Watch Trailer

Narik Sukmo: Menari atau Mati (2025) Sinhala Subtitles | ආත්මය බිලිගන්නා නර්තනය [සිංහල උපසිරසි]

Narik Sukmo: Menari atau Mati (2025) Sinhala Subtitles කෙනාර් කියන්නේ නර්තනයට මාරම ආස කෙනෙක්. හැබැයි එයා ඉන්නේ ලොකු මානසික අවුලක. මොකද එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් එයාට වංචා කරලා වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් පටන් අරන්. ඒ දුක තුනී කරගන්නත් එක්ක, කෙනාර් එයාගේ හොඳම යාළුවා වෙන ආයු එක්ක ආයුගේ ගමට ට්‍රිප් එකක් යනවා…

Narik Sukmo: Menari atau Mati (2025) Sinhala Subtitles

කෙනාර් කියන්නේ නර්තනයට මාරම ආස කෙනෙක්. හැබැයි එයා ඉන්නේ ලොකු මානසික අවුලක. මොකද එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් එයාට වංචා කරලා වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් පටන් අරන්. ඒ දුක තුනී කරගන්නත් එක්ක, කෙනාර් එයාගේ හොඳම යාළුවා වෙන ආයු එක්ක ආයුගේ ගමට ට්‍රිප් එකක් යනවා.

කැලවන්ගින් ගම්මානයේ අබිරහස

ආයුගේ ගම තියෙන්නේ ජාවා දේශ සීමාවේ හුදකලා පැත්තක. ගමේ නම “කැලවන්ගින්” (Kelawangin). මේ දෙන්නා ගමට පා තියපු වෙලාවේ ඉඳන්ම සිද්ධ වෙන්නේ අමුතු දේවල්. එක දිගටම මහ වැස්සක් පටන් ගන්නවා. ගමේ මිනිස්සු කෙනාර් දිහා බලන්නේ හරිම සැකෙන් සහ බියෙන්.

මේ ගම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ නර්තනයට. හැබැයි ගමේ ලොකු රහසක් හැංගිලා තියෙනවා. අවුරුදු 20කට කලින් මේ ගමේ හිටපු බාන්‍යු සහ රතිමායු කියන පෙම්වතුන් දෙන්නෙක් වටා ගෙතුණු ඛේදවාචකයක් මේකට සම්බන්ධයි.

කෙනාර්ට ටිකෙන් ටික අමුතු හීන පේන්න ගන්නවා. කලු පාට භයානක රූපයක් ඇවිත් එයාගේ ආත්මය (Sukma) උදුරගන්න හදනවා වගේ එයාට දැනෙනවා. ඊටපස්සේ තමයි භයානකම දේ වෙන්නේ. කෙනාර්ට නින්දෙදිවත් නොදැනිම එයා නටන්න පටන් ගන්නවා. හැබැයි ඒ එයා දන්න සාමාන්‍ය නැටුම් නෙවෙයි. ඒ නටන්නේ ගමේ තහනම් කරපු, ශාපලත් නාරික් සුක්මෝ කියන නර්තනයයි. 

මේ නැටුම නටනකොට කෙනාර්ගේ ඇඟට වෙනත් ආත්මයක් ආවේශ වෙනවා. ගම්මු විශ්වාස කරන්නේ මේ නැටුම හරහා ආත්ම බිලිගන්න පුළුවන් කියලා.

මේ අතරේ ඩියර්ජා කියලා ගමේ තරුණයෙක් කෙනාර්ට උදව් කරන්න ඉදිරිපත් වෙනවා. මෙයාලා හොයාගන්නවා අර පරණ පෙම්වතුන් යුවළ (බාන්‍යු සහ රතිමායු) ඇත්තටම නපුරු භූතයෝ නෙවෙයි, ගමේ අයගේ කුමන්ත්‍රණ නිසා අසාධාරණ විදියට මැරුණු අහිංසක යුවළක් කියලා.

දැන් කෙනාර්ට සිද්ධ වෙනවා මේ අතීත රහස විසඳන්න. එයාගේ ඇඟට රිංගලා ඉන්න ආත්මය එයාගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ? මේ බිලි පූජාවෙන් කෙනාර්ට බේරෙන්න පුළුවන් වෙයිද කියන එක තමයි ෆිල්ම් එක පුරාම කුතුහලයෙන් බලන්න තියෙන්නේ.

Narik Sukmo: Menari atau Mati (2025) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

775 downloadsDownload Narik-Sukmo-2025.zip21 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිලින්ද සුභාශ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-05-18

SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Narik Sukmo: Menari atau Mati (2025) Sinhala Subtitles

Subtitles

775 downloadsDownload Subtitles21 KB

1 comment

  1. Buddhika laKMal

    බොහෝම ස්තූතියි මිලින්කද සහෝ මේකට සබ් දුන්නට

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.