Watch Trailer

Black Widow (2021) Sinhala Subtitles | අලුත් වෙන පැරණි මතකයන් [සිංහල උපසිරසි] (200*)

ඔන්න එහෙනම් කට්ටියම මග බලාගෙන හිටපු චිත්‍රපටයකට උපසිරැසි අරගෙන තමයි කාලෙකට පස්සෙ මම මේ බයිස්කෝප් අඩවියට ගොඩවෙන්නෙ. දැන් නම් ගොඩක් අය මේක බලලත් ඇති, මොකද කොරෝනා තත්ත්වයත් එක්ක චිත්‍රපටි හෝල් වලට අමතරව ස්ට්‍රීමින් සර්විස් වලටත් ඒ දිනයේම නිකුත් කරනවා. ඒ වගේම තමා මාවල්ලගෙ බ්ලැක් විඩෝ ෆිල්ම් එකත් හෝල් ව…

ඔන්න එහෙනම් කට්ටියම මග බලාගෙන හිටපු චිත්‍රපටයකට උපසිරැසි අරගෙන තමයි කාලෙකට පස්සෙ මම මේ බයිස්කෝප් අඩවියට ගොඩවෙන්නෙ. දැන් නම් ගොඩක් අය මේක බලලත් ඇති, මොකද කොරෝනා තත්ත්වයත් එක්ක චිත්‍රපටි හෝල් වලට අමතරව ස්ට්‍රීමින් සර්විස් වලටත් ඒ දිනයේම නිකුත් කරනවා. ඒ වගේම තමා මාවල්ලගෙ බ්ලැක් විඩෝ ෆිල්ම් එකත් හෝල් වල පෙන්නනවත් එක්කම ඩිස්නි + හරහා මුදාහැරිම ආරම්භ කලා. ඉතිං කාලෙකට පස්සෙ මෙහෙම විශේෂ ෆිල්ම් එක්කින් ඔයාලව හම්බවෙන්න ආවෙ මේක මට විශේෂ උපසිරැසියක් නිසාවෙන්. මේ තමා මගෙ 200 වෙනි උපසිරැසියට දෙන්න වෙන් කරගත්ත ෆිල්ම් එක. හැබැයි මේක නිකුත් වෙන්න පමා උන නිසා දැන් නම් 200 පහුවෙලා. කොහොම නමුත් මේකෙන්ම 200 සමරන්න කාලයක් බලන් උනා.

ඉතිං 2016 දි පටන් ගත්ත මේ විනෝදාංශයට දැන් අවුරුදු 5 ක් විතර වෙන්න වෙනවා. ඒ කාලයෙදි මේ නිසා ඉගෙන ගත්ත දේවල් නම් මෙච්චරයි කියලා කියන්න බැහැ. ඒ වගේම හම්බවුන යාලුවො, කවදාවත් හම්බවෙලා කතා නොකලට එයාලා එක්ක හරි අපූරු බැදීමක් තියෙනවා. විශේෂයෙන්ම අපේ ඇඩ්මින් මඩුල්ල මතක් කරන්න ඕන, හසායියා, විමා, සමීර, සමන් ප්‍රසාද්, සිසිල, චාමර, අසංක අයියා, සමීර චතුරංග අයියා, ලොකු සහයෝගයක් දෙනවා මේ වැඩ වලදි. ඒ වගේම හසායියට විශේෂයෙන්ම ස්තූති කරනවා සබට දුන්න සප් එකට. එහෙම සප් එකක් දීලත් මං පරක්කු වුන එකට කණගාටු වෙනවා. ඒ වගේම බයිස්කෝප් මිතුරු කැලත් මතක් කරනවා මේ වෙලාවෙ. නම් වශයෙන් කියන්න ගියොත් ලොකු ලිස්ට් එකක් එන නිසා එහෙම නොකර ඉන්නම්. එහෙනම් මගෙ වැල් වටාරම් නවත්තලා බ්ලැක් විඩෝ ගැන හොයාගත්ත දේවල් ටිකක් කියන්නම්.

 

මේ වෙනකොට MCU එකේ චිත්‍රපටි 23 ම බලපු අයට නම් බ්ලැක් විඩෝව මගහැරෙන්න විදිහක් නෑනෙ, අයන් මෑන් 2 චිතපටියෙන් MCU එකට එකතුවුන ඇවෙන්ජර්ස්ලගෙ ප්‍රධාන සමාජිකයෙක් වෙන කෙනෙක් නොදැන ඉන්න විදිහක් නැහැනෙ. එහෙනම් අපි බ්ලැක් විඩෝගෙ යටගියාව ටිකක් අවුස්සලා බලමු.

Black Widow චරිතය මාවල් කොමික් වෙනුවෙන් නිර්මාණය වෙන්නෙ Stan Lee, Don Rico සහා Don Heck යන තිදෙනා අතින්. Black Widow චරිතය මුලින්ම හදුන්වලා දෙන්නෙ Tales of Suspense #52 කලාපය තුලින්.

Natasha Romanoff (නටාෂා රොමනොෆ්) විදිහට තමයි අපි Black Widow ව දන්නෙ, හැබැයි මේක නෙවෙයි BW ගෙ ඇත්ත නම වෙන්නෙ. ඇත්ත නම තමා Natalia Alianovna Romanova (නටාලියා අලිඅනෝවා රොමනෝවා). ඇයි මේ විදිහට වෙනත් නමක් පාවිච්චි කරන්නෙ කියලා හිතෙනවා ඇති, මොකද MCU එක තුලත් BW ව හදුන්වන්න පාවිච්චි වෙන්නෙ “නටාෂා රොමනෝෆ්”, එහෙමත් නැත්නම් “නැට්” වගේ නම්. මෙයාගෙ ඇත්ත නම පාවිච්චි නොවෙන තරම්. ගොඩක් දෙනෙක් දන්න කාරණාවක් තමා BW කියන්නෙ රුසියානු ඔත්තුකාරියක් විත්තිය. ඉතිං ඔත්තු කරුවෙක් වුනාම තමන්ගෙ අනන්‍යතාව ආරක්ෂා කරගන්න එක ගොඩක් වැදගත් දෙයක් වෙනවා. ඒ නිසාම වෙන්න ඕන නැත්නම් වෙන්න පුළුවන් විවිධ නම් වලින් BW ව හදුන්වලා තියෙන්නෙ. මේ නම් වලට අමතරව “Nadine Roman, Tasha, Tsarina, Oktober, Laura Matthers, Nancy Rushman, Black Pearl” වගේ නම් වලිනුත් බ්ලැක් විඩෝව හදුන්වලා තියනවා.

නම ගැන කියද්දි මට හොයාගන්න ලැබුන තව කාරණාවක් කියන්නම්. BW ගෙ ඇත්ත නම “Natalia Alianovna Romanova” (නටාලියා අලිඅනෝවා රොමනෝවා) ඒ වගේම ගොඩක් වෙලාවට පාවිච්චි කරන (MCU එකේ පවා) නම වෙන්නෙ “Natasha Romanoff” (නටාෂා රොමනොෆ්). මේකයි කතාව, රුසියානු නාමකරණයේ නීතියක් තමයි මේ “-nova” කෑල්ල පාවිච්චි කරන්නෙ ගැහැණු ළමුන්ට, ඒ වගේම “-off” කොටස පාවිච්චි කරන්නෙ පිරිමි ළමයින්ගෙ නම් වලට. ඉතිං BW තමන්ගෙ සැබෑ නම වෙනුවට “Natasha Romanoff” නම පාවිච්චි කරන්නෙ තමන්ගෙ අනන්‍යතාව සගවා ගන්න කියන කාරණේ හොදටම තහවුරු වෙනවා.

1928 පමණ (උපන් වර්ෂය හරියටම නොදනී) Stalingrad (දැන් හදුන්වන්නෙ Volgograd ලෙස) වල උපත ලබන නටාලියා උස් මහත් කරන්නෙ රුසියානු සොල්දාදුවෙක් වෙන Ivan Petrovich Bezukhov විසින්. එතකොට නටාලියාගෙ ඇත්ත දෙමව්පියො කවුද?? ඇත්තටම නටාලියගෙ ඇත්ත දෙමව්පියන් ගැන ලොකු සදහනක් නැහැ රුසියානු යුවලක් කියන එක ඇරෙන්න. මේ දෙවන ලෝක යුද්ධ කාලෙට ටිකක් කලින් කාලෙ, නටාලියා සහා එයාගෙ දෙමව්පියන් ජීවත් වුන ගොඩනැගිල්ලට නාසීන් විසින් ගිනි තියනවා එතනදි නටාලියාගෙ අම්මා නටාලියාව ජනේලෙකින් එළියට විසි කරනවා එළියෙ ඉදපු රුසියානු සෙබළෙකුගෙ අතට, ඒ සෙබලා තමයි මම කලින් සදහන් කරපු Ivan Petrovitch. ඔය විදිහට තමයි නටාලියා Ivan ගෙ ලගට යන්නෙ. ඔතන ඉදලා Ivan එක්ක වගේම යුධ සමයෙ සෙබළු එක්ක උස් මහත්වෙන නටාලියාව පසු කාලෙක සෝවියට් රජයෙන් කරගෙන යන Red Room, එහෙමත් නැත්නම් Black Widow Program එකට බදව ගන්නවා. (මේ ගැන පස්සෙ විස්තර කියන්නම්). මෙතනදි තමයි නටාෂා ගුවන් නියමුවෙක් වන Alexei Shostakov (Red Guardian ) සමඟ විවාහය සූදානම් කරන්නෙ, ඒ වගේම රෙඩ් රූම් හි සහය ඇතිව නටාෂාගෙ මතකය වෙනස් කරනවා (brainwashing) තමන් රුසියානු ගෘහණියක් කියලා හිතන විදිහට. Alexei Shostakov ගෙ මරණයත් එක්කලා නටාලියාට ඕන වෙනවා තමන්ගෙ රටට සේවය කරන්න ඒ වගේම රජයෙන් ඉල්ලනවා ඇයට Alexei ගෙ තනතුරේ සේවය කරන්න දෙන්න කියලා. පසුව නටාලියා KGB හි ඉහල සමාජිකයෙක් බවට පත්වෙනවා.

KGB – Komitet Gosudarstvennoy Bezopasnosti

kGB එහෙම නැත්නම් ඔය ඉහලින් සඳහන් කරලා තියන එකේ තේරුම තමා “සෝවියට් දේශයේ ප්‍රධාන ආරක්ෂක ඒජන්සිය” යන්න. 1954 දි පිහිටවනු ලැබු මෙය 1991 දි එහි බිඳ වැටීමත් එක්ක අහෝසි කරලා දානවා. ඒ වගේම තමයි ලෝකයේ වඩාත්ම ඵලදායි තොරතුරු රැස් කිරීමෙ සංවිධානය විදිහට තමයි KGB එක හදුවන්ලා තියෙන්නෙ. රෙඩ් රූම් වගේ විවිධ ව්‍යාපෘති මේ හරහා කරගෙන ගිහින් තියෙනවා.

Red Room එක යටතෙදි නටාලියාව කායික සහා මානසික වශයෙන් වැඩි දියුණු කිරීම් වලට ලක්වෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි නටාලියට දිගු ජීවිත කාලයක් වගේම දීර්ඝ කාලීන තරුණ පෙනුමක් ලැබෙන්නෙ. පසුව නටාලියා බ්ලැක් විඩෝ නමින් හදුන්වන විශේෂ නියෝජිතවරිය බවට පත්වෙනවා. මේ වැඩ සටහන අතරතුරදි Winter Soldier විසින් නටාලියාව පුහුණු කරලත් තියනවා.

 

Red Room

රෙඩ්රූම් කියන්නෙ Department X යටතෙ කරගෙන ගිය ඔත්තුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහනක්. සෑහෙන කාලෙක ඉදන් රෙඩ් රූම් හරහා ලෝකෙ ඉන්න දරුණුම ඝනයේ කාන්තා ඔත්තුකාරියන් පුහුණු කරලා තියනවා. වින්ටර් සෝල්ජර් ව්‍යාපෘතියෙ සාර්ථකත්වයත් එක්ක තමයි මේ රෙඩ් රූම් ව්‍යාපෘතිය ආරම්භ වෙන්නෙ.

 

 

Black Widow වැඩසටහන

බ්ලැක් විඩෝ වැඩසටහන සදහා අනාථ ගැහැණු ළමුන් 28 දෙනෙක් යොදා ගන්නවා, මෙයාලව සූදානම් කරන්නෙ චීනයට සහා බටහිර රටවලට හදුනාගත නොහැකි ආකරයට ඇතුල් කරන්න. මේ වැඩසටහනෙදි තමයි මේ අයගෙ මනස ව්‍යාජ මතකයන්ගෙන් පුරවන්නෙ, හරියට එයාලා Bolshoi රංග ශාලාවෙ බැලේ නාට්‍යකට පුහුණු වුනා කියලා හිතන්න වගේ. ඔයාලට මතක ඇති End Game එකේ නටාෂා ලග බැලේ සපත්තු දෙකක් තිබුනා.

ඒ වගේඅ තමයි මෙතනදි මෙයාලව Dr. Lyudmila Kudrin ගෙ විශේෂ ප්‍රතිකාරයකට යොමු කරනවා. මේ හරහා තමයි මෙයාලට කාලයක් පුරාවට තමන්ගෙ තරුණ බව පවත්වාගන්නත්, හොඳ සෞඛ්‍ය සම්පන්න බවක් වගේම ශරීයට හොඳ නම්‍යශීලී බවක් වගේ විශේෂිත දේවල් ලැබෙන්නෙ. ඇත්තටම කිව්වොත් මේක හරියට කැප්ටන් රොජර්ස්ට දුන්න සුපර් සෝල්ජර් සිරම් එකේ තවත් වර්ෂන් එකක් වගේ.

Black Widow Code-Name

Jody Houser ගෙ “The Web of Black Widow #1” කලාපයට අනුව, රෙඩ් රූම් එකේදි “Black Widow” කියන නම යොදලා තියෙන්නෙ මේ ව්‍යාපෘතියට සම්බන්ධකරගන්න ගැහැනු ලමුන්ගෙ සිහින් සිරුරත් මිනිමැරීමට ඇති ඉහල හැකියාවත් නිසා. හරියට ” දරුණු මකුළුවෙක් මෙන් මාරාන්තික වීම, ඉතා පහසුවෙන් පලා යාම,” වගේ දේවල් හේතුකොටගෙන තමයි Black Widow යන කේත නාමය ලැබිලා තියෙන්නෙ. මොකද කියනවනම් “Black Widow” නමින් මකුළු විශේෂයක් ඉන්නවා විෂ සහිත. ඒ වගේම Black Widow ලෝගො එක වගේම රතු පැහැ සලකුණක් මේ මකුළු විශේෂයෙ පිටෙහි දකින්න ලැබෙනවා.

 


බ්ලැක් විඩෝගෙ ස්වරූපය 2008 ඉදන් මේ වෙනකල් වෙනස් වුන ආකරය බලාගන්න මම පහලින් රූපයක් එකතු කරන්නම්.

මේ ටික ලිව්වෙ මීට අවුරුද්දකට විතර කලින් තවත් මේකට කරුණු ඇඩ් කරන්න පුළුවන් වුනත් මේ මොහොතෙ ඉතා කාර්‍යබහුල නිසා මෙතනින් මේ ලිපිය නවත්තන්න වෙනවා. තව දේවල් ෆිල්ම් එක බලද්දි දැනගන්න ලැබෙයි. එහෙනම් හැමෝටම ජය වේවා කියනවා.

#HAIL MARVEL

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB / HD / Blu-Ray පිටපත් සඳහා වලංගු වේ.

51,306 downloadsDownload Black-Widow-2021-Blu-Ray.zip140 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

51,306 downloadsDownload Subtitles140 KB

118 comments

  1. Gihan

    සිංහල උපසිරැසියට ‌බොහෝම ස්තූතියි සහෝ .......
    ජය වෙිවා .....

  2. Anonymous

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...

  3. ආසිරි ප්‍රියන්ත (හේවා)

    සුපිරි ආ
    කාලෙකින සිට පැත්තේ ආවේ, මෙන්න බොලේ සුපිරියකින් 200 ත් ගහලා..
    උණුසුම් සුබ පැතුම් 200 ට. මෙන්න සබැ ගන්නවා.
    ජය වේවා!

  4. Nishan S. Ariyarathna

    Bro...

  5. Nishan S. Ariyarathna

    Thank you.....

  6. මයුර

    හම්මේ මං හිතුවේ මැරිච්චි තැන් වල ගසුත් පැල වෙලා කියලා.
    කොහොම හරි 200ට උණුසුම් සුබ පැතුම්.
    ඉදිරියටත් සබ් ගේන්න ලැබේවා කියලා පතනවා.
    අලුත් යුග ජීවිතේටත් සුබ පතනවා.

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    200 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
    ජය

  8. Pasindu Madumal

    අප්පා එනකම් හිටියේ,
    බැලුවම 200න්ම ගහලා නෙහ් බැලැක් විඩෝව,
    ඔන්න එහෙනම් 200 වෙනි උපසිරැසි ගැන්වුමට
    මගෙන් සුබ පැතුම් අහ් ❤️
    ඉස්සරහටත් ඔහොම්ම යමු ලහිරු සහෝ
    ඉදිරි වැඩ කටයුතුවලට ජය..!

  9. Priyan99

    Thanks bro sub ekata

    1. Ashan

      200 කඩයිමට සුබ පතනවා සහෝ..දිගටම යන් ඕම..ජය වේවා.. ලිපියට ස්තූතියි

  10. kushan

    sub akta thanks

  11. Anonymous

    congrts bro..jaya

  12. ram

    200ta supiryak bassala neh
    ela ela

  13. Danushka

    Thanks Saho, Well Done

  14. Shaggy

    Congratulations!!! Thank you very much

  15. Sanjeewa2010

    Congtzzzzzzzzz

  16. Bimbisha Adithya

    ගැම්මක් තමයි ඉතින්❣️

  17. Kasun

    ගොඩාක් ස්තූතියි මේ උපසිරැසියට. ඒ වගේම පැහැදිලි කිරීමත් නියමයි.

  18. Hasitha

    200 වන කඩයිමට උනුසුම් සුබපැතුම් සහෝ

  19. එල්. සී. ‎දමැල්

    200ට උණුසුම් සුභපැතුම් සහෝ.
    දිගටම උපසිරසකරණය කරගෙන යන්න හා අනිත් වැඩත් සාර්ථකව කරගන්න අවශ්‍ය කාලය සහ හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!
    ජය ✌

  20. tharanka

    thanks bro.. supiri

  21. Anonymous

    Thanks Bro

  22. නිමේෂ් කාවින්ද .

    අන්තර්ජාලයට හොද පිටපතක් නිකුත් වුණු සැණින් චිත්‍රපටයට අදාළ වන පරිදි වඩාත් ගුණාත්මක සිංහල උපසිරැසියක් ලබා දුන්නාට ලහිරු සහෝට මම හදවතින්ම ස්තූති කරමි !!!!

  23. Anonymous

    Congrats bokka❤️

  24. Anonymous

    Thanks

  25. prasanga

    thanks.....

  26. Suranjan

    Thanks jayawewa....!

  27. Anonymous

    Thank hodei

  28. Anonymous

    thanks for sub

  29. THISANGA

    Hail Marvel
    biscope eesub eka enakan hitiye
    biscope eke wage film eka gana විස්තරයක් anith sub dena site walin hamba une na
    eka hinda thamy mama biscope ekata amathi

  30. THISANGA

    sub 200 suba pahum

  31. Kavindu

    උනුසුම් සුබපැතුම් සහෝ 4වන කඩයිමට
    ඊලග කඩයිම් වලටත් ඉක්මනින් යමු

  32. Anonymous

    Congratulations bro

  33. Naveen

    සුබපැතුම් සහෝ
    උපසිරසියට තුති

  34. Anonymous

    සුභපැතුම් සහෝ
    ගොඩක් ස්තූතියි සබ් එකට
    Hail MCU

  35. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ සුබ පැතුම් 200වෙනි සබ් එකට ලිපියත් සුපිරි

  36. Sohan Jayasooriya

    ඔන්න එහෙනම් 200 වෙනි සබ් එකට මාත් හදවතින්ම සුබ පතනව අයියේ.. ආවා වගේම තව දිග ගමනක් යමු.. ඒකට ඕනි කරන කාලය, ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. සබ් එකටයි ,ලිපියටයි දෙකටම ගොඩක් ස්තූතියි හොඳේ.. ජය වේවා!

  37. Nilush Angana

    Sub ekata thanx

  38. Anonymous

    200ට සුබපැතුම් බන්
    වැඩේ දිගටම කරන් යමු

  39. Deshan

    200 වන උපසිරසියට සුබපැතුම් සහෝ
    ඊලග කඩයිම්වලටත් ඉක්මනින් යන්න ලැබෙන්න කියලා වගේම,
    ඔයාගේ ජිවිතේ ඉදිරි වැඩකටයුතුත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
    ජය වේවා!!!

  40. Rakitha Poornima Ranathunga

    Jaya wewa machn.. Digatama sub demu..
    Ikmanata 250th allamu..

  41. විමා

    සුභපැතුම් මචං!
    උඹ නැති අඩුව දැනෙනව ඉතිං..
    නොකරම නොයිද, හැකි හැකි අයුරින් ඉඳ හිට හෝ කරමු!
    ජය!

  42. Tharaka Dilshan

    niyamai ban thanks

  43. Kantha_DLA

    200 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  44. Udaya Fdo

    Thank you

  45. ANNONYMOUS

    plz give us subs for FEAR STREET Pt.1(2021) and FEAR STREET Pt.2(2021)

    1. Anonymous

      ow ..eka one

    2. Hashan

      Superb Work.Good Luck!

  46. Anonymous

    thank you very much bro

  47. Anonymous

    UHD ekak ma dagaththa

  48. bimsara

    UHD ekak ma dagaththa

  49. Anonymous

    Thanks Bro!!!

    1. indika75

      200 වන උපසිරැසියට උණුසුම් සුබපැතුම් !!!!!

  50. Neo

    Congrats brother
    Keep it up

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.