Watch Trailer

The Farewell (2019) Sinhala Subtitle | පවුලක අසිරිය… [සිංහල උපසිරැසි සමඟ]

මිහිපිට ජිවත් වෙන හැමෝටම මරණය උරුමයි. අවසානයෙදී මරණය කියන එක අපි හැමෝටම උරුම වෙනවා. අපිට එයින් කිසි ගැලවීමක් නැහැ. අපි කොතැන කොයි වෙලාවෙ මේ ලෝකයෙන් පරවී යයිද කියලා කියන්න බැහැ. ඉතිං ඒ බව මතක තියාගෙන තමන්ගෙ පවුලෙ නැත්තම් හිතමිතුරන් සහ ඕනෙම කෙනෙක් සමඟ ඉන්නෝන සතුටින්. මොකද කිව්වොත් අපිට ආයෙ ඒ වගේ කාලය…

මිහිපිට ජිවත් වෙන හැමෝටම මරණය උරුමයි. අවසානයෙදී මරණය කියන එක අපි හැමෝටම උරුම වෙනවා. අපිට එයින් කිසි ගැලවීමක් නැහැ. අපි කොතැන කොයි වෙලාවෙ මේ ලෝකයෙන් පරවී යයිද කියලා කියන්න බැහැ. ඉතිං ඒ බව මතක තියාගෙන තමන්ගෙ පවුලෙ නැත්තම් හිතමිතුරන් සහ ඕනෙම කෙනෙක් සමඟ ඉන්නෝන සතුටින්. මොකද කිව්වොත් අපිට ආයෙ ඒ වගේ කාලයක් උදා නොවෙන්න පුළුවන්. ඉතිං මෙන්න මේ කරුණු ගොඩක්ම විදහාපාන චිත්‍රපටයක් තමයි මේ රැගෙන එන්නෙ.

”The Farewell” තිරගත වීම ආරම්භ කරන්නෙ 2019 වර්ෂයෙ අගෝස්තු සිට. තිරගත වීම ආරම්භයෙම පටන්ම ගොඩක් කට්ටියගෙ හිත දිනාගැනීම්ට මෙම චිත්‍රපටය හැකියාවක් ලැබුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ”IMDb දර්ශකය 7.7 කුත්”, ”Rotten Tomatoes දර්ශකය 98%” වැනි ඉහළ අගයක් අරගන්න සමත් වුණා. ඇමරිකානු ඩොලර් මිලියන 3 ක් වැයකොට නිර්මාණය කරන මෙම චිත්‍රපටය මේ වෙනකොට ඇමරිකානු ඩොලර් මිලියන 22 ක ආදායමක් ලබගැනීමට හැකියාවක් ලැබී තිබෙනවා. පැය 1 යි විනාඩි 40 ක් පුරා දාවන කාලයක් ඇති මෙම චිත්‍රපටය Drama l Comedy වර්ගීකරණයට තමයි අයත් වෙන්නෙ. ඒ විතරක්ම නෙමේ ”නිර්දේශ නාම යෝජනා 152 කින් සම්මාන 33 ක්” අරගැනීමට හැකියාව ලැබී තිබෙනවා. රංගනයෙන් Awkwafina l Tzi Ma l Zhao Shuzhen l Diana Lin l Yongbo Jiang l Aoi Mizuhara වැනි රංගන ශිල්පින් පිරිසක් මෙයට දායකත්වය ලබාදෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

බිලී කියන්නෙ තරමක් මුරණ්ඩු කෙල්ලෙක්. හැබැයි මුරණ්ඩු වුණාට මොකද ගොඩක් හිත හොඳ කෙනෙක්. තමන්ගෙ ආච්චි අම්මට ගොඩක් ආදරෙයි. ළඟ නොහිටියාත් හැමදාම වගේ කෝල් එකක් දෙන්න අමතක කරන්නෙ නැහැ. මොකද බිලී ඉන්නෙ ඇමරිකාවේ ඒවගේම මෙයාගෙ ආච්චි ඉන්නෙ චීනෙ. කොහොමහරි දවසක් ඇවිත් මේ හැමදෙයක්ම වෙනස් වෙනවා. බිලීට දැනගන්න ලැබෙනවා ආච්චි අම්මට පෙනහළු පිළිකාවක් තියෙනවා කියලා. ඒකත් හතවෙනි අවධියෙ පිළිකාවක්. ඉතිං මෙයාගෙ පවුලෙ කට්ටිය තීරණයක් අරගන්නවා මේ ගැන ආච්චිට නොකිය ඉන්න අවසානය වෙනකම්ම. මොකද ඒ හැමෝටම ඕන කරන්නෙ එයාව සතුටින් තියාගන්න. අන්තිම කාලයෙ. හැබැයි බිලී මෙයට විරුද්ධයි. ඉතිං මෙයාගෙ දෙමව්පියො මොකද කරන්නෙ මෙයාව දාලා යනවා. හැබැයි බිලී මුරණ්ඩු කෙනෙක් නිසා ඒ කතාව අහන්නෙ නැහැ. එයත් එනවා කාටවත්ම නොකියා තමන්ගෙ ආච්චි අම්මව බලන්න. හැබැයි ආච්චි අම්මට හැමෝම කියන්නෙ එයාගෙ මුනුපුරාගෙ කසාඳය නිසා එහාට ආවයි කියලා. ඉතිං බිලී ඇත්තම කතාව කියලා ආච්චිගෙ කියයිද? එතනින් එහාට මොකක් වෙයිද? කියන දේවල් වලට පිළිතුරු බලාගන්න පුළුවන් ඔබ සැමම අවසානය වෙන තෙක් නැරඹුවොත්.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

2,054 downloadsDownload The.Farewell.2019.zip43 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

2,054 downloadsDownload Subtitles43 KB

14 comments

  1. geeganagamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

  2. geeganagamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

  3. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. D.Chamara

    bohoma sthuthi sahoo

  5. Hashan M. Priyadarshana

    තැන්ක් යූ මචං

  6. දමිත් රත්නායක

    Another good one. Your subs are always on point, thanks.

  7. jagath55

    Thanks

  8. Dewadithya

    Thanks for sub!

  9. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Kanchaka

    Thanks

  12. sanjeewakbg

    thanks bro..

  13. jimosedar

    thanks

  14. Waruna Kamalawansha

    නියමයි... බොහෝම ස්තූති