Watch Trailer

The Eight Hundred (2020) Sinhala Subtitles | සෙබලාණෙනි ඔබ මැරුණා නොවේ..! [සිංහල උපසිරසි]

බයිස්කෝප් වාසී නොවාසී සියලුම දෙනාව welcome කියලා පිළිගන්නවා. කොහොමද ඉතින් කට්ටියට? මේ වතාවේ මම කස්ටියට ගෙනල්ලා තියෙන්නේ චීන ෆිලුමක්. ඒ වගේම, චීන ෆිලුමක් සඳහා වන මාගේ පළමු සිංහල උපසිරැසි ගැන්වීම කියලා කියන්නත් කැමතියි. මෙම චිත්‍රපටිය 1937 වර්ෂයේ චීනයේ සිදුවූ සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය කරන ල…

බයිස්කෝප් වාසී නොවාසී සියලුම දෙනාව welcome කියලා පිළිගන්නවා. කොහොමද ඉතින් කට්ටියට? මේ වතාවේ මම කස්ටියට ගෙනල්ලා තියෙන්නේ චීන ෆිලුමක්. ඒ වගේම, චීන ෆිලුමක් සඳහා වන මාගේ පළමු සිංහල උපසිරැසි ගැන්වීම කියලා කියන්නත් කැමතියි.

මෙම චිත්‍රපටිය 1937 වර්ෂයේ චීනයේ සිදුවූ සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය කරන ලද්දකි. සත්‍ය සිදුවීම දළ වශයෙන් සඳහන් කෙරුවොත්, 1937 වර්ෂයේ ජපාන අධිරාජ්‍යය විසින් චීනය ආක්‍රමණය කරන ලදි. එවකට චීන හමුදාව හැඳිවූයේ NRA හෙවත් ජාතික විප්ලවවාදී හමුදාව යන නාමයෙනි. චීන හමුදාව සහ ජපාන සමුදාව අතර මාස තුනක් පමණ පුරාවට ෂැංහයි සටනේ ඉතා දරුණු සටන් ඇවිලී යද්දී චීන හමුදාවට සිදුවූ දරුණු හානි සහ පරාජයන් හේතුවෙන් ඔවුන්ට දිගටම පසුබසින්නට බල කරන ලදි . එවකට චීන හමුදාපති වූ ජෙනරාල් චියෑං-කායි-ෂෙක් විසින් අවසානයේදී 524 වෙනි රෙජිමේන්තුවේ ඉතිරිවූ සෙබළුන් 800දෙනෙකුට සිහාංග් ගබඩා නිවාසය ආරක්ෂා කිරීමට නියෝග කරන ලදි. ඒ ජපාන හමුදාවේ 20,000ක් පමණ වූ සෙබල සංඛ්‍යාවකට එරෙහිවයි. මෙය තනිකරම suicidal mission එකක් බව ලිපිය කියවන ඔබටත් වැටහේවි. එසේ කිරීමට හේතුව මේ ෆිලුම බලද්දි ඔයාලටම තේරුම් ගන්න පුළුවන් වේවි. මෙම සෙබළ සමූහයට අණදුන්නේ කර්නල් Xie Jinyuan වේ. මෙම චිත්‍රපටියේ පැය 2 විනාඩි 29 පුරාවට එම ඉතිරිවූ සෙබළුන් 800 දෙනා ජපාන හමුදාවට එරෙහිව කරන ලද සටනේ කතාවයි මෙලෙස දිග හැරෙන්නේ.

IMDb මීටරය 7.0 ක් තරම් වූ අගයට කරකවපු Rotten Tomatoes අගය 88% ක් වූ Drama කියන category එක යටතේ වර්ෂ 2020 අගෝස්තු 28 වෙනිදා චීනයේදී පළමු වරට තිරගත වූ අති සාර්ථක ෆිලුමක් කියලා සැකයකින් තොරවම කියන්න පුළුවන්. මෙම ෆිලුමේ තිබෙන සුවිශේෂත්වය නම්, ආසියානු කලාපයේ ප්‍රථම වරට IMAX කැමරා තාක්ෂණය යොදාගෙන රූගත කළ පළමු චිත්‍රපටිය වීමයි. මෙම චිත්‍රපටයේ සමස්ත වියදම 80 million US$ වෙද්දී සමස්ත ආදායම 472 million US$ පමණ වේ. එය 2020 වර්ෂයේ ලෝකයේ වැඩිම ආදායම් ලැබූ චිත්‍රපට අතරින් දෙවන ස්ථානය හිමිකර ගැනීමද විශේෂත්වයකි. ඒ වගේම මෙම චිත්‍රපටියේ අධ්‍යක්ෂකවරයා වන්නේ “Guan Hu” මහතායි. මේ ෆිලුමේ මට පොඩි අවුලකට කියලා තිබුනේ චීන නම් ගම්වල උච්චාරණය නිසියාකාරව පැහැදිලි නොවීමයි. වචන හංගගෙන තමයි ඒ මිනිස්සු කතා කරන්නේ. චීන හින්දා වෙන්න ඇති නේද?😉 දන්නෝ දනිති! මෙම ෆිලුම මුල ඉඳලා අවසානය වෙනකම් කිසිම කම්මැලිකමක් නැතුව දිගටම බලන්න පුළුවන් කියලත් කියන්න ඕනේ. තව දෙයක්, සාමාන්‍යයෙන් යම් කෙනෙකුට වීරත්වයක් ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ යම් දෙයක් සාර්ථකව achieve කරගත්තාට පස්සේනේ. ඒත් පරාද වුණාට පස්සේ වීරත්වයක්.! ඒ කොහොමද ? මෙතන අවුලක් තියනවා නේද..!?

අවසාන වශයෙන්, සිංහල සබක් ඇඩ් කරන්න මේ ෆිල්ම් එක මට වෙන් කරලා දුන්නු ‘සිසිල’ සහෝට ස්තූති වන අතරම බයිස්කෝප් කාර්‍ය මණ්ඩලයටත් ස්තුතිය පුද කර සිටිමි. ෆිල්ම් එක බලලා කට්ටියගේ ප්‍රතිචාර කොමෙන්ට් බොක්ස් එකේ කොටාගෙන යන්න. මම මීට වඩා වැඩි යමක් නොකියමි. ඔබ සියලු දෙනාට කියන්න ඕනේ මේ දවස්වල තිබෙන කොරෝනා වසංගත තත්වයෙන් කට්ටිය හැකිතාක් දුරට ප්‍රවේසම්වන්න කියලා. නැවත තවත් සිංහල උපසිරැසියකින් හමුවෙනතුරු සමුගන්නවා . ඔබට ජයෙන් ජය! ජේසු පිහිටයි!

“The nature of war is always politics”

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

11,246 downloadsDownload The-Eight-Hundred-2021.zip71 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිලුපුල් වික්‍රමාරච්චි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-07-18
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles by

නිලුපුල් වික්‍රමාරච්චි

Subtitles

11,246 downloadsDownload Subtitles71 KB

29 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. rasika

    sub ekata godak sthuthi.

  3. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    පුලුවන් නම් මේ ෆිල්ම් ටිකටත් සබ් දෙන්න.

    Manhunter - 1986
    Hannibal - 2001

    Once Upon a Time in China II - 1992
    Once Upon a Time in China III - 1992
    Last Hero in China - 1993
    Once Upon a Time in China & America -1997

  4. Anonymous

    Thnkz machi

  5. Neo

    Thanks brother
    Keep it up

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  7. Anonymous

    sub ekata thanks

  8. Anuja Lakshitha

    BLACKLIST season 7 ekata sub dennako please

  9. Anonymous

    Thanks bro

  10. Naveen

    උපසිරසියට තුති

  11. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  12. gihan

    උපසිරසියට බොහෝම ස්තුති

  13. Anonymous

    Thanks bro❤️

  14. Pahasara

    Thanks

  15. indika 75

    thanks..

  16. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  17. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  18. jagath55

    Thanks

  19. Isuru Upeksha

    Lucia 2013 Film ekata sub denna

  20. Isuru Upeksha

    sub eka ela.Lucia 2013 Film ekata sub denna

  21. Kanishka

    Thank

  22. Malith Samarawickrama

    Thanks bro sub ekata

  23. lakshan

    thanks ..........................

  24. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. Anonymous

    1080p sub ok, thanks [4K walata sub nadda?]

  26. Dewadithya

    Thanks for Sub!

  27. Nandula Nimnod

    පට්ට කොම්ලො

  28. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  29. Mano

    Godak sthuthi.. Jaya wewa!