කොහොමද කට්ටියට. පලවෙනි සබ් එකෙන් හුඟ කාලෙකට පස්සෙ තමයි දෙවෙනි සබ් එක අරගෙන එන්නෙ. අඩුපාඩු තිබුනොත් සමාවෙන්න ඕනෙ. මම අද අරන් එන්නෙ කොරියන් ෆිල්ම් එකක්. Six Flying Dragons බලල හැදිච්ච කොරියන් ෆිල්ම් පිස්සුව (කොරියන් මල් කතා නෙවෙයි 🙂 ) නිසා පහුගිය ටිකේ කොරියන් ෆිල්ම් හොය හොය බැලුවා. ඒත් හුඟක් ෆිල්ම් ව…

කොහොමද කට්ටියට. පලවෙනි සබ් එකෙන් හුඟ කාලෙකට පස්සෙ තමයි දෙවෙනි සබ් එක අරගෙන එන්නෙ. අඩුපාඩු තිබුනොත් සමාවෙන්න ඕනෙ. මම අද අරන් එන්නෙ කොරියන් ෆිල්ම් එකක්. Six Flying Dragons බලල හැදිච්ච කොරියන් ෆිල්ම් පිස්සුව (කොරියන් මල් කතා නෙවෙයි 🙂 ) නිසා පහුගිය ටිකේ කොරියන් ෆිල්ම් හොය හොය බැලුවා. ඒත් හුඟක් ෆිල්ම් වලට උපසිරැසි නෑ. එහෙම හම්බඋන චිත්‍රපටයක් තමයි මේ.
The Fatal Encounter කියන්නේ 1752 -1800 කාලයේදී දකුණු කොරියාවේ පැවති ජොසොන් රාජ වංශය සමයේ සිදුවුණු සත්‍ය සිදුවීමක් පදනම් කර ගනිමින් නිර්මාණය වුනු චිත්‍රපටයක්. එකල පාලකයා වුණු ජියොන්ජෝ රජුගේ පාලන සමයේ පලමු වසර තුළ ඔහුට ඝාතන උත්සාහයන් 7 කට වඩා මුහුණපාන්නට සිදු උන් බව පැවසෙනවා. මේ නිසාම ඔහුට අවාසනාවේ රජු ලෙස අන්වර්ථ නාමයක්ද පට බැඳී තිබෙනවා.
ජියොන්ජෝ කුමරු දස හැවිදිරි වියේදී ඔහුගේ පියා වන කිරුල හිමි සුඩෝ කුමරුව ජියොන්ජෝ කුමරුගේ සීයා වූ එවක යොන්ජෝ රජුගේ අණ පරිදි සහල් පෙට්ටගමක සිරකර මරා දමනවා. මේ සිදුවීම බොහෝ දෙනෙක් දන්නවා ඇතෙයි කියා සිතනවා. චිත්‍රපටයට පදනම් වන්නේත් ඔහුගේ පලමු පාලන වසර වූ 1777 දී විරුද්ධ දේශපාලන කණ්ඩායමක් විසින් ක්‍රියාත්මක කරන ලද ඝාතන උත්සාහයක්. පැය 24 ක් තුළ සිදුවෙන සිදුවීම් මාලාවක් මත චිත්‍රපටය දිවයනවා. අවධානයෙන් නොබැලුවොත් ප්‍රේක්ෂකයා චිත්‍රපටය තුළ අතරමං වෙන්නත් පුලුවන්. IMDB දර්ශකයේ 6.8 ක ratings ලබා ගන්නත් මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. මේ චිත්‍රපටයේ මම දකින විශේෂ දෙයක් තමයි බොහෝ කොරියන් චිත්‍රපට වල කළු චරිත රඟ දක්වන නළු නිලියන් මෙහිදී සුදු චරිත වලට පණ පොවනවා. අනෙක් පැත්තට සුදු චරිත රඟ දක්වන නළු නිලියන් මේ චිත්‍රපටයේදී කලු චරිත වලට පණ පොවනවා.
ඒකත් වෙනසම අත්දැකීමක්. ඉතින් පැය 1 යි මිනිත්තු 35 පුරා දිවෙන මේ සලරුව රසවිදින්න ආරාධනා කරන ගමන් තවත් උපසිරසියකින් හමුවනතුරු මම සමුගන්නවා. ඔබට ජය ! ප.ලි : උපසිරැසිය ගැන ඔබේ අදහස් පහලින් comment කරගෙන යන්න. ඇස් දෙකෙන් කඳුලු පනිනකන් screen එක දිහා බලාගෙන keyboard එකට කොට කොට කරපු දේ ගැන ඔබේ අදහස් තමයි වටින්නේ.. 🙂

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය Bluray පිටපත් සඳහා ලබා දි ඇත.
3,382 downloadsDownload The-Fatal-Encounter-2014.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදිත ජනාදර හිරිමුතුගොඩ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-11-08
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදිත ජනාදර හිරිමුතුගොඩ
Subtitles
22 comments
Isuru minipa
Tharu
උපසිරසිට ලබාදුන්නාට ස්තූතිය.
Hansaka
Thanks bro
indika75
Thanks..
Hashan
Thanks broo :)
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
ජය වේවා.!akalankagayan
Thnx ........
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Anonymous
the battle roar to victory film ekatath sub denna thank u machan sub ekata jaya wewa
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Sandun Malinga
Great Work Bro,
Keep it up, May the triple gem bless you all. Thanks!~Anonymous
Thanks saho,supiri bandayak thiyanava puluvannam sub danna.
The Battle: Roar to Victory
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
H Kaushalya
සිංහල උපසිරසට ස්තූති......
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට...
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Dewadithya
Thanks for sub!
Dushmanthi
thank uuuuuuu
eranda
Six Flying Dragons mek a download karaganna link ekak denna bro
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
Madhu sooriyabandara
Thanks.. තවත් මේ වගේ Korean movies දෙන්න පුලුවන් නම්.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks broo puluwannam Perfect Number 2012 korean film ekatath sub denna