ඔන්න කට්ටියම බලාගෙන ඉඳපු, සෑහෙන කාලෙක ඉඳලා චිත්‍රපටි වල වීර චරිත වගේම වෙලාවක දුෂ්ඨ චරිත රඟපාපු කට්ටිය එකම චිත්‍රපටියක දකින්න ලැබෙන චිත්‍රපටිය අරගෙන ආවා. මේකේ පළවෙනි එක නම් බලන්න ඇතිනේ. කට්ටියම එකම තැනක දකින්න ලැබෙන එකත් සෑහෙන දුර්ලභ අවස්ථාවක් නොවැ.ලෙහෙසි පහසු වැඩ කරන සෙට් එකක් නෙමේනේ මේ අය. වෙන කාට…

ඔන්න කට්ටියම බලාගෙන ඉඳපු, සෑහෙන කාලෙක ඉඳලා චිත්‍රපටි වල වීර චරිත වගේම වෙලාවක දුෂ්ඨ චරිත රඟපාපු කට්ටිය එකම චිත්‍රපටියක දකින්න ලැබෙන චිත්‍රපටිය අරගෙන ආවා. මේකේ පළවෙනි එක නම් බලන්න ඇතිනේ. කට්ටියම එකම තැනක දකින්න ලැබෙන එකත් සෑහෙන දුර්ලභ අවස්ථාවක් නොවැ.ලෙහෙසි පහසු වැඩ කරන සෙට් එකක් නෙමේනේ මේ අය. වෙන කාටවත් බැරි තාලෙ වැඩ කරන එක තමයි මේ සෙට් එකේ විශේෂත්වය. ඒක ඉතිං අමුතුවෙන් පහදන්න දෙයක් නෑනෙ පළවෙනි ෆිල්ම් එක බලපු අය ඒ විත්තිය දන්නවා.
මේ අවස්ථාවෙන් බානි රොස් ප්‍රමුඛ මේ සුපිරි සෙට් එකට භාර වෙන්නෙ එසේ මෙසේ වැඩක් නෙමෙයි. ඒ තමා… හෝව් හෝව් කිව්වොත් ඇති වැඩක් නෑනෙ ඉතිං. ඊටත් මෙච්චරත් මහන්සි වෙලා සිංහලත් හදල දෙද්දි ආයි කටේ කෙළ පොදක් තරම් හැලුවොත් ඒකට මහන්සි වුණාටත් පාඩුයි. කොහොමින් හරි ගිය පාර වගේම චර්ච් මහත්මයා අර මෙයාලට වැඩ පවරන CIA නියෝජිතයා මේ පාරත් සෑහෙන අමාරු බෙල්ල ගහල යන වැඩක් අරගෙන තමා එන්නෙ හම්බෙන්න. ඉතිං අපේ මේ සෙට් එකට ඕවත් වැඩද හැබෑට. ඒ වුණාට මේ පාර මේ කට්ටියවත් නොහිතපු විදිහේ කවදාවත් නොවුණු වැඩක් වෙනවා. මේ අය යන මේ වැඩේදි මේ අයගෙන් එක්කෙනෙක්… ඔහ්… ආයිම කියාගෙන යනවා නේද? බෑ බෑ මේක හරියන්නෙ නෑ. ඒව කියල කොහොමද?
එහෙමනම් චිත්‍රපටියෙ වග පැත්තක තියල මම නළුවන්ගෙ වග විත්ති කියන්නම්. නැතිනම් පළමු එකේ හිටිය පිරිස ඒ විදිහටම ඉන්නවා කියල කිව්වත් ඇති මයෙ හිතේ. ඒ පිරිසට අමතරව තව කිහිප දෙනෙකුත් ඉන්නවා අලුතින් එකතු වුණ. කමක් නෑ කට්ටිය මතක් කරලම ඉන්නම්කො Sylvester Stallone, Jason Stathom, Jet Li, Chuck Norris, Arnold Schwarzenegger, Bruce Willis, Terri Crews, Randy Couture, Jean-Claude Van Damme, Dolph Lundgren, Liam Hemsworth, Scott Adkins, Nan Yu, Amanda Ooms, Charismaa Carpenter කියන පිරිස තමා මෙහි රංගනයෙන් දායක වෙලා තියෙන්නේ.අධ්‍යක්ෂණය Simon West. ගිය වර චිත්‍රපටයට වඩා මෙවර චිත්‍රපටය IMDbහි ඉහළ අගයක් වාර්තා කරනවා. ගියවර අධ්‍යක්ෂකවරයා වුණේ Sylvester Stallone නෙ මෙවර එය වෙනස් වෙලා.
ඉතිං ඔබ මේ පිරිස කොතෙකුත් විවිධ චිත්‍රපට වලින් දැකලා ඇති. හැබැයි කට්ටියම එකක දැකල තියෙනවානම් ඒ මෙහි පළමු කොටසින් පමණයි. නිකමට හිතුණාද මේ වගේ සෙට් එකක් එක චිත්‍රපටයකට එක්කාසු කරගන්න එකම කොච්චර අමාරු වෙන්ඩ ඇද්ද කියන එක. හෙහ් ලේසි නෑ වැඩේ නේද? එහෙමනම් දෙවන වරටත් ඒ සුපිරි සෙට් එක බලාගන්න හැකි එකම චිත්‍රපටය අපි මෙදා පාර අරගෙන ආවා සිංහලෙන්. මේ සිංහල උපසිරැසිය අපි නිකුත් කරන්නේ ප්‍රථමයෙන් නිකුත් වූ R5 පිටපතකට. එහෙම වුණත් මෙය ඉතා උසස් තත්ත්වයේ පිටපතක් බව අපි සනාථ කරනවා (V-8/ A-8). කිසිදු සැකයක් ඒ ගැන තබාගන්නට අවශ්‍ය නෑ. නැතත් කොහොමත් වෙනත් පිටපත් නිකුත් වූ වහාම ඒවාටත් උපසිරැසි යාවත්කාලීන කරන බව ඔබ හොඳින්ම දන්නවා.
එහෙමනම් නිකුත් වූ සැණින් ඔබ වෙනුවෙන් කාලය වේලාව ගැනවත් නොතකා මේ උපසිරැසිය තෑගි කරන්නට ගන්නා මහන්සියට ඔවුනට හිමි නිසි අගයත් ගෞරවයත් හිමිකරදෙන්නට ඔබ පසුබට නොවන වගත් අපි දන්නවා. මෙහි තෙවන චිත්‍රපටයක් නිකුත් වනු ඇතැයි අප පමණක් නොවෙයි මුළු ලොවක් බලා සිටිනවා. එහෙමනම් එය සැබෑවක් වුවහොත් ඒ සමගින් නැවත හමුවෙමු…..

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි R5 / BR පිටපත් සඳහා අදාළ වේ.
20,360 downloadsDownload The.Expendables.2.2012.SinhalaSubs.Baiscopelk1.zip105 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/chamidu-dana.jpgමේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක ලක්මාල් | ධනා“ සොහොයුරාට හා “චමිඳු සඳකැලුම්(චමියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
189 comments
amilatk
දේශ්
අෆ්ෆා පට්ට පට පට...
HIMESH
පට්ටනේ මෙන්න මේකට sub දීල. ජයවේවා
mihin ලංකා
පට්ට මේක මං උදේ බෑවා පට්ට කොලිටි ඩි වී ඩි රිප් වගේම තමා ...ජය
dj
ලොවෙත් නැත පට්ටය මේක අවුලක් නෑ හොද රිප් එකක්,,මේක බලනවා හෙට උදේම නියමයි බයිස්කෝප් සුපිරි
quik
THXXXX MAXXA MAXXA
vidush
ela ela mama ada 4 weniya...... ape shahola dennata suba pethum me film eka dunnata jaya wewa....
lasidu
මෙන්න සබ් දීලා මැක්සා............ලොවෙත් නෑ
wall e
සුපිරි මචං බයිස්කෝප් එක නම් පට්ටම තමා මේක අදම බලන්න ඕනේ,,කොච්චර රෑ උනත් අවුලක් නෑ...
rusuru | රුසිරු
ජය වේවා මරේ මරු මේක සුපිරි....
ganidu
ඔන්න මේක නම් පට්ට මේකේ මචං රිප් එක හොදයි කිසි අවුලක් නෑ සේරම මැක්සා සබ් ඉක්මනට දුන්න එකට බොහොම පින් ලැබේවා
සිංහලයා
අඩේ මේක දීලා නේ බයිස්කෝප් එක පට්ට පට්ට පට්ට
Rosa90
Thanks
එරංග
මේක සුපිරි ෆිල්ම් එකක් මම එනකම්ම බලාගෙන උන්නේ ඉක්මනටම බලනවා මේක
kalinga
ඇත්තටම මේක නම් දෙනකම් උන්නේ...නියමම ෆිල්ම් එකක් මේක..මේකේ අපි එතෙක් මෙතෙක් බලපු සේරම ෆිල්ම්ස් වල සුපිරි වීරයෝ..සහ දුෂ්ටයෝ එකම තැනක..
ජය වේවා බයිස්කෝප් අපේ කොල්ලෝ දෙන්නටත් ජයම වේවා :)
quik
MAXXXAAAAAA THXXXXXXX
ashan
niyamai bn elazzzzzzzzzzz
vee
සුපිරි ෆිල්ම්ස් නේ :) මේක නම් අද හෙටම බලන්න ඕනේ ජයම වේවා ධනා සහෝටයි චමියා කොල්ලටත්
naleen
ela ela thx wewa
akila
අඩේ මේක පට්ට මම 400 කොපිය දැන් මිඩියා ෆයර් ගත්ත විතරයි..කාටත් කියන්නේ මේ කොපිය නියමයි කිසිම අවුලක් නෑ බ්ලුරේ එක බලන කට්ටියට ඇරෙන්න අනිත් කට්ටියට නියමෙට ගැලපෙනවා..
ඉක්මනට සබ් දුන්න එකට දහස් වරක් තුති
දනුක
මැක්සා සහෝලා මේක නම් සුපිරි
elakiri
එල එල එලම කිරි වේවා එස් එම් එස් එක දැක්ක ගමන දුවගෙන ආවේ ...සන්තෝසේ බැරුවා..දැන් බලන්න විදියක් නෑ ..දැන් බාන්න දාලා හෙට උදේම බලනවා..බයිස්කෝප් අපේ සෙට් එකටම ජය වේවා
Manula Nayanatharu
මෙන්න සුපිරි වෑඩක්.........
බොහොම ස්තුතිය් සහො.....
ජය වේවා........!
pubudu
niyamai sahola meyeke video aka hoda qulity mamath + rec karanawa.dvd rip ganatama qulity .sub aka ikmnata dunna akata thxxx
Isuru
cool :) :D jaya hooooooo :)
venu
supiri tx
wataraka
sub dunna sahola dennatama bohoma pin meyka dunna akanama niyamai..
dilan
පට්ට පහරක්..මේක නම් බලනවා සේරම පැත්තකට දාලා..තුති
janaka
බලන්න ඕනේ අපි නම් දැන්ම බලනවා ..හුහ් බොරු දැන් බලන්න ෆිල්ම් එක ලග නෑ නේ..අනිවා ඊගාව පැය 24 ඇතුලත බලනවා...
fad
:) :D
sidath
නියමයි නියමයි :) මමත් ගත්තා...
madu rockz
මේක එනකම් බලාන හිටියා මරු ඈ... එලz
දුමිඳු
ස්තුතියි...
එළ ෆිල්ම් එකක්... :)zumo man
පට්ට ෆිල්ම් එකක් ඉක්මනටම සබ් එක්ක දුන්න එකට බයිස්ක්කොප් එකට ජය වේවා
sadun
Thanks SO much :)
kamal
me film 1 mata post wune danui a tikata commen pirila
kamak na thanks machanla man maga balana hitiye me film 1 anakan balala misak nida ganne naa thanksyasomal
thx kollane wadey pattaaa
lasanatha!!!!!!
meyke video audio 2 kama hodatama thiyenawa.kisi awulak na.sub akata suba pathum!
ගයාන්
ජය වේවා
h[A]s
අනිවා මේක නම් නියමම ෆිල්ම් එකක්,,
Pushpe
ela kiri bro 2 nattama thankoooo
Manju
මැක්සා…………ලොවෙත් නෑ
selvaraj
elakiri lokka gindara niyamai yamu yamu ...
tharanga
Pattai baiscope aka nam.subs dunna kollanata jayama wewa
පොතේ ගුරා
පෝස්ට් එක දැක්ක ගමන් බෑව,R5 කොපියක් උනාට DVDrip එකක් ගානටම පැහැදිලිව තියෙනව..බොහොම ස්තූතියි සබ් දාපු සහෝල දෙන්නටම.. :)
charunf
මමත් බාන්න දැම්මා. 400 තමයි දැම්මේ බලලම විස්තර කියන්නම්කෝ.. Thanx...
uda
ගුරාට තාම සයිට් එක මතකයි වගේ නේ? කමෙන්ට් එකක් දැකපු කාලයක්! :P හෙහ්
නියමයි සහෝලා, අනර්ග වැඩක්! නිකුත් වූ ගමන් දුන්න නේද?
මම හිතන්නේ මේකට තව හරියාකාර ඉංග්‍රිසි උපසිරැසියක්වත් ඇවිත් නෑ, නේද?
මා මතක හැටියට තිබුණෙනම් නෑ එකක්වත්. දැන්නම් ඇවිත් ඇති බාගවිට අපේ කොල්ලො හදපු එක ඉංග්‍රිසියට හැරෙව්වානම් කවුරුමහරි. හෙහ් :Dඑළම වැඩක්! තව තව මෙහෙව් දේ කරන්න වාසනාව, ශක්තිය ලැබේවා...
අනිත් අයට සතුට ගේන්න ඔයාලට තව දිරිය විරිය වැඩේවා...
අදමනම් ගන්න වෙන්නෙ නෑ. අද ඉඩවාඩයක් නෑ. නමුත් ආපු හැටියෙ ගන්නවා.
එක්කො දාලම යනවද?
දාලා යනවා ඔන්න ඔහේ; නෙහ්? ;)
ජය!charunf
ඔන්න මම බාල ඉවරයි. 400 බෑවේ කොලිටි එක මරු. DVD Rip එක වගේම තමයි බයිස්කෝප් එකෙ සෙට් එකටම ජය වේවා.
ns
thanx...
dilan
thanks machan
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
amma baniy adddeeee menna sub deeellaaaaaaaaa