Watch Trailer

The Family Plan 2 (2025) Sinhala Subtitles | වැළලුණු අතීතය යළි පසුපස හඹා එයි [සිංහල උපසිරසි]

The Family Plan 2 (2025) Sinhala Subtitles කොහොමද ඉතිං බයිස්කෝප් වාසී සියලුම රසික රසිකාවියන්ට. ඔන්න එහෙනම් කෙටි කාලයකින් පසුව ආයෙත් වතාවක් උපසිරැසියක් අරගෙන එන්න හිතුවා. වේලාසනම මෙදාපාර නත්තලට මං ගානේ දෙන තෑග්ග තමා මේ. 2023 වර්ෂයේදී නිකුත් වූ ‘The Famliy Plan’ චිත්‍රපටයේ sequel එකක් එහෙමත් නැත්තම්…

The Family Plan 2 (2025) Sinhala Subtitles

කොහොමද ඉතිං බයිස්කෝප් වාසී සියලුම රසික රසිකාවියන්ට. ඔන්න එහෙනම් කෙටි කාලයකින් පසුව ආයෙත් වතාවක් උපසිරැසියක් අරගෙන එන්න හිතුවා. වේලාසනම මෙදාපාර නත්තලට මං ගානේ දෙන තෑග්ග තමා මේ. 2023 වර්ෂයේදී නිකුත් වූ ‘The Famliy Plan’ චිත්‍රපටයේ sequel එකක් එහෙමත් නැත්තම් දෙවනි චිත්‍රපටය මේ නොවැම්බර් මස 22 දා නිකුත් වුනායි පස්සෙ කඩමුඩියෙම උපසිරැසි අරන් ආවා ඔන්න.

ඉතිං මං පලවෙනි චිත්‍රපටයට උපසිරැසි ගන්වපු නිසාම එහි දෙවනි චිත්‍රපටයටත් උපසිරැසි අරගෙන එන්න ඕනෙමයි කියලා කල්පනා කළා. කතාව පැත්තට හැරුනොත් පලවෙනි චිත්‍රපටය වගේම Action/comedy ටයිප් එකට තමා වැටෙන්නෙ.

මේ වෙද්දි චිත්‍රපටය 5.6/10 IMDb අගයක්ද ලබාගෙන තියෙනවා. ඒවගේම සුපුරුදු පරිදි පලවෙනි චිත්‍රපටයේ සෙට් එකම තමා ඉන්නෙ. ඒ නිසා නළු නිළි කැල අමුතුවෙන් මතක් කරන්න අවශ්‍ය නැහැනේ. පලවෙනි කතාවෙන් අවුරුදු කීපයකට පසුව සිද්ධ වන සිද්ධි දාමයන් වටා තමයි කතාව ගෙතෙන්නෙ. ලාවට වගෙ මතක් කළොත් ලෝක ප්‍රසිද්ධ මැරයෙක්ගෙ පුතෙක් වන ෂෝන් මකැෆ්‍රිව, පවුලේ අය පිටින්ම මරන්න තාත්තා පන්නපු විදිහට පලවෙනි කතාව බැලුවානං ඔයාලට අමතක ඇතිනේ. එහෙනම් මෙදා පාර ෂෝන්ව මරන්න පස්සෙන් එන්නෙ කවුද බලන්නකො. වෙලාව යනවා තේරෙන්නැතුව හොඳ ආතල් එකේ පවුලේ අයත්ල එක්කම බලන්න පුළුවන් enjoyable ෆිල්ම් එකක්.

එහෙනම් සුපුරුදු පරිදි අදත් මේක බලන්න ඔයාලට ආරාධනා කරලා මං යනවා!

හැමෝටම සුභ දවසක්! ජයවේවා!

 

The Family Plan 2 (2025) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

5,610 downloadsDownload The-Family-Plan-2-2025.zip55 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

The Family Plan 2 (2025) Sinhala Subtitles

Subtitles by

රුක්ෂාන් ඛාන්

Subtitles

5,610 downloadsDownload Subtitles55 KB

4 comments

  1. Sahan Gayantha

    thanks a lot Rukshan saho su ekata

  2. Buddhika laKMal

    බොහෝම ස්තූතියි රුක්ෂාන් සහෝ මේකට ආපුගමන්ම මේකට සබ් දුන්නට..........
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  3. Arawinda

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H

  4. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤