එහෙනම් ඔන්න අද දවසේ ඔයාලට මං අරන් එන දෙවෙනි චිත්‍රපටය තමයි මේ. අද දවසේ මුලින් දුන්න ෆිල්ම් එක ඇවිල්ල නම් ටික දවසක් උනා. හැබැයි මේක නම් ආවේ ඔන්න අද. චිත්‍රපටයේ තියන ජනප්‍රියත්වය එක්ක මේක කල් දාන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒක නිසා එක හුස්මට මේකත් කරලා දුන්නා නැත්නම් වැරදි සබ් බලලා ඔයාලා නොමග යන්න පු…

එහෙනම් ඔන්න අද දවසේ ඔයාලට මං අරන් එන දෙවෙනි චිත්‍රපටය තමයි මේ. අද දවසේ මුලින් දුන්න ෆිල්ම් එක ඇවිල්ල නම් ටික දවසක් උනා. හැබැයි මේක නම් ආවේ ඔන්න අද. චිත්‍රපටයේ තියන ජනප්‍රියත්වය එක්ක මේක කල් දාන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒක නිසා එක හුස්මට මේකත් කරලා දුන්නා නැත්නම් වැරදි සබ් බලලා ඔයාලා නොමග යන්න පුළුවන් නිසා.
Equalizer 3 චිත්‍රපටය ගැන ලිපිය ලියන කොට මතක් කරන්න ඕන දෙතුන් දෙනෙක් ඉන්නවා. මං මුලින්ම මතක් කරන්න ඕන ඇඩ්මින් හසන්ත අයියව. එයා මේ චිත්‍රපටයේ මුල් අයිතිකාරයා. ඒ වගේම මේකේ දෙවෙනි කොටස අරන් ආපු අචින්ත උදයංග මල්ලි වත් මතක් කරන්න ඕන. තුන් වෙනුව වගේම ගොඩක් ආදරෙන් මතක් කරන්න ඕන අනිත් කෙනා තමයි නිර්මාල් විමුක්ති මල්ලි. එයා Equalizer 3 කරන්න ආසාවෙන් හිටියේ. මගේ වැඩ එක්ක මම ගොඩක් හිර වෙලා හිටපු නිසා ඕන නම් උදව්වක් කරන්නම් කිව්වා. ඉතින් ඒ දුන්න සහයෝගය මං මතක් කරන්නම ඕන.
හරි එහෙනම් කතාව ගැන බොහොම කෙටි සටහනක් දෙන්නම්. කතාවේ හැටියට මැකෝල් (Denzel Washington) දකුණු ඉතාලියට එනවා සුපුරුදු විදිහට කෙනෙක්ව හොයාගෙන. ඒ වැඩේ ඉවරයක් කරලා යන්න හදනකොට වෙන වෙඩිතැබීමකින් වැඩේ පොඩ්ඩක් අවුල් වෙනවා. අන්තිමේදී මෙයාට ඉතාලියේ ජීවත් වෙන්න හිතනවා. ඔහොම ඉන්නකොට කලින් වගේම මේ නගරයේ ඉන්න මිනිස්සුන්ට වෙන අසාධාරණයට විරුද්ධව මෙයා සටන්කරනවා. ඉතින් මැකෝල් කෙනෙක්ව හොයාගෙන දකුණු ඉතාලියට ආපු කාරණාව මොකක්ද? එයාට මේ නගරයේ ඉන්න මිනිස්සුන්ට සාධාරණයක් කරන්න පුළුවන් වෙයිද? නැත්තන් එහෙම කරන්න ගිහින් මෙයාට ජීවිතයෙන් සමුගන්න වෙයිද? මේ හැමදේකටම උත්තර පැයකුත් විනාඩි 50 කට ආසන්න කාලයක් දිවෙන මේ කතාව බැලුවම ඔයාලට දැන ගන්න පුළුවන්.
ඉතින් කියන්න ඕන Equalizer 3 කියන්නේ මේ කතා මාලාවේ අන්තිම කොටසයි. ඒ කියන්නේ අපිට හතර වෙනි කොටසක් නම් ගොඩක් වෙලාවට බලන්න වෙන එකක් නැහැ. ඔයාලා මුල් කොටස් දෙක බලලා නැත්නම් ඒ දෙක බලලම මේක බලන්න. නැත්නම් ඉතින් කතා අතර ඇති ගැලපීම ඔයාලට මග ඇරෙයි.
Equalizer 3 හි රඟ දක්වන සෙසු ප්‍රධාන චරිත විදිහට එමා (Dakota Fanning), කියාරා (Sonia Ammar), අමීනා (Gaia Scodellaro) වැනි අය සඳහන් කරන්න පුළුවන්.
අද දවසේ මං ඔයාලා වෙනුවෙන් කරපු Gran Turismo (2023) චිත්‍රපටය වගේම මේ චිත්‍රපටයත් බෙදාහැරීම සිදු කරේ Sony Pictures Releasing සමාගම. චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරේ මුල් Equalizer චිත්‍රපට දෙකම අධ්‍යක්‍ෂණය කරපු Antoine Fuqua. ඒ වගේම මේකේ IMDb අගය 7.1 ක් වගේම Rotten Tomatoes අගය 75% ක් වෙනවා. ඉතින් මේ අගයන්ගෙන් ඔයාලට අදහසක් ගන්න පුළුවන් චිත්‍රපටයේ ගුණාත්මකභාවය ගැන. චිත්‍රපටය මුල් වරට එළි දක්වලා තියෙන්නේ මගේ උපන්දිනය දවසේ, ඒ කියන්නේ අගෝස්තු 30. ඇමරිකානු ඩොලර් මිලියන 70ක් වියදම් කරලා හදපු මේ නිර්මාණය මේ වෙනකොට ඇමරිකානු ඩොලර් මිලියන 158කට අධික අදායමක් උපයලා තියනවා. සරලවම කියනවා නම් ඉතින් මේක බොක්ස් ඔෆිස් හිට් එකක්.
එහෙනම් මේ ක්‍රියාදාම චිත්‍රපටය බලන්න කියලා ආරාධනා කරන ගමන් මම සමු ගන්නවා. හැමෝටම ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
31,696 downloadsDownload Equalizer-3-Sinhala-Subtitles.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිකර විදානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-02-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමිකර විදානගේ
Subtitles
- #2023
- #Antoine Fuqua
- #Denzel Washington
- #Denzel Washington Dakota Fanning Eugenio Mastrandrea
- #Editor's Pick
- #MaxxA
- #Michael Sloan
- #Must Watch
- #Offbeat
- #Richard Lindheim
- #Richard Wenk
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #The Equalizer 3
- #The Equalizer 3 (2023) Sinhala Sub
- #The Equalizer 3 Sinhala Sub
- #The Equalizer 3 Sinhala Subtitles
- #You Decide
- #උපසිරැසි
- #චාමිකර විදානගේ
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
24 comments
Anonymous
indika
thanks
Hasitha
Thanks
Asanga kb
hammeee supirii..
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි චාමි ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Buddhika Lakmal
Nice work machoooooooooooo
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥විමා
උපසිරසියට බොහොම ස්තුතියි!
lakshan
thanks ..................................
Anonymous
Thank you sub 1kta. Jaya wewa...!!
Malith samarawickrama
Thanks sub ekata
Roshan
Thnx bro ... Gr8 job ... Good luck...
Anonymous
Thanks bro...
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Nishan
Thanx bro
Dewadithya
Thanks for Sub!
Anonymous
Thanks Brother
Bhanuka Jayarathna
Thnks
baiscopelk ishu
Sub ekata THX saho
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Ishan Madusha
බෝහෝම ස්තූතියි...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nilanka1212
thanks....
Lahiru Lakshan
thanks machn...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Equalizer 3 (2023) Sinhala Subtitles | ආක්‍රමණයේ තෙවෙනි දිගහැරුම [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/10/Equalizer-3-2023.jpg)

Nice work bro... good luck.. keep up good works..