හැමෝටම තෙරුවන් සරණයි! ජය වේවා! කියනව උදෙන්ම, ඉතින් කොහොම හරි කොහොම හරි අවුරුදුත් ඉවර වුනා, හැමෝම ලස්සනට අවුරුදු සමරන්න ඇති කියලත් හිතනව, ඒ වගේම කණගාටුවෙන් වුනත් කියන්න වෙනවා පත්තර වලනම් තිබුනේ අනතුරු එමටයි කියල, කොහොම වුනත් ඉතින් සමහර වෙලාවට විනෝදය වැඩි වුනාමත් එහෙම දේවල් වෙන්න පුළුවන්, එයාලට ඉක්මන…

හැමෝටම තෙරුවන් සරණයි! ජය වේවා! කියනව උදෙන්ම, ඉතින් කොහොම හරි කොහොම හරි අවුරුදුත් ඉවර වුනා, හැමෝම ලස්සනට අවුරුදු සමරන්න ඇති කියලත් හිතනව, ඒ වගේම කණගාටුවෙන් වුනත් කියන්න වෙනවා පත්තර වලනම් තිබුනේ අනතුරු එමටයි කියල, කොහොම වුනත් ඉතින් සමහර වෙලාවට විනෝදය වැඩි වුනාමත් එහෙම දේවල් වෙන්න පුළුවන්, එයාලට ඉක්මනට සනීප වෙන්න කියල අපි හිතමු.
කොහොම හරි ඉතින් ටික දවසකට පස්සෙ හොයා ගත්ත ටිකක් බය හිතෙන ෆිල්ම් එකක්, ටිකක් කිවුවට අනේ මන්ද, රෑට නම් මේ සබ් එක මට හදන්න හිතුනෙම නෑ, ඉතින් හිතා ගන්නකො, කොහොම වුනත් මේ ෆිල්ම් එක සෑහෙන පරණ ෆිල්ම් එකක්, ඔයාල සමහර විට බලලත් ඇති, ෆිල්ම් එක එක නිදහස් වෙලා තියෙන්නෙ 1981 ඔක්තෝබර් මාසෙ 15 වෙනිද, ෆිල්ම් එකේ IMDB අගය 7.6 ක ඉහළ අගයක් තමයි සටහන් වෙන්නෙ, ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය තමයි Bruce Campbell, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Sam Raimi කියල කෙනෙක්, සබ් එකේ අවුලක් තිබුනොත් එකෙන්ම සමාව ඉල්ලා සිටිමි.
ෆිල්ම් එක ගැන මේ විදිහට කියන්නම්, ඉතින් මේ Bruce අයියට ෆිල්ම් එකේ හැටියට කියන්නෙ ‘ඈෂ්’ කියල, එයා යාලුවො සෙට් එකක් එක්ක යනව, නගරයේ ඉඳල කිලෝ මීටර ගාණක් ඈතින් තියෙන කැලෑවකට, මෙයාල යන්නෙ පුංචි සංචාරයක් දාල එන්න, මේ කැලෑව ඇතුළෙ තියෙනව පුංචි නිවසක්, එහෙ තමයි මේ කට්ටිය රාත්‍රිය ගත කරන්නෙ, මෙයාල ඔහොම ඉද්දි මෙයාලට හම්බ වෙනව මේ නිවස ඇතුළෙ තිබිල ටේප් රෙකෝඩයක් සහ පෞරාණික ග්‍රන්ථයක්, කෙනෙක් ඒ ටේප් රෙකෝඩරයට පටිගත කරල තියෙනව ග්‍රන්ථය ගැන පුංචි විස්තරයක්, එයා කියනව ඒ ග්‍රන්ථයේ තියෙන මන්තරයක් හඬනගා කිවුවොත්, අමනුෂ්‍යන් කැඳවීමක් සිද්ධ වෙනව කියල, ඉතින් මේ Bruce අයිය එක්ක ඉන්න යාලුවෙක් මේක විස්වාස කරන්නෙ නෑ, එයා ඒක දිගටම අහනව, ෆිල්ම් එකේ හැටියට ඇත්තටම වෙන්නෙ අමනුෂ්‍යන් කැඳවීමක් තමයි, ඒක ඇත්ත කියල මෙයාලට තේරෙන්නෙ මෙයාලත් එක්ක ඉන්න කට්ටිය එක එක්කෙනා ගානෙ අමනුෂ්‍යන්ට බිලි වෙද්දි, ඉතින් මේ Bruce අයියගෙ යාලුවො අමනුෂ්‍යන්ට බිලි වුනාට පස්සෙ මෙයා විතරක් කැලෑව මැද්දෙ පුංචි ගෙදර තනි වෙනව, එයා මේ අමනුෂ්‍යන්ට මොකක්ද කරන්නෙ කියල අපි බලමු, නවතින්න කලින් මතක් කරන්නම වෙනව, මගෙ සහෝදරයො යාලුවො හැමෝම, එහෙනම් සියලුම දෙනාට බුදු සරණයි! ජය වේවා! සියලුම දෙනාට නිරෝගි බව අනිවාම ලැබේවා!
700 MB (BluRay) කොපිය මෙතනින් ගන්න
099B55D73E74C001CD7854A8D06E70CF6AAE36681.3 GB (BluRay) කොපිය මෙතනින් ගන්න
2296295180956FF54A86D53F9DE8D062ACC0210A Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
969 downloadsDownload The-Evil-Dead-1981.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/DinushaR.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනූෂ රුක්ෂාන්
Subtitles
20 comments
Amila Mudalige
Tharaka
ඕන් මාත් බාගත්තා. සබ් වලට බොහෝ ස්තූතියි සහෝ!
ඔයාටත් නිරෝගී බව මෙන්ම දීර්ඝායුෂත් අනිවාර්යෙන්ම ලැබේවා!
බුදු සරණයි!
ජයෙන් ජයම වේවා!Isuru
Thanks for sub puluwanam The Boy film eka denna
හිරු පැංචා
දියන්කෝ පුලුවන්නම් Brucelee The Fighter (ram charan)
ඒ වගේ අලුත් Film... හොද Copy ඇවිල්ලත් තියෙනවා... SUBTITLE එනකම් තමා බලාගෙන ඉන්නේ මේ... මේවනම් බලලා තියෙනවා ගොඩක් වාර ගනම්...Withanage Priyantha Dayakeerthi
හොඳ ප්‍රසිද්ධ පැරණි ෆිල්ම් එකක්, ඒ නිසා බලන්නම ඕන. සබ එකට අවන්කවම ස්තුතිවන්තවෙමි!
kavinda
අයියේ මේක පුංචි කලේ මම ගොඩක් අසාවෙන් බලපු කථාවක් .
කරන වැඩේ..ජය
සුපිරියි සුභපැතුම්.
ඉන්න තැනක් කියන්න ඇවිල්ලා ඔයාව බදාගෙන උම්මා දෙන්න හිතනෙවා කරලා තියෙන දෙයට.
නියමයි.. දැන් SLT Off peak වැඩි කරලා නිසා දෙයියනේ කියලා පිලුම් ටිකක් බලතෑකි… ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.අරමුණ කරා නොසැලී… යමු
උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ඒවා වලට උපසිරැසි දෙන්න.
දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ.අනේ මේ වගේම Daredevil Movie 1o80p එකට සිංහල Sub දෙන්නකෝ.
බුදු සරණයි! දෙවි පිහිටයි!
Randhu Heshan
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට..
ඒ කාලෙ බලපු සුපිරි ෆිලුමක්..
මේකෙ චිත්‍රපටි තුනක් තියෙනවා..
තුන්වෙනි එක Army of Darkness..
ඒක නම් කොමඩි පැත්තට බර කරල හදල තිබුනෙ මගේ මතකෙ හැටියට.. :Dරොයිලි
බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thisara Neo
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Shamal manojan
සබ් ඒකට ගොඩක් ස්තූතියි!
ඉතිරි ෆිල්ම් 2 ටත් සබ් කරන්න. Please.Evil Dead II - 1987
Evil Dead 3 - Army of Darkness - 1992kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!—–baiscopelk.වෙබි අඩවියේ—
—-Admin සොහොයුරන් වෙත—-
අවශ්‍ය උප සිරසි ඉල්ලීම සඳහා
වෙනම පිටුවක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.
……………….ස්තූතියි……………………Kulanjana Maduranga
niayamai…thanks DINUSHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Asitha
Ela....thanks
Amalka Himeshan
Thanks
Hashan M. Priyadarshana
Thank you bro sub ekata..
Jaya wewa!Lakshansilva18
Thanks
Dewadithya
Thanks for sub!
Anonymous
THANKS
Sandun Fernando
මේකෙ සිංහල පරිවර්ථන පට්ට වැරදි. කවුරු උනත් සබ් කලේ නොදන්නවා නම් එක්කො නොකර පාඩුවෙ ඉන්න ඕනේ.ඇඩ්මින්ලා සබ් චෙක් කරන්න මේවගෙ.කතාවට සම්පූර්න හානියක් මේ කරලා තියෙන්නෙ සිංහල දානවා කියලා
Supun
ගොඩක් වටිනවා මෙි විදිහට සබි දෙන එක ♥️♥️♥️♥️♥️♥️ ඔයාලට ස්තුතියි
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks saho sub ekata