Watch Trailer

The Experiment (2001) | අනපේක්‍ෂිත රංගනය… [සිංහල උපසිරැසි සමඟ]

ජාත්‍යන්තර සිනමා දර්ශකයෙහි 7.9 ක ඉහළ අගයක් ලබා ඇති මෙම සළරුව 2001 වසරේදී ජර්මානු ජාතික චිත්‍රපට අධ්‍යක්ෂ ඔලිවර් හර්ෂ්බීගල් විසින් අධ්‍යක්ශණය කර ඇත. 2001 මාර්තු 08 වන දින තිරගත වීම ඇරඹූ මෙම චිත්‍රපටිය මිනිත්තු 114 ක් පුරා දිව යනවා. ජර්මානු සිනමා කෘතියක් වන මෙය ජාත්‍යන්තර සම්මාන 15 ක් දිනා ඇති අතර, ත…

The Experiment 2001

ජාත්‍යන්තර සිනමා දර්ශකයෙහි 7.9 ක ඉහළ අගයක් ලබා ඇති මෙම සළරුව 2001 වසරේදී ජර්මානු ජාතික චිත්‍රපට අධ්‍යක්ෂ ඔලිවර් හර්ෂ්බීගල් විසින් අධ්‍යක්ශණය කර ඇත. 2001 මාර්තු 08 වන දින තිරගත වීම ඇරඹූ මෙම චිත්‍රපටිය මිනිත්තු 114 ක් පුරා දිව යනවා. ජර්මානු සිනමා කෘතියක් වන මෙය ජාත්‍යන්තර සම්මාන 15 ක් දිනා ඇති අතර, තවත් සම්මාන 14 ක් සඳහා නිර්දේශ වී ඇත.

Das Experiment (2001) 1971 දී ඇමරිකාවේ ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පිලිප් සිම්බාර්ඩෝ විසින් සිදු කරන ලද පර්යේශණයේ සත්‍ය සිදුවීම පදනම් කරගෙන නිර්මාණය සිනමා නිර්මාණයකි. යුරෝපීය ජාතිකයන් විසින් නිරන්තරයෙන් සිදු කරනු ලබන නොයෙක් පර්යේශණ අතුරින් අසාර්ථක වූත්, බාහිර ලෝකයට හෙළිදරව් වූත් තවත් එක් සිදු වීමක් වන මෙය 2010 වසරේදී ඇමරිකානුවන් විසින් ද The Experiment (2010) නමින් සිනමාවට නගන ලද්දකි. එම සිනමා කෘතියෙහි යම් යම් වෙනස් කිරීම්ද මුල් කෘතියට සාපේක්ෂව ඇත.

මහාචාර්ය තොන් විසින් ඔහුගේ සහායකයන් සමඟින් මෙම පර්යේශණය සඳහා සහභාගී වේ. පුවත් පත් දැන්වීමක් මඟින් සම්පත් දායකයන් සොයා ගන්නා ඔවුන්, භෞතික හා වාචික පරීක්ශණයක් මගින් 20 දෙනෙකු තෝරා ගනු ලබයි. ඉන් අනතුරුව සති දෙකක කාලයක් සඳහා ඔවුන් බාහිර ලෝකයෙන් වෙන් කර බිම්ගතව තැනූ සිරගෙයක් වෙත රැගෙන යයි. ඒ සඳහා ඔවුන් වෙත ඉහළ මුදලක් ගෙවීමට හා මෙහිදී ඔවුන්ට අහිමි වන මූලික මානව හිමිකම් හා කරදරයන් වෙනුවෙන් විරෝධතාවයක් නොමැති බවට එකඟතාවක් අත්සන් කරනු ලබයි.

10 දෙනෙක් බන්ධනාගාර නියාමක වරු ලෙස පත් කරන අතර ඉතිරි 10 දෙනා සිර කරුවන් බවට පත් කරයි. හුදෙක්ම මෙය මුදල් වෙනුවෙන් කරන රඟපෑමක් ලෙස සිතන ඔවුන් දෙපිරිසම, තෙදිනක ඇවෑමෙන් මෙම පර්යේශණය සැබෑ සිරගෙයක් බවට පත් කරයි. නොසිතූ විරූ අවසානයක් සහිත, මෙම චිත්‍රපටියේ ඉතිරි ටික නරඹා ග්‍රහණය කරගන්නා ලෙස ආරාධනා කරමි.

මෙම සලරුව සිංහලයට පරිවර්තනය කිරීමේදී සමහරක් වචන ඒ අයුරින්ම පරිවර්තනය කර ඇත්තේ චිත්‍රපටයේ ඇති රසාස්වාදය එලෙසින්ම පවත්වා ගැනීමට වන අතර මෙම චිත්‍රපටයේ යම් යම් දර්ශන තුළ ලිංගික දර්ශන ද ඇතුළත්ව ඇත. එබැවින් මෙම චිත්‍රපටය නැරඹීමේදී ඒ බව සැලකිල්ලට ගන්නා මෙන් ඉතා කාරුණිව ඉල්ලා සිටිමි.

The Experiment (2001) on IMDb

 

 

846 MB කොපිය මෙතනින් බාගන්න

1b3adb4c48479af9ecb740af399fb414db1bd4e8 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,411 downloadsDownload Das.Experiment.2001.baiscopelk.zip36 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් සමරසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,411 downloadsDownload Subtitles36 KB

27 comments

  1. Warna

    Thank you

    1. kasun

      thanks............

  2. එල්.සී. දමැල්

    තුති...
    ජය!
    :D

  3. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. :roll:

  4. Tharindu

    Thank you very much saho...:)

  5. සමීර

    පට්ට කතාවක් වගේ...
    තෑන්ක්ස් මචාආආආ

  6. Kulanjana Maduranga

    niayamai…thanks SHAN saho..sub ekata..digatama sub demu.jaya wewa......

  7. ud@IDM

    thanks

  8. thisal

    එලනෙ පස්ට කතාවක් අනිවා බැමක් තැන්ක්ස් සබට

  9. waruna

    niyamai saho,good luck

  10. yeshu

    tnx

  11. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  12. Sanjaya

    බොහෝම පිං සහෝ…. පිලුම නමි නියමයි…..

  13. දමිත්

    බොහොම ස්තුතිය ගත් උත්සාහයට සමරසිංහ සහෝ...
    ජයෙන් ජය

  14. Chami.S

    Thanks....

  15. wiki

    Thanks

  16. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  17. Teddy

    විස්තරේ දැක්කම කුතුහලයක් ඇතිවෙන නිසා මමත් මේක බලනවා. දිගටම සබ් දෙන්න සහෝ. මේ සබ් එකට තෑන්ක්ස්.

  18. රොයිලි

    බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  20. thusitharhm

    thx machan jaya

  21. බ්ලැක් පැන්තර්

    මෙන්න බානවා...
    සබට තුති සහෝ...
    ජය වේවා...!!!

  22. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය..........

  23. nidi

    Shan, oya 5th film ekenma century ekak gahala! niyama film ekak, niyama subs.godariyak thanks. digatama me wage honda films denna. (eththama kiyanna one, tharaha ganna epa. oyage kalin films nam balanna oni kiyala hithune neha lipi beluwama. beluwoth comments dennam.) Jaya!

  24. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  25. සතිර

    Sub එකට ගොඩක් ස්තූතියි සහෝ

  26. Hashan M. Priyadarshana

    Thanks saho sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.