පොරොන්දු වුණු විදියටම මේ අරගෙන එන්නෙ, මේ වසරේ හින්දි සිනමාවේ බිහිවූ තවත් දැවැන්ත නිර්මාණයක් සමගින්. චිත්‍රපටය නිකුත් වුණේ 2016 වසරේ මැයි මස 6 වෙනිදා.නමුත් ජූලි පළවෙනිදා රාත්‍රී වන තුරුත් කිසිම කෙනෙක් මේකට උපසිරැසි කරන්න භාරගෙන තිබුණේ නැහැ. මං දන්නේ නැහැ ඇයි කවුරුවත් මේ වගේ දැවැන්ත චිත්‍රපටියක් වෙල…

පොරොන්දු වුණු විදියටම මේ අරගෙන එන්නෙ, මේ වසරේ හින්දි සිනමාවේ බිහිවූ තවත් දැවැන්ත නිර්මාණයක් සමගින්. චිත්‍රපටය නිකුත් වුණේ 2016 වසරේ මැයි මස 6 වෙනිදා.නමුත් ජූලි පළවෙනිදා රාත්‍රී වන තුරුත් කිසිම කෙනෙක් මේකට උපසිරැසි කරන්න භාරගෙන තිබුණේ නැහැ. මං දන්නේ නැහැ ඇයි කවුරුවත් මේ වගේ දැවැන්ත චිත්‍රපටියක් වෙලත් භාරගත්තේ නැත්තේ කියලා.වෙලාවකට මට හිතෙනවා හින්දි සිනමාවේ ප්‍රසිද්ධ නළු නිලියන් නැති නිසාදෝ කියලා. සමහරවිට මේක මටම හම්බෙන්න තිබුණු එකක්ද දන්නේත් නැහැ 😀 කොහොමින් කොහොමහරි ජූලි පළවෙනිදා රෑ සමීර කරුණාරත්න සහෝගෙන් මේක භාරගෙන, දවස් එක හමාරකින් වගේ වැඩ ටික ඉවරකලා තමයි ඔයාලා වෙනුවෙන් මේ අරගෙන එන්නෙ. චිත්‍රපටයේ පසුබිම ගැන කතා කරනවානම්, මේක 2011 වසරේදී සත්‍ය කතාවක් පදනම් කොට ගනිමින් නිෂ්පාදනය වූ Traffic නම් මලයාලම් චිත්‍රපටයේ ප්‍රති නිර්මාණයක්. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ මලයාලම් චිත්‍රපටය අධ්‍යක්ෂණය කල Rajesh Pillai විසින්මයි. විශේෂයෙන්ම සඳහන් නොකලොත් ඒක අඩු පාඩුවක් වෙනවා.1974 ජූලි මාසයේ 10 වෙනි දින උපත ලැබූ මෙතුමා, මෙම චිත්‍රපටයේ වැඩ කටයුතු අවසන් වනවාත් සමගම 2016 වසරේ පෙබරවාරි මස 27 වෙනි දින සදහටම දෙනෙත් පියාගත්තේ, මෙම චිත්‍රපටය සිය අවසන් චිත්‍රපට අධ්‍යක්ෂණය බව සනිටුහන් කරමිනි. සංගීත අධ්‍යක්ෂක Mithoon ගේ මියුරු සංගීතයෙන් රස ගැන්වී, වර්තමාන හින්දි සිනමාවට නැතිවම බැරි ගායක දෙපලක් වන Arijit Singh සහ Palak Muchhal ගේ සුමිහිරි කටහඬින් වර්ණවත් වූ මෙම චිත්‍රපටයේ ප්‍රධාන රංගන දායකත්වය ලබා දෙන්නේ, ප්‍රතිභා පුර්ණ නළු, Manoj Bajpayee විසිනි. චිත්‍රපටයේ කතාව ගැන නම් කියන්න බලාපොරොත්තුවක් නැහැ. කොහෙන් පටන් ගෙන් මොනවා කියන්නද කියලා මටවත් තේරෙන්නේ නැහැ.ඒ තරමටම, ඉතාමත් අලංකාර, තවත් කෙනෙකුට විස්තර කිරීමට අපහසු තත්වයේ කතාවක්. නමුත් මං මෙහෙම කියන්නම්….
“ඒ 2008 ජුනි මස 25 වෙනිදා.වැඩ තහනමකින් පසු, මුම්බායි පොලිස් රථවාහන අංශයේ කොස්තාපල් රාම්දාස් ගෝඩ්බෝලේ රාජකාරියට වාර්තා කරන පලවෙනි දවස….නිවේදෙකයෙකු වීමට සිහින දකින තරුණ රෙහාන්, තමන්ගේ රැකියාවට යන පලවෙනි දිනය….වසර ගණනාවක් තිස්සේ දරුණු අන්දමේ හදවත් රෝගයකින් පෙළෙමින් සිටින, වයස අවුරුදු 12ක් වන රියාගේ ජීවන මං පෙතේ අවසාන දවස….හදවත් රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍ය එබෙල් සහ ඔහුගේ බිරිඳගේ විවාහ සංවත්සර දිනය….ජීවිතයේ කවදා හෝ, කොතැනක හෝ හමුවී නැති මෙම පුද්ගලයින් අද දිනයේදී එකිනෙකා හමුවෙනවා….එහෙම නැත්නම් මට කියන්න පුළුවන්, එයාලා එකිනෙකා ගැටෙනවා කියලා….එක් නිමේෂයකින් සිදුවන අත් වැරදීමකින්, මේ සියලු දෙනාගේ ජීවිත උඩි යටිකුරු වෙනවා…..සදහටම….මෙයින් සිදුවන පල විපාකයක හේතුවන් මුම්බායි පොලීසිය විසින්, කිසිවෙකුත් හීනෙන් පවා නොසිතන අන්දමේ, ඉතිහාසය නැවතත් ලියවමින්, මුම්බායි සිට පූනේ දක්වා විනාඩි 150ක අති දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කරනු ලබනවා….එක් අහිංසක ජීවිතයක් බේරාගැනීම වෙනුවෙන්…” ඔබ සංවේදී පුද්ගලයෙක් නොවෙන්න පුළුවන්….නමුත් ඔබගේ දෙනෙතින් කඳුළු බින්දුවක් හෝ වැටේවි…ඔබ සංවේදී පුද්ගලයෙකු නම්, ඔබ…………………………………..,කතාව නරඹන ප්‍රේක්ෂක ඔබම තීරණය කරන්න. අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ…. “මෙවැනි නිර්මාණයක් නොබලන දෑස් කුමටද?” කියලා තමයි. තවත් නිර්මාණයකින් හමුවන තුරා, ඔබ සැමට ජයවේවා…!
Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the Movie.
මෙම ලබා දී ඇතිසියලුම WEB සහ HD පිටපත් සඳහා අදාළ වේ.
8,589 downloadsDownload Traffic-2016.zip77 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
56 comments
SANJAYA
Chaminda S R
tanks
Sisila Prasad
Traffic 2016 720p WEB-DL DD5 1 H264-M2Tv
Sisila Prasad
නීතිමය තත්වයන් මත, තවදුරටත් මෙම අඩවිය මගින් චිත්‍රපට සඳහා ටොරන්ට් ලින්ක් සපයනු නොලැබේ.
එම නිසා චිත්‍රපටය සඳහා ගැලපෙන ටොරන්ට් ලින්ක්, ඩිරෙක්ට් ලින්ක් ලබාගැනීම සඳහා, කරුණාකර මෙම කමෙන්ටුවෙහි ඇති නම මත click කර, මාගේ facebook ගිණුමට log වන්න.අවශ්‍යය සියලු දේ එහි සඳහන් කර ඇත.
ස්තුතියි.Hasi
meka download karanna link ekak hoyaganan bane.link ekak denna puluwanda?
Tharaka
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි!!!!!!!!!!!!!!!!
Darshana
sub ekata thanks saho
indika
බොහෝම ස්තුතියි.. !!!
Yohan Sewwanda
thanks sub ekata digatama karagena yamu ....
Kulanjana Maduranga
niayamai…thanks SISILA saho..sub ekata..digatama sub demu.jaya wewa……
nuwan
link ekak nadda machan,,,,
නුවන් ඉෂාන්ත.
හරිම ලස්සනට ලිපිය ලියලා තියෙනවා. ලිපිය කියෙවුවාම චිත්‍රපටිය බලන්න ආස හිතුනා.
හැබැයි දාලා තියෙන පෝස්ටර් එක වැරදියි. හින්දි එකේ පෝස්ටර් එක නෙවෙයි.Sisila Prasad
දැන් හදලා තියෙන්නෙ සහෝ ඒක :D
Isuru
Link ekak danawada
Plz
nuwan lakmal
menna link eka
Madusha
ane hash eka dannako kawru kari
Nayana Sanjeewa
Torent ekak dannako
Thisara Neo
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
gura
ko link
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !charuka lakshitha
මොකද්ද මෙ සයිට් එකට වෙලා තියෙන්නෙ...
අඩුම තරමෙ හැෂ් කි එකවත් දෙන්නකො...Sanath Perera
බොහොම ස්තූතියි සහෝ උපසිරසට …
ජයෙන් ජය…sachin
THANKS for sub bro but trouble to find torrent download link
අමිල මනනදේව
බොහොම ස්තුතියි සහෝ සබ් එකට ඔයා දෙන සබ් එකක් නම් ආයේ බාන්න දෙපාරක් හිතන්න ඕනේ නෑ..
Goofy
බොහොම ස්තුතියි
Pasindu
hash eka plz..bro
aruna
torrent eka denna
kavinda
කෝ බන් ලින්ක් එක. එකටත් වෑට් ගහලද
janiya
mokakda ban link eka naa sub eka witharai
Jack
නියමයි මචන්.
සුපිරි කතාවක්නේ.
මේක නම් අනිවා බෑමක් තමයි..
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය...shehan
machn admin link ekath daahan aye issra wage ethota hoya hoya innna awashya nane dan hoyannna giyama pana yanwa ban
sumiya
link eka comment walata wat dapan ban
prem
download link ekak nahane
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ashini Wickramasinghe
man meke malayalam film 1 beluwa.supiri film ekak thamai..thanx 4 sub..
ravindu kuruppu
meka hariyanne na bn.dan e paara link comment kaaranneth na.kohomada bn api sub eka gelapena copy ekak hygnne.
Manjula
ado mewata torrent hoyanna giyama pissu hedenawa bnz. sirawatama me magula karanna be. puluwan nam hash tag ekanote pad ekak dala koheta hari upload karapalla. eka podi deyakne.e server eke link eka methana dapalla. etakota mukuth prashna nane. anika 10 kb wage file ekak upload karanna free servers walin salli ganneth nane. hemoma shape
a.eranda
hesh tag denna bro //// thanks for subbbbbbbbbbb
Sisila Prasad
නීතිමය තත්වයන් මත, තවදුරටත් මෙම අඩවිය මගින් චිත්‍රපට සඳහා ටොරන්ට් ලින්ක් සපයනු නොලැබේ.
එම නිසා චිත්‍රපටය සඳහා ගැලපෙන ටොරන්ට් ලින්ක්, ඩිරෙක්ට් ලින්ක් ලබාගැනීම සඳහා, කරුණාකර මෙම කමෙන්ටුවෙහි ඇති නම මත click කර, මාගේ facebook ගිණුමට log වන්න.අවශ්‍යය සියලු දේ එහි සඳහන් කර ඇත.
ස්තුතියි.indika
බොහෝම ස්තුතියි....
jayantha
mama film and tv sir 3000/4000 downlord karala tiyanawa ....but its wonderful film.....its direction is best and godluck for sutite
Vidusanka
Sub ekata nm thanks eth link eka nane
sammika
Thanks.
mekata sub eka dennakoooooOne Night Stand 2016 Hindi 720p HDRip x264 AAC - Hon3y
roshan_st
බොහෝම ස්තුතියි සබ් එකට.
deshan
yako sub eka kannada film eka ba ganna vidiyak kiyanne nathuva
Sisila Prasad
කැමතිනම් එහෙම කරගත්තත් මගේ අමනාපයක් නැහැ.
කරන්න ඕනේ දේ සිංහලෙන් දාලා තියෙනවා ඇස් පේන්නේ නැද්ද?
එහෙම ලෙඩක් තියෙනවනම්, data නාස්ති කරගෙන චිත්‍රපටිය ගන්න එපා.හරි අපරාධයක් වෙන්නෙ..මොකද ඇස් පේන්නේ නැති අයට චිත්‍රපටිය බලන්නත් බෑනේ.මුලින් ඇස් දෙක දොස්තර කෙනෙක්ට පෙන්නලා ඉන්න, අහක ඉන්න මිනිස්සුන්ට බුරන්නේ නැතිව.
Champ Sachi
PaHara Thankzzz
Asitha
hindi balanne na.eth meka balanwa
elama thanksR.S. Samantha
thank u macho... ela ela
rajitha dilshan
sub akata bohoma sthuthi bro..digatama karagene yanne...
praveen perera
supirima kathawak. hamadamat baiscope ekata pin sidda wanna ma wage supiri movies teanwa keala danaganna. baiscope ekatat sisila ayyatat godak pin api wanuwan karana data. balala nathi kaurth innawnam aniwa balanna. a taram supirima kathawak. thanx. hamadamat jaya baiscope ekata.
Thilina
Traffic.2016.720p.BRRip.x264.Hindi.AAC-ETRG me coppy ekata sub eka updata karanawada???
Mithun
බොහොම ස්තුතියි සිසිල weprip එකක් තියෙන එකෙ මෙක බලන්න ඔනෙ සුපිරි මුවි එකක් නෙ
Isuru Savithmalka Deshaaranga Liyanage
Thank you
geethi320
elz....
Dewadithya
Thanks for Sub!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanks for movie and subtitle
GOOD LUCK!