Thalavara (2025) Sinhala Subtitles ආයුබෝවන් ! අදත් ගෙනාවේ ලස්සනම ලස්සන මලයාලම් ෆිල්ම් එකකට උපසිරැසියක්. Baiscopelk වෙනුවෙන් මේ මගේ 5 වැනි උපසිරැසි නිර්මාණය. අද ෆිල්ම් එක Instagram එකේ ගොඩක්ම viral උන ෆිල්ම් එකක්. Thalavara (2025) චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ දක්ෂ මලයාලම් නළු අර්ජුන් අශෝකන්.…
Thalavara (2025) Sinhala Subtitles
ආයුබෝවන් ! අදත් ගෙනාවේ ලස්සනම ලස්සන මලයාලම් ෆිල්ම් එකකට උපසිරැසියක්. Baiscopelk වෙනුවෙන් මේ මගේ 5 වැනි උපසිරැසි නිර්මාණය.
අද ෆිල්ම් එක Instagram එකේ ගොඩක්ම viral උන ෆිල්ම් එකක්. Thalavara (2025) චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ දක්ෂ මලයාලම් නළු අර්ජුන් අශෝකන්. Parava, B. Tech, June, Varathan, Unda, Super Sharanya, Pranaya Vilasam, Romancham, Bramayugam වගේ දැවැන්ත සිනමා නිර්මාණ හරහා ප්‍රේක්ෂක ආදරය දිනාගන්න මේ තරුණ නළුවා සමත් වෙලා තියෙනවා. චිත්‍රපටයේ නිළිය විදිහට මලයාලම් සිනමාවට අලුත් නිළියක් අපිට බලාගන්න පුළුවන්. ඇය නමින් රේවතී ශර්මා. මීට පෙර ඇය Garudan, August 16 1947 වැනි දමිළ චිත්‍රපට වල මුණ ගැසී තිබෙනවා. එම චිත්‍රපට වලට වඩා මේ චිත්‍රපටයේ ඇය වෙනස්ම චරිතයක් නිරූපණය කිරීම විශේෂත්වයක්.
කතාව පැත්තට ගියොත් ජ්‍යෝතිෂ් කියන්නේ (යාළුවෝ කියන්නේ ‘ස්පොටී’ කියලා) සුදු කබර රෝගය (vitiligo) නිසා තමන්ගේ පෙනුම ගැන අවතක්සේරුවෙන් ඉන්න තරුණයෙක්. පොඩි කාලේ ඉඳන්ම ෆිල්ම් පිස්සෙක්. එයාගේ තාත්තත් ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න හීන දැකලා අසාර්ථක වුණු මනුස්සයෙක්. ඒ නිසා ජ්‍යෝතිෂ්ගේ අම්මා නිතරම බනින්නේ “උඹත් තාත්තා වගේම නන්නත්තාර වෙන්නද යන්නේ?” කියලා.
ජ්‍යෝතිෂ්ගේ යාළුවෝ සෙට් එක (ඩමී, ඕල්ඩී, සුධීෂ්) නිතරම කරන්නේ මෙයාව බයිට් කරන එක. මෙයාට ඇක්ටිව් වෙන්න බෑ, මූණ කැතයි, මොළයක් නෑ කියලා හැම තිස්සෙම විහිළු කරනවා.
මේ අතරේ ජ්‍යෝතිෂ්ගේ ගමට කුලියට එනවා සන්ධ්‍යා කියලා කෙල්ලෙක්. සන්ධ්‍යාගේ හිතේ ජ්‍යෝතිෂ් ගැන කැමැත්තක් ඇති වෙනවා. ඒත් සන්ධ්‍යා වගේ වැදගත් පවුලක කෙල්ලෙක්ව ජ්‍යෝතිෂ් වගේ පෙනුමෙන් පහත් කෙනෙක් එක්ක සම්බන්ධකම් තියාගන්නවට කැමති වෙයිද.? ජ්‍යෝතිෂ්ගේ චිත්‍රපට හීනයට යන්න පුළුවන් වෙයිද ? චිත්‍රපටය අවසානයේ මේ හැම දේටම උත්තර දැන ගන්න පුළුවන්. ඒ නිසා චිත්‍රපටය මඟ නොහැර බලන්න කියලා ආරාධනා කරනවා.
මේ චිත්‍රපටයේ Ilakozhiye කියන සිංදුව ගොඩක් ජනප්‍රිය උනා. ඒ සින්දුවටත් උපසිරැසි කරා. චිත්‍රපටය බලලා comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉස්සරහට තව මලයාලම් ෆිල්ම් ගොඩකට උපසිරැසි දෙන්න හිතාගෙන ඉන්නවා. එහෙනම් තවත් උපසිරැසියකින් හම්බවෙමු. හැමෝටම ජය වේවා !
Thalavara (2025) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,093 downloadsDownload Thalavara-2025.zip70 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේශික ජයන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-12-15
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Thalavara (2025) Sinhala SubtitlesSubtitles by
දේශික ජයන්ත
Subtitles
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #Thalavara (2025) Sinhala Sub
- #Thalavara (2025) Sinhala Subtitles
- #Thalavara Sinhala Sub
- #Thalavara Sinhala Subtitles
- #You Decide
- #උපසිරැසි
- #දේශික ජයන්ත
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
6 comments
Sahan Gayantha
විමා - Admin
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තුතියි.
මරු film එක.Buddhika laKMal
බොහෝම ස්තූතියි සහෝ මේකට සිංහල සබ් දුන්නට.
Hemantha De Silva
ස්තුතියි දේශික...
ස්තුතියි බයිස්..Supun Kaushalya
Thank you thank you thank you brother ❤️
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Advertisement
thanks a lot Deshika saho sub ekata