Watch Trailer

The Year Earth Changed (2021) Sinhala Subtitles | මිහිතලය වෙනස් වූ 2020 වසර [සිංහල උපසිරසි]

පුතේ මං ආයෙ ආවා… 😀 කොහොමද හැමෝටම? හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඔව් අවුරුද්දකට විතර කලින් පටන්ගත්ත උපසිරසක වැඩ හමාර කරලා ඔයාලා වෙනුවෙන්ම අරගෙන එන්නයි මේ සූදානම. ඒ අනුව මම වැඩිම කාලයක් තුළ උපසිරසගන්වපු දෙබස් අඩුම ප්‍රමාණයක් සහිත චිත්‍රපටය විදිහට මගේ බයිස්කෝප් කතා පොතේ වාර්තාගත වෙන්නෙ මේක. මේක වා…

පුතේ මං ආයෙ ආවා… 😀 කොහොමද හැමෝටම? හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඔව් අවුරුද්දකට විතර කලින් පටන්ගත්ත උපසිරසක වැඩ හමාර කරලා ඔයාලා වෙනුවෙන්ම අරගෙන එන්නයි මේ සූදානම. ඒ අනුව මම වැඩිම කාලයක් තුළ උපසිරසගන්වපු දෙබස් අඩුම ප්‍රමාණයක් සහිත චිත්‍රපටය විදිහට මගේ බයිස්කෝප් කතා පොතේ වාර්තාගත වෙන්නෙ මේක. මේක වාර්තාමය චිත්‍රපටයක්. දැන් කියන්නම් මොනවා ගැන හැදුණු පුවතක්ද මේකේ ඇතුළත් වෙලා තියෙන්නේ කියලා.

COVID19 වසංගතය සමග 2020 වසර මුළු ලෝකයටම ලොක්ඩවුන් කාල සමයක් බවට පත් වෙනවා. මානව ජන ජීවිතය සෑහෙන අඩපණ වෙනවා මේ සමගින්. මේත් එක්කම මිනිස් ක්‍රියාකාරකම් ගොඩක් දුරට ඇණ හිටිනවා. ඔව් මිනිස්සු අපිට මේ කාලය ටිකක් අමාරු වෙන්න ඇති. හැබැයි පරිසරයට මේක බොහොම හිතකාමී විදිහට තමයි බලපෑවෙ කියලා ඔයාලා ඒ කාලය ගැන ටිකක් අධ්‍යයණය කළානම් හොඳින්ම දැනගන්න පුලුවන්කම තියෙනවා. මිනිස් ක්‍රියාකාරකම් නැති වෙනව කියන්නෙ පරිසරයට හුස්මක් කටක් ගන්න හැකියාව ලැබෙනවා කියන එක තමයි. ඉතින් මේ ලොක්ඩවුන් කාල සමයේ පරිසරයට සිද්ධ වුණ දේ නිරීක්ෂණය කරලා නිර්මාණය කරපු ලස්සන වාර්තා වැඩසටහනක් තමයි Apple TV+ ඔස්සේ අප්‍රියෙල් 16වෙනිදා The Year Earth Changed නමින් නිකුත් වෙන්නේ.

මේ වැඩසටහනට හඬ දායකත්වය Sir David Attenborough විසින් සපයා ති‍බෙනවා‍. ඇටන්බරෝ මහත්මයා ගැන කියන්න දෙයක් නෑනේ? ඔයාලා වාර්තා චිත්‍රපට නරඹනවනම් හොඳටම දන්නවා ඇති එතුමාව. David Attenborough: A Life On Our Planet බැලුවානම් ඇටන්බරෝ මහත්මයා ගැන සමහර දේවල් දැන කියාගන්න පුලුවන්. මේ චිත්‍රපටය Tom Beard විසින් අධ්‍යයක්ෂණය කර තිබෙන අතර Mike Gunton සහ Alice Keens-Soper විසින් නිශ්පාදනය කර තිබෙනවා.

“…even modest changes to our lives can
make a vital difference to wildlife around the world…

“.‍..අපේ ජීවිතවල ඇතිවන සියුම් වෙනස්කම්වලින් පවා ලොව පුරා වන-ජීවී සංහතියට
අතිවිශාල වෙනසක් කළ හැකි” වේ…

තවත් උපසිරසකින් හමුවෙමු…

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

2,133 downloadsDownload The-Year-Earth-Changed-2021.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි. 

Subtitles

2,133 downloadsDownload Subtitles27 KB

10 comments

  1. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
    වටින වැඩක්...

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    අයියෙ. 🤪

  4. Anonymous

    Thanks a lot!!!

  5. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  6. Udara Damith

    ela

  7. wayantha

    godak watina nirmana. jaya wewa sahoooo!!!

  8. Nelum Dinnaka Perera

    Thank you

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.