Retro (2025) Sinhala Subtitles මේ රෙට්‍රෝ චිත්‍රපටය රචනය කර අධ්‍යක්ෂණය කලේ කාර්තික් සුබ්බුරාජ්. සූරියා තමන්ගේ පවුලේ නිෂ්පාදන ආයතනය වන 2D Entertainment බැනරය යටතේ මෙය නිෂ්පාදනය කරනවා. සූරියා සමඟ ප්‍රථම වතාවටයි කාර්තික් එකතු වන්නේ. සූරියා සමඟ පූජා හෙග්ඩේ, ජෝජු ජෝර්ජ්, ජයරාම්, නාසර්, විදූ, ප්‍රකාෂ් රා…

මේ රෙට්‍රෝ චිත්‍රපටය රචනය කර අධ්‍යක්ෂණය කලේ කාර්තික් සුබ්බුරාජ්. සූරියා තමන්ගේ පවුලේ නිෂ්පාදන ආයතනය වන 2D Entertainment බැනරය යටතේ මෙය නිෂ්පාදනය කරනවා. සූරියා සමඟ ප්‍රථම වතාවටයි කාර්තික් එකතු වන්නේ. සූරියා සමඟ පූජා හෙග්ඩේ, ජෝජු ජෝර්ජ්, ජයරාම්, නාසර්, විදූ, ප්‍රකාෂ් රාජ්, කරුණාකරන්, ගජරාජ්, අවිනාෂ් රඝුදේවන්, තමිල්, සුජිත් ශංකර් යනාදී නළු නිළි රැසක් රංගනයෙන් දායක වෙනවා. තවද සන්තෝෂ් නාරයනන් සහ ශ්‍රියා සරන් විශේෂ පෙනී සිටීමක් ඉදිරිපත් කරනවා.
රෙට්‍රෝ පූජා හෙග්ඩේගේ තෙවැනි දෙමළ චිත්‍රපටය. පූජාව පහුගිය දවස්වල වැඩිය දකින්න ලැබුණෙ නැහැ. Ala Vaikunthapuramlo චිත්‍රපටයෙන් පසුව ඉමහත් ප්‍රසිද්ධියක් අත් කරගනු ලැබුවා. තමන් වෙතට දැඩි ඉල්ලුමක් පැමිණෙන කාලයේදීම ඇය බොහෝ අවස්ථාවන් ප්‍රතික්ෂේප කළා. මෑතකදී තෙළිඟු සිනමාවට පැමිණි නිළියන් එක්ක බලද්දි ලැබෙන ලැබෙන චිත්‍රපටවලට එකඟ නොවී තමන්ට ගැලපෙන චරිතය තෝරා ගැනීම පූජාගේ බුද්ධිමත් තීරණයක්. පූජා මෙහි චරිතය රංගනය වෙනුවෙන් රංගන පුහුණුවක් හා තම හඬින් හඬකැවීමට දෙමළ භාෂාව ඉගෙන ගෙන තිබෙනවා. ඇය රඟ පෑ Coolie (2025), Jana Naayagan (2026), Kanchana 4 ඉදිරියේදී චිත්‍රපට පැමිණීමට නියමිතයි.
ජිගර්දණ්ඩා ඩබල් X චිත්‍රපටයේ ෂෙට්ටානි නම් චරිතයෙන් අනගි රංගනයක් ඉදිරිපත් කළ විදූ මෙහි මයිකල් මිරාසු නම් දුෂ්ඨ චරිතය රඟ දක්වනවා. කලින් කී චරිත දෙක රඟපාන්නේ එක නළුවෙක් කියලා කොහෙත්ම හිතා ගන්න බැරි වෙන්නම විදූ විශිෂ්ඨ රංගනයක්, කැපවීමක් ලබා දී තිබෙනවා.
හරියටම මාසයකට විතර කලින් ජ්‍යෝතිකා “දකුණු ඉන්දීය සිනමාවේ ප්‍රධාන නිළියගේ චරිතය, ප්‍රධාන නළුවා සමඟ නටමින් ඔහුව ප්‍රශංසා කිරීම පමණයි. මෙය බොලිවුඩයේ දැන් වෙනස් වෙමින් පවතිනවා. මම මගේ සිනමා දිවියේ මුල් වසර දහයේදී සියලුම විශාල තරු සමඟ රඟපා අවසන් වීමෙන් පසු, මම දැනුවත්ව පිරිමියෙකු විසින් ප්‍රධාන චරිතය මෙහෙයවන තිර රචනා තෝරා ගන්නේ නැහැ” කියමින් මාධ්‍යය සාකච්ඡාවකදී ප්‍රකාෂයක් නිකුත් කළා. ඛේදනීය කරුණක් වන්නේ ජ්‍යෝතිකා නිෂ්පාදනය කළ මේ රෙට්‍රෝ චිත්‍රපටයේ ශ්‍රියා සරන් අයිටම් නර්ථනයක් රඟ දැක්වීමයි.
Jigarthanda (2014), Pizza (2012), Iraivi (2016), Petta (2019) වගේ චිත්‍රපටි නිර්මාණය කරමින් හිටිය කාර්තික්ට මොනවා වුණාද දන්නෙ නැහැ ඊළාම කියන වලිප්පුව හැදුනා. ඒ වලිප්පුව වෙලාවේ අතට ගත්ත පෑනෙන් Jagame Thandhiram (2021) කියලා චිත්‍රපටියක් හැදුවා. ඒ චිත්‍රපටියට ගොඩක් පැති වලින් පහර වැදුණ නිසා ඊළාම කියන මාතෘකාව අයින් කරලා දැම්මා. ඒ වුණත් කාර්තික්ගේ ඔළුවෙ පිරිලා තිබුණ කැරලිකාර අදහස් වලින් වහෙන් ඔරෝ Jigarthanda Double X (2023) චිත්‍රපටිය තැනුවා. ඒ නිසාමද මන්දා ගිය වතාවේ චිත්‍රපටිය ආදායම් වශයෙන් සාර්ථක වුණේ නැහැ. දැන් වත් මූ හැදිලා ඇති කියලා හිතන් රෙට්‍රෝ බලන්න ගත්තෙ. චිත්‍රපටියෙන් තුන් කාලක් විතර දුර යනකල් කිසිම ප්‍රශ්නයක් තිබුණෙ නැහැ. ඊට පස්සෙ ආයෙත් පරණ ට්‍රැක් එකටම වැටුණා. මූ තාම හැදුනෙ නැහැ. විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගේ වීදී නාට්‍යයක් ලොකු පිරිවැයකින් නිෂ්පාදනය කළා නම් කොහොමද, අන්න ඒ තරමටම චිත්‍රපටියේ දෙවන භාගය තිබුණා. කාර්තික් මෙහෙම චිත්‍රපටි හදන්නෙ ඔළුව කුරුවල් වෙලා තියෙන නිසා ඇර බැරි කම නිසා නෙවෙයි.
කාර්තික් මැරෙන්න තරම් රජිණි රසිකයෙක් කියන එක රහසක් නෙවෙයි. මේ පාරිගේ චරිතය Thalapathi (1989) චිත්‍රපටයේ රජිණිකාන්ත් රඟපෑ සූරියා නම් චරිතය ආභාෂයට ගනිමින් නිර්මාණය කරන ලද්දක්. සූරියාගේ කොණ්ඩා විලාසිතාව, ඇඳුම් මේ චරිතය අනුකරණය කරමින් නිර්මාණය කර තිබෙනවා. විශේෂයෙන්ම සූරියාගේ ප්‍රවේශ දර්ශනය තලපති චිත්‍රපටයේ මෙන් Silhouette(සිලුවටය) ලෙසින් ඉදිරිපත් කර තිබෙනවා. තවත් මේ චිත්‍රපටය පුරාම බොහෝ තැන්වල රජිණිව සඳහන් කිරීම් එක් කර තිබුණා. තවත් විශේෂ දෙයක් වෙන්නේ කනිමා ගීතය ඇතුත් විනාඩි 15ක දර්ශනය Single Shot ලෙසින් රූගත කර තිබෙනවා. ඒ වගේම රෙට්‍රෝ කතාව ගොඩ නගා තිබෙන්නෙ ක්‍රිෂ්ණ දෙවියන්ගේ පුරාවෘත්තය පාදක කරගෙනයි. ක්‍රිෂ්ණා සහ රාධා, පාරි සහ රුක්මිණී ලෙසත්, කම්සන් රජු රාජවේල් මිරාසු ලෙසත් චරිත ගොඩ නගා තිබෙනවා. LCU එකත් එක්කම පහුගිය කාලේ වැඩිපුර කතාබහට ලක් වුණ නමක් තමයි ලෝකේෂ්ගේ සිහින ව්‍යාපෘතිය ඉරුම්බු කයි මායාවි(යකඩ අත් මායාවි). ඒ ගැන ලෝකේෂ් හිතුවා හෝ නැතා කාර්තික් පොඩ්ඩක් රස බලලා තියෙනවා.
රෙට්‍රෝ චිත්‍රපටයට සංගීතය ලබා දුන්නේ ලොවක් මවිත කළ “කබාලි ඩා” BGM එක තනපු ඒ සන්තෝෂ් නාරායන්ම තමයි. රජිණිකාන්ත්ගේ Petta (2019) චිත්‍රපටයට ඇරෙන්න කාර්තික්ගේ අනෙක් හැම චිත්‍රපටයකටම සනා තමයි සංගීතය දුන්නෙ. කනිමා ගීතය තමන් “එන් ආසෛ මයිදිලියේ” ගීතය ආභාෂයෙන් නිර්මාණය කළ බව සනා කීවා. මෙහි එන Detox ගීත ගායනයට සූරියාද එක්ව තිබෙනවා.
සමස්තයක් වශයෙන් මේ චිත්‍රපටයට විචාරකයින්ගේ සහ ප්‍රේක්ෂකයින්ගේ සාර්ථක ප්‍රතිචාර හිමි වී තිබෙනවා. වසර ගණනාවකට පසුව සූරියා රෙට්‍රෝ චිත්‍රපටයෙන් සාර්ථකත්වයක් අත් කරගන්නවා. අවසන් වරට ඔහු හිට් එකක් දුන් චිත්‍රපටය කාපාන්. කාපන් කියලා නෙවෙයි කිව්වෙ 2019 වසරේ තිරගත වූ Kaapan චිත්‍රපටය තමයි සූරියාගේ අන්තිම හිට් එක. ආසන්නව වසර හයක් පමණ ගෙවී ගිහින්. ඊට පසුව සූරියාගේ චිත්‍රපට පෙළක්ම සෘජුවම OTTවෙත මුදා හැරුණා. Etharkkum Thunindhavan (2022) චිත්‍රපටය සහ Kanguva (2024) දැඩි ලෙස අසාර්ථකත්වයට පත් වුණා. කොහොම වුණත් ඔය අතරෙදි සූරියා Vikram (2022) චිත්‍රපටයේ විශේෂ පෙනී සිටීමක් ඉදිරිපත් කරමින් සිනමා ක්ෂේත්‍රට ලොකු බලපෑමක් එක් කළා. කොහොමින් කොහොම වුණත් රෙට්‍රෝ පලමු දින උපයාගත් ආදායම ඉ.රු. කෝටි 46යි. හයවැනි දිනයේදී රෙට්‍රෝ ඉ.රු. කෝටි 100 සීමාව ඉක්මවූවා. සූරියා රෙට්‍රෝ චිත්‍රපටයෙන් ලැබූ ලාභයෙන් රු. කෝටියක මුදලක් අගරම් නම් ඔහුගේ අධ්‍යාපන අරමුදලට පරිත්‍යාග කරනු ලැබුවා. තිරගත වී 18 වැනි දිනයේ රෙට්‍රෝ තිරගත කිරීමෙන් ලද ආදායම සහ වෙනත් ආදායම් වල එකතුව ඉ.රු. කෝටි 235 බවට නිළ පෝස්ටරයක් එක් කරමින් නිවේදනය කරනු ලැබුවා.
මීළඟට RJ බාලාජීගේ අධ්‍යක්ෂණයෙන් Suriya 45 මේ වසරේ දීවාලියට පැමිණීමට නියමිතයි. ත්‍රිෂා, ශිවදා, නටරාජන් සුබ්‍රමණියම්, යෝගි බාබු මෙහි සූරියා සමඟ රඟනවා. එයට සංගීතය සපයන්නේ සිනමාවට නවක සංගීත අධ්‍යක්ෂකවරයෙකු වන සයි අභ්‍යන්කර්. සයි අභ්‍යන්කර් සිනමාවට තමන්ගේ ප්‍රවේශය සටහන් කරන්නේ මේ චිත්‍රපටයෙන්. ලෝකි සිනමා විශ්වයට අයත් රාඝවා ලෝරන්ස් රඟන Benz චිත්‍රපටයට, සිම්බුගේ STR 49, ප්‍රදීප් රංගනාදන්ගේ Dude චිත්‍රපටයට සහ ඇට්ලි අධ්‍යක්ෂණය කරන අල්ලු අර්ජුන්ගේ A22 × A6 යන චිත්‍රපටවලට ඔහු සංගීතය ලබා දීමට නියමිතයි.
Suriya 46 චිත්‍රපටය, Lucky Bhaskhar (2024), Vaathi (2023) චිත්‍රපට අධ්‍යක්ෂණය කළ වෙන්කි අට්ලුරි විසින් අධ්‍යක්ෂණය කිරීමට නියමිතයි. සංගීත අධ්‍යක්ෂණයෙන් GV ප්‍රකාෂ් කුමාර් එක් වනවා. මමිතා බායිජු යුවල නොවන චරිතයක් රඟපානවා.
වෙට්‍රිමාරන්ගේ Vaadivaasal චිත්‍රපටයේ නිෂ්පාදන හෝ රූගත කිරීම් පිළිබඳ කිසිම සඳහනක් දකින්න ලැබෙන්නේ නැහැ. වෙට්‍රිමාරන් Viduthalai කොටස් දෙක අවසන් කර එම ව්‍යාපෘතියේ වැඩ ඇරඹීමටයි සූදානම්ව හිටියේ. සූරියා රෙට්‍රෝ චිත්‍රපටයත් Suriya 45 චිත්‍රපටයත් සමඟ කාර්‍යබහුල වීම නිසා එහි රූගත කිරීම් තවත් ප්‍රමාද වෙමින් තිබෙනවා.
කාර්තික් සුබ්බුරාජ් නැවතත් සූරියා සමඟින් චිත්‍රපටයක් කිරීමට කැමැත්තෙන් ඉන්නවා. කොහොම වුණත් කාර්තික් ඒ ගැන දැඩි විශ්වාසයකින් ඉන්නවා. ඉක්මනින්ම නිවේදනයක් නිකුත් වේවි කියලා බලාපොරොත්තු වෙනවා.
කෙටි විරාමයකින් පසුව නැවතත් හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ අදහස් දක්වන සහ බයිස්කෝප් සිංහලෙන් අපිත් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම ආදරෙයි!
බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!
Retro (2025) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි www.1TamilMV.fi – Retro (2025) Tamil HQ PreDVD පිටපත සඳහා ගැළපේ.
8,685 downloadsDownload Retro-2025-Sinhala-Subtitles-Update.zip69 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Retro (2025) Sinhala SubtitlesSubtitles by
රවිඳු නවින්
Subtitles
- #2025
- #Editor's Pick
- #Gajaraj
- #Indian Box Office Hits
- #Joju George
- #Karthik Subburaj
- #Karunakaran
- #Must Watch
- #Nassar
- #Pooja Hegde
- #Prakash Raj
- #Retro
- #Retro (2025)
- #Retro (2025) Sinhala Sub
- #Retro (2025) Sinhala Subtitles
- #Santhosh Narayan
- #Shriya Saran
- #sinhala sub
- #Sinhala Subtitle
- #subtitle
- #Suriya
- #Vidhu
- #You Decide
- #රවිඳු නවින්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
9 comments
Buddhika laKMal
Nilanga iduwara
සබ් එකට තැන්ක් යු සහොදරයා ♥️
විමා - Admin
සුපිරිම ලිපියක්. ෆිල්ම් එක ගැන තමන්ට දැනෙන ඇත්තම හැඟීම මේ විධියට කියන එකම මාර දෙයක් හොඳේ..
සබට බොහොම ස්තුතියි මලේ.Baiscope Zone
උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තුතියි!
අචින්ත
බොහෝම ස්තූතියි මල්ලි සබ් එකට හොඳද..හොඳ කොපියක් ආව ගමන් බලන්නම්...ලිපි කෑල්ලටත් වෙනම ස්තුතියි ඔන්න..
Chathura
Tanks bro balanna hitiya ekak neme meka UBA kiyana honda balnne haridahalla supiri
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤Aravinda Fernando
Thanks machan mey wedeta..
Thawa wedi wediyen shakthiya lebewaa!Anonymous
English Sub ekak neh dila tiyenne, sihnala nevi
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

හම්මෝ බං... හැමදාම වගේ මූවි එකේ පට්ට විස්තර ටිකක් දීලා තියෙනවා සුපිරියටම.....
එකෙන්ම් ඒ විස්තරවලට තෑන්ක්ස් මචං.. එක හුස්මටම කියවල ඉවරකරා..........
සබ් එකත් ගත්තා.. ඔරිජිනල් ආපුහම අප්ඩේට් දෙනකං ඉන්නවා....
ස්තූතියි රවිදු සහෝ උපසිරැසියට...........