The Nun II (2023) Sinhala Subtitles කොහොමද කට්ටිය මාව මතකද දන්නෙත් නෑ දැන්නම්. අවුරුදු එක හමාරකට විතර පස්සේ ආපහු සුපුරුදු සබ්ජෙට් එකේ උපසිරැසියක් අරගෙන ආව එහෙනම්. කට්ටියම ආසාවෙන් බලාගෙන හිටියන චිත්‍රපටයක් තමා The Nun II කියන්නේ. අමුතුවෙන් කියන්න ඕනී නෑනේ ඒ ගැන.ඉතින් එහෙනම් කතාව පැත්තට යමු.. Conjuri…

The Nun II (2023) Sinhala Subtitles
කොහොමද කට්ටිය මාව මතකද දන්නෙත් නෑ දැන්නම්. අවුරුදු එක හමාරකට විතර පස්සේ ආපහු සුපුරුදු සබ්ජෙට් එකේ උපසිරැසියක් අරගෙන ආව එහෙනම්. කට්ටියම ආසාවෙන් බලාගෙන හිටියන චිත්‍රපටයක් තමා The Nun II කියන්නේ. අමුතුවෙන් කියන්න ඕනී නෑනේ ඒ ගැන.ඉතින් එහෙනම් කතාව පැත්තට යමු..
Conjuring Universe එකේ ඉන්න ප්‍රභලම යක්ෂයෙක් තමා වැලක් කියන්නේ. වැලක්ව අපිට මුලින්ම දකින්ම ලැබෙන්නේ The Conjuring 2 චිත්‍රපටයෙන්. ඉතින් එහිදී රසිකයන්ට මේ යක්ෂයා ගැන ලොකු කුතුහලයක් ඇතිවෙන්න ගන්නවා. ගොඩක් අය මේ යක්ෂයා ගැන හොයන්න ගන්නවා. විචාර ලියවෙන්න ගන්නවා. ඒත් එක්කම තමා රසිකයන් අන්ද මන්ද කරමින් The Nun චිත්‍රපටය 2018 වසරෙදි කරලියට එන්නේ. ඉතින් මේක The Conjuring ඉතිහාසයම කනපිට ගහමින් එතෙක් මෙතෙක් ඉතිහාසයේ The Conjuring Universe එකේ ආපු චිත්‍රපටයක් ලබාගත්ත වැඩිම ආදායම තමන් සතුකරගන්නවා.
ඒත් සමගම නිෂ්පාදකයන් තීරණය කරනවා The Nun චිත්‍රපටයේ දෙවැන්නකුත් කරලියට ගෙන එන්න. ඒ විදිහට තමා The Nun II (2023) චිත්‍රපටය 2023.09.08 දින ලොව පුරා තිරගතවිම ආරම්භ කරන්නේ.. ඉතින් කාල රාමුවට අනුව බලනවා නම් මේක The Conjuring Universe එකේ තුන් වෙනි චිත්‍රපටය තමා The Nun II මොකද මේකේ ගලාගෙන යන්නේ 1956 කතාවක්. කවුරු හරි තමව මේ ෆිල්ම් සීරීස් එක බැලුවේ නැත්තම් ටයිම්ලයින් එකට අනුව බලන්න. ටයිම් ලයින් එක පහලින් දාන්නම්.

හරි එහෙනම් අපි කතාව පැත්තට යමු..
The Nun පළවෙනි චිත්‍රපටය කට්ටියටම මතක ඇතිනේ. රුමේනියාවේ සෙන්ට් කාර්ටා කියන පැරණි දේවස්තානයේ එක පාරටම අභිරහස් සිදුවීම් පෙලක් සිද්ද වෙන්න ගන්නවා. ඉතින් දේව සභාවෙන් මේ ගැන හොයන්න කන්‍යා සොහොයුරියකුයි, පිය තුමෙකුයි යවනවා. ඉතින් මොරිස් කියන කඩවසම් තරුණ හාදයෙක් තමා මේ දෙන්නගේ මග පෙන්වන්නා වුනේ මොරිස් කියන තරුණ හාදයා. ඉතින් අන්තිමට මේ තුන්දෙනා හොයාගන්නවා මේ යක්ෂයා කවුද කොහෙන්ද ආවේ කියලා. අන්තිමට සිස්ටර් අයිරින් සමත් වෙනවා යක්ෂයාව පරාජය කරලා නිරයට යවන්න. එතනින් තමා The nun චිත්‍රපටය ඉවර වෙන්නේ. චිත්‍රපටයේ අවසානෙදි අපිට පෙන්නවා අයිරින් බේර ගන්න ආව මොරිස්ගේ ඇගට යක්සයා ඇතුල් වෙනවා වගේ සිදුවීමක්.
ඉතින් The Nun II චිත්‍රපටය පටන් ගන්න සෙන්ට් කාර්ටා වල ඒ සිදුවීම වෙලා වසර හතරක් ගියාට පස්සේ. රුමේනියාවෙව් ඒ සිදුවුන සිදුවීම උණු කැවුම් වගේ මුලු යුරෝපය පුරාම පැතිරෙන්න ගන්නවා. ගොඩක් දේවස්තාන වල, කන්‍යාරාම වල අයිරින්ගේ ඒ වීර ක්‍රියාව කතා කරනවා. ඔය අතර අයිරින් කාටත් රහසේම ප්‍රංශයට එනවා. අවුරුදු හතරකට පස්සේ එක පාරටම ප්‍රංශයේ පල්ලියක් අතුලේ පූජකයෙක් අත්භූත විදිහට පිච්චිලා මැරිලා කියලා රාවයක් පැතිරෙන්න ගන්නවා. ඒත් එක්කම දේව සභාවෙන් අයිරින්ව හොයාගෙන එනවා මේ සිදුවීම විමර්ෂනය කරන්න බාර දෙන්න.
මොකද පසුගිය වසර හතර මුලුලේම අභිරහස් සිදුවීම් දාමයක් සිදුවී තිබෙනවා. මේ සිදුවීම සහ ඒ සිදුවීම් වල රටාවක් පවතින බව අයිරින්ට තේරුම් යනවා.. මුලදි අකමැති වුනත් ඒ හේතුව නිසා අයිරින් අන්තිමට ඒක විමර්ෂනය කරන්න කැමති වෙනවා. අයිරින් තනියම කෝච්චියේ අදාල සිදුවීම වුන පල්ලිය හොයන් යන්න පිටත් වෙනවා. ඉතින් අයිරින් එක්ක තව කවුද මේ ගමන යන්නේ.. යක්ෂයා කොහොමද එළියට ඇවිත් තියෙන්නේ. යුරෝපය පුරාම ඒ ආත්මය මොකක්ද හොයන්නේ. අන්තිමට අයිරින්ට මොකද වෙන්නේ.. මේ දේවල් වලට උත්තර හොයන්න නම් චිත්‍රපටිය බලන්නම වෙනවා. එහෙනම් හැමෝටම මේ චිත්‍රපටය හොදින් රසවිදින්න ලැබේවා කියන ගමන් මම යනවා.. බුදු සරණයි.
“විශ්වාසය අපේ හිතේ තියනවනම්
අපි හිතනදේ විශ්වාස කරනවා නම්
ඒක ඒකාන්තයෙන්ම සැබෑවක් බවට පත්වෙනවා.”
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
54,329 downloadsDownload The-Nun-II-2023.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
The Nun II (2023) Sinhala Subtitles, The Nun II, The Nun II Sinhala Subtitles, The Nun
Subtitles by
දිල්ෂාන් සචින්ත
Subtitles
- #Anna Popplewell
- #Bonnie Aarons
- #Box Office Hits
- #Jonas Bloquet
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Storm Reid
- #Sub
- #Subs
- #Taissa Farmiga
- #The Conjuring
- #The Nun
- #The Nun 2 (2023) Sinhala Subtitles
- #The Nun II (2023)
- #The Nun II (2023) Sinhala Subtitles
- #The Nun II Sinhala Subtitles
- #Vera Farmiga
- #You Decide
- #දිල්ෂාන් සචින්ත
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
31 comments
Bimsara Yashan(ඔලිව)
Tharu
Thank u...
Naveen Mbr
බොහොම ස්තූතියි සහෝදරයා! එනකල් බලාගෙන හිටිය සබ් එකක්. ජයෙන් ජයම වේවා!
Ravindra
Thanks sub ekta
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි සචී ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!request:
The Retirement Plan (2023)
No One Will Save You (2023)Buddhika Lakmal
අම්මෝ.. ආසාවෙන් බලන්න හිටපු එකක් සහෝ...
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Suddda
Thank you
Gihan
Thanks For Subtitle.....Good Luck
Malith samarawickrama
Enakal balan idapu film ekak Thanks saho sub ekata.
Amila sudarshana
Ai meke fill ekak download wenne
Hiran Ganepalla
zip ෆයිල් එක extract කරගන්න සහෝ. එතකොට උපසිරසිය එනවා.
Anonymous
thanks brother
Anonymous
Warrior season 3 ekata subtitles denna puluwn da
Roshan
Tnx bro ... Gr8 job ... Good luck...
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Dunith
Lucky Man 2023 movie ekata sub eka denna puluwanda
Dewadithya
Thanks for Sub!
lakshan
thanks .............
Sahan Gayantha
thanks a lot Dilshan saho sub ekata
Anonymous
Baiscope lk whatsapp group nadda
Ashmal
Conjuring Universe eke hama movie ekak ma baiscope eke daala da thiyenne??
විමා
ow
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Manushitha kushan
Very nice
Nishan
Thanx bro
Logan
Machan Meka Bluray Update karanne Nadda?
Ishan Madusha
බොහෝම ස්තූතියි...
nuwan
mm nam kiyanne nun film aka balanna one apu aurudda anuwa nattan kisima gathiyak na.
ලක්ෂිත දිමුත්
මේ කරන වැඩේට බොහොම ස්තුති.. subtititle නැත්තං මේ හැම එකක්ම බලලා හමාරයි.. සුපිරිම වැඩක් තමා කොම්ලෝ.... බොකෙන්ම ආදරෙයි ආ..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Sub වැඩ කරන්නෙ නෑනෙ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Nun II (2023) Sinhala Subtitles | රුධිරය මතින් නැවතත් දඩබිමට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/10/The-Nun-III-2023.jpg)

සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. සබ් එක දෙනකල්මයි හිටියෙ අද රෑම බලන්න. ජයවේවා!