර් මේ ISI කාරයෝ අපේ පස්සෙන් එන එක නවත්වන්නේ නැහැ!”
– “මේක පාකිස්ථානය පුතා. මිනිහෙක් වුණත් අශ්වයෙක් වුණත් කවදාවත් කෙළින් යන්නේ නැහැ. හැමවිටම පියවර දෙක හමාරක් ඉදිරියෙන්.”
සිනමාපටයේ පූර්ව ප්‍රචාරක පටයේ ද සඳහන් වෙන මේ ප්‍රකාශයෙන් චිත්‍රපටයේ කේන්ද්‍රීය තේමාව හුවාදක්වනවා. රාජ්‍ය තාන්ත්‍රිකයින් නිරන්තරයෙන් උපායමාර්ගික වියයුතු වෙනවා. “හැමවිටම පියවර දෙකහමාරක් ඉදිරියෙන්” යන යෙදුම රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලදී, සංකීර්ණ ජාත්‍යන්තර සබඳතාවලදී පැහැදිලිව පෙනෙන දේ ඉක්මවා සිතමින් දූරදර්ශීව අනපේක්ෂිත ප්‍රතිචාර අපේක්ෂා කරමින් ක්‍රියා කළ යුතු බව අවධාරණය කරන්නක්.
මේ චිත්‍රපටය ඉන්දු-පකිස්ථාන සබඳතා පසුබිම් කරගනිමින්, රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ තේමාවන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් මුහුණ දෙන පෞද්ගලික ගැටුම් ගවේෂණය කරනවා. රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ සියුම් හා බොහෝ විට ආතති සහගත ජීවිතය නිරූපණය කරන චරිතයක් වන ජේ. පී. සිං ගේ චරිතයට ජෝන් ඒබ්‍රහම් රංගනයෙන් දායක වෙනවා. Sardar Ka Grandson (2021) චිත්‍රපටයේ රංගනය මඟින් සිය හැකියාවන් පෙන්වූ සාදියා කතීබ්, උස්මා අහමඩ්ගේ චරිතය නිරූපණය කරනවා. මේ චිත්‍රපටය තුළ දේශපාලන හා පෞද්ගලික ගතිකත්වයට ගැඹුරක් ගෙන ඒම සඳහා සහාය නළු නිළියන් අතර කුමුද් මිශ්‍රා සහ ෂරීබ් හෂ්මි යොදාගෙන තිබෙනවා. The Diplomat සඳහා සංගීතය A. R. Rahman, Manan Bhardwaj සහ Anurag Saikia විසින් සපයන ලද අතර එහි පද රචනා මනෝජ් මුන්ටෂීර්, P. K. Mishra සහ Kausar Munir විසින් සිදුකර තිබෙනවා. මේ සංගීත නිර්මාණය දේශපාලන ත්‍රාසජනක තේමාවට අනුගත වන පරිදි චිත්තවේගීය බැලඩ් සහ තීව්‍ර සංගීත භාණ්ඩ මිශ්‍රණයක් අඩංගු වෙනවා. කතාවේ ඉදිරිපත් කෙරෙන ජාතිකවාදී හැඟීම් පිළිබිඹු කරන දේශානුරාගී ස්වර ද සංගීතයට ඇතුළත් කර තිබෙනවා. හරිහරන් විසින් ගායනා කරන ලද ඒ. ආර්. රහ්මාන් විසින් සංගීතය සැපයු 1992 රෝජා චිත්‍රපටයේ “භාරත්” ගීතයත් මේ චිත්‍රපටය වෙනුවෙන් ප්‍රතිනිර්මාණය කර තිබෙනවා.
The Diplomat සිනමා පටයේ ප්‍රධාන රූපගත කිරීම් 2022 නොවැම්බර් මාසයේදී ආරම්භ වුණා. ප්‍රධාන වශයෙන් මේ සිනමාපටය දිල්ලියේ රූගත කරන ලද අතර, ජවනිකා කිහිපයක් සැබෑ තානාපති කාර්යාලයේ දර්ශන තල වල රූගත කර තිබෙනවා. චිත්‍රපටයේ සමහර කොටස් සඳහා ඉස්ලාමාබාද් නිවැරදිව නිරූපණය කිරීම සඳහා ජාත්‍යන්තර ස්ථාන අවශ්‍ය වුණා. අධි පීඩනයක් යටතේ කටයුතු කෙරෙන රාජ්‍ය තාන්ත්‍රික පරිසරයක සූක්ෂ්මතා ප්‍රතිනිර්මාණය කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික උපදේශකයින් සමඟ සමීපව කටයුතු කිරීමෙන් සත්‍යතාව සහතික කිරීම කෙරෙහි ශිවම් නායිර් අවධානය යොමු කළා. චිත්‍රපටයේ රූගත කිරීම් 2024 අග භාගය වන විට අවසන් වුණා. මේ නිසා 2024 ජනවාරි මස මුලින් නිකුත් කිරීමට නියමිතව තිබුණත්, එය කල්දමමින් 2025 මාර්තු 7 වන දින සිනමාහල්වල නිකුත් කිරීමට සැලසුම් කෙරී, අවසානයේ එය 2025 මාර්තු 14 (හෝලි දිනය) දක්වා සතියකින් කල් දැමුණා.
මේ චිත්‍රපටයේ කතාව ගැන දැන් අපි බලමු. ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට රැකවරණය පතාගෙන එන උස්මා ඇහැමද් නැමැති කාන්තාවක් නිසා එම කාර්යාලයේ මහා කලබලයක් ඇතිවෙනවා. ඇය මරාගෙන මැරෙන ත්‍රස්තවාදියෙක් යැයි කියන සැකය මත මුලින්ම ඇයව පරික්ෂා කෙරෙනවා. කෙසේ වෙතත් ඇය සතුව සැඟවුණු ආයුධ නැති බව තහවුරු කෙරුණු පසු ඇයගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ වෙනවා. ඇය කියන්නේ පතාන් සම්භවයක් ඇති පකිස්ථාන ජාතිකයෙකු වන තහීර් ඛාන් තමන්ව රවටා බුනර් වෙත පැහැරගෙන ගොස් තමන්ව බලහත්කාරයෙන් විවාහ කරගෙන අනතුරුව ලිංගික අපහරණයට ලක් කළ බවත්, තමන් ඉන්දියානු පුරවැසියෙකු බවත්. ඇයට පෙර විවාහයකින් වෙන් වූ තැනැත්තියක් වගේම තැලසීමියා රෝගයෙන් පෙළෙන දියණියක් ද සිටිනවා. මේ අතර හමුවුණු තහීර් තමාට සැබවින්ම ආදරය කරන බව සිතූ නිසා ඇය ඔහු සමඟ ප්‍රේමයෙන් බැඳෙනවා. මේ නිසා උස්මාට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් රැකවරණය ලබා දෙනවා. මේ අතර තහීර් සහ ඔවුන්ගේ ගම්වැසියන් කුපිත වී පාකිස්ථාන ජනමාධ්‍යය මඟින් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට එරෙහිව ජනමාධ්‍යයේ පෙනී සිටිමින් චෝදනා කරන්නේ තමන්ගේ නීත්‍යානුකුල විවාහක බිරිඳව තමන්ගෙන් වෙන් කරගෙන ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බවයි. මේ සමඟින් මේ සිදුවීම දැඩි දේශපාලන කැළඹීමක් ඇතිකරමින් ඉන්දු පාකිස්ථාන දේශපාලන අර්බුදයක් දක්වා පරිවර්තනය වීමේ අවදානමක් අබියසට පැමිණෙනවා.එල්ලවන ජාත්‍යන්තර පීඩනයෙන් ගැළවීමට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට උස්මාව යළි තාහීර්ට භාරදෙන්නට සිදුවෙයිද? උස්මා මේ කියන්නේ සත්‍යයක්ද? ඇයගේ ප්‍රකාශයේ සත්‍යතාවය ඇයට හෙළි කළ හැකි වෙයිද? උස්මාට යළි ඉන්දියාවට යා හැකි වෙයිද? නැතහොත් සැමියා වන තාහීර් සමඟින් යළි පාකිස්ථානයට යන්නට සිදුවෙයිද?
දැඩි උද්වේගකර ලෙස මුල සිට අගටම කුතුහලයෙන් යුතුව නැරඹිය හැකි මේ සිනමා නිර්මාණය එහෙම නම් සිංහල උපසිරැසි සමඟින් නරඹලා මේ ප්‍රශ්න වලට උත්තර සොයාගනිමු.
එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්!
දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න!
ඔබට තෙරුවන් සරණයි!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRIP පිටපත සඳහා අදාළ වේ.
3,226 downloadsDownload The.Diplomat.2025.zip49 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
The Diplomat (2025) Sinhala SubtitlesSubtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
3 comments
Buddhika laKMal
Sahan Gayantha
thanks a lot Prabuddha saho sub ekata
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Diplomat (2025) Sinhala Subtitles | සැබෑ රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ සත්‍ය කතාවක්… [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/05/The-Diplomat-2025-a.jpg)

ස්තූතියි ප්‍රබුද්ධ කේසර සහෝ ඔයාගේ පට්ටම ලිපියටයි මේකේ සබ් එකටයි.....